Sunday, April 8, 2018

ඝාතකයන් ගේ විලාපය




රනිල් ඔබට මාව  මතකද ?
මම ගෝනවල සුනිල්
මම ඔබගේ මිතුරු ස්ත්රී දූෂකයා
සුනිල් සමාවෙන් පසු මම යලි උපන්නා
නමුත් රතු සහෝදරයන් මගේ ශරීරය
පෙනේරයක් ලෙස හිල් කලා
මම මගේ ශරීරය අත හැර
ඉහලට පාවී ගියා
ගිනියම් බටයක් ඇතුලින්

සිරිසේන කුරේ ඔබට මාව මතකද ?
මම ඔබගේ ළමයෙක්
මම සොත්ති උපාලි
ඔබ සහ ගරු ප්රේමදාස දුන්
කොන්ත්රාත් නිසි ලෙස ඉටු කලා
නමුත් මට මහ පාරේ ගහලා දැම්මා
මට දැන් ශරීරයක් නෑ
මම භූතයෙක්ද ප්රේතයෙක්ද ?
මට කියන්න දන්නේ නෑ

චන්ද්රිකා ඔබට මාව මතකද
මම බැද්දගානේ සන්ජීව
ඔබ කියූ පරිදි මම වැඩ දුන්නා
ගෙවල් ගිනි තිබ්බා
පෙට්රල් ඇඟවල් වලට වත් කලා
ඒත් මම ටාගට් එකක් උනේ ඇයි
මගේ කුණු කයෙන් ආත්මය ඉවත් කලා
මම තවමත් නිදහස් නෑ
මට පරණ වැඩ පේනවා
ඔවුන් ගේ විලාපයන් ඇසෙනවා
මට සැනසීමක් නෑ
  
මහින්ද මාව මතකද
මම ඔබගේ සුමිතුරු චණ්ඩි මල්ලී
මට පිට කොටුවේම ගහලා දැම්මා
ඔබ මා නිසා දුක් උනාද ?
ජුලම්පිටිය අමරේ ,මේජර් නෙවිල්
මේ පැත්තේ එයි කියා මා සිතුවා
ඒත් ඔවුන් තවම නෑ
පුතා ගේ ලේලිගේ හරඹ නම් දුටුවා
මට පන්චස්කන්ධයක් නෑ
ඒත් වේදනාව දැනෙනවා
ඉවසන්න බෑ

අපි ඔක්කොම පාවෙනවා
වරින් වර පිලිස්සී යනවා
පෙර කල පව් වලට විඳවනවා
ඒත් අපට නියෝග දුන් නුඹලා
ඉතා හොඳින් වැජඹෙනවා

කර්මය පුනර්භවය
මේවා ඔක්කොම බොරු
කර්මය ගෙවන්නේ අපි විතරයි
උඹලා කර්මයටත් වඩා ඉහලයි
ලැබුනොත් අළුත් කයක්
අපි යලිත් එනවා  උඹලාගේ සේවය

අපිට අනාගතයක් නෑ
අපි සදාකාලික දාසයෝ
නුඹලා වෙනුවෙන් පව් කරන
අපි සදාකාලික වහල්ලු

8 comments:

  1. It is very critical and great...

    ReplyDelete
  2. 1000% එකඟයි!නමුත් උන් හා දැන් ඉන්න උන්ටයි මේ යම ක්‍රීඩාව තේරෙන්නේ නැතුවද?නැත්නම් හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා... එහෙමද?..??ආර්ය සිංහල බොදුනුවෝ නම් හිත දියුණු කරන් නිසා මේක ඒ ඇත්තන්ට සුරලොව යන්නත් පහසු මගක් වෙන්නැති.ලොක්කන්ට ආවඩන්ට තියෙනම් තව මක්කැයි ඔනෑ බොලාට?..??

    ReplyDelete
  3. something i remembered to ask while reading from ur last post, (sorry abt bringing it here :) )
    //එසේම ඔහු අන්තර්වර්තික (introverted ) චරිතයකි

    is it ok to be an introvert ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook