Monday, January 1, 2018

ආසයි මට ට්‍රාන්සර් යන්න


කෝ ඇනුවල් ට්‍රාන්සර් ලිස්ට් එක
ආසයි මට ට්‍රාන්සර් යන්න
කොළඹ ; එන් .එච්. එස්. එල් එල්.ආර්.එච් ; මිනිස්ට්‍රි
මේ මොකවත් එපා
ඇත්තටම දුන්නත් මම ගන්නේ නැහැ
ආසයි මම ට්‍රාන්සර් යන්න
කප්‍ රුකක් බඳු ;ඉල්ලමක් බඳු
බන්ධනාගාර රෝහලට
ගාන කපන්න නියමෙට
සල්ලිකාර හිරකාරයන් ගෙන්
ඇතුලෙ ඉඳගෙනත් බිස්නස් කරන කුඩු මුදලාලිලා
සල්ලි තියන මිනීමරුවෝ
දේශපාලන කන්ටැක් තියන ස්ත්‍රී දූෂකයෝ
මරණීය දණ්ඩනයට කැපවූ බර කාරයෝ
මේ ඔක්කොම බන්ධනාගාර වාට්ටුවට
බොරු ලෙඩ පිට ඇතුල් කොට
සොයන්නෙමි මම මුදල් යහමින්
දෙන්නමි මම බොරු මෙඩිකල් රිපෝට්
ගරු මහාධිකරණයට ඕනම වේලාවක
මගේ ගාන ගෙවනවා නම් වෙලාව​ට
සොයන්නෙමි මුදල් පට් පට් ගාලා
පීපී එකත් වසා දමමි සතුටින්
වෙන ආදායම් මොකුත් එපා
බන්ධනාගාර රෝහලෙන් හොයන්නමි මම
මිලියන ගනන් උතුරන සල්ලි
ඉන්නමි මම මහරාජා වගේ

4 comments:

  1. හෙ හේ.. ඩොක්ට. මම බැලුව මේ මොකද එක සැරේ කියල. :D ඩොක්ට පිටරටින් ඉගෙනගෙන පිට රටටම සේවය කරන එක හොඳයි. මොකද ලංකාවේ නිදහස් අද්‍යා-පානයෙන් ඉගෙනගෙන නිදහස් අද්‍යා-පානය වෙනුවෙන් හෙන බයිල ගහන දොස්තරල එලියෙ ඉඳගෙනත් ඇතුලෙ ඉඳගෙනත් ආන්ඩුවේ රෝහලෙත් පෞද්ගලික රෝහලට වෙලා කරන්නෙත් ඔය ට්‍රාන්සර් අරන් ඇතුලට ගිහිල්ල කොරන්ට ආස දෙයම තමයි. හා බොරුද? 🤓

    ReplyDelete
  2. අන්තෝ ජටා,බහි ජටා...
    ..ඇතුලෙත් ගැට, පිටත් ගැට. ඕවා කඩාකප්පල්කාරී කතා,ජාත්‍යන්තර කුමන්ත්‍රණ.ඉදිරියේ ඔය හැමදේම ඉවරයි අලුත් රජයක් යටතේ. පාන්දරින්ම ගිහින් චන්දෙ දාපල්ල හරිය...

    ReplyDelete
  3. Annual Transfer of Grade Medical Officers 2018 (Amended Noted List)

    https://medicos.lk/annual-transfer-grade-medical-officers-2018-amended-noted-list/

    ඔන්න මගෙන් list එක

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook