Friday, September 22, 2017

ජානගත කුහක කම පිලිබඳ නිදර්ශනයක්



(මේ කුහක ඉරිසියා මානසිකත්වයට එක හේතුවක් තමයි මේ වෛද්‍යවරුන් පිටරට සමාජ වල ගැවසිලා ලෝකේ දැකලා නැති එක​. කන්සල්ටන්ට්ලා උනත් ජීවිත විද්‍යාව අතින් නූගත්. මොවුන් ඉන්නේ දැඩි අසහනයක​ ඉස්කෝලෙ යන කාලේ ස්පෝර්ටස් කරලා නෑ ,ටීම් වර්ක් දන්නේනෑ , සමාජයේ ගැවසිලා නෑ. අත්දැකීම් සීමිතයි. )

සැත්කම පසෙක තබා කඹ ඇදිල්ලක


මහනුවර මහ රෝහලේ සිදු කිරීමට ගිය දෙවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යය කර්මය සඳහා මොළය මියගිය අයෙකුගේ හදවතක් සූදානම් කර හදවත් බද්ධය සඳහා ලක්වීමට නියමිතව සිටි රෝගියාට අවශ්‍යය එන්නත් පවා ලබාදී තිබියදී වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් සැත්කම අතහැර දැමීමට සිදුව ඇත.
අදාළ කඹ ඇදිල්ල හේතුවෙන් සැත්කම අතහැර දැමීමට සිදුවීම නිසා මොළය මියගිය තරුණයාගේ සිරුරෙන් ඉවත් කර යන්ත්‍රයට සම්බන්ධ කර තිබූ හදවතට කළ රුධිර සැපයුම නතර කිරීමට සැත්කම සඳහා සූදානම්ව සිටි වෛද්‍යවරු පියවර ගෙන තිබෙන අතර ඉන් විනාඩි 30කට පසු එම හදවත සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යය වී තිබේ.
පො‍ළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි මොළය මියගිය පුද්ගලයකුගේ සිරුර පෙරේදා (21) රාත්‍රියේ විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ අධීක්‍ෂණය යටතේ මහනුවරට රැගෙන විත් තිබෙන අතර ඔහුගේ හදවත ශල්‍යකර්මයකින් ඉවත්කර යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වීමට සලස්වා රෝගී තරුණියගේ හදවත ඉවත් කිරීම සඳහා ඇයව සැත්කමට ලක් කිරීමට ගිය අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරුන් රෝගියාගේ අවදානම බාර ගැනීමට නොහැකි බව දැනුම් දීමත් සමඟ සෙසු වෛද්‍යවරු දැඩි අසීරුතාවට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධව මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාද ඊයේ (22) සැත්කමට සම්බන්ධව සිටි වෛද්‍යවරුන්ගෙන් කරුණු විමසීමක් කර තිබේ.
මේ හේතුවෙන් සැත්කම සඳහා ලක්වීමට නියමිතව සිටි අලුත්ගම ප්‍රදේශයේ පදිංචි සචිනි සෙව්වන්දි නැමැති දහනව හැවිරිදි තරුණියගේ ජීවිතය අවදානමකට ලක්ව තිබෙන අතර ඇගේ හදවතේ ක්‍රියාකාරීත්වය මේවන විට 10 % ක් පමණ අගයක් දක්වා අඩු වී තිබෙන බව වාර්තා වෙයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළෙකු වන ආර්.එම් තරංග (26) නමැති අය යතුරු පැදි අනතුරකින් බරපතළ තුවාල ලැබ පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය රෝගියකු බවට වෛද්‍යවරු නිර්දේශ කිරීමෙන් පසු ඔහුගේ අවයව බද්ධ කිරීම සඳහා ලබාදීමට ඥාතීන් කැමැත්ත පලකර තිබිණි.
එම පුද්ගලයාගේ හදවත ,වසර ගණනාවක සිට හදවත අකර්මණ්‍යය වීමේ රෝගයට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි සචිනි සෙව්වන්දිගේ සිරුරේ රුධිර ගණවලට 100 % ක්ම ගැලපීම නිසා එය ඇයට බද්ධ කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇත.
පසුගිය ජූලි මස 07වැනි දින මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදුකෙරුණු මෙරට ප්‍රථම හදවත් බද්ධය සඳහා වෛද්‍යවරුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ සෙව්වන්දි නිසා වන අතර මුල් හදවත් බද්ධය සඳහා වෛද්‍යවරු ඇයව යොමුකර නැත්තේ එම අවස්ථාවේ මියගිය පුද්ගලයාගෙන් ලබාගත් හදවත ඇගේ ශරීරයට නොගැලපුණු බැවිනි.
මරණය සමඟ සටන් කරමින් පසුගිය මාර්තු මස සිට මහනුවර මහ රෝහ‍ලේ හදවතක් අපේක්‍ෂාවෙන් කල් ගෙවන තම දියණියට ගැලපෙන හදවතක් ලැබිලත් එය බද්ධ කිරීමට නොහැකි වූයේ වෛද්‍යවරුන්ගේ වරදින් නිසා බවත් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සෙව්වන්දිගේ පියා වන මහේෂ් කුමාර පවසයි.
හදිසි අනතුරකින් මියගිය තරංග නමැති හමුදා සෙබළාගේ වකුගඩු හා අඥ්‍යාශය රෝගීන් තිදෙනකුට මහනුවර මහ රෝහලේ වකුගඩු සැත්කම් ඒකකයේදී විශේෂඥ ශල්‍යය වෛද්‍ය පී.කේ හරිශ්චඳ්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බද්ධ කර රෝගීන් තිදෙනකුගේ ජීවත බේරාගෙන තිබේ.
ශල්‍යයකර්මය සඳහා ලක් කිරීමට තම දියණියට ආහාර පවා නොදී ඊයේ (23) පෙරවරුවේ සූදානම් කළ බවත් ඇයට ගැලපෙන හොඳ හදවතක් ලැබුණු බව විශේෂඥ ශල්‍යය වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තමන්ට දැනුම් දී තිබූ බවත් සෙව්වන්දිගේ පියා පවසයි. හදවතේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා කියලා ශල්‍යයකර්මය කරන්න බැරි බව පසුව මට දැන ගන්න ලැබුණත් ඇත්තටම වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක් සැත්කම කරන්න අකමැති ‍වීමයි.මම මේ ගැන මහනුවර පොලිසියට පැමිණිල්ලක් කරන්න පියවර ගන්නවා යැයිද සෙව්වන්දිගේ පියා පවසයි.
මගේ වැඩිමහල් දියණිය අවුරුදු 17 දී මියගියෙත් මේ රෝගයෙන් .දැන් දෙවැනි දුවටත් ඒ රෝගයම වැළදිලා.ජානමය තත්ත්වයක් හේතුවෙන් මේක වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.වෛද්‍යවරු ඉන්නේ ලෙඩ්ඩු මරන්න නොවෙයි.ජීවත් කරවන්නයි.මට දැන් මගේ දෙවැනි දුවත් අහිමි වෙයි කියලා බයක් දැනෙනවා යැයි මහේෂ් කුමාර පවසයි.
මේ සම්බන්ධව කළ විමසීමකදී නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය පැවසුවේ මේ හදවත් බද්ධ කිරීමේ සැත්කම පිළිබඳව තමන් කල්තියා දැන නොසිටි බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා හදවත් බද්ධය සම්බන්ධව දුරකතනයෙන් දැනුම්දී තමන් කටයුතු කළ සෙසු සෙසු නිර්වින්දන වෛද්‍යවරු දැනුවත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේ තමන් මෙය දැනගත් බවත්‍ය. රෝහලේ ඇතැම් උපකරණ වසර 11ක් පමණ පැරණි ඒවා බවත් මේවායින් කටයුතු කර අවදානමක් බාර ගැනීමට නොහැකි බවත් ඇය කීවාය.
මුල් සැත්කමේ සාර්ථකත්වය ඊට සම්බන්ධවූ සැමට හිමිවන නමුත් එහිදී කිහිපදෙනකු පමණක් විශේෂයෙන් මතුවී සෙසු අය‍ගේ සේවය නිසි ඇගයීමකට ලක් නොවුණු බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. (දිනමිණ)

12 comments:

  1. මේක ඇත්තටම සිදුවුණු දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ විහිලුවක් කියලා.ඔබ කියලා තියෙන එක හරි. වෛද්‍යවරුන් වෙන්න හදන ළමයි වැඩි දෙනෙක් පොතේම ඉන්නවා මිසක වෙන කිසිම බාහිර වැඩක්, ක්රීඩා කරන්න යන්නේ නෑ. සමාජයේ ගැටිලා ලබා ගන්න ජීවිත අත්දැකීම් නැති අමුතු සත්ත්ව කොට්ඨාශයක්. හැබැයි දොස්තර නිසා මාන්නයක් සය උද්දච්ච කම තියෙනවා.හැබැයි දෙවිවරු වගේ කොටසකූත් ඉන්න බව ඒ අයට ගෞරවයක් ලෙස සදහන් කරන්න ඕන.

      Delete
  2. වරහන් යොදා ලියා ඇති දේ හරියට හරි.මා දවසක් මිතුරු දොස්තර මහත්මයෙක් සමග කතාකරද්දී කියපු දෙයක් තමයි හෘද රෝග පිලිබඳ දොස්තරලා ගැනනම් කතා කරන්න දෙයක් නැත කියලා සිනාසුනා.මුදල් පමනයි සිහිය එම නිසා පපුවේ අමාරුවකදී දෙදෙනෙකුටවත් පෙන්නන්න කීවා.මේ අයට අපි කියන ගාන ගෙව්වාට අපිට කතා කරන්නත් බෑ.යම් දෙයකදී අපි පැමිණිලි කලත් වෙන දෙයක් නෑ.අනිත් ලොකු දොස්තරලා ගොඩක් දෙනාත් එහෙමයි.කතා කරන්න පුලුවන් දවසක් උනත්.නමුත් මේ අය හොඳ දෙමව්පියෝ,පින්වත් දානපතියෝ.අපි මිනිස්සු සමග කතා කරද්දී මිනිස්සු කියන්නේ ලොකු තත්වයකට එන්න වාසනාව ඕනැලු,පින තියෙන්න ඕනෙලු.කරුමෙටලු ලෙඩ වෙන්නේ.තමන්ගේ දරුවොත් ඒ තත්වයට ඇවිත් සල්ලි හොයනවට කැමතියි.සමාජයේ තියෙන්නේ පුදුම අදහස්.ලන්කාවේ ඉන්නේ නොමැරෙන්න ආපු අය.මිනිස්සු ආවේගශීලී වෙන්න ඕනෑ තැන ගල්ටික් වෙලා වෙන දේට කෑගගනවා.මාධ්‍යය පවා එකපාරක් කතා කරනවා එපමනයි.දූපත් මානසිකත්වය,පුහු අහන්කාරය,දියුණු රටවල සමාජ අත්දැකීම් නැතිකම සහ ප්‍රධානම නීතියක් නැතිකම තමයි මට හිතෙන්නේ.අර රෝගියා ගැන හරි කනගාටුයි.අමරණීය වූ පිරිසක් අහින්සකයෙකුට ඉක්මන් මරණය පිරිනමන වග ! මෙවන් රටක ඉපදීම තමයි පව.

    ReplyDelete
    Replies
    1. ලලිත් සමහර හෘද රෝග පිලිබඳ දොස්තරලා ගාන කපා ගැනීම සඳහා සමහර විට බයි පාස් ඔපරේෂන් රෝගීන්ට නිර්දේශ් කර තිබුනා. (රුවන් ඒකනායකලා වගේ හෘද රෝග පිලිබඳ දොස්තර දෙවි වරුත් ඉන්නවා කියන එකත් සඳහන් කල යුතුයි)

      Delete
  3. මට ප්‍රතිකාර ගන්නට දොස්තර මහත්වරු කීපදෙනකු සොයා ගියා වරින් වර.අත් දැකීම් කටුකයි.රුවන් ඒකනායක මහතා හමුවන්න දෙතුන්පාරක් උත්සාහකලත් බැරිඋනා කාලය වෙන්කරගන්න.එතැන නොම්මර ගන්න බැරිඋනා.දොස්තර මිතුරෝ කිව්වේ තරුණ අය නව ක්‍රමවේද පිලිබඳ දැනුවත් නමුත් මුදල් පසුපස යනවා කියා.වයසක දොස්තරවරු තැන්පත් නමුත් "අප්ඩේට්" නැහැ කියා.(ඔබ ගැන මා එතකොට දන්නේ නෑ රුවන්)මුදල් ගෙවා හමුවන්න පවා නොම්මර ගන්න අමාරුකොට සහ සමහරවිට මාස කීපයක් එහා නොම්මරයක් ලැබුනොත් ප්‍රතිකාර ගන්න කලින් සුරලොව බලන්නත් පුලුවන්.එකවරක් නෑදෑ කාන්තාවකට බඩ රිදෙනවාකියා මහාචාර්ය දොස්තර කෙනකුගාවට ගියා.ඔහු කීවා මේදය ටිකක් තියෙනවා පොඩි ඔපරේශන් එකක් කරමු කියා. අපි පසුව එන්නම් කියා ආවා.සවස මිතුරු දොස්තර කෙනෙකු හමුවී විස්තරය කීවා. කතාව ඉවරකරන්නත් කලින් යාලුවා හිනාවෙවී ඇහුවා "ඌ කපන්න කතාකලාද?" සිදුවීම උනේ වසර 10ට පමන පෙර.අදටත් ඇය සුවෙන් නිකම්ම.යාලුවා නියමකලා ගොඩක් වතුර බොන්නට.මොනවා උනත් යහපත් මිතුරන්ගේ වටිනාකම !

    ReplyDelete
    Replies
    1. ලලිත් මම හාට් ෆීල්ඩ් එකේ නෙවෙයි. රුවන් ඒකනායක මහතා ඉතා හොඳ බව දන්නවා.

      Delete
  4. ඩොක්ට, ඔබලා වගේ විදේශ රටවල ඉගෙනගෙන විදේශිකයන්ට ප්‍රතිකාර කරන එකම මට ඇති. මොකද මේ කුහකයන් ගෙන් ඈත් වෙලාම ඉන්න තරමට ඔබට හිතට ගතට දෙකටම සනීපයි.

    🙏

    ReplyDelete
  5. අව්ලක් නෑ ඕක මොකක්ද? කොහෙම හරි කරල සයිටම් වහමු

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook