Monday, June 26, 2017

වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න ගේ මුල්‍ය වංචා

 


2008 වසරේදී මහරගම පිළිකා රෝහලේ රෝගීන් සඳහා මනෝ උපදේශන  ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා හිරන්තී ද සිල්වා මහත්මිය මගෙන් ඉල්ලීමක් කලාය​. ඒ අනුව  මම මහරගම පිලිකා රෝහලේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න මහතාව දුරකථනයෙන් අමතා අපගේ යෝජනා ක්‍රමය පිලිබඳව දැණුම් දුන්නෙමි. 

මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඉන් පසුව එලැඹෙන සඳුදා දින උදේ 10 ට ඔහු හමු වීම සඳහා ඔහුගේ කාර්‍යාලයට එන ලෙසට කනිෂ්ක කරුණාරත්න මහතා මට දැණුම් දුන්නේය​. ඒ අනුව මම ඔහුව හමුවීම සඳහා මහරගම පිළිකා රෝහලට ගියෙමි. මගේ පුදුමයට මෙන් ඔහු කාර්‍යාලයේ නොසිටියේය​. විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ගේ සහායද ලබා ගෙන මහරගම පිළිකා රෝහලේ රෝගීන් සඳහා මනෝ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටි අපව වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න විසින් මඟ හැරීම පුදුමයට උපදවන කරුණක් විය​. ඔහු එන තෙක් අප පැය ගනනක් සිටි මුත් වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න නාවේය​. එසේම ඔහුගේ ජංගම දුරකථනයටද ක්‍රියා විරහිත කොට තිබුනේය​. ඉන් පසුව අප ඔහුව  සම්බන්ධ කර ගැනීම සඳහා කිහිප වතාවක්ම උත්සහ කල නමුදු කනිෂ්ක කරුණාරත්න අපව සිතා මතාම මඟ හැරියේය​. 

කායිකව විඳවන පිළිකා  රෝගීන් සඳහා මානසික සහනය සත් භාවයෙන් ලබා දීමට අප විසින් ගත් උත්සහය වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න කඩාකප්පල් කලේ මන්ද කියා අපට ප්‍රහේලිකාවක් විය​. 

පිළිකා රෝගයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු ලෙසට ජනප්‍රිය මෙන්ම බෝධිසත්ව චරිතයක් ලෙස බාහිරයට පෙන්වාගෙන සිටි වෛද්‍ය කරුණාරත්න මෙම උපදේශන වැඩසටහන  කඩාකප්පල් කලේ මන්ද කියා පසුව හෙළි විය​. මෙම හෙළි කිරීම කරනු ලැබුවේ මහරගම පිළිකා රෝහලේ තවත් වෛද්‍යවරයෙකු විසිනි. 

මහරගම පිළිකා රෝහලේ රෝගීන් සඳහා මනෝ උපදේශන  ලබා දීමට කියා වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න මහතා හැටන් නැෂනල් බැංකුවෙන් මාසිකව රුපියල් පනස් දහසක් ලබා ගත්තේය​. තවද මනෝ උපදේශන සඳහා සුදුසුකම් නොමැති සමදරා නම් තැනැත්තියක් බඳවාගෙන ඇයට මාසිකව රුපියල්  6000 පමණක් ගෙවන ලදි. ඉතිරි මුදල් ගියේ කාගේ සාක්කුවටද කියා අපට තේරුණි.  මහරගම පිළිකා රෝහලේ රෝගීන් සඳහා මනෝ උපදේශනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්‍ය මණ්ඩලය කලේ නම් ඔවුන් වැටුප් ලබා ගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙනි. එසේ වී නම් හැටන් නැෂනල් බැංකුව මාසිකව  රුපියල් පනස් දහස බැගින්  කනිෂ්ක කරුණාරත්නට නොදෙන්නේය​. මේ හේතුව නිසා ඔහු අප පිළිකා රෝහල පැත්ත පළාතටවත් ඒම අපේක්‍ෂා නොකලේය​. 

මෙම සිදුවීමෙන් පසු කාලයක තවත් පුවතක් වාර්තා විය​. එනම්  කනිෂ්ක කරුණාරත්න විසින් මහරගම පිළිකා රෝහලට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු කෝටි ගණනක මුදලක් "ජනාධිපති අරමුදල" ලෙස හඳුන්වමින් සිය පුද්ගලික ගිණුමකට බැර කරවාගෙන කරන ලද වංචාවයි. මෙම වංචාව නිසා ඔහු මේ වන විට වැඩ තහනමට ලක්වී සිටින අතර  ඔහුට එරෙහිව මුල්‍ය අපරාධ කොට්ටාශය පරීක්‍ෂණ පවත්වමින් සිටී. එහෙත් මෙම චෝදනා තම සබඳතා මගින් සාර්ථක ලෙස යට ගසාගෙන වැඩ තහනමද ඉවත් කිරීමේ මෙහෙයුමක් ද මේ වන විට ඔහු විසින් දියත් කොට තිබේ. 

වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න මහතා විසින් කරන ලද  අයථා ක්‍රියා පිලිබඳ විමසීමට  යාමේදී මෙම බෝසත් වෛද්‍යවරයා අපට සී. අයි.ඩී එකේ සිටින පාසල් මිතුරන් මගින් පාඩමක් උගන්වන බවත් තමුසෙලාගේ ළමයින්ට පිළිකා හැදී හැඳි ගෑවී යා යුතු බව  කියා  සාප කලේය​. මේ දුප්පත් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ලැබුනු ආධාර සහ ඖෂධ යටි මඩි ගසා ගත්  සමාජය ඉදිරියේ සිල් රෙදි පොරවා ගත් හොරෙකුගේ තත්‍ය ස්වභාවයයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

පහත දැක්වෙන්නේ කනිෂ්ක කරුණාරත්න විසින් කරන ලද මුල්‍ය වංචාව පිලිබඳ ලංකා ඊ නිවුස් විසින් පළ කරන ලද වාර්තාවයි. 

මහරගම පිලිකා රෝහලට ලැබුණු කෝටි ගණනක ආධාර මුදල් සිය පුද්ගලික ගිණුමක තැන්පත් කරගත් රාජපක්ෂ ඥාති නීචයා රටින් පැනීමේ සූදානමක්..! පනින්න පෙර අල්ලා ගනු..!!  (ලංකා ඊ නිව්ස් -2016.මාර්.30, පෙ.ව‍.6.15) මැදමූලන රාජපක්ෂලාට ඥාතීත්වයක් ඇති කනිෂ්ක කරුණාරත්න යනු මහරගම පිලිකා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වරයායි. 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ජනවාරි 5 වෙනිදා රාත්‍රියෙන් අවසන් කළ පසු ජනවාරි 6 දින ජාතික රුපවාහිනියේ වෛද්‍ය හමුව වැඩසටහනකට සහභාගිවෙමින් කිසිදු හිරිකිතයකින් තොරව මහින්ද රාජපක්ෂට චන්දය දෙන්නැයි ආයාචනා කර සිටියේ ඥාතීත්වය හා බැඳුනු සට්ටැඹි භාවය නිසාම ය.  රාජපක්ෂ ඥාතීත්වයද උපයෝගී කර ගත් කණිෂ්ක කරුණාරත්න මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේදී මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග ශීලීන්ගෙන් ලැබුණු කෝටි ගණනක මුදලක් "ජනාධිපති අරමුදල" ලෙස හඳුන්වමින් සිය පුද්ගලික ගිණුමකට බැර කරවා ගත්තේය. පිලිකා රෝගීන්ගේ මුදල් ගසා කෑම තරම් පහත් නීච ක්‍රියාවක් කළ හැක්කේ රාජපක්ෂලාගේ ඥාතියෙකුටම පමණි.   නව රජය පත්වූ පසු ඒ සම්බන්ධයෙන් මොහුට විරුද්දව FCID යට පැමිණිලි කිරිමෙන් පසු මේ වනවිට වැඩ තහනමට ලක්වී සිටින අතර ඔහුට එරෙහිව මුල්‍ය අපරාධ කොට්ටාශය පරීක්ෂණ පවත්වමින් සිටී.  කෙසේ වෙතත් මෙම ආණ්ඩුව තුලටද රිංගාගෙන සිටින මරාවාදී ඇමතිවරුන් කිහිපදෙනෙකු මෙම පරීක්ෂණ යටගසා දැමීම සඳහා දැඩි පරිශ්‍රමයක යෙදෙන අතර පරීක්ෂණ මගහැර රටින් පිටවී සිටින ලෙස ඉහලින් ලැබුණු උපදෙසක් මත කනිෂ්ක කරුණාරත්න මේ වන විට රටෙන් පිටවීමේ සුදානමක් පවතින බව ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.  අස්පයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමෙන් පලක් නොවන අතර පිළිකා රෝගීන්ගේ ආධාර මුදල් පවා හොරකම් කළ මෙවැනි නීචයෙක් රටින් පැනීම වළකා හැකි ඉක්මනින් අපරාධ විමර්ශනය කර කොල්ලා කෑ මහජන මුදල් යලි ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය.(Lanka E News) 


  

30 comments:

  1. හ්ම් මට තර්ජනය කරනවා මගේ දුරකතනය ෂී අයි ඪී දෙනව කියලා.. මම ඉල්ලුවෙ විද්‍යුත් ලිපිනය පමණයි.. ඔහු අවංක නැති බවක් මටත් දැනී ගියා මේවා හෙලිදරව් විය යුතුයි

    ReplyDelete
    Replies
    1. හොරුන්ට ගිය ර​ට

      Delete
    2. අවංක නැති බව පෙනී ගියා,හැඟී ගියා,මට හිතුනා වගේ හැඟීම් වලට මුල් තැන නොදී විත්තිකරු ඉදිරිපිට මේ ගැන ප්‍රශ්න කරන්න.මේක මේ පාලු ගෙයි වළන් බිඳීමක් නේ.එක මිනිහෙක් අල්ලාගෙන හිතෙන හිතෙන බහුබූත කියා කියා ගල් ගහනවා.වැරද්දක් විභාග කරන ක්‍රමවේදයක් ලෝකේ ඇති නේ.ඒ විදිහට කරන්න ඉඩ දෙන්න.
      ගල් ගැසීමට සිටින්නේ මේ පව් කාරයා පමණක්ද?

      ප්‍රථම ගල ගැසීමට ඉදිරිපත්වෙන ශුද්ධවන්තයා/වන්තිය කවුද?
      ඔබ පව් කරලාම නැද්ද?

      Delete
    3. මෙතන ගල් ගැසීමක් නෙවෙයි මහජන මුදල් හොරකම් කරලා. මේ හොරුන් ගෙන් ඔබ යැපුන කෙනක් ද ?

      Delete
  2. ඩොක්ටර් ඕව මොනාද ඔබ දන්නවද වැක්සින් ගැන පරීක්ෂණ කල මුලික පර්යේෂණ 24 න් 21 කටම සහබාගිවී ඇත්තේ පල්හොරෙක් වන Dr Poul Thorsen
    https://www.forbes.com/sites/emilywillingham/2015/08/10/hey-interpol-i-found-your-autism-researcher-fugitive/#1d2a121477de

    ඔබ කියන දොස්තර මොන තරම් අහින්සකයෙක්ද මේ මම පෙන්වන දොස්තර අද ලෝකයේ වක්සින් සහ ඔටිසම් අතර සම්බන්දයක් නැතිබව ට සොයාගැනීමක් කල ලෝකයම නොමග අරින පල් හොරෙක්. අඩුගානේ ඔබ මේ මිහිහ ගැන දන්නවද ?

    https://www.youtube.com/watch?v=EPnbWfYIIPE
    ඉහලින් තියෙන්නේ ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ ප්‍රශ්න කරන ආකාරයයි, ඔබ පොඩ්ඩක් පැහැදිලි කරානම් හොදයි මේ කොන්ග්‍රස් මණ්ඩලයේ ප්‍රශ්න කිරීම වල වැදගත්කම මොකද මේ වැක්සින් දෙන්නේ ඇමරිකාවේ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවටත් බලපාන්නේ Dr Poul Thorsen වැඩි සොරුන්ගේ ප්රික්ෂනයි.

    ඔබ අවංකව ම කල්පනාකරන්නවෛද්‍ය කනිෂ්ක කරුණාරත්න කියන්නේ කුබියෙක් නම් Dr Poul Thorsen කියන්නේ විශාල අලියෙක්.

    දැන් එතකොට මොහු විතරද බටහිර වෙදකමේ සොරෙක් වෙන්නේ ඔබ දන්නවද Robert Gallo කියන්නේ HIV වයිරසය සොයාගත් කෙනා හැටියටයි ඉතිහාස ගත උනේ නමුත් අවසානයේ උනේ මොකද්ද
    http://query.nytimes.com/gst/fullpage.html?res=9F0CEFDA103DF932A05751C1A964958260&pagewanted=all

    "After three years of investigations, the Federal Office of Research Integrity today found that Dr. Robert C. Gallo, the American co-discoverer of the cause of AIDS, had committed scientific misconduct. The investigators said he had "falsely reported" a critical fact in the scientific paper of 1984 in which he described isolating the virus that causes AIDS."

    මේවගේ හොරු රැලක සොයාගැනීම් තමයි බටහිර විද්‍යාව කියල මිනිසුන් රවටන විද්‍යාව ඇතිවෙලා තියෙන්නේ. මෙනිසයි මම හැමවිටම බටහිර වෙදකම ගැන සැකෙන් බලන්නේ, එයින් ගතයුතු යමක් තියනවනම් ඉතා කල්පනාවෙන් ඕනේ ගන්න.

    මෙතැනදී වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න කියන්නේ කෙහෙල්කන් හොරෙක් Dr Poul Thorsen සහ Dr. Robert C. Gallo කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් වගේ බිලියන ගණන් හොරකම් කල අය. හිහ් හී welcome to the real world.

    ReplyDelete
  3. කාලකන්නි මිනිහෙක් ඔව්වා පොදි ගහගන කොහේ යන්ඩද

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පිලිකාවෙන් පෙලෙන රෝගීන් ගෙන් බොහොමයක් දුප්පත් වන අතර ඉතා ඈත පළාත් වල ජීවත් වන්නෝය​. පිලිකා රෝහලට ගිය විට ඔළුව බූ ගෑ සුදුමැලි කෙට්ටු ළමුන් ඔබට දැක ගත හැකිය​. එසේම උඩු හණුව කපා ඉවත් කරන ලද උගුරට , බඩට බට දැමූ දුක් විඳින ගැහැණු මිනිසුන් දැකිය හැකිය​. මේ අසරණ අහිංසකයන්ට ලැබෙන ආධාර මුදල් සහ බෙහෙත් හොරකම් කල හැක්කේ හිතක් පපුවක් නැති නරුමයෙකුට පමණය​.

      මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග ශීලීන්ගෙන් ලැබුණු කෝටි ගණනක මුදලක් "ජනාධිපති අරමුදල" ලෙස හඳුන්වමින් සිය පුද්ගලික ගිණුමකට බැර කරවා මහ දවාලේ හොරකමක් කල පිළිකා රෝහලේ හිටපු අධ්‍යක්‍ෂකවරයා මේ වනවිට වැඩ තහනමට ලක්වී සිටින අතර ඔහුට එරෙහිව මුල්‍ය අපරාධ කොට්ටාශය පරීක්‍ෂණ පවත්වමින් සිටී.එහෙත් මෙම චෝදනා තම සබඳතා මගින් සාර්ථක ලෙස යට ගසාගෙන වැඩ තහනමද ඉවත් කිරීමේ මෙහෙයුමක් ද මේ වන විට ඔහු විසින් දියත් කොට තිබේ. මේ නිසා ඉදිරි කාලයේ යලිත් අධ්‍යක්‍ෂක පුටුවට විත් වැඩ තහනම් වූ කාලයේ හිඟ මුදල් ද ලබා ගෙන යලිත් පෙර පුරුදු ලෙසින් ගේම් ගැසීමට මොහුට හැකි වනු ඇත


      මෙවැනි මිනිසුන් උගත් සිල්වත් මහත්තුරු ලෙස සමාජයේ පෙනී සිටින නමුත් මොවුන් ගේ යථා ස්වභාවය අති භයානකය​.බජාර් එකේ ඉනේ පිහිය ගහගෙන සිටින කරාලාට මේ නරුමයන්ට වඩා මිනිසත්කම තිබේ. උන් පිහියක් බස්සන්නේ උන්ට වාතයක් කරපු එකාට පම​ණි. උන් අහිංසකයන් ගේ බඩ මාළු හූරගෙන කන්නේ නැත

      Delete
    2. ඔබ තුමා ලංකාවට ඇවිත් ඉස්පිරිතාල ටික බේරලා දෙන්න බැරිද?

      Delete
  4. You understand that you're making serious allegations against this person. Do you have concrete proof to back your claims?

    ReplyDelete
    Replies
    1. Yes ; if you write your name and address here we can send you all the documents ; then you will be convinced. why dont you call the cancer hospital Phone: +94 11 2 850253 ask about him

      Delete
    2. Why not scan the documents you have and upload them to your blog?

      Delete
    3. good idea!
      Why not scan the documents you have and upload them to your blog?

      Delete
    4. come with ur real identity I will do it

      Delete
    5. what about your identity?why dont you make a complaint to police instead of mada gaseem?

      Delete
  5. නව රජය පත්වූ පසු ඒ සම්බන්ධයෙන් මොහුට විරුද්දව FCID යට පැමිණිලි කිරිමෙන් පසු මේ වනවිට වැඩ තහනමට ලක්වී සිටින අතර ඔහුට එරෙහිව මුල්‍ය අපරාධ කොට්ටාශය පරීක්ෂණ පවත්වමින් සිටී...

    ඔබට විශ්වාසද මෙය ..... මෙකල ලංකා ඊ නිවුස් පලකරන දේවල් ගැන එතරම් වශ්වාසයක් නැති නිසා ..

    ReplyDelete
    Replies
    1. ඔහුව එම තනතුරෙන් ඉවත් කලේ මන් ද ?

      Delete
    2. තැන තැන පොර ටෝක් නොදී අමාත්‍යාංශයෙන් විමසන්න.

      Delete
  6. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=105291

    ReplyDelete
  7. හිඟන්නන්ගෙත් හිඟන්නන් වන මෙවුන් කිසිදා ස්වභාවික මරණයකට මුහුණ නොදෙති.

    ReplyDelete
    Replies
    1. මෙවැනි මිනිසුන් උගත් සිල්වත් මහත්තුරු ලෙස සමාජයේ පෙනී සිටින නමුත් මොවුන් ගේ යථා ස්වභාවය අති භයානකය​.

      Delete
    2. චෝදනා ඔප්පු වෙලා තියෙනවද?නඩු තීන්දුවල පිටපත් අපිට බලන්න දානවද?

      Delete
    3. ඔහේ ලංකාවේ හොරු අල්ලන ක්‍රමය දන්නවනේ ?

      හොරකම් කිරීමට උපදෙස්

      1) සිල්ලර පොඩි හොරකම් නොකරන්න-ලංකාවේ හිරේ යන්නේ පොඩි පොඩි හොරකම් කරපු එවුන් ය​.

      2) හොරකම් කරන විට මිලියන ගනන් හොරකම් කරන්න

      3) හොරකම් කරන විට තව බලවත් අයත් හවුල් කර ගන්න (උදා ඔබ අධ්‍යක්‍ෂකවරයෙක් නම් අදාල අමාත්‍යාංශයේ ඇමතියා ) - හොරකම ගැස්සුනහොත් ඇමතියාගේ පිහිට මහින් බේරිය හැකිය

      4) වටා ඉන්න අයටත් ටික ටික බෙදන්න. එවිට වටා ඉන්න එවුන් ඔබගේ ගුණ ගයනු ඇත

      Delete
    4. හිඟන්නෝ ඔක්කොම මැරෙන්නේ අස්වාභාවික විදියටද?අනික ඔය කියන විදියට හොරකම් කලානම් හිඟන්නෝ වෙන්නේ කොහොමද?

      Delete
  8. අහිංසක මිනිස්සුන්ගේ ජිවීත වලට එලියක් ලබාදෙන්න පුලුවන් හැකියාවක් තිබිද්දිත් ඒක වලක්වපු එක නම් හරිම නරක වැඩක්..
    හුඟක් මිනිස්සු සල්ලි වලට වගේම තමා වෛද්‍ය වරුත් මුදල් වලට පෙරේතයි..
    මානසික උපදේශනය ලබා දෙන සේවවක් පිලිකා රෝහලේ තියනවා. ඒක ක්‍රියාකාරීව සිදුවෙනවද කියන්න නම් මං දන් නෑ..

    ReplyDelete
    Replies
    1. අරුණ ඒ සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් මාසිකව රුපියල් පනස් දහසක් ලබා දුන්නා , ඒකෙනුත් ගහ ගත්තා

      Delete
    2. ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරලා දවසකට ලේසියෙන්ම ලක්ෂයක් හමාරක් හොයාගන්න පුළුවන් මිනිහෙක් ඔය වගේ හිඟන වැඩක් කරයිද?

      Delete
    3. හොරුන් ගෙන් ඔබ යැපුන කෙනක් ද ?

      Delete
    4. ඔබම පරීක්ෂණ කරලා හොයාගන්න.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook