Wednesday, June 28, 2017

මහරගම පිළිකා රෝහලේ අක්‍රමිකතා



මේ වෛද්‍ය වසන්ත දිසානායකගේ ප්‍රකාශයකි 



රට තුළ මට තිබුණ ප්‍රසිද්ධියට අැති ඉරිසියාව සහ ඔෟෂධ හොරකමට එරෙහිව මා කටයුතු කළ බැවින් දුෂ්ටයන් දෙදෙනෙකු මට විරුද්ධව කුමන්ත්‍රණ කර මා පිළිකා රෝහලෙන් එලවා ගැනීමට කටයුතු කලහ. රෝහලේ පරිපාලන නිලධාරීයාද කම්බ හොරෙක් බැවින් මොවුනට උදව් කලේය. දුෂ්ටයන්ගෙන් එකකු අද බරපතල වකුගඩු රෝගියෙකි. එකකු පිළිකා රෝගියෙකි. අනෙකා බයිපාස් සැත්කමකට ලක්ව සිටියි. ස්වභාව ධර්මය වැරැදි කරුවන්ට දඩුවම් දි ඇත. එහෙත් මම ඔවුන්ට අනුකම්පා කරමි. 

Dr Wasantha Dissanayaka 
The Deputy director of the national Cancer Institute 



Exposé: Questions Haunt Health Ministry’s Rs 7 billion Cancer Project
The question now before Rajitha Senaratne, who presides over the ministry that President Maithripala Sirisena himself in a speech at Maharagama last week described as “the most corrupt ministry” in the country, is what action to take? Should this multibillion rupee scam be swept under the carpet (with the implication that the new administration too, is complicit in it), or should a public inquiry take place to find out why no tenders were called and on what basis the astronomical prices quoted by Elekta and Philips (Israel) were accepted as being reasonable. This, after all, is precisely the kind of wasteful and extravagant excess the Common Candidate bemoaned publicly and swore to investigate and eradicate. That said, will the government live up to its promise?   (Colombo Telegraph) 

Read More : 

https://www.colombotelegraph.com/index.php/expose-questions-haunt-health-ministrys-rs-7-billion-cancer-project/


23 comments:

  1. වෛද්‍ය රුවන්, මහරගම අපේක්ෂා රෝහල මෙන්ම සෞඛ්‍ය මාත්‍යංශයේ පරිපාලනය ගැන විවිධ චෝදනා තිබෙනවා. මේ සිද්ධිය ගැන මා නම් දන්නේ නැහැ, නමුත් පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය කලකට ඉහත පැවසුවා. PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි. ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස කිහිපයක් ගතවී හමාර නමුත් ටෙන්ඩර් කැඳවීම නිම කර නැතැයි චෝදනාවක් ආඅවා නේද?

    මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි.

    PET ස්කෑනරය වෙනුවෙන් අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ කදීජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් බීබීසීයට කියා සිටියේ 2016 වසර අවසන් වීමට ප්‍රථම යන්ත්‍රය රෝහලට ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි. මෙහි වත්මන් තත්වය ගැනත් මා දැනගැනීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. යන්ත්‍රයට යන මුදල් රෝහලට පරිත්‍යාග කලාට ඕක ගෙන්වන විට අමාත්‍යාංශ අයියලා කොමිස් වලට පොරකනවා ඒනිසා ප්‍රමාදයි

      Delete
  2. /* ස්වභාව ධර්මය වැරැදි කරුවන්ට දඩුවම් දි ඇත. */

    මොන මෝඩයක් ද ඒ?

    එතකොට ඒ රෝග හැදෙන්න සාමාන්‍ය සාධක බලපෑවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෝඩයෙක් උන පලියට මෝඩකම පෙන්වන්න යන්න එපා!
      //එතකොට ඒ රෝග හැදෙන්න සාමාන්‍ය සාධක බලපෑවේ නැද්ද?//
      කොහෙත්ම බලපෑවේ නැත. අවශ්‍ය නම් රෝග විනිශ්චය කාඩ් පත කියවන්න දෙන්නම්.
      ඔබ මහරගමට ආවොත්, රෝගීන්ගෙන් අවශ්‍ය අවසරය ගතහොත් එවෙලේම එය පෙන්වන්නට සුදානම්.

      Delete
    2. ලෙඩා - ඩොක්, මට අසනීපයි.

      ඩොකා - ඔහේ ගිය ආත්මේ හරි මේ ආත්මේ හරි පව් වැඩ කරලා තියෙනවා. ඉතිං විඳවපං, හා ද?

      ලෙඩා - සොරි ඩොක්!

      Delete
    3. දොස්තර කෙනෙකුත් කර්මය පඬිසන් දීලා හර්ද රෝගයි ,පිලිකාවලුයි හැදෙනවා කිව්වම බඩ අල්ලාගෙන හිනා වෙන්න හිතෙනවා.එහෙනම් ඉස්පිරිතාල සේරම වහලා පන්සල් පල්ලි ටිකකුයි දේවාල යන්ත්‍ර මන්ත්‍ර කාරයෝ ටිකකුයි සෙට් කලානම් වැඩේ ගොඩ.දොස්තරලට සාමාන්‍ය දැනීම නෑ කියන්නේ ඔන්න ඕකයි.

      Delete
    4. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

      Delete
    5. එහෙනම් ඉතින් මේ වංචා අල්ලන එකත් දෙවියන්ටම බාර දුන්නානම් ඉවරයි නේ.

      Delete
    6. රෝග විනිශ්චය කාඩ් පතේ ඕව සේරම තිබෙනවානේ.
      එනවා නං ඒක පෙන්නන්නං කියලත් කිව්වනේ.
      ඉතින් තවත් බොරු බයිල කියවන්නේ ඇයි?
      ඔයා ලෙඩා පරික්ෂ කරපු දොස්තරද? නැත්තං අඩුම ගන්නේ දොස්තර කෙනෙක්ද?
      දොස්තර කෙනෙක් කසාද බැන්ද කියල හස්බන් නිකම්ම දොස්තර කෙනෙක් වෙනවා කියලද හිතන්නේ? ඕනේ නං රිහැබිලිටේෂන් පාරක් දාගන්න.

      Delete
    7. ඔය කියන දුෂ්ටයින් දෙන්නයි පරිපාලන නිලධාරියගෙයි නම් කිව්වනම් අපිට ඒ ගොල්ලෝ හම්බවෙලාම මේකේ ඇත්ත නැත්ත බලා ගන්න තිබුනා.රෝගියෙක්ගේ රෝග විනිශ්චය කාඩ් පත හැමෝටම පෙන්නන්න පුලුවන්ද? රෝගියාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන බවට ආචාර ධර්මයක් තියෙනවා කියලා ඔබ දන්නේ නැද්ද?දොස්තර කෙනෙක් නම් ඒක දන ගන්න ඕනි.

      Delete
    8. කරුණාකර පොඩ්ඩක් උඩට ගිහිල්ල බලන්න.
      එහි ''ඔබ මහරගමට ආවොත්, රෝගීන්ගෙන් අවශ්‍ය අවසරය ගතහොත් එවෙලේම එය පෙන්වන්නට සුදානම්'' ලෙස සඳහන් කර ඇත.
      සාකච්චාවට සහභාගී වෙනවානං කරුණාකර සම්පුර්ණයෙන්ම කියවා එන්න.
      තවත් ප්‍රශ්න තිබේ නම් අහන්න.

      Delete
    9. දුෂ්ටයන් දෙදෙනෙකු මට විරුද්ධව කුමන්ත්‍රණ කර මා පිළිකා රෝහලෙන් එලවා ගැනීමට කටයුතු කලහ. රෝහලේ පරිපාලන නිලධාරීයාද කම්බ හොරෙක් බැවින් මොවුනට උදව් කලේය. දුෂ්ටයන්ගෙන් එකකු අද බරපතල වකුගඩු රෝගියෙකි. එකකු පිළිකා රෝගියෙකි. අනෙකා බයිපාස් සැත්කමකට ලක්ව සිටියි. ස්වභාව ධර්මය වැරැදි කරුවන්ට දඩුවම් දි ඇත.
      අනිත් රෝගීන් ගැන අවුලක් නෑ නොව.මේ ඉහත කී තුන්දෙනා ගැන මිස.ඔබ අපට ඔවුන්ගේ විස්තර දෙන්න.අපි ඔවුන් හමුවී හෝ දුරකථන මාර්ගයෙන් විමසීම කර සත්‍යය දැන ගන්නම්.

      Delete
  3. මම වෛද්‍යවරයෙක්. ඒ වගේම පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගන්නවා. මහරගම පිළිකා රෝහලේදී මම දැකපු, අත්දුටු දේවල් නම් හරිම හිත් වේදනා සහගත අවලස්සන අත්දැකීම්.

    මම වෛද්‍යවරයෙක් වෙලත්, මගේ වෛද්‍ය මිතුරු මිතුරියන් එහි සේවය කරලත් මට ලැබුණු ප්‍රතිකාර වල තත්වය මේ තරම් බාල නම් අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ තත්වය ගැන සිහිවී මගේ හද කම්පා වුවා.

    මා ඉන්පසු මගේ ෆැකල්ටි මිතුරන්ගේ සහය ඇතිව ඩොක්ටර් සුනිල් පෙරේරා සර් හමුවී ප්‍රතිකාර ලබාගෙන, වැඩිදුර ප්‍රතිකාර බ්‍රිතාන්‍යයට පැමිණ ලබා ගත්තා. එහෙත් එවැනි හැකියාවක් නැති රෝගීන්ට උරුම මරණය.

    මගේ අත්දැකීම් ලියන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මේ හොරකම් නැවැත්තුවොත් හොඳ සේවයක් ජනතාවට දෙන්න පුලුවන්

      ඔබගේ අත්දැකීම් ලියන්න

      Delete
    2. වැඩිදුර ප්‍රතිකාර බ්‍රිතාන්‍යයෙන් කර ගන්න පුළුවන් කම තිබියදී දුප්පත් රෝගීන්ට තියෙන අවම පහසුකම් ටික විශේෂ සැලකිලි සමග බලාපොරොත්තු වෙන්න එපා.දොස්තරලා යනු තවදිරටත් දෙවියන් පිරිසක් නොවේ.සාමාන්‍ය මිනිසුන් පිරිසකි.ඔවුන් පින් බේත් දෙන රෝහලකට ගියත්,පොලිසියකට ගියත් අනිත් මිනිස්සු වැඳ වැටිලා සැලකිය යුතුයි කියා බලාපොරොත්තු වෙනවා.රෝහලකට ගියාම අනිත් රෝගීන් වගේ පෝලිමේ ඉඳන් ප්‍රතිකාර කරගන්න ඉගෙන ගන්න.
      රෝගයක් හැදුනම සියල්ලෝ එක සමානයි.දොස්තරට හැදෙන ලෙඩේ සුපිරි නැහැ.එසේ නැත්නම් මුදල් ගෙවා පුද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්න.රජයේ රෝහල්වල තත්වය ඔහොම තමයි.සෙලින්කෝ එකට ගියානම් සුපිරියට ඉන්න තිබුනා.

      Delete
    3. AnonymousJune 29, 2017 at 9:23 PM

      මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමේදී රෝහල් කාර්යමණ්ඩල සදහා විශේෂ ස්ථාන වෙන්කොට තිබේ. එය වෛද්‍යවරුන්ට පමණක් වෙන්කෙරු ස්ථාන නොවන අතර පොදුවේ රෝහල් කාර්යමණ්ඩල සදහා ලබාදෙන පහසුකමකි.

      Delete
    4. මම වෛද්‍යවරයෙක් වෙලත්, මගේ වෛද්‍ය මිතුරු මිතුරියන් එහි සේවය කරලත් මට ලැබුණු ප්‍රතිකාර වල තත්වය මේ තරම් බාල නම්......,
      එහෙනම් මොකද මේ නඩුව? පොදුවේ රෝහල් කාර්යමණ්ඩල සදහා ලබාදෙන පහසුකමින් සැනසුනානම් ඉවර නේ.


      Delete
  4. Sathya / March 6, 2015 23:16
    3 1
    First of all cancer hospital is a full of corruptions. Kanishka karunarathne was a masked man without vertebral column. He was a dummy,JB (Jayantha Balawardhana)moved the strings. Deputy Wasantha is a drama king only move his ass from his seat to act in front of TV cameras otherwise his duty is cracking foolish jokes and doing nothing. Leaving hospital early everyday for his PP. And this clown is famous for taking hospital properties home for his personal use.its worthless talking about this jokers.
    JB is an intelligent man but unfortunately plays corrupted business man’s roll.his supporter is Mahendra perera. This hospital largely involve with drug corruptions and medical refs are all over the hospital like bunch of crows. Bringing low quality drugs and working as a servant boys for doctors and Invest money for their expenses. Another unfortunate situation is this hospital workers is from bottom to top trying to get sexual advances from patients daughters.

    ReplyDelete
  5. Ferdinandoz / February 27, 2015 11:31
    5 5
    This is not the first incident of violating tender procedure in the history of the cancer hospital, Maharagama. I have been a member of hospital committee for long time and I can vouch that cancer hospital is a real cancer for the innocent people in Sri lanka.
    This type of big money deal in the Health Ministry has happened in 2009, purchasing of one radiotherapy machine cost of 750 million under the minister Nimal Siripala De Silva with another corrupted company Medi equipment Pvt.LTD and the team including formar director dr. Ariyarathna , Dr.Sarath, and bio-medical head Jayathilaka those have been called several times to the bibery commission and still under investigation.
    The Ariston Pvt. who is maintaining outdated cabalt treatment machine does not agree to dismantle damaged machine and together with the radiographers at the Cancer Hospital have been using the radio cabalt machines during the night to burn ‘geudas’ to convert them into blue sapphires which is a money spinning business.
    This has been happening over the past few decades and all attempts to stop this have been unsuccessful.
    Dr. Kanishka was a real saint allowing other to do whatever nonsense in the hospital premises and deputy director dr. Wasantha is another notorious case addressing his female minor employees as “VESI” ( whore) and requesting major female staff to wear the saree under navel.
    It is a funny thing pointing finger toward 02 doctors, 90% doctors are in deal with whatever medical or drug company for their benefit and doing private practices during working hours. It is not a secret that lot of Maharagam oncologist can be consulted any time at the Colombo Ceylinco cancer cetre.

    ReplyDelete
  6. Dr M.L.Najimudeen / February 24, 2015 00:54
    3 7
    Dr Kanishka Karunaratne had done a remarkable service at the Maharagama cancer hospital.
    He is an outstanding cancer surgeon and a proven efficient administrator.
    He had attracted millions worth of private sector contributions to the hospital
    Supporting Mahinda Rajapakshe is his personal matter and that should not be confused with his capability.
    He should be reappointed as the director of the cancer hospital in the best interest of the country

    Point of View / February 24, 2015 10:29
    2 6
    If Dr. Karunaratne was removed from the Director role for political reasons, then I have an issue with this Yahapalanaya.
    Earlier, there was a lady at the helm who was corrupt to the core. Dr. Karunaratne voluntarily stepped down from his position for various reasons and he was reinstated.
    May be he stopped the corruption at Maharagam and someone found a reason to get him out of the way.
    Rajitha – this is not Yahapalayak ! Do you want us to send AKD and his team to look into the matters at Maharagama ? I am sure, they will do a better job without any fear and expose it publicly.

    ReplyDelete
  7. බලාගෙන ගියාම කාගේ කාගේ කිල්ලෝටවලත් හුණු .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook