හිම පියළි වැටී
සුදුම සුදු වූ භුමියේ
කාලය හා අවකාශයෙන් මිදී
ඇවිද යමි දේවදාර ගස් අතරින්
වසන්ත සමයේ
චෙස්නට් ඇට සොයමින්
එහි මෙහි දිව ගිය
ලේන්නුනි නුඹලා කොහීද ?
ගස් බෙනවල සැගවී
යලි වසන්තය උදා වන තෙක්
යලි බලා ඉන්නවාද ?
සීතල සුළඟ නිසා
තුරු ගොමු මුදුනින්
ඇද වැටෙන හිම කැට
වැස්සක් සේ විසිරී යයි
මවමින් මනස්කළු රටා
උණුසුම සොයා
ඈත දේශයට පියඹා ගිය සියතුනි
හිමවලින් වැසී ගිය
තුරු ගොමුවල අලංකාරය
නුඹලාට කියා දෙන්නේ කවූද?
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ලස්සනයි..............
ReplyDeleteතුති අවංක
Deleteඇත්තෙන්ම ඔය ශීත සෘතුව දැකලා තියෙන්නේ ලෙඩ නිවාඩු දාලා ඉන්න කුරුල්ලොයි ළදරු කුරුල්ලොයි, විශ්‍රාමික කුරුල්ලොයි විතරක් වෙන්න ඇති නේද?
ReplyDeleteඋන් වින්ටර් එක බාගයක් යන කොට මැරෙනවා. මගේ කහ කුරුල්ලා කෙටි කතාවේ මේ ගැන ලියවෙනවා
Deleteඔහාට දැන් ශීත ඍතුව ඇවිල්ලද එහෙම නැත්නම් ආසන්නද? ඍතු විපර්යාසය පදනම් කරගනිමින් කෙරෙන මෙවැනි සාහිත්‍ය නිර්මාණ අපිව වෙනම ලෝකයකට ගෙනයනවා.
ReplyDeleteදැන් නම් ටික ටික සීතල වේගෙන යනවා Nov අග Dec වෙන කොට සෙට්
Delete