මොන්ට්‍රියෝල් නගරයේ පටු මාවත් දිගේ
අප ඇවිද යන්නෙමු අතිනත් අල්ලාගෙන
දහසකුත් වූ මිනිස් ප්‍රාණීන් අතර
කෙනෙකු නැත ඇස ගැටෙන
තවත් දිනයක් උදාවී හිරු එලිය
සිප ගනියි කළු ගලින් කල මංමාවත්
රැගෙන එයි උණුසුම් සුළඟ
ගිම්හානයේ සම්ප්‍රාප්තිය පිලිබඳ පණිවිඩය
කහ පැහැති ටියුලිප් මල් සෙලවේ
ගිම්හාන සුළගේ තාලයට
ගයයි ගීතයක් කුරුල්ලෙකු සුමුදු විලසින්
උසැති මේපල් ගසක අත්තක සිට
නිල් අහස නරඹයි නගරයක අසිරිය
රාත්‍රියේදී රහසින් සඳුට කියා දෙන්නට
වෛද්‍ය රුවන් එම් ජයතුංග
නියමයි
ReplyDeleteතුති ඉවාන්
DeleteWoW! Just WoW!!
ReplyDeletewow නෙවෙයි හූම්......හූම්........කියපන් බස්සියේ
Deleteසුපිරි
ReplyDeleteතුති
Deleteදකුණෙ කට්ටියගෙ කැනඩා සහ මොන්ට්‍රියෝල් ජෝක්ස් මගෙ හිතට එන එන නවත්තන්න බෑ.
ReplyDeleteඒ මොකද
Deleteඅසල්වැසි රටවල් කොයිකෙත් වගේ අසල්වැසියා ගැන විහිලු කතා සාහිත්‍යයක් තියෙනවනේ. අන්න ඒ වගේ මම කියවලා තියෙනවා ඔය බ්ලොන්ඩ් ජෝක්ස් වගේ කැනේඩියන් ජෝක්ස්.
Deleteසමහර ඒවා Meanwhile in Canada/or a Canadian city විහිළු. ඒවායින් හුඟක් වෙලාවට කියවෙන්නේ කැනඩාවේ ශීතල ගැන, මෝඩකම් ගැන, ගොඩේ කම ගැන, ගතිගුණ ගැන වගේ දේවල්.
ඔය වගේම විහිළු නවසීලන්ත ජාතිකයන් ගැන ඕස්ට්‍රේලියානුවන්ගෙත් තියෙනවා.
මොන්ට්‍රියෙල් නගරයේ නේක මං පෙත් දිගේ
ReplyDeleteපිය නගමු අතිනත් වෙළා
සුවහසක් මිනිසුන් අතර කෙනකු නැත ඇස ගැටෙන .....
හිරු මඬල උදාවී රැගෙන එයි නව දිනක්
සිප ගනියි රැස් දහර මාවතේ ගල්පතුරු
හමන උණුසුම් සුළඟ නිහඬවම කියාදෙයි
පුවත සපැමිණි ගිම්හානය.....
කහ පැහැ ටියුලිප් ගොන්න මඳ පවන වැද ලෙළෙන
තාලය කියාදෙයි විහඟකු සිටින මේපල් රිකිල්ලක...
නිල් ගගන දිවාකල නගරසිරි බලයි
රහසින් කියා දෙන්නට සඳුට රැයපුරා...
ඉතා හොඳයි
Deleteඅගෙයි. නරකද ගීත රචනය ගැන ටිකක් හිතලා බැලුවොත්
ReplyDeleteඒ ගැන හිතලා බලන්න ඕනේ
Deleteවසන්තේ නිදාවුන් යොවුන් කෝකිලාවන්
ReplyDeleteගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
වසන්තේ ළපල්ලෙන් වැසී වුන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී
විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වළාවක් ලෙසින් මා ඇදෙද් දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ
සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ
(සුනිල් ආරියරත්න - 1984)
හොඳ ගීතයක් රසික
Delete