Sunday, May 3, 2015

අසමවාය භාෂිතය

 

කාමරය තුලින් දැන් එන්නේ තදබල නිල්  පැහැති එළියකිඑම එළිය නියොන් එළියටත්  වඩා දීප්තිමත්  ස්වභාවයක් ගෙන  තිබේරෝගියා නොකඩවා කථා කළේයඔහුට වෛද්‍යවරයාගේ තද රතු පැහැති ටයි පටිය කෙරෙහි යොමු වුයේ මඳ වූ අවධානයකිතම කතාවට සිත ගත යොමුවී තිබුණු නිසා කාමරයේ සිදුවන විපර්යාසයන් ඔහුගේ ඉන්ද්‍රියන්ට ගෝචර වුයේ නැතඔහු අලුත් තර්කයකට බැස්සේය.

"බටහිර විද්‍යාව රේඛීය චින්තනයක් නම් ඒ රේඛීය චින්තනය තුල අපගේ අපගේ චින්තනය පිහිටා තියෙන්නේ කොතනද ?  චින්තනය තුලින් සත්‍ය මතු ක‍ර ගත හැකිද ගණිත සමීකරණ උපයෝගී ක‍ර ගනිමින් ආදරය කරුණාව මෛත්‍රිය පහදා දෙන්න තමුන්නාන්සේට පුලුවන්ද මම අභියෝග කරනවාකොහෙත්ම කරන්න බැහැ.  ලෝකයේ මුලින්ම බිහි උනේ හැඟීම් නෙවෙයි අසංකීර්ණ චර්යා.ඊට පස්සේ තමයි උත්තරීතර හැඟීම්  බිහිවෙන්නේඋදාහරණයකට කියනවනම් මුලින්ම බිහි උනේ ආදරය නෙවෙයි ලිංගිකතාවඉන්පසු තමයි ආදරය වගේ සංකීර්ණ හැඟීම් රටාවන් පහල වන්නේ.

ලෝකය සුන්දර වන්නේ  කලාවෙන් ද නැතහොත් විද්‍යාවෙන් ද කියලා විද්වතුන් අතර වාදයක් තිබුනාමුල්ම මානවයන්ගේ භාෂාව උගුරෙන් කරපු ගොරහැඩි ශබ්දයක්ඒක විකසනය වෙලා සංකේත හඳුන්වන වචනහැඟීම් එලි දක්වන වචන ඇති උනාලිඛිත භාෂාවත් ඒ වගේ.  මුලින් ඉරි  ඇන්දා පස්සේ ක්‍රමක් ක්‍රමයෙන්  විකරණය උණා.  පස් වන  සියවසේ අපි සිගිරි ගලේ  මෙහෙම ලියනවා.

 ස්වස්ති අග්බොය්මි ලීමි  නිල්කටොරොළු මලෙකැ ඇවුණු වැට්කොළ් මල් සෙය්  සැන්දැගැ සිහිවන්නෙය් මහනෙල්වන් රන්වන් හුන්

ඊට ශතවර්ෂ පහළොවකට පස්සේ අපි ලියන්නේ මෙහෙම.

මිහිකත අනුරාගී පත් වසක් රාජයා හාකෙළිත මලය පව්වේගී සඳුන් මල් නදී රොන්ගෙන දකුණු පවන් නම් දූතයෝ ලුම්බිණියේහැසිරෙමි දරත් සේසත් දිමුත් පුල් කුසුම් සල්

මේ කවි කිව්වට මම කිසිම කල්ලියකට අයත් නැහැකල්ලිවාදය මම ප්‍රතික්ෂේප කරනවාඑක නිසයි මම තනියම ඇවිද්දේකල්ලියකට අසු උනාම තමන්ගේ ස්වාධින චින්තනය කැඩී යනවාඋඩට මතුවන්නේ සාමුහික චින්තනයයි.  බුදුන් දවසෙත්  කල්ලි තිබුනා දෘෂ්ඨිගතිකත්වය මත පදනම් වෙලා.  මේ කල්ලියේ හිටියා  පණ්‌ඩුකලෝහිතකමෙත්තියභූම්මජකඅස්‌සජී සහ පුනබ්බසුක යන භික්ෂුන් මේ අය ගත කලේ කාම භෝගී ජිවිතනමුත් ඔවුන් පරාර්ථය මානව ප්‍රේමයඅපිස් ජිවිත ගැන කථා කරා  හරියට ගුරුසියාවේ රිදී 500 ගාස්තුව හැටියට ගත්ත  නීතිඥයා වගේ උන්නැහේ කතා කරන්නේ මාතෘ ප්‍රේමය ගැනඋන්නැහේ උසාවියේ මෙහෙම කියනව.

  සෑම බැම්මකට ම වඩා තද බැම්මක් තමයි රුධිර බැම්මමවකුත් දරුවෙකුත් අතර ඇති රුධිර බැම්මඊට වඩා උත්තරීතර බැම්මක් මුළු ලෝක ධාතුවේම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති.මහාධිකරණතුමනිඇයගේ ඇකයෙන් දරුවෙක් උදුරා ගැනීමට පුළුවන්දදරා සිටිය හැකි ක‍්‍රියාවක්ද එය මහාධිකරණ තුමනිවනයේ සැරි සරන කෲරතර ව්‍යාඝ‍්‍ර ධේනුව පවා සිය දරුවා නැතිවු විට ශෝක ගින්න දරා ගනු බැරිව කෑළෑව දෙවනත් කරනවාලූ.  මේකට අසඩක්ට සරදම් සිනහවක් එනවාඅසඩක් අහනවා තමුන්නැහේගේ  ගාස්තුව කීයද කියලාඅසඩක් දන්නවා මේ පුද්ගලයා ධනය ගොඩ ගහගන්නෙක් කියලා.

ධනය නොවෙයි අපි වැඩිකර ගන්න  ඕනෑඅධ්‍යාත්මික ප‍්‍රාග්ධනයඩෙන්වර්වල හිටපු මගේ යාළුවා කෙන් බ්ලැක්මූවර් සුපිරි ධනවතෙක්ඒත්  පරාර්ථකාමී චරිතයක්ධනය හෙව්වා ධාර්මිකව  වගේම ධනය දුප්පතුන්ගේ සුභසිද්ධියට වියදම් කළානූතන වුණේ පිඬු සිටානෝබුද්ධ චරිතයේ හිටපු   අනේපිඬුසිටානෝ අන්තිමට බංකොලොත් වෙලා දුගී බවට පත් වුණාකෙන් බ්ලැක් මූවර් ඒ  වගේම දුගී වෙයි කියලා මම හිතන්නේ නෑමිනිහා ඩොලර් සීයක් පිණට දෙනකොට ඩොලර් දෙසීයක් උපයනවා  නිසා බ්ලැක් මූවර්ගේ ආර්ථිකය ස්ථාවරයිඅපේ අවශ්‍යතා අපට පාලනය කර ගන්න පුළුවන් නම් තියෙන සම්පත්වලින් අපේ ලෞකික ආශාවන් පරිපූර්ණ කරගන්න පුලූවන් නම් අපි භාග්‍යවන්ත ධනවතුන්ඉමෙල්ඩා මාකොස්ට තිබ්බේ කකුල් දෙකයි.  ඇයට  සපත්තු කොච්චර තිබ්බදමේ ආශාවන්ට කෙළවරක් නැහැමේක මිනිසාව මුලාවට පත්කරනවා.

අරණකට පෙම් බැඳී  සත්යාචන්ද්‍රන් ගැන  මට සිහි වෙනවාඅසරණ වූ කුන්තා සහ ඉරණම සොයා ගිය ධාතුර්යාරේල්පාර ළඟ  සිල්පර කොට අසල  වැටී තිබුනේ  ඔහුගේ සිරුරද මල්ලේ තිබු පයිසා හත කොල්ලකෑමට කෙනෙක්  ධාතුර්යා මරා දැම්මාදවැඩිහිටි වියට එළඹීමට ඉඩ නොදී මල් ගස උදුරා දැම්මේ  ඇයිධාතුර්යාගේ නර්තනය කොතරම් අපුරු දසුනක්දඔහු කැරකි කැරකි නටනවා.බඹරයක්  වගේඑවැනි නර්තනයක් කළ මෙක්සිකෝවේ  කටේමැකෝ ජිප්සි ගැහැණියදිග රතු පැහැ ගත් රැලි වැටුණු සාය කරකවමින් ඇය නැටුවාප්‍රේක්ෂකයන්ගේ අත්පොලොසන් නාදය මැද ඇය බඹරයක්  වගේ කැරකෙනවාකිසිම මහන්සියක් ඇයගේ දෙනෙතින් පෙනෙන්නේ නැහැමුහුණේ සිනහව පිරිලාදුප්පත් නමුත් සතුටින් සිටින ජිප්සි ගැහැණියනුඹගේ ජීවිතය කොතරම් සුන්දරඒ සුන්දරත්වය විනාශ කලේ කවුදනුඹගේ ළය හරහා ඇන තුබූ  කිරිච්චිය මම දුටුවාඑහි මිට තනා තිබ්බේ ඇත් දළින්එහි   නයි පෙනයක් කොටා තිබුනානුඹව මරා දැම්මේ ප්‍රේමයෙන් පරාද වූ ආදරවන්තයෙක් ද ඔහුගේ ඊර්ෂ්‍යාව  නුඹට මරණය ලඟා කර   දුන්නා නොවේද?

 මිනිසා යනු කවුරුදමම හැමදාම හිතන දෙයක්මිනිසා යනු උත්කෘෂ්ඨ බවෙත්අධම බවෙත්කරුණාවන්ත බවෙත්දුෂ්ඨ බවෙත් සංකලනයක්අහන්න ක‍්‍රයිට්සර් සොනාටා ධවනිය සත්‍යයට ඔබ බොහෝ සෙයින් කිට්ටු වෙයිමිනිසුන් ඇතැමිවිට ග‍්‍රහලොවක් වගේ වරෙක කිට්ටු වෙනවාඊට පස්සේ කක්ෂය දිගේ ඈතට යනවායළිත් යම් කාලයක ආපසු කිට්ටු වෙනවාමේ ධර්මතාවය අපි හැමෝම අත්දකිනවාසාමාන්‍ය මිනිස්සු ස්වභාව ධර්මයත් එක්ක ජීවත් විය යුතුයිඅපි ස්වභාව ධර්මය අතික‍්‍රමණය කළොත්?

අපි ලෝකය විනාශ කරගෙන යනකොට විනාශ වී යන ලෝකය අපිව විනාශ කරනවාමිනිසුන් ගස් කපා හෙළනවා වනයේ සතා සීපාවා ඉවක් බවක් නැතිව මරා දානවාශතවර්ෂ  ගානකට උඩදී සියැටල් මෙහෙම කිව්වා.  සතුන් නොමැති විට මිනිසාට කුමක් සිදුවේදසියලුම සතුන් නැතිවී ගියහොත් මිනිසුන් ඔවුන්ගේ ආත්මයේ හුදකලා බව නිසාම මිය යන්නේයසතුන්ට අත්වන ඉරණමටම මිනිසුන්ටත් ඉතා ඉක්නින් මුහුන පෑමට සිදුවේ.මේ සියල්ල එකිනෙකට සම්බන්ධයඇත්තෙන්ම සියැටල් නිවැරදියිසියලුම ජීවින් එකිනෙකා සමග එකිනෙකට සම්බන්ධ  වී පවතිනවාඅපේ ජීවය කැලයේ වෙසෙන මුවා තුලද ඉහල අහසේ පියාසලන රාජාලියා තුලද,  මහා සාගරයේ පිහිනන තල්මසා තුලද තියනවාඒක නොදත් අඥාන මිනිසා පුජනිය ජීවය විනාශ කරනවා.

නමුත් ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ අසීමිතව පරිසරය බදාගන්න කියලා.  එතකොට ඇතිවන්නේ  විකෘතියක්හරියට ජෛන පුරාණය පුස් කොළ පොතේ එන නන්ධිවර්ධන ජෛනයා වගේ
අවිහිංසාව උවමනාවටත් වඩා ප‍්‍රගුණ කරපු නන්ධිවර්ධන හිංසක අදහස් යටපත් කළාඅවසානයේදී විශාල සර්පයෙක් නන්ධිවර්ධනගේ මුඛයෙන් එළියට ආවාඩික්ටර්පින්කුරුපුංචේරදියෙල්,රොබින්හුඞ් පොළොවේ පය තියලා ජීවත් වුණාඔවුන්ගේ කටවල්වලින් සර්පයින් ආවේ නැහැඅපිව වට කරලා චෙකා සොල්දාදුවෝගයිදමාක්වරු හරි අපිව වටකරගන ඉන්නවාඑහෙම නැත්නම් මූලධර්මවාදීන්ආගම්වාදීන් අපව ටිකෙන් ටික ගිලගන්නවාතස්ලිමා නස්රින් ලජ්ජා පොතේ කියනවා වගේ මනුෂ්‍යභාවයේ හරය සුන් කිරීමට හොඳම ආයුධය තමයි ආගමේ කොඩි එසවීමආගම් භේද නිසා මේ පොළොවේ මිය ගිය ගණන මිලියන කීයදමාක්ස්ගේ න්‍යාය ප‍්‍රායෝගික භාවිතයට යොදාගැනීමට යාමෙන් ආධිපත්‍යඇමරිකන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලෙන් පටවන් ගිහින් විනාශ කරපු ජීවිත සංඛ්‍යාව මිලිනය කීයද?

ඇඞ්ලින් ජයලාල් ආනන්දගොඩට රැුවටුණාරැුවටුණාද හිතාමතාම රැු වටිල්ලට අහුඋනාද කියලත් මට හිතෙනවාදඩයමකුසුමාඇලඩින්, ඞී.ආර්මේ ඔක්කොම මා වටා භ‍්‍රමණය වෙනවා.පද්මිණි ගැන මට බයකුත්තරහකුත් එනවාකුසුමා වෙනුවට පද්මිණි පළිගන්නවාසංකීර්ණ ගෑනු චරිතයක්පද්මිණිව අවබෝධ කරගන්න අමාරුයිකුසුමා වගේ ආදරයේ ස්මරණය මත ජිවත්වුණු ගෑනු ළමයෙක් ගැන මම දන්නවාමේ ළමයා ගැන මම කියන්නම්මේ ළමයා ජීවත්වුණේ බි‍්‍රක්ස්ටන්වලහිතන්නත් පුදුමයිඑංගලන්තයේ කෙල්ලෙක්කුසුමා වගේ සම්ප‍්‍රදායික විදිහට විරහ වේදනාවත් එක්ක ජීවිතය ගෙන ගියා කියල කිව්වොත් ඇත්තයිමේ ගෑනු ළමයාගේ නම බි‍්‍රජට් ගෝගන්බි‍්‍රජට් ආදරය කළා අයර්ලන්ත තරුණයෙකුටබි‍්‍රජට් ඉංග‍්‍රීසිඬේවිඞ් අයිරිෂ්ඒත් දෙන්නා හොඳට ගැළපුනාඬේවිඞ් බි‍්‍රජට් සමඟ සම්බන්ධය අවුරුදු තුනක් පමණ ගෙනගියාඑහෙත් හදිසියේම බි‍්‍රජට් අත්හැරලා ඩබ්ලින්වලින් කසාදයක් කරගත්තාබි‍්‍රජට් ගොඩක් දුක් වුණාඑ්ත් ඇඬුවේ නැහැඑයා බි‍්‍රක්ස්ටන්වල පොඩි කාර්යාලයක වැඩ කළාඬේවිඞ් අයින්වීම ගැන බි‍්‍රජට්ගේ දැස්වල දුක මම දැක්කාඒත්  එයා පුරුදු විදිහට වැඩකරගෙනඬේව්ඞ් ගැන සැමරුම් එක්ක ජීවත් වුණා. ”පුදුම හිතෙන කථාවක් නේද ඩොක්ට?

බි‍්‍රජට් ගෙයිකුසුම ගෙයි දෙන්න අතර ගොඩක් සමානකම් තියෙනවාකුසුමා නිමල්ට බැන්නේදොස් කිව්වේ නෑ වගේබි‍්‍රජට් ඬේවිඞ් ගැන කවදාවත් නරක දෙයක් කිවිවේ නැහැසිතින් වේදනාව අත්විඳිමින් ජීවත් වුණාමොහොමඞ් අලී මැනිලාවලදී ජෝ ෆේ‍්‍රරේසර් එක්ක සටන් කළාඅලි මැනිලාවලදි පිලිපීන කෙල්ලෙක් එක්ක යාළු වුණාඅලිගේ වයිෆ් බිලින්ඩා ඇමරිකාවේ ඉඳන් මැනිලාවලට ආවාඑතකොට අලිට සටන් දෙකකට මුහුණ දෙන්න සිදුවුණාමට මතක් වෙනව අලි පාකින්සන්ස් රෝගය හැදිල වෙව්ලන අත්වලින් ඔලිම්පික් පහන දැල්වූ අවස්ථාවසයරේවල ෆයිට් එකේදී මිනිස්සු අලි බූමායේ කිවුවා.  මිනිස්සු අලි වෙනුවෙන් ජයඝෝෂා කළාමොහොමඞ් අලි  තවමත් අපරාජිතයි.    ජීවිතය සටන කියන රිං එකේ  අපි හැමෝමසටන් කරනවාරිතික් රෝෂන්අක්බාර් වගේ සටන් කරනවාබෲස්ලීචක්නොරිස් එක්ක සටන් කරනවාග්ලැඩියේටස්ලා කොලෝසියමේ සටන් කරනවා ඩොක්ට හොස්පිට්ල් එකේ සටන් කරනවාමම ඩොක්ට එක්ක මතවාදීව මෙතන සටන් කරනවා

නමුත් මරණයෙන් පස්සේ අපේ සටන අවසාන වෙනවාමරණය ඇතැම් වෙලාවට අපිව සසල කරනවාකාර් ඇක්සිඩන්ට් එකකින් මව මියගිය පසු කොට්ටේ බදාගෙන හිටපු බිළිදා මගේ හිතේ ඇති කළේ දුකක්අම්මගේ අවමගුල දවසේ මේ නොදරුවා කොට්ටේ උර උර හිටියාඊට අවුරුදු විසි අටකට පස්සේ මම ඒ  කොල්ලා දැක්කාදැන් තරුණ නීතීඥයෙක්මිනිහා මම කවුද කියලා දන්නෙ නැහැඅම්මගේ මරණය මෙයා දැනගන්න ඇත්තේ බහ තෝරන කාලේ වෙන්න ඇතිඑහෙත් අම්මා ගැන මතකය කොහෙත්ම නැතුව ඇතිමම ඒ  මුළු දර්ශනයම දැක්කේ බාහිර නිරීක්‍ෂකයෙකු හැටියටමම මෙහෙම හිතන්නේ මම පිටස්තරයෙක් හැටියටමම එහෙම K- Pax  ග‍්‍රහලෝකයෙන් ආපු කෙනෙක් කියල මට හිතෙනවාසමහර විට හොල්මනක් වගේ නිරීක්ෂණය කළා වෙන්න පුළුවන්.

ඩොක්ට හොල්මන්වලට බයදමම ඇත්තමයි කියන්නේහොල්මන් මිනිස්සුන්ට බයයිමිනිස්සුන්ගේ කෲර කම් නිසා උන් අපිව මගහරිනවාඅපේ ඇහැට පේන්නවත් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැඅපි දැක්කාම හොල්මන් බයවෙලා ගල්ගැහෙනවාපේනවා නේද මනුෂ්‍ය සත්වයා කොච්චර භයානකද කියලාමිනිහා තුළ තියෙනවා ස්වයං විනාශය සඳහා යොමුවක්රිචඞ් බර්ටුන් ඇල්කොහොල්වලින් මේ විනාශය ළඟා කර ගත්තාජිම් හෙන්ඞ්රික්  ඩි‍්‍රග්ස්වලින්ේම්ස් ඞීන් අධික වේගයෙන් වාහන එලවීමෙන්මර්ලින් මොන්රෝ නිදිපෙති අරං කෙලින්ම දිවිනසා ගැනීමෙන් ස්වයං විනාශයකට පත් වුණාස්වයං විනාශ වන ස්විච් එක අපි හැමෝම අභ්‍යන්තරයේ තියෙනවාසමහරු මේක සක‍්‍රීය කර ගන්නවාසමහරු මේ ස්විච් එක අල්ලන්නේ නැහැ.

 මම එක සැරයක් මේ ස්විච් එක ඇල්ලූවාඉන් පස්සේ මට හිතුනා ඇයි  මම  මේ ස්විච් එක සක්‍රිය  නොකරන්නේ   කියලාමට දැනුනා මරණය තුල තියන ශාන්ත බවයළි කුරිරු ජිවිතයේ කොටසක් නොවී ඉන් මිදී යාමට ඇති හැකියාවසදාකාලික නින්ද මේ සියල්ලම මාව මරණයේ සෙවනැල්ල කරා ගෙනගියාජිවිත ආශාව මා කෙරෙන් තුරන් වෙලාමට අවශ්‍ය වුයේ මරණය තුලින් මගේ විමුක්තිය සොයාගන්නමගේ අත ගියා මරණයේ  ස්විචය වෙත , එතකොට මට ඇහුනා ෆ්‍රෙඩී   මර්කරිගේ Who Wants Live Forever  ගීතයදහසකුත් දෙනාගේ කෝරස් නාදයත්  සමඟඒ ධවනිය  මගේ කනේ දෝංකාර දෙන්න පටන් ගත්තාමම වහාම ස්විච් එකෙන් ඈත් වුණා.

මගේ හිත සිරකරුවෙකුගේ වගේ. පළා යමක් නැහැ.  උතුරු කොරියාවේ මිනිස්සු සාගතය එක්ක ජීවත් වෙනවා. පළායන්න විදිහක් නෑ. සමාජවාදී පරමාර්ථ විකාර කරගෙන මිනිස්සුන්ව පෙන්වනවා.හිර කඳවුරුවල දමලා රටින් පිටවෙන්න බැහැ. මොකක්ද මේ ජිවිතය?  මගේ හිත සිරකරුවෙකුගේ වගේ. පළා යමක් නැහැ.  සාර්ගේ වියගහට බැඳපු මිනිසුන් කඹුරනවා. ස්ටාලින්ගේ ගුලාග් වහල්කඳවුරුවල මිනිසුන් දහදිය වගුරනවා, නැගෙනහිර ජර්මනියේ මිනිසුන් නිදහස හොයාගෙන බර්ලින් තාප්පයෙන් පනින්න හදනවා.  උතුරු කොරියාවේ මිනිස්සු සාගතය එක්ක ජීවත් වෙනවා.පළායන්න විදිහක් නෑ. සමාජවාදී පරමාර්ථ විකාර කරගෙන මිනිස්සුන්ව පෙලනවා. හිර කඳවුරුවල දමලා රටින් පිටවෙන්න බැහැ. මොකක්ද මේ ජිවිතය?  එංගලන්තයේ දුගීන්  ශිත මකාගන්නබ්ලැන්කට් පොරවාගෙන උණු  තේ කෝප්පයක් ගැන සිහින මවනවා. ඇමරිකාවේ සෞක්‍ය පහසුකම් නැති මිලියන ගණනක ජනයා. අඩක් නිරාහාරයෙන් කාලය ගත කරන ළමුන්.   චිකාගෝ වල මමදැක්කා කුණු බාල්දි අවුස්සලා කෑම හොයන මිනිස්සු. අහස උසට ගොඩනැගිලි , අලංකාර විශාල වාහන. අලුත් තාක්ෂණයෙන් යුතු යුද ගුවන් යානයක් නිපදවන්න , යුද නැවක් හදන්න ඩොලර් බිලියන ගණනක් වැය කරනවා.  දුප්පත් මිනිස්සු ගෙවල් නැතුව ශිත කාලේ වෙවුල වෙවුලා අහුමුලු වල පාදඩ බල්ලන් වගේ කාලකන්නි ජිවිත ගත කරනවා.  ඇයි දේශපාලන පරමාර්ථ , ආර්ථික ක්‍රම මගින්මිනිස්සුන්ගේ නිදහස, ජීවත්වීමේ අයිතිය නැති කර දාන්න  ඕනෙද? ඔය විදිහේ කෲර ලක්‍ෂණවලට මිනිහා විඳවන්න සලස්වන්න  ඕනද? මිනිහට විමුක්තිය ඇත්තෙම නැද්ද? අපි සුපිරි මිනිසුන් වූ දවසටවිමුක්තිය ඇති වෙයි.  අපේ වර්ණ දේහ වලින් 90% කට වඩා චිම්පන්සියන්ට සමානයි. 1% -2% තමයි හෝමෝසාපියන්. මේ පරතරය තව අවුරුදු මිලියන දෙක තුනකින් වැඩිවෙලා හොමෝසාපියන්ප‍්‍රතිශතය වැඩිවෙයි. යම් දවසක එය 100% උනාම නිට්ෂේ කිව්ව සුපිරි මිනිහා අප තුළින් බිහිවෙයි. එතකන් අපි අර්ධ සත්ව ගති එක්ක ජිවත්වෙයි.

අපේ ජිවිතත්  ටෲමන් ෂෝ එකවගේජීවිතය පිරිසක් නරඹනවාඅපි හැමෝම පේ‍්‍රක්‍ෂකයෝ සහ නළුවෝසමහර වෙලාවට ලෝකය ඉදිරිපිට   අපි නළුවෝ වගේ රඟපානවාස්ටැනිස්ලාව්ස්කි,කුර්සෝවාකොපලා ආදීන්ගේ රංගන රීතිවලටත් වඩා එහාට ගිහිල්ලා අපි රඟපානවාතවත් රංගනයක් මම දැක්කා මේක  ස්වභාව ධර්මය තුල වූ රංගනයක්ස්වභාව ධර්මය තුලත් දයාව කරුණාව තියනවාමේක පෙන්නුවේ නැෂනල් ජෝග්‍රෝපි චැනල් එකේකිඹුලා මුවාව කටින් ඩැහැගන්නවාඑතකොට ලොකු හිපෝ කෙනෙක් කිඹුලට පහරදීල මුවාව බේර ගන්නවාසත්ව ලෝකයෙත් සහෝදරත්වයඅනුකම්පාව තියෙනවා.

මිනිසා යනු කවරෙක්දමම හැමදාම මගෙන් අහනවාමම හිතන්නේ මිනිහා කියන්නේ උත්තම අධමයෙක්දේව ගති එක්ක තිරිසන් ගති මිශ‍්‍ර හැඟීම් මත ක‍්‍රියා කරන නැත්තං හැඟීම් තද කරගෙන කටයුතු කරන බලවේගයක්මට මේ මොනවත් තේරෙන්නේ නැහැමට කවදාවත් මිනිහා තේරුම් ගන්න බැහැතමාගේ ප්‍රවර්තනය  තමයි හැම මිනිහා ළඟම තියෙන්නේතමාගේ පැවැත්මට  ඕන දෙයක් යොදා ගන්නවාඑක අතකට ඒක  වැරදියි කියන්නට  බැහැදිවියා උගේ පැවැත්මට හාවා මරං කනවාහාවා තමාගේ පැවැත්මට උඳුපියළිය ගස  කනවාමේ විදිහට හැම විටදිම හැම සතෙක්ම තව කාව හරි අනුභව කරමින් තමයි ජීවත්වෙන්නේමේක මනුෂ්‍ය ලෝකයේත් තදබල ලෙස වෙනස් වෙන්නෙත් නැහැබලන්යනකොට මිනිහත් සත්වයෙක්නේමේ අනුව බලන කොට පාවාදීමක් උනත් පරිනාමයේ න්‍යායෙන් සාධාරනීකරණය කරන්න පුළුවන්හරියට බැලූවහම ජුදාස් ක‍්‍රිස්තුස්ව පාවල දීම උනත් නොයෙකුත් කෝණවලින් අර්ථකථනය කරන්න හැකියිජුදාස්ගේ සුභාරංචිය කියන පරණ ග්‍රන්ථයට අනුව   ජුදාස් කි‍්‍රිස්තුස්ව පාවල දීල නැහැඒක කලින් දෙදෙනාම නියම කර ගත් විදිහට කරපු සැලැස්මක්එහෙනං ජුදාස් බෙල්ලේ වැල දා ගත්තේ ඇයි කියලා මට හිතුනාමේ ගැන හිතන්න ගියාම කෙළවරක් නැතුව සිතිවිලි ගලාගෙන එනවාඒත්  එක දෙයක්  කියන්න  ඕනඩොක්ට දන්නවද  ජුදාස්ට තිබ්බේ රතු පාට කොන්ඩයමේක මම කියෙව්වේ මරියෝ ෆූසෝ ගේ පොතක වෙන්න  ඕන.

පාවාදීම් අභ්‍යාවකාශයේ අඳුරු විශ්වයෙත් වෙනවාඑලිගන්ස් ස්කයිවෝකර්ඔබ්වැන්කනෝබිව පාවලා දීලා කෲර විශ්ව අධිරාජ්‍යාට එක් වුණාතමාගේ පුතා ලූක් ස්කයිවෝකර්ස්ටත් දුව ප‍්‍රින්සස් ලීයාටත් ද්‍රෝහි වුණාඔවුන්ව මරා දමන්න පවා උත්සහ ගත්තාඅපි පය ගහලා ඉන්න පොළවෙත් කොතෙක් පාවාදීම් වෙනවදකම්කරු පන්තිය පාවාදුන්නා කියයිනිර්ධන පන්තියේ සටන පාවාදුන්න කියයිමේ වගේ නිමක් නැති පාවාදීම් ගැන කථාවෙනවා මගේ කන් දෙකට ඇහිල තියෙනවාඩොක්ට දන්නවද සතුරෙක්ට කවදාවත් පාවා දෙන්න බැහැපාවා දෙන්න පුළුවන් මිතුරෙකුට විතරයි.මේක කිව්වේ ජුලියානෝ ද සිසිලියන්බලං යනකොට කතාව ඇත්ත.

චාලි ගලගොඩ සුද්දා කරපු පාවාදීම් ගැන නිතරම කථා කළාචාලි යුද්දේ කාලේ හමුදාවට බැඳිලා නට්සිවාදයට විරුද්ධව සටන් කරන්න ඉස්මයිලියාවටඉතාලියේ කැසිනෝවලට ගියාඑල් තාග් කඳවුරේදී සුදු කෝප‍්‍රල්ලා දෙන්නෙක් බීලා වෙරි වෙලා හිටපු චාලිගේ හොම්බ පොඩි කළාහමේ පාට නිසා චාලිට සාධාරණය ඉෂ්ඨ වුණේ නැහැ. නට්සිවාදයට විද්ධව සටන් කිරීම පැත්තකට දාලා චාලි ගලගොඩ සටන් කලේ සුද්දගේ අධිරාජ්‍යවාදයට විරුද්ධවයිකන්ද උඩරට පාවා දුන්නේ ඇයිහොඳට ඉතිහාසය හදාරණකොට පේනවා එතන තිබුණේ පාවා දීමට වඩා පොඩි හින් නූල් වැඩක්වඩිග රජ අයින් කරන්න සුද්දගෙන් උදවු අරගෙන පස්සේ සුද්දට පහර දෙන විදිහේ සැලැස්මක්ඒත්  ඇහැලේපොළලගේ සැලැස්ම  අසාර්ථක වුණා. 1815 යටත් වෙලා අවුරුදු දෙකකින් කැරලි ගැහුවේ ඇයි?මේකේ සැඟවුණූ යමක් තියනවා කියලා ඩොක්ටට හිතෙන්නේ නැද්දඇයි උඩරට කරැුල්ලෙන් පස්සේ ඇහැලෙපොළ නිළමේ මුරුසියට පිටුවහල් කලේකැප්පෙට්ටිපොළට කළා වගේ හිස ගසා දාන්න තිබුනණේමම හිතන්නේ ඇහැලේපොළව පාවා දෙන්නෙකු හැටියට ඉතිහාස ගත කරන්න  ඕන නිසා සුද්දා ඇහැලේපොළ නිළමෙව මුරුසියට යැව්වාබැරිවෙලා හරි හිස ගසා දැම්මනං ඇහැලෙපොළ නිළමෙ ජාතික වීරයෙක් වෙනවාමේවා ගැන ගවේෂණය කරනකොට හිතෙන්නේ නැද්ද ඇහැලේපොළ නිළමේ ළඟ රහස් සැලැස්මක්  තිබ්බා කියලා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගෙන් අවසන් වෙච්ච සිංහල රජ පෙළපත නැවත උට්ඨානයකට පත් කරන්න.? ඩොක්ට තිස්ස වෛද්‍ය විද්‍යාව එක්ක හැප්පුන නිසා ඉතිහාසය හදාරන්න වෙලාවක් නොතිබෙන්න ඇති.

මම ඇලක්සෙන්ඩර් පෝප් ගේ කවි කියවනවාමහා හයියෙංමුළු ලෝකයටම ඇහෙන්නඅකමැති කෙනෙක් කන් දෙකේ ඇඟිලි ගහ ගනියිඩොක්ට කවි කියවන්නේ නැද්දකියවන්න කියවන්න වර්ඞ්ස්වත්කීට්ස් එහෙම නැත්තං මහගමසේකරගේ හරි ජයවඩු විතානගේ කවි වත් කියවන්නකවිය තුළින් ලෝකය ගොඩනගමුපැබිලෝ නෙරුඩාගේ අදහසක් මම සාමාන්‍ය ව්‍යාවහාරයෙන් කියනවාඑ්ක කාට තේරෙයිද කාට නොතේරෙයිද කියලා මට හිතාගන්න බැහැමොකද මගේ හිත මෝහ පටලයකින් වැහිලාමට පාර පේන්නේ නැහැඩොක්ටට පාර පේනවදපේනවනම් මට අත්වැල අල්ලන්නසමහර විට අසත්‍ය සත්‍ය වෙනවාක්ලින්ටන් මොනිකා ගැන බොරු කිව්වාගොබෙල්ස් ප‍්‍රාතිහාරජනක ආයුධ ගැන බොරු කිව්වා,  බොරුවත් බලනකොට සත්‍යයේ කොටසක්.සත්‍ය කණ්නාඩියට නොපෙනෙන පාර අසත්‍ය කණ්නාඩියට පේනවාඅපි ඔහොම යංයං කිව්වාට යං කියන වචනයේ අර්ථ ගණනාවක් තියෙනවායං එහෙමනම් යං කියන්නේ පෝල් යංටදඩොක්ට පෝල් යං ගැන අහලා තියෙනවාදඅර ලව් ඔෆ් ද කොමන් පීපල් කියන්නේදැන් අපි බලමු විටෙක කියන වචනයදැන් මම කිව්වොත් විටෙක රොජර් විටෙක බුලත් විටෙක රස බලයි කියලාඒක අන්තර්ජාතික ප්‍රකාශනයක් නොවෙයිදමම අමුතුවෙන් වචන නිර්මාණය කරනවා නේද අමුතු වචන මගේ මනසට  එනවා.

පරිගණක    තාක්ෂනයේත් එක්ක  කොපමණ  අලුත් වචන හැදුනදඩොන්ගල් එක රවුටර් එක යනාදී වශයෙන්.   දැන් ළමයි සෙල්ලම් කරන්නෙත් කොම්පියුටරෙන්ඩෙල්ටා ෆෝස්කමාන්ඞ් ඇන්ඞ් කොන්කර්ග්රෑන්ඩ්  තෙෆ්ට් ඔටෝ වගේ මිනී මරණ පරිගණක ක්‍රීඩා.පොඩි කාලයේ ඒ  වගේ  කම්පියුටර් ගේම් කරන කොල්ලා ලොකු උනහම මිත්‍යාව  මොකක්ද යථාර්ථය මොකක්ද කියලා හිතාගන්න බැරුව අතරමං වෙනවා.  කොම්පියුටර් එකේ ගේම් එක පැරදුනොත් ආපහු ගේම් එක රී-ස්ටාර්ට් කරන්න පුළුවන්නමුත් ජීවිත ගේම් එක වැරදුනොත් ආපහු රී-ස්ටාර්ට් කරන්න පුළුවන්ද?එහෙම ක්‍රමයක්   තියෙනවානම් මම ආපහු ජීවිත ගේම් එක මුල ඉඳන් පටන් ගන්නවාමට ටයිම් මැෂින් එකක් තියෙනවානම් ආපහු පස්සට ගිහිල්ලා ජීවිතය මුල ඉඳන් ආරම්භ කරනවාඑතකොට වැරදිච්ච තැන් පටස් ගාලා හදාගන්න පුළුවන්.   මට මේ හිතෙන ඒවා  ඇත්තටම කරන්න පුළුවන්දඇයි බැරි විද්‍යාව දියුණු වෙනකොට කරන්න බැරි මොනවාදඅපි විද්‍යාවට බනිනවාවිද්‍යාවේ ප‍්‍රතිලාභ භුක්ති විඳිනවාවිවෘත ආර්ථිකයට බනිනවාවිවෘත ආර්ථිකයේ ප‍්‍රතිලාභ ගිලිනවාඑහෙම වංක නොවී අපි විද්‍යාව වඩාත්  සංවර්ධිත කළහොත් අපිට ඒ ඉල්ලකයට ලඟා වෙන්න බැරි නැහැ.

සංවර්ධනයත් සමගම  ශිෂ්ඨත්වය අප කෙරෙන් ගිලිහි යනවද ශිෂ්ඨ බවෙත් අශිෂ්ට බවෙත් වෙනස මොකක්දඅශිෂ්ට බව තීරණය කරන මිනුම් දණ්ඩ මොකක්දඋදාහරණයකින් පැහැදිලි කරන්නම්හෙලන් විවාහකයිඇය පැරිස් එක්ක පැනලා ගියාචැටර්ලි ආර්යාව උයන්පල්ලා එක්ක වරදේ බැඳුනාරයන්ගේ දියණිය මේජර් ඩූරියන් සමඟ සහවාසයේ යෙදුනාමේ අය අශිෂ්ට පාපකාරී තැනැත්තියන්දඔවුන් තුළ මානව ගුණාංග තිබ්බේ නැද්දඔවුන්ව පුටුවල බැඳ ගිල්ලවිය යුතුදපණ පිටින් ගිනිමැලයට විසිකළ යුතුදකවුද ඔවුන් ගැන විනිශ්චය දෙන්නේඅපි අවසාන විනිශ්චය එනතුරා සිටිමුඅවසන් විනිශ්චයඅවසන් විග්‍රහය අවසන් තීරණ මේ සියල්ල අපට දෙන දණ්ඩනද?

  අවසන් විනිශ්චයට ඔබ බයදමා තුළ බයක් නැහැමේජර් ඩූරියන් ෂෙල් ෂොක් පීඩාවට ගොදුරුවෙලා ඇස් වහගන්නවාමේසයකට තට්ටුකරන හඬ පවා ඇහෙන්නේ පියඹා එන කාලතුවක්කු උණ්ඩයක් වගේධූලී අතරින් උණ්ඩය ඇදී එනවාසුළං කපාගෙන එන හඬ ඇහෙනවා හරියට විසිල් හඬක් වාගේබිම පතිත වන උණ්ඩය පුපුරා යන්නේ කළු පස් වටේට විසි කරමින්යළිත් ධූලි ජාලාවක් මැවෙනවාමේ කාමරයෙන් එපිට ලෝකයක් නැහැමුළු ලෝකයම මේ කාමරය තුළ තියෙන්නේඉන් එහා ගැඔුරු ආගාධයක්ලෝකය සීමා සහිත වෙලාමුළු විශ්වය මේ කාමරය තුළ සිරවෙලාඅපේ සිතුවිලිඅපේ හැඟීම්අපේ ඉරණම මේ කාමරය තුළ ගොනු කරලා තියෙනවාඅපි සිරකරුවෝනෙල්සන් මැන්ඩෙලාරුඩොල්ෆ් හෙස්  වාගේ දීර්ඝකාලීන හිරකරුවෝසමහර විට ගැළවීමක් ඇත්තේම නැහැඅපි අපේ විමුක්තිය වෙනුවෙන් නානා ප‍්‍රකාර දේ කරනවාආගම් පස්සේදේශපාලනය පස්සේකලාව පස්සේශුන්‍යතාව   පස්සේ මෙයාකාරයෙන් විවිධ දේවල් පස්සෙන් දුවනවාසමහරක් විට මේවායින් විමුක්තිය ලැබුවා කියලා තාවකාලික හීන ලෝකවල ගැලී ඉන්නවාඒක   යම් ආකාරයකට යථාර්ථයට පිටුපෑමක්.

යථාර්ථයත් දෙකට කැඩිලාඉරානයේ සමලිංගික සේවනය මරණීය වරදක්අවුරුදු 15 ක නව යෞවන වියේ පසුවෙච්චි ගැටයෙකු ළඟදී ඉරානයේ එල්ලා මැරුවාඉරානයේ කාන්තාවන්ට නිදහසක් නැහැතනිපංගලමේ පාරේ යන්න බැහැ. ඔළුව වහගෙන ඉන්න  ඕනසංස්කෘතික පොලීසිය නිතරම චෙක් කරනවා කාන්තාවන් නීතියේ විදිහට මුළු ශරීරයම ආවරණය කරගෙනද කියලාමේවා මානව අයිතිවාසිකම් උල්ලංගණයක් බව බටහිර රටවල් කියනවාබටහිර ලෝකයේ දැක්ම අනුව ඉරානය කියන්නේ සාමුහික හිර ගෙයක්මිනිස්සුන්ට අදහස් පල කරන්නවිවේචනයට  ඉඩක් නැහැ.ඇමරිකාවේ බහු භාර්යා සේවනය බරපතළ වරදක්එකට  අහුවෙච්චි මිනිස්සු හිරෙත් යවනවා.   ඒත් ඉස්ලාම් ලෝකයේ එක බිරිඳකට වඩා සිටීම ලොකු වරදක් නොවෙයිඩොක්ටට හිතෙන්නේ නැද්ද මේ ලෝක දෙක අතර මතවාදී ගැටුමක් තියෙනවා කියලා මිනිසා ජීවත් විය යුත්තේ කෙසේද යන්න ගැන.

මිනිසෙකු රළු වන්නේ  හදවත තවනා පියොවුරු නැති නිසා බව කව් සිළුමිණ කවියා පැවසුවා මෙහෙම.  පුරා අනුරා ඇති පියොවුරු දිදී ළෙහි මා සැරහූවන් පෙරදවස් හිද නොතද වේ කුම්සේ.  වාජිඩ් බෝග්රා වැඩ කලේ පකිස්ථාන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ.  ඔහට හිට්යා ලස්සන බිරිඳක්. අසල්වැසියන් ඔහුට ඉර්ශියා කළා රුවැති බිරිදක් සිටීම නිසා.  ඇයගේ දෙනෙත් වල ලස්සනකියලා නිම කරන්න බැහැ. ඇය පර්සියාවේ සුල්තාන් කෙනෙක්ගේ බිසවක් වගේ.   ඇයගේ රන් හංසයන් ඔහුව කුල්මත් කළා. නමුත් මේ සතුට පැවතියේ සුළු කාලයයි. ඔහුගේ රූමත් බිරිඳ ආගාසාෆි  දරු ප්‍රසුතියේදී මිය ගියා. වාජිඩ් බෝග්රා ලෝකයේ තනි උනා. වෙනදා සන්තෝසයෙන් පාරේ දකින මිනිසා නෙවෙයි ඊට  පස්සේ හිටියේ. ඔහු රෑබෝ වෙනකම් කාර්යාලේ වැඩ කළා.පොඩි වැරැද්දකදී උනත් පියන්ට කඩා පැන්නා. වැඩ ප්‍රමාද කරන කන්තෝරුවේ ලියන්නන්ට තදින් අවවාද කරලා ලියුම් ගැහුවා. මේ කලේ තමයි කාන්තාවන්ගේ ඇඳුම ගැන සංස්කෘතිකදෙපාර්තමේන්තුව තදින් ක්‍රියා කරන්න පටන් ගත්තේ.  කාන්තාවන්ගේ තනපටි පිළිබඳව පකිස්ථානයේ ඉස්ලාමික කවුන්සලය අවධානය යොමු කරා.  නොයෙකුත් වර්ණයෙන් යුතු තනපට, තට්ටුඇල්ලූ තනපට, විවිධ වර්ගයේ කුෂන් කරන ලද තනපට , විනිවිද පෙනෙන තනපට , සිහින් තනපට , සිනිදු තනපට ආදී අශික්ෂිත තනපට නිෂ්පාදනය, ප්‍රවාහනය , ළඟ තබාගැනීම, ඇඳීම මෙන්ම    ආනයනය කිරිම අලෙවි කිරිමද   නොකළ යුතු බවත්  ,මෙවැනි තනපටි වර්ග පකිස්ථානයේ නිෂ්පාදනය කිරිමත් නොමනා ක‍්‍රියාවක් බවත්   ඉස්ලාමික කවුන්සලයේ අදහස උනේ.වාජිඩ් බෝග්රා මේ අදහස අනුමත කල පමණක් නොවේ මේ නීති රීති කඩන්නන්ට දැඩි දඬුවම්   කල යුතු බව කියා සිටියා. ආගා සාෆි  ගේ පහස නොලැබී යාම නිසා ඔහු සිටියේ විශාල කියා ගතනොහැකි අසහනයකින්. ඔහු සෑම රාත්‍රියකම ආගා සාෆි  ගේ පුන් පියයුරු සිහිනෙන් දැක්කා. රන් පැහැති සිනිදු රණ හංසයන් කෙරෙහි ඔහු තුල තිබු ආශාව  එන්න එන්නම වැඩි උණා. ඒ ආශාවදැඩි  වන්න දැඩි වන්න ඔහු සිටියේ තිසර පටි නීති තද කල යුතුයි කියන ස්ථාවරයේ.  හදවත තවනා පියොවුරු නැති නිසා වාජිඩ් බෝග්රා රළු නරුමයෙකු බවට පත් උණා. 

 මට හිතෙන්නේ මිනිස්සු අනුන්ගේ සදාචාරය පාලනය කරන්න කැමතියිතමන් රහසෙන්  වැරදියි කියන දේවල් කරලා අසල්වැසියාගේ සදාචාරය හොයනවා.  තමන් කැමති සංගීතය අනුනුත් අහන්න ඕන කියලා හිතනතමන්ට ප්‍රිය  පොත් පත්පත්තර විතරක් අනික් හැම දෙනාම කියවන්න  ඕන කියලා කියනසංස්කෘතික පොලිසි ඇති කරන්න  ඕන කියනටේප් පටි අතේ තියාගෙන ගැහැණුන්ගේ සායවල් ගවුම් වල උස පළල මනින්න හදන තලිබාන්වාදය කරපින්නාගත් කුහක සදාචාරය  පෙන්වන්නන්  ,  උපතේ සිට මරණය දක්වා මිනිසුන්ගේ හැසිරීමචින්තනය මේ හැම දෙයක්ම පාලනයකට යටත් කරන්න උත්සාහ කරන උන්මන්තකයෝ අපේ රටේ නැද්දඋන්ට තියෙන්නේ මොකක්දභින්නෝන්මාදයද එහෙමත් නැත්තං ක්ෂිප්තතාවයදනැත්තං ද්වි   ධ්‍රැව විශාදයද මට තේරෙන්නේ නැහැඒත්  මට එකක් තේරෙනවා උන්ට හදවතක් නැහැ.  හදවත නැති මිනිස්සු කොහොමඳ මිනිස්සුන්ටසමාජයට ආදරය කරන්නේඋන් රහසිගතව සමාජයට වෛර කරනවාඒ වෛරය බාහිරට පෙනෙයි කියලා බයක් තියෙනවාඒ නිසා එම වෛරය වසන් කරන්න සදාචාරයසංස්කෘතිය හරහා නීති ගෙනල්ලා මිනිස්සුන්ව පෙළනවාඇයි මතකද මධ්‍ය කාලින යුරෝපය විද්‍යාව යටපත් කරලා අවිද්‍යාව පැතිරුවේ ආගමේ නාමයෙන්පූජකයන්ට බලය තිබ්බා මිනිස්සුන්ගේ ජීවිතය හෝ මරණය තීරණය කරන්නතමන්ගේ මතවාදයට පටහැනි අදහසක් දැරුව මිනිහෙක් හිටියොත් ඒ  මිනිහගේ හිස ගසා දැම්මානැතිනම් හිර කළාබෘනෝ බවර්ගැලිලියෝ මේ අයගේ ඉරණම තීරණය කළේ පල්ලියමධ්‍යකාලින ගැහැනුන් දඩයම ඊට වඩා කෲරයිබලන්න ඩාවින්ච් කෝඞ් එක.දැනුම තිබ්බ ගැහැනු සාතන් එක්ක සම්බන්ධතා පවත්වනවා කියලා මරලා දැම්මාඑහෙමත් නැත්තං තමන්ගේ විකෘති පරපීඩක කාමාශාව තෘප්තිමත් කරගන්න මේ ගැහැනුන්ව හිර කරලා වධයට ලක් කළාඔවුන්ව ගිනිමැල ගහලා ගින්නට දැම්මාඒ ගැහැනු වේදනාවෙන් කැ ගහන හඬ ඇසුණු පුජකයන්ට ලිංගික උත්තේජයන් ඇති උණාපරපීඩක කාමයෙන් බරිත වූ   පුජකයන් අසරණ ගැහැණුන්ගේ විලාප අසමින් ස්වයං වින්දනයේ යෙදුනා.

මානව නිදහස තරම් වටින දෙයක් තියෙනවද ඩොක්ට.? නිදහස වෙනුවෙන් ඉතිහාසය පුරා මිනිසුන් සටන් කළා. මෝසෙසස්, ස්පාටකස්, වොෂින්ටන්, ගාන්ධි, මැන්ඩෙලා මේ ඔක්කෝම එක අරමුණක් නිසා නේද ජීවිත කැප කරලා සටන් කළේ. නියුරම්බර්ග් හිර ගෙදර හිටපු නට්සි හිරකාරයෙක් වන රුඩොල්ෆ් හෙස් තමන්ගේ බිරිඳට මෙහෙම ලියනවා. ” චීන ජාතිකයන් කුරුල්ලන් නිදහස් කරන එකේ අරමුණ දැන් මට තේරෙනවා..” කියලා. නමුත් ඔහු ප්‍රමාදයි. ඔහුගේ නට්සි පක්ෂය චෙකස්ලෝවෙකියාවේ , පෝලන්තයේ නිදහස හිර කරන විට රුඩොල්ෆ් හෙස්  මේ සත්‍ය තේරුම් ගත්තේ නැහැ.  සමහරු හිතනවා නිදහස නිරපේක්ෂ නැත කියා.  ලෝකයේ සැදී ඇත්තේ පාර්ශව දෙකකින් පමණයි. හොඳ සහ නරක. මේ දෙක අතර අතරමැදි යමක් නැද්ද ? සමහරු ලෝකය දකින්නේ සුදු කළු හෝ හරි වැරදි වශයෙන් . ජෝජ් බුෂ් කිව්වා   Either you are with us or against us  ඉන් අතර මැදි යමක් ඔහු දුටුවේ නැහැ. අහෝ ඔහු දැනසිටියා නම් ප්ලේටෝගේ බහුරූපේක්ෂී ප්‍රභාවක් තුලින් ඇදෙන Phaedo  සංවාදය සහ සොක්‍රටීසියානු උත්ප්‍රාසය මගින් ප්‍රතිවාදියා දමනය කිරීම. නමුත් ඔහු විශ්වාසය තැබුවේ Drone ප්‍රහාර කෙරෙහි පමණයි.

අපි අනෙකාට සවන් නොදීම මේ ගැටුම් වලට හේතුව කියා මට හිතුනාඅජීවී වැග්න ට පවා අපට සවන් දිය හැකියිමම මේ අත්දැකීම ලැබුවා  ලන්ඩන් ප්ලැනටේරියම් එකට නුදුරින් තියනවා මැඩම් තුසෝඞ් Wax Musium එකඒ මියුසියම් එකේ රිචර්ඩ් වැග්න ගේ ඉටි පිළිමයක් තියෙනවාඒ පිළිමය මට රිද්මයානුකූලව ස්වර නිකුත් කරනවාදෑස පියාගත්තාම මට වැග්නට සවන් දෙන්න පුළුවන්.සිත මෝහනය කරන වැග්න ගේ සංගීතය හිට්ලර් පවා වැග්නට වශී වුණාමට ඇසුනා වැග්න ගේ   Die Walküre. වැග්නට  මගේ කර්ණ ශංකය හරහා මතු වෙන්න පුළුවන්නම්සාතන්ට  ඩේමියන් තෝන් හරහා මතු වෙන්න අමාරු නැහැ ඩොක්ට.


බයිබලයේ හෙළිදරව්ව කොටසේ 13 පරිච්ෙඡ්දයේ මෙහෙම තියෙනවා. ”යුදෙව්වන් සයනායී කන්දට පැමිණි විට ධූම කේතුවක් දර්ශනය වනු ඇතශුද්ධ වූ රෝමයේ ආගමනයත් සමඟ ඔබ හා මා මිය යනු නියතයසත් සමුදුර හරහා ඔහු පැමිණ වෙරළේ දෙපස සේනා සංවිධානය කොට මිනිසුන් එකිනෙකා කා කොටා ගැනීමට යොමු කරන අතර අවසානයේ එක් මිනිසක්වත් භූමියේ ඉතිරි නොවනු ඇත.” මේ කියන්නේ අන්ත ක්‍රිස්තු  ගැනදැන් යුදෙව්වන් ඊශ‍්‍රායලයට පැමිණිලාශ‍්‍රද්ධ වූ රෝමයේ ආගමනය කියන්නේ Europian Union  එකේ ඇති වීමදැන් කාලය ඇවිල්ලා ඩොක්ට දැන් කාලය ඇවිල්ලඩේමියන් තෝන් මවපියාසහෝදරයා මේ හැම දෙනෙක්ම විනාශ කරලා තමන්ගේ අරමුණට ගියාඒත් අන්තිමේදී පැරදුනාලූක් 6.35 කියනවා තමන්ගේ සතුරන්ට ප්‍රේම  කරන්න කියලා.....  අපි මොකද කරන්නේ අපි  ඩේමියන් තෝන් ට ප්‍රේම  කරමු.
  
අපි ජොයිස් මයර්ස්ට සවන් දෙමුවිනාඩි පහක් ඇස් වහගන්න ඩොක්ට මම කියන දේවල් සටහන් කර ගන්න එක මොහොතකට නවත්වන්නඔය පෑන මේසය උඩ තියලා ජෝයිස්ට සවන් දෙන්නදැන් ඇහෙනවා නේද ඇගේ කටහඬඇය ඔබගේ හදවතට කථා කරනවාතනි වෙච්ච වෙලාවලට මම ඇස්වහගෙන ජෝයිස් මයර්ස්ට සවන් දෙනවාජෝයිස් මයර්ස් සහ මයිකල් මයර්ස්ආලෝකය හා අඳුර.ජෝයිස් ආලෝකයේ දේව දුතිකාවමයිකල් මයර්ස් අඳුරින් එන ඝාතකයාහැලොවීන්  වෙස්මූණ දාගෙන මිනිස් ගොදුරු හොයනවාෆෙඞී කෘගර් නැත්තං ජේසන් වගේමොවුන් පතුරවන්නේ බයබය කිව්වාම ඩොක්ට විවිධ ආකාරයේ බය තියනවාමේක යථාර්ථවාදී බයක්තමන්ගේ පැවැත්ම පිළිබඳ බයක්ඒ බය නිසා මිනිස්සු තව බිය උපදවන දේ කරනවා.  ස්ටාර්ලින් ලක්‍ෂ ගණනක් ගුලාග් කඳවුරුවල ගාල් කරනවාලින්ඩන් ජොන්සන් වියට්නාමයට නේපාම් දානවාබුෂ් කෲස් මිසයිල ගහනවා.

මේ මිනිස්සු නිතරම ඉන්නේ ආතතියෙන්ඔළුව හරියට යකාගේ කම්මල වගේවිලී වොන්කාගේ චොක්ලට් කර්මාන්ත ශාලාවේ දැති රෝද වගේ කැරකෙනවාමනුෂ්‍යත්වය එක් කල ජීවිත අමනුෂත්වය  විසින් වෙන් කරනවාමේක හැන්ක් ස්නෝ කීප වතාවක් කිව්වා. Married By The Bible Divorced By The Law කියලාමේ බය නිසා මිනිසා වෙන් වෙලාකැලි කෑලිවලට වෙන් වෙලා ශාරීරිකව එ් වගේම අධ්‍යාත්මිකවවිද්‍යාත්මකව මේ බය අයින් කරන්න විද්‍යාඥයන් මහන්සි වුණාඅයිසෙක් නිව්ටන් උත්සහ ගත්තා Phylospoher’s Stone එක හොයන්නයකඩ රත්තරන් බවට හරවනදීර්ඝායුෂ ලබා දෙන මේ Phylospoher’s Stone  එක මිථ්‍යාවක් වෙන්න ඇතිහැරී පෝටර් කථාවෙන් මේ ගැන කියනවාඒත්  අද වෙනකන් මේ ගල හොයාගන්න බැහැ.

මට හිතෙන හැටියට නිදහස් මෙසනාරීන්ගේ සංගමය මේ ගැන දන්නවාචර්චිල්, හෙන්ඩි‍්‍ර ෆ්‍රෝඞ් මේ අය සෑම දෙනෙක්ම නිදහස් මෙසනාරීන්මේ අයට ඉංග‍්‍රිසියෙන් කියන්නේ Freemasonry කියලා.සමහරු කියන හැටියට මේ අය වඳින්නේ සාතන්ටඒත් මම හරියටම ඒ ගැන කියන්න දන්නේ නැහැඒක වසර ගණනක් තිස්සේ අපු  රහස් සංවිධානයක්. Opus Dei කියන රහස් සංවිධානය වාගේ.ඩාවින්චි කෝඞ් එකේ මේ වගේ රහස් සංවිධාන ගැන කියනවාඇයි යටි බිම් ගත සංවිධාන ලෝකයට අවශ්‍යසත්‍යඅසත්‍යයුක්තියඅයුක්තිය අතර බල අරගලය තියනකොට එක කොට්ඨාශයක් නීතිගත සංස්ථාවක් වෙනකොට අනෙක රහස් සංවිධානයක් බවට පත් වෙනවාබෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින් අකුණු ඇති වෙන කොට ජනිත වෙන විද්‍යුතය ගැන පරීක්‍ෂා කරන කොට පල්ලියෙන් විරෝධතා ආවාඅකුණු ඇති කරන්නේ දෙවියන් පවුකාරයන්ට දඬුවම් කිරීමටදෙවියන්ගේ දණ්ඩනය පරික්‍ෂණවලට ලක් කිරීම මිනිසාට නුසුදුසුයි කියලාබෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින්ව ශාරීරිකව ඝාතනය කරන්න ඉඩක් මේ අන්තවාදීන්ට තිබුණා නම් එ්කත් කරලාමේ අනුව කවුද කියන්නේ මිනිසා යනු අති  සුන්දර හා වඩාත්ම ස්ථායී සත්ත්වයා කියල මිනිසා ස්වාභා දහමේ බිහිසුණු සත්වයා විය නොහැකිද ?  


(මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි - වෛද්‍ය රුවන් එම් ජයතුංග )

3 comments:

  1. ගොඩාක් ගැබුරින් හිතන්න තියෙන කතාවක්. ස්තූතියි! මේ පරිවර්තනයට.

    ReplyDelete
  2. චාන්දි මේ නවකතාව යට තව කතාවක් දිවෙනවා

    ReplyDelete
  3. රුවන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්ද ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook