Monday, May 25, 2015

නිදහස


විද්‍යු්්ත් ධාරාව  නිසා  මස්තිෂ්කයේ හිපකැම්පස ප්‍රදේශය ආශ්‍රිත සෛල ඛණ්ඩක ප්‍රතික්‍රියාවකට ලක් විය​. රෝගියාගේ අපස්මාර ගැස්ම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී ගියේය​. රෝගියා තදින් හුස්ම ගත්තේය​. වෛද්‍යවරයා ඔක්සිජන් ආවරණය වින්සන්ට් ලංකාතිලකගේ මුහුණට තබා ඔහුගේ නිකට ප්‍රදේශය මඳක් ඉහලට එසවීය​.

 “  නාඩි වැටීම හොඳයි. විනාඩියට වාර  හැත්තෑ  අටයි.  පල්ස් ඔක්සි මීටරය අනුව ඔක්සිජන් සැචයුරේෂන් එක අනූ දෙකයි හෙදිය වාර්තා කලාය​.

මට naloxone hydrochloride  වයල් එකක් දෙන්න වෛද්‍යවරයා හෙදියට නියෝග කලේය​.

                         *********************************************************


වින්සන්ට් , වින්සන්ට් දාලියා  නොකඩවා ඔහුව ඇමතුවාය​.

වින්සන්ට් ඔබට නින්ද ගියාද ?

වින්සන්ට් ලංකාතිලක අසීරුවෙන් ඇස් ඇරියේය​.

මට ටිකක් නින්ද ගියා. මම හිතන්නේ වයින් වලට වෙන්න ඇති. දැන් වෙලාව කීයද ?

දැන් ගොඩක් හවස් වෙලා අපිට පිටත් වෙන්න වෙලාවත් හරි මම ටැක්සියකට කථා කරන්නද ?

එපා  දාලියා  අපි ඇවිදගෙනම යමු. මට රබීන් චතුරශ්‍රයට යන්න ඕනේ

රබීන් චතුරශ්‍රායට පයින් යන්න​? වින්සන්ට් ඒක මහ දුරක් ඇවිදින්න ඕනේ. අපි ටැක්සියක්  ගමු

එපා අපි ටික් දුරක් පයින් යමු , මහන්සි වෙනකොට ටැක්සියකට කථා කරමු. මට නින්ද ගිය වෙලාවේ මම හීනයක් දැක්කා. මම ඒක කියන්නම් , එතකොට ගමන් මහන්සියත් අඩු වෙයි.

ඔවුන් දෙදෙනා  මාර්ගයට අවතීර්ණ වූහ​.  සන්ධ්‍යාව එලැඹී ඇත​. ඔවුන් ගලින් නිම වන මාර්ගයේ පදිකයන්ට වෙන් කරන ලද තීරුවේ ගමන් කළහ​. බයිසිකල් වල නැගි තරුණ තරුණියන් කන්ඩායමක් ඔවුන් පසු කරගෙන ගියහ​. එක් තරුණියක් දාලියා දෙස බලා සිනාසුනාය​.

ඔබ ඒ තරුණිය දන්නවාද ? වින්සන්ට් කුතුහලයෙන් විමසීය​.

නැහැ අදමයි දැක්කේ මම හිතන්නේ ඉතියෝපියානු තරුණියක් කියලා

වෙන්න බැහැ  දාලියා ඇයගේ හිස්කෙස් ඉන්දියානු කාන්තාවකගේ වගේ

එහෙමනම්  ඇය ඕස්ටෙ‍්‍රිලියානු අබොරිජිනල් තරුණියක්?

දාලියා ඔබ හරි .ඇය ඕස්ටෙ‍්‍රිලියානු අබොරිජිනල් තරුණියක් නැතහොත් දමිළ සම්භවයක් ඇති දකුණු ඉන්දීය තරුණියක්. සමහර විට  ලංකාවේ දමිළ තරුණියක්  වෙන්නත් පුලුවන්හරියට මම දැන් මොහොතකට පෙර සිහිනයේ දුටුව තරුණිය වගේ

මොකක්ද ඔබ දුටුව සිහිනය වින්සන්ට් ?

එය සිහිනයක්ද නැතහොත් සැබවින් සිදු වූ අතීත සිද්ධියක්ද කියා මට හරියට කියන්න අමාරුයි. මම ගමන් කරමින් හිටියේ ස්කාබරෝවල මාර්කම් පාරේ , මම වාහනය මිල්නර් මාවතට හැරවුවා. පාරේ වාහන තදබදය නිසා මා රිය පැදවූයේ සෙමින්. ඒ සමගම මගේ වාහනයට සමාන්තරව කහ පැහැති හමර් රථයක් ඉදිරියෙන් ආවා. එය පදවාගෙන ආපු තැනැත්තිය ස්ථිර වශයෙන්ම ලංකාවේ දමිළ තරුණියක් බව කියන්න පුලුවන්. ඇයත් මා දෙස බැලුවා. ඇයගේ වත මට හොඳ හැටි දැකලා පුරුදුයි. මෙවැනි තරුණියක්  මා දුටුවේ කොහේදිද ? මගේ මතකය දශක ගනනාවක් පසුපසට ගියා. මා කුඩා කාලයේ අපගේ නිවසේ මෙවැනි හැඩරුව තිබූ  දමිළ මෙහෙකාරියක් හිටියා. මේ ඇයගේ දියණියක්ද ? එසේත් නැතහොත් මේ වගේ හැඩරුව තිබුණු  තරුණියක්  මා දුටුවේ හැටන් හි ග්‍රේට් වැලි තේ වත්තේ ලැයිමකද ?

එදා දරිද්‍රතාවයෙන්  පෙලෙමින් සත්‍රාසය , චකිතය ,යටහත්කම  සමග ජීවත් වූ ඇය  අද පුරුශයන් සමග තුල්‍ය ලෙස හමර් රථයක් ස්කාබරෝහි මංමාවත් වල පදවනවා. මෙය තමයි ප්‍රභාකරන් ඔවුන්ට ලබා දුන් නිදහස​-ඩයස්පෝරා නිදහස. ඇය නිදහස්. තව දුරටත් ජාතිය​, ලිංගය නිසා  ඇයව කිසිවෙකු  පාගා දමන්නේ නැහ​. යටත් පිරිසෙන්  කුලවාදී පුරුෂ මූල දමිළ වෙල්ලාල  සමාජයටත් ඇයව පාගා දමන්න බැහැ.

කහ පැහැති හමර් රථය මා  පසුකරමින් ගියා. මම හිස හරවා පසුපස බැළුවා. හමර් රථයේ  අංක තහඩුව දුටුවා. ජෙයා 360X.  අව්‍යාජ නිදහසේ කිරිල්ලියක්. මීට කලින් නිදහසේ කිරිල්ලියන් කිව්වේ එල්.ටී.ටී.ඊ එකේ නියෝග ප්‍රශ්න කිරීමකින් තොරව පිලිපදින​, කොල ඉරි සහිත නිල ඇඳුම් ඇඳි, සුමාන ගනනකින් දිය නොනාපු ,මුහුෙණ් දහඩිය දූවිලි පෙරුණු , උතුරුකර හිරු රශ්මියට පිලිස්සී ගිය , තුන් වේලම පිට්ටු , බත්, මුරුංගා හොදි කාපු, ගිණි අවියක් අතදරා ජීවිතය විඳීමට ඉඩක් නොමැති මරණය පමණක් වන්දනා කල  තරුණියන්ට. ඔවුන් දුටුවේ මරණය පමණයි. ජීවිතය ඔවුනට මග හැරී ගියා. ඔවුන් කුසපත් අදිනවා ස්ඵෝටනය තුලින් කැබලි වී ගොස් විමුක්තිය ලබා ගැනීමට. නමුත් ජෙයා ජීවිතය තුල නිදහසේ ජීවිතය විඳිනවා.

ජෙයා නුඹ වචනයේ පරිසමාප්තියෙන් නිදහසේ කිරිල්ලියක්. කොල ඉරි සහිත නිල ඇඳුම වෙනුවට නුඹගේ ගත සරසන්නේ බනානා රිපබ්ලික්හි නිශ්පාදනය කල සේල​. වික්ටෝරියා සීක්‍රට් යට ඇඳුම් අඳින නුඹ මුහුනේ තවරන්නේ Lancome ක්‍රීම්. ටිම් හෝර්ට්න් කෝපි සහ සබ්වේ සැන්ඩ්විච් අනුභව කරන නුඹ පිට්ටු මුරුංගා හොදි කාපු  කාපු කාලයක්වත් මතක නැතිව ඇති. ගිණි අවිය වෙනුවට නුඹ අත දරාගෙන ඉන්නේ බ්ලැක් බෙරි ජංගම දුරකථනය​. නුඹගේ අනාගතය පාලනය කරන්නේ උඩු රැවුල තියන සරංකාරයෝ නෙවෙයි.  නුඹ නුඹගේ අනාගතය පිලිබඳ පාලකයා.  

 සයනයිඩ් කරළට පෙම් බැඳ මරණය සමග ජීවත් වෙන මනුෂ්‍යාභ  පිරිසක් විසින් වන්දනා කරන ජීවිතය ජීවත් නොකරවන ජීවිතය විඳීමට ඉඩ නොදෙන දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට බල කෙරෙන පිළිසරණක් නැති දුගති භූමියක ගුරුත්වයෙන් මිදී ඉහල අහසේ පියාසර කරන විහඟ කුමාරිය. නුඹ නිදහස් , සැබවින්ම නිදහස්. මේ තරුණියනිදහසේ කිරිල්ලිය තමයි මම සිහිනයෙන් දුටුවේ දාලියා

ඔබගේ සිහිනය හරිම අපූරුයි වින්සන්ට්. මේ කාලය සිහින දැකීමට වත් අවසරයක් නොමැති කාලයක්

දාලියා සිහින දැකීමත් නිදහසේ සංඝටකයක්  මට මේක කියා දුන්නේ මට ප්‍රතිකාර කල ෙඩාක්ට තිස්ස . ෙඩාක්ට තිස්ස වරක් මට කිව්වා එක සිරගෙදරක හිටපු  සිරකරුවන් පිරිසක ගැන කථා පුවතක්

මම ආසයි ඒ කථාව දැනගන්න  වින්සන්ට්

 “එක්තරා රටක පන්ති අරගලයකට සම්බන්ධ විප්ලවවාදී කටයුතු වලට සහභාගි වීම නිසා තරුණයන්  පිරිසක්  සිර කඳවුරක ජීවිතාන්තය දක්වා සිර කොට තිබ්බා. නායකත්වය විසින් ද සමහර සගයන් විසින්  පාවා දීම නිසා  නිසා මොවුන් සිටියේ දරුණු කළකිරීමක​. සිර ගෙය ඔවුන්ට අපායක් උනා. නමුත් පළා යාමටත් අවකාශයක් නැහැ​. පළා ගියත් ඔවුන්ට බාහිර සමාජයේ සැඟවී සිටීමටවත්  ස්ථානයක් නැහැ. ඔවුන්ට තම පැවැත්ම​, නිදහස පිලිබඳව උභතෝකෝටික ප්‍රශ්න වලට මුහුණ දීලා. නමුත් මේ තරුණ සිරකරුවන් කණ්ඩායම තීරණය කලා පළා යාමට. සිරගෙදර හදා තිබුනේ තද කළු ගලෙන්. ඔවුන්ට මේ බිත්ති සිදුරු කිරීමට ආයුධයක් ලෙස තිබුනේ කුඩා යකඩ හැන්දක් පමණයි.

මේ කුඩා යකඩ හැන්ද මගින් සිරගේ තද කළු ගල හෑරීමට වසර දහසක් වත් ගතවෙයි. එය අසම්භාව්‍ය ක්‍රියාවක්. නමුත් මේ තරුණ සිරකරුවන් කණ්ඩායම සෑම දිනකම රාත්‍රී  දොලහත් අළුයම තුනත් අතර පැය කිහිපය කළු ගල හෑරීමට පටන් ගත්තා. දිනපතා එක් පුද්ගලයෙක් කුඩා යකඩ හැන්ද මගින් කළු ගල හාරනවා. එක් රැයකදී ඔවුන්ට සෙන්ටිමීටර් දෙකක ප්‍රමාණයකටවත් ගැඹුරට හෑරීමට බැහැ​. මේ විදියට හාරලා කළු ගලේ මිනිසෙකුට පළා යාමට සිදුරක් තැනීම වසර එක්දහස් එකසිය පනහක් වත් ගතවෙයි. නමුත් නොකඩවා ඔවුන් එය සිදු කලා.

දාලියා ඔබ සිතනවාද තරුණ සිරකරුවෝ මේ පළා යාම පිලිබඳ තිබෙන අසීරුතාව ගැන තක්සේරුවකට පැමිණියේ නැහැ කියලා. දිනපතා සෙන්ටිමීටර් දෙකක ගැඹුර පමණයි ඔවුන්ට ලැබුනේ නිදහසට කිට්ටු වන්න​. ඔවුන් හොඳාකාරව දැන සිටියා මේ ප්‍රයත්නය නිශ්එලයි කියලා. නමුත් ඔවුන් සාමූහිකව මේ ප්‍රයත්නයේ යෙදුනා. මෙය නිශ්එල ක්‍රියාවක් වූවත් මේ ක්‍රියාව පමණයි ඔවුන්ට  නිදහස ගැන යම් කිසි හෝ බලාපොරොත්තුවක් ගෙන ආවේ.  තමන්ගේ ස්වායත්තතාව පිළිබඳව හැඟීමක් ගෙන ආවේ.

දාලියා ඔබට සිතෙහි මවා ගන්න පුලුවන්ද අඩක් නිරාහාර ශරීර ශක්තිය පිරිහී ගිය සමාජයෙන් පිටමං කළ තරුණ සිරකරුවන් පිරිසක් බිම් ගෙයි සිරකරුවන් වගේ අඳුර එලැඹි විට රැකවලුන් නිදි කිරන අවස්ථාවේදී කුඩා යකඩ හැන්දකින් මහා කළු ගලක් සූරන අයුරු. තරුණ සිරකරුවන් සිර මැදිරියේ බිත්තිය ලඟ වටවෙලා. එක් අයක් පමණක් අසීරුවෙන් හැන්ද අතට ගෙන හාරනවා. කිහිප දෙනෙක් සිර මැදිරියේ යකඩ දොර අසල රැකවලුන් කවුරුහරි එයි දෝ කියා ඔත්තු බලනවා. කළු ගල සූරන සහෝදර සිරකරුවා වටා රොක් වී සිටින අනෙකුත් සිරකරුවන් ඔහුව දිරිමත් කරනවා. අත හිරි වැටීම නිසා හෝ වේදනාව නිසා ඔහු වෙහෙසට පත් වන විට වෙනත් කෙනෙක් ඔහුගෙන් කුඩා යකඩ හැන්ද  ලබාගෙන සෑරීමට පටන් ගන්නවා.

අළුයම තුන වන විට රැකවලුන් මාරු වෙනවා. එම නිසා තව දුරටත් මේ ක්‍රියාවේ නියැලීම භයානකයි. ඒ නිසා ඔවුන් සෑරීම නවතා දමනවා. යලිත්  සිර මැදිරියේ තම තමන් ගේ ස්ථන වලට යනවා. ඒ ගොස් වැහරළි වූ මකුනන් පිරි ඇඳන් මත වැතිරෙනවා. කිසිවෙකු නිදා ගන්නේ නැහැ. ඔවුන් සෙමෙන් කොඳුරමින් කථා කරන්නේ එදා රාත්‍රියේ සාරන ලද සෙන්ටිමීටර් කීපය ගැනයි. ඔවුන් සියළු දෙනා හොඳාකාරවම දන්නවා මේ ක්‍රියාව අධි නිශ්එල ක්‍රියාවක් කියලා. නමුත් කිසිවෙකු ඒ ගැන එළි පිට කියන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කථා කරන්නේ  මහ කළු ගල සිදුරු කරලා සිරගේ කඩාගෙන  නිදහස  සොයා ගෙන එලියට ගිහිල්ලා නුරුපද්‍රිතව සැඟවී සිටින අයුරු, යළි නව සම්බඳතා හදා ගෙන අරගලය ක්‍රියාත්මක කරන අයුරු.

මේ වගේ සුරංගනා කථා ගැනනිදහස ,ගැලවී යාම පිලිබඳව සිහින නිසා ප්‍රමෝදයට පත් වන මේ සිරකරුවන් කන්ඩායම එළිය වැටී ගෙන එන විට   නින්දට  යනවා . නමුත් ඔවුන්ට පැය කීපයක් වත් නිදි සුව විඳීමට ලැබෙන්නේ නැහැ. උදේ හය වන විට සිරකරුවන් පෝලිම් ගස්සවා ගනන් කිරීම අරඹනවා. ඉන්පසු උදේ ආහාරය සහ දහවල් වන තෙක් සිරගෙදර බරපළ වැඩ කිරීම​. ඉන්පසු උදේ ආහාරය සහ දහවල් වන තෙක් සිරගෙදර බරපළ වැඩ කිරීම​. දවල් ආහාරයෙන් පසු බිම් කරුවල වැෙටන තෙක් ඔවුන් ලණු ඇඹරිය යුතුයි.

ඔවුන්ට රාත්‍රී ආහාරය ලැබෙන්නේ රාත්‍රී දහයට පමණ. ඉන්පසු රාත්‍රී දොලහ තෙක් සිර මැදිරි  හා වැසිකිළි පවිත්‍ර කළ යුතුයි.  යළිත් රාත්‍රී දොලහට සිරකරුවන් පෝලිම් ගස්වා ගනන් කිරීම කරනවා. මේ සියල්ල අහවර වන විට අළුයම එකයි. ඒ වන කොට තමයි ඔවුන්ට නිදා ගන්න ලැබෙන්නේ.

සිරකරුවන් ඇඳන් මත වැෙටන්නේ කපාපු කෙසෙල් ගස් වගේ. ඔවුන්ට වෙහෙස අධිකයි. ඇඳන් මත වැටුණු ගමන් ඔවුන් ගොරවන්නට පටන් ගන්නවා. අධික වෙහෙස නිසා ඔවුන් සියළු දෙනා හොඳටම නිදි. නමුත් අළුයම තුන ආසන්න වන විට හැම දෙනාම  එලාම් එකක් වැදුනාක් මෙන් එකවර නැගිටිනවා. එක් අයෙක් පෙරදා සිර මැදිරියේ කණුවක් යට වලදා තිබුන යකඩ හැන්ද​ අතට ගන්නවා. ඒ අතර කිහිප දෙනෙක් සිර මැදිරියේ යකඩ දොර  අසලට ගොස් නිදි කිරන රැකවලුන් ගැන ඔත්තු බලනවා. රැකවලෙක් ඇස ඇරියහොත් දොරටුව අසල සිටින සිරකරුවෙක් කහිනවා. මේක තමයි අනතුරු ඇඟවීමේ සංඥාව​.

අනතුරු ඇඟවීමේ සංඥාව​ක් ලැබෙන තෙක් කෙනෙක් කළු ගල හාරනවා. පිරිසක් ඔහුව සෙමෙන් දිරිමත් කරනවා. මේ අයුරින් යළිත් අළුයම තුන දක්වා ක්‍රියාවලිය සිදු වෙනවා. පසුවදාත් එසේමයි. මේ විදියට දිගින් දිගටම පළා යාමේ ෆැන්ටසිය සකර්මකයි. කුඩා යකඩ  හැන්දකින් මහා කළු ගලක් හාරනවා. හරියට දිදාලයකින් මහා සාගරය හිස් කරනවා වගේ.

දාලියා ඔබ සිතනවාද මේ නිශ්එල ක්‍රියාව නිසා ඔවුන් මන්දඋත්සාහී වූවා කියලා. පළා යාමේ ෆැන්ටසිය  දුර්ගම වූ  පමණට , සාක්ශාත් කිරීමට නොහැකි වූ තරමට පළා යාම පිලිබඳව ඔවුන් තුල තිබූ උද්‍යෝගය තීව්‍ර වූවා. මේ ක්‍රියාව පමණයි  ඔවුන් අතර සාමූහිකතාව ,සමගිය එකඞතාව රඳා පවත්වා ගත්තේ. එය හරියට එරික් මාරියා රිමාකේ විස්තර කළ පරිදි ජර්මානු හිර කඳවුරේ සිටින රුසියානු සිරකරුවන් සාමුහිකව එකතු වී ස්වයං වින්දනයේ යෙදෙනවා වගේ. එය ඔවුන්ට මානසික සහනයක්. සාමුහිකත්වය​, සහෝදරත්වය ඒ අසම්මත ක්‍රියාවේ ගැබ් වෙලා. නිදහස් ලෝකයක කෝපි කෝප්පයක් බොමින් හාන්සි පුටුවේ ඈඳි  ගෙන සිටින  වික්තෝරියානු සදූපදේශකයාට මෙන් අපට ඔවුන්ව විනිශ්චය කරන්න බැහැ

වින්සන්ට් ඉතින් මේ සිරකරුවන්ට මොකද උනේ?

ඔවුන් එකිනෙකා කාලයත් සමග මිය ගියා. සමහරු ලෙඩ වීමෙන් , සමහරු වයසට යාමෙන්. නමුත් අන්තිම සිරකරුවා දක්වා ඔවුන් දිගටම කුඩා යකඩ හැන්ද මගින් සිරගේ තද කළු ගල සෑරුවා. අන්තිම සිරකරුවා මිය ගියේ ගල හාරන අතරමග හෘධය අක්‍රිය වීමෙන්. 

උදේ රැකවලුන් දැක්කා කුඩා යකඩ හැන්දක් අතින් ගෙන සිර මැදිරියේ කොනේ බිත්තියක් අසල මිය ගිය මහළු සිරකරුවා. ඒ සමගම ඔවුන් දුටුවා කළු ගලේ අඩියක් පමණ පළළ අඩි භාගයක් පමණ ගැඹුරට  සාරන ලද  කුහරයක්. එම කුහරය රැකවලුන් ගෙන් මෙතෙක් වසන් කරගෙන සිටියේ ඇඳුම් වැලට මුවා කරලා. අවසන් සිරකරුවාගේ මරණයත් සමගම සාරන ලද කුහරය ආස්තරණය කරන්න කිසිවෙකු සිර මැදිරියේ හිටියේ නැහැ​. එම කුහරයට මිනිසෙකුට තම හිස යන්තම් ඇතුළු කරන්න පමණයි පුලුවන්. මෙය තමයි   දශක ගනනාවක් පුරා සිරකරුවන් නිදහස් සොයා යාමට දැරූ ප්‍රයත්නය. අන්තිම​ට පන්ති අරගලය කළ  විප්ලවවාදීන්  සියළු දෙනා වැනසී ගියා. නමුත් පන්තිය වෙනස් කිරීමේ අරගලය කළ විප්ලවවාදීන්  ධනය කීර්තිය උපයා ගත්තා

වින්සන්ට් තද කළු ගලෙන් නිම කල  බිම් ගෙයක  සිරකරුවන් පිළිබඳ ඔබ කියූ කතාව අසන විට මතක් වන්නේ බයිරන් ගේ    The Prisoner of Chillon නම් පද්‍ය කාව්‍යයි. ඔබට එය මතකද ?

ඔව් මට එය යන්තම් මතකයි. මගේ මතකයේ හැටියට බයිරන් එම කාව්‍ය ලියන්නේ ෆ්‍රැන්සිස් බොනිවාර්ඩ් නම් ප්‍රොතෙස්තන්ත ප්‍රතිශෝධනවාදියා  ගලින් තැනූ අඳුරු බිම් ගෙයක සිරගත කිරීම පිලිබඳ සිදුවීමයි

වින්සන්ට් බිම් ගෙයක සිරකරුවෙක් විම  කොතරම් භය උපදවන අත්දැකීමක්ද

දාලියා අපි සැවොම බිම් ගෙයි සිරකරුවෝ. අපි සැවොම කවදාවත් නොලැබෙන නිදහසක් වෙනුවෙන් සාමූහිකව කුඩා යකඩ හැන්දක් මගින් සිර ගෙයි  තද කළු ගල  සාරන පිරිසක්. අපි දන්නවා එය නිශ්එල  ක්‍රියාවක් කියලා. නමුත් අපි එකිනෙකා රවටා ගනිමින් තද කළු ගල  සෑරීමේ කියාවලියක නිරතව සිටිනවා. අපි මහළුව ජරාවට පත් වී මිය යයි. නමුත් කවදාවත් අපිට කළු ගල සිදුරු කොට පළා යාමට අවකාශයක් නැහැ. අපේ උපරිම සාක්‍ෂාත් කිරීම  යන්තමට හිස පමණක් දැමීමට හැකි කුහරයක් සාදා ගෙන පැස්බරෙකු මෙන් හිස රුවාගෙන මම නිදහස් යන මායාවේ ගැලී සිටීම පමණයි.



  (පරිකල්පනික අතික්‍රමණය​ වෛද්‍ය රුවන් එම් ජයතුංග ) 

14 comments:

  1. හිතාගන්න බෑ..... අයේ පාරක් කියවන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. නැවත කියවන්න Deconstruction meaning එක ගන්න

      Delete
  2. Christie Says:

    May 25th, 2015 at 6:59 pm

    Namaste Doctor
    “එදා දරිද්රතාවයෙන් පෙලෙමින් සත්රාසය , චකිතය ,යටහත්කම සමග ජීවත් වූ ඇය අද පුරුශයන් සමග තුල්ය ලෙස හමර් රථයක් ස්කාබරෝහි මංමාවත් වල පදවනවා. මෙය තමයි ප්රභාකරන් ඔවුන්ට ලබා දුන් නිදහස-ඩයස්පෝරා නිදහස. ඇය නිදහස්. තව දුරටත් ජාතිය, ලිංගය නිසා ඇයව කිසිවෙකු පාගා දමන්නේ නැහ. යටත් පිරිසෙන් කුලවාදී පුරුෂ මූල දමිළ වෙල්ලාල සමාජයටත් ඇයව පාගා දමන්න බැහැ.”

    මෙම ඉන්දියානු පරපෝශිතයන් අපේ ඉඩම්වල ඉඳගෙන අපිව යටහත්කරගෙන කනව. උන්ට ස්තීරවම සුමාන කාසි ලැබෙනව ජීවත්වෙන්න. වත්තේම ඩිස්පෙන්සරි, ලමයි බලාගන්න ඒවා. වත්තෙ වැඩට ඕනෑවට වැඩිය ජාතක කරපු උන් අපේ බේබිල ඉන්න උසස් කුල සල්ලි තියෙන සමාජ වඩකන ගෙවල්වල රස්සාව කරනව. ඒ ගෙවල්වල උන්ට මුන් පේන්නෙ අසරනයො වගෙ, ඉන්දියන් කාරයො සින්හල මුන්ඟෙ මොල සමාජ වඩ කවල හෝදල තියෙන්නෙ. වතු නිසා ජීවන මගක් අහිමු උන අහින්සක සින්හලයන් එකිනෙකා මරාගන්න සමාජ වඩ උගුල් අටවල පස්සෙ බටහිරට වෙලා ඉන්දියානු පරපෝශිතයන් උස්සල තියන සින්හලයින්ගෙ මොලසෝදන කතා ලියනව. මේ ඉන්දියානු පරපෝශිතයො තමයි වතු කම්කරු සන්ඟම් හා වෙනත් ඉන්දියානු කොලනිවල හා ඉන්දියානු කම්කරු සන්ඟම් හා එකතුව බටහිර කම්කරු සන්ඟම් හා බටහිර සමාජ වාදීන් හා එකතුව සින්හලයින්ට කෙලල උන්ට කෙලිනවෝ කියල ලෝකෙටම බෙරිහන්දීල කැනඩාව ඇතුලු බටහිරට පැනගත්තෙ. මුන් ඔක්කොම අනිත් ඉන්දියානු පරපෝශිතයො එක්ක එකතුවෙලා ඉන්දියානු ජඩවාදය රැකගනයන්නෙ. කතාව ලියල වඩයක් කාල තේ එකක් බොන්න ඇති. Jai Hind

    Very interesting article that shows our misunderstanding of the island and its people. I hope the learned doctor will read my comment

    In Ceylon the land of the Sinhalese, Sinhalese are no more. Jeya 360 may be driving a Hummer but I am sure the Hummer's inside is filled with the smell of curry. The writer has not seen any Inuit or other natives of Canadans but see Aboriginies of Australia. It is funny he has forgotten the Bollywood.

    ReplyDelete
    Replies
    1. Thank you for the comment Christie , I agree with you for a certain extent but I cannot hate or blame any particular race

      Delete
    2. I think this person needs ur help :)
      at least he does not understand that jaffna and indian tamils belong to two different races!

      Delete
  3. මේ වින්සන්ට් හා දාලියා අපට උගන්වන දේ බොහෝයි. ඒත් මේකනම් තව වතාවක් දෙකක් කියවන්න වෙනවා :)

    ReplyDelete
    Replies
    1. මේක තව වතාවක් දෙකක් කියවන්න

      Delete
    2. හොඳ කටහ්ව නිසා මෙතෙන්ටත් දැම්ම.
      http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17108-2015-05-26-22-21-32

      මෙහෙම එකක් තිබ්බ වගේ මතකයි 71 කැරැල්ලේ සිරකරුවෝ ගැන. නැත්නම් මට වෙන කතාවක් එක්ක පැටලිලා.

      Delete
  4. බිම්ගෙයි සිරකරුවා කතාව මතක්වුණා.

    මේ විදිහට පුද්ගල පරිකල්පනය වෙනස්වීමට මොලයේ රසායනික ක්‍රියාවන් බලපාන බවයි පෙනෙන්නේ. අර පින්තූරයේ තිබෙන ආකාරයේ ක්‍රම අත්අඩංගුවට ගත් සතුරන්ගෙන් ප්‍රශ්න කිරීමට යොදාගන්නා බව චිත්‍රපටිවල දැක තිබෙනවා. එවැනි දේ මගින් පුද්ගලයකුගේ මොලයට ස්ථිර හානි සිදුවෙනවාද?

    මේ සිරකරුවන් සදාකාලිකයි. ඊළඟ පරපුරේ සිරකරුවන්, ඊළඟ පරපුරේ සිරකරුවන්, ඊටත් පස්සේ පරපුරේ සිරකරුවන් පවා, මෙහෙම කරයි. හැබැයි එළියේ ඉන්නවා කියන අපි ඉන්නේ ඊටත් වඩා අඳුරු සිර ගෙවල්වල.

    ReplyDelete
    Replies
    1. ECT නිරන්තරයෙන් දීම මගින් මොලයට යම් හානි තත්වයක් ඇති විය හැකියි. විශේශයෙන් මතකය වගේ දේවල්

      Delete
  5. බලාපොරොත්තුව මිනිසා ජීවත් කරවයි.

    රුවන්, මේ සිරකරුවෝ ගල හාරන වෙලාව ගැන පොඩි ප්‍රශ්නය ඇතිවෙනවා. මම හිතන්නේ තැනක නැතිනම් දෙතැනක වෙලාව පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි කියලා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook