Friday, May 15, 2015

‘බෞද්ධ ජාතක කථා වල මනෝවිද්‍යාත්මක දැක්ම



වෛද්‍ය රුවන් ජයතුංග විසින් රචිත නවතම කෘතිය වන, ‘බෞද්ධ ජාතක කථා වල මනෝවිද්‍යාත්මක දැක්ම’ නමැති කෘතිය, මම මහත් අභිරුචියකින් කියවූයෙමි. බෞද්ධ දර්ශනය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ උනන්දුවන පුද්ගලයකු මෙන්ම, මනෝවිද්‍යාඥයකු වශයෙන්ද, මා හට පෙනීයන්නේ, ජාතක කථා මගින්, මානව විඥ්ඥාණයේ විවිධ ගතිලක්‍ෂණ පිළිබඳව, සලකා බලෙන අතරම, පුද්ගල මනෝභාවයන්, හැඟීම් සහ චිත්තාවේගයන්, අභිප්‍රායයන් සහ චර්යා ලක්‍ෂණ, චින්තනය සහ ක්‍රියාවලීන් ආදිය පිළිබඳව පුළුල් පරාසයක් ආවරණය කෙරෙන ආකාරයෙන් නිර්මාණයවී තිබෙන බවයි.

වෛද්‍ය ජයතුංග විසින් මෙම ග්‍රන්ථයේදී පාඨකයා වෙත දක්වන අනුග්‍රාහකත්වය තුළ, මෙම ජාතක කථා, ක්‍රි.පූ.3 වැනි සියවස සහ ක්‍රි.ව. 5 වැනි සියවස අතර කාලයේදී ලියැවී ඇති බවත්, මානව චර්යාවේ ස්වභාවය ඉගැන්වීම සහ එමගින් කියවන්නාගේ දෘෂ්ටිය වර්ධනය කරගැනීම සඳහා ආධාර වන බවත්, පෙනීයයි. ජාතක කථා, ඒවා ලියවුන කාල සමයේදී මිනිසාට තම චර්යා වර්ධනය සහ සදාචාර සම්පන්න බව වර්ධනය කරගැනීම් තුළින්, අගතියට පත්වීමෙන් තොරව විසීමට මග පෙන්වන සේ සැකසුණු නිර්දිෂ්ඨ ආඛ්‍යාන සම්පිණ්ඩනයක් ලෙස දැක්විය හැකිය.

වර්තමාන මනෝවිද්‍යාත්මක සංකල්පයන් තුළ, අප හඳුනාගන්නා චර්යා රටාවන් හේතුවෙන්, පැවැත්ම අකර්මන්‍ය වීම, විශාදය ඇතිකිරීම, නිෂ්ක්‍රිය භාවය ඉපිදවීම, සිදුවන බව අපි හඳුනාගන්නෙමු. මනෝ ව්‍යාධීන්ට ලක්ව පීඩාවට පත් පුද්ගලයන්ගේ  චෛතසික ස්වභාවය සහ චර්යාව ජාතක කථා තුළ මෙලෙස ඉතා ඉහල මට්ටමකින්, එක් පැත්තකින්,  විස්තර කෙරෙන අතර, වෛද්‍ය ජයතුංග විසින් අතීත සහ වර්තමාන මනවිද්‍යාත්මක න්‍යාය හා සංකල්ප පිළිබඳව කෙරෙන සංසන්දනාත්මක විග්‍රහය තුළින්, විවිධ විකල්ප දෘෂ්ටිකෝණ ඔස්සේ මානව චර්යා රටාවන් දෙස විමර්ශනාත්මකව බැලීමට සහ ඒ ඔස්සේ සාම්ප්‍රදායික නොවන නව සංකල්ප ඇතිකරගැනීමේ අවස්ථාව පාඨකයාට උදාවෙයි.

මානව චර්යා රටා වර්ගීකරනය සඳහා වර්තමානයේදී අප උත්සාහ දැරීමේදී, පුද්ගලයකුගේ දෛනික චර්යා රටා පිලිබඳ සබඳතාවයන් ගිලිහී යන්නට ඉඩතිබේ. පුද්ගල සදාචාර වර්ධනය කරන, පුද්ගලයා වෙනසකට භාජනය කරන ඉගැන්වීම් ලෙස ඉතා වැදගත් ස්ථානයක් ජාතක කථා වලට හිමිවේ. මෙම ආඛ්‍යානයන්, අද්‍යතන සමාජයේ දෘෂ්ටිය වෙත සමීප කරවීමෙන්, වෛද්‍ය ජයතුංග, සම්භාව්‍ය කාර්යභාරයක් ඉටුකර තිබේ.   

ආචාර්‍ය රොල්ෆ් ගේයිනර් 
මනෝ විද්‍යාඥ ඇමරිකා එක්සත් ජනපදය 















6 comments:

  1. අරගෙන බලන්නම්. කියවන්න වටින පොතක් බව පෙනෙනවා.

    ReplyDelete
  2. බෞද්ධ ආගම හා බෞද්ධ සාහිත්‍යයේ (අනෙක් ආගම් වලද ඇතුළුව..) වෙනස හඳුනාගෙන සීරුවෙන් ගමනක් යන්නෙක් මම.. ඒත් හැමෝටම එහෙම බෑ කියල දන්නවා.. ඒකනිසා සාහිත්‍යය හරහා ආගම නොනැසී පවතින්න වෙන සේවය වගේම ඒ හරහා යම් තරමකට වෙන අවැඩත් විද්වත් කතිකාවකට.. (සමහරවිට ධර්ම සංගායනාවකට වගේ..) ඉතා හරවත් මාතෘකාවක් වෙයි.. ඔබේ මේ කෘතිය ලබාගත හැකි ආකාරයක් දන්වන්න.

    ReplyDelete
  3. සාහිත්‍යය හරහා ආගම නොනැසී පවතින්න වෙන සේවය :: very inspiring statement

    ReplyDelete
  4. Most of the Jaathaka stories are old Hindu and local stories.

    ReplyDelete
  5. අරගෙන කියවන්න ඕනා ඔබේ පොත.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook