Wednesday, April 8, 2015

ජෙනරාල් ගේ බිරිඳ




ජෙනරාල්   ගුන්තර්  වොන්  හෝර්න් මේසය මත තිබූ වේබර් ස්ටුම්පෙන් වර්ගයේ සුරුට්ටු පැකැට්ටුව කඩා ඉන් එක් සුරුට්ටුවක් අතට ගත්තේය. වේබර් ස්ටුම්පෙන් සුරුට්ටු පැකැට් දහයක්,  මොනෙට් බ්රැන්ඩි බෝතල් දෙකක් සහ ඉතා අගනා වර්ගයේ තුරින්ගියානු චොකලට් කේක් එකක්  බර්ලින් වලින් ජෙනරාල් කාල් ලින්කර් විසින් එවා තිබේ. බර්ලිනය කඩි ගුලක් සේ ඇවිස්සී ඇති බව ලින්කර් ලියා තිබේ. ෆියුරර් නිතරම යුද රැස්වීම් වලට තමන්ව කැඳවන බව ඔහු සඳහන් කරයි

ජෙනරාල්  ගුන්තර් මොහොතක් කල්පනාවේ නිග්ම විය. මෙය නැගෙනහිර පෙරමුණ ඉක්මනින් අරඹන බවට  නිමිත්තකි. බටහිර පෙරමුණ ස්ථායිය. හය වන සේනාංකය ප්රංශයේ ස්ථානගත වී බලය තහවුරු කරගෙන සිටිති. යම් ලෙසකින් නැගෙනහිර පෙරමුණ ආරම්භ කලහොත් තමන්ටද යාමට සිදු වනු ඇත. බොහිමියා  සහ මොරවියා ආරක්ෂිත ප්රදේශය අතහැර  සංස්කෘතික ජීවිතයක් නොමැති රුසියානු හිම භූමියට යාම අශක් දෙයකි. බොහිමියාවේ  සහ මොරවියාවේ යුද්දයක් නොමැත. ජීවිතය ගලා යන්නේ ඔපෙරා , බ්රැන්ඩි , ශැම්පේන් අතරිනි. එහෙත්  ෆියුරර්  පවසන පරිදි තෙවන රයිකයට සෝවියට් භූමි  අත්යවශ් සාධකයකි.  එම නිසා රුසියානු උප මනුෂ්යයන් සයිබීරියාවට පළවා හරින යුද්දය තව නොබෝ කාලයකින් ඇරඹෙනු ඇත.

ගුන්තර්, වේබර් ස්ටුම්පෙන් සුරුට්ටුව නහයට ලං කොට නැවුම් දුම්කොළ සුවඳ  ආඝ්රාණය කලේය. එම සුවඳ  දක්ෂිණ පැලටීනේට් පළාතේ දුම් කොළ  සුවඳ බව ඔහු අනුමාන කලේය​. අතරවාරයේ ඔහුගේ දුරකථනය නාද විය. ක්රෙනෝවා වලින් පණිවිඩයක් රැගත් ගෙස්ටාෆෝ නියෝජිතයෙක් ජෙනරාල්  ගුන්තර්  වොන්  හෝර්න් හමුවීමට පැමිණ තිබෙන බව ඔහුගේ සහායක මේජර් මොරිට්ස් වාර්තා කලේය. මොහොතක් කල්පනා කළ ගුන්තර් ගෙස්ටාෆෝ නියෝජිතයාට කාර්යාලයට ඒමට ඉඩ දෙන ලෙස මේජර් මොරිට්ස්ට අණ කලේය.

ජෙනරාල්  ගුන්තර්  වොන්  හෝර්න් ගේ සුවිසල් කාර්යාලට ඇතුළු වූ ගෙස්ටාෆෝ නියෝජියා නට්සි ක්රමයට හයිල් හිට්ලර් කියා දකුණු අත ඔසවා ආචාර කලේය. ජෙනරාල්  ගුන්තර් ගෙස්ටාෆෝ පොලිස්කාරයන්ට කැමති නැත. එය බොහෝ ජර්මානු හමුදා නිලධාරීන්ට  පොදු වූ හැඟීමකි. ගෙස්ටාෆෝ පොලිස්කාරයන් උසස් හමුදා නිලධාරීන්ට පවා සමහර විට බහුමානයෙන් තොරව සලකති. ගෙස්ටාෆෝහි කෙරුම්කාරයා හිම්ලර් හිටපු කුකුල්ෆාම් කාරයෙකි. නමුත් හිම්ලර් තරහා කරගත් ෆීල්ඩ් මාෂල්ලාද වැඩි කාලයක් හමුදා නිල අැඳුම් ඇඳ සිටියේ නැත. එම නිසා තම අකමැත්ත සඟවා ගෙස්ටාෆෝ නියෝජිතයාට වාඩි වන ලෙස ගුන්තර් ඇරයුම් කලේය.

ගෙස්ටාෆෝ නියෝජිතයා වාඩිවූ විගසම තම හම් බැගය ඇර සිතියමක් සහ අතින් ලියන ලද වාර්තාවක් ගත්තේය. ඉන්පසු ඔහු ජෙනරාල්වරයා ඇමතීය.

 " ජෙනරාල් ගුන්තර් අප සොයා ගත්තා ක්රෙනෝවා ප්රදේශයේ චෙක් ප්රතිරෝධක කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් සැඟව සිටින බව. මෙම ප්රදේශයේ සිටි යුදෙව්වන් අපි වාෆන් එස් එස් එකට භාර දුන්නා. නමුත් තව කුඩා පිරිසක් තැන් තැන් වල සැඟවී සිටින්න පුළුවන්. අපට අවශ්යයි හමුදා සාමාජිකයන් යොදා මෙම ප්රදේශය වැටලා පූර්ණ සෝදිසියකට

ජෙනරාල්  ගුන්තර්  මොහොතක් කල්පනාවේ නිග්ම විය. යුදෙව්වන් වාෆන් එස් එස් එකට භාර දීම යනු සරළ අර්ථයෙන් කැපුට් . මේ වන විට එම යුදෙව්වෝ අඩි හයක් පොළව යට පූතිභවනය වෙමින් සිටිති

වාෆන් එස් එස් භටයන් යුදෙව්වන් ඝාතනය කරනු ඔහු මීට පෙර දැක තිබේ. ඔවුන් විශාල අගලක් කපා  යුදෙව්වන් අගල කෙලවරේ දණ ගස්වා ගෙල පසුපසට වෙඩි තබති. යුදෙව්වන් සියළු දෙනා අගල වැටුණු පසු පස් තට්ටුවකින් වසති. ඉන්පසු ඊලඟ යුදෙව්වන් කණ්ඩායම  අගල අසලට ගෙන එති

වරක් වාෆන් එස් එස් භටයන් යුදෙව්වන් ඝාතනය කරණු දුටු කුකුළු ගොවි හිම්ලර් ක්ලාන්ත වූ බව ඔහු අසා තිබේ. නිර්භීත කතා කීවද කුකුළු ගොවියා සොකඩයෙකිහෙන්රික් හිම්ලර් ගැන ෆීල්ඩ් මාශල් රොමෙල් වරක් කියූ කවට කතාවක් ඔහු සිහිපත් කලේය. පළවන ලෝක යුද්දයේදී යුද වැදුණ  සෙන්ට් ජෝජ් යුද පදක්කම් පැලඳ සිටි මහළු උසස් හමුදා නිලධාරීන් සියළුදෙනා පාහේ රොමෙල් ගේ විහිළුවට සිනාසුනෝය. නමුත් ගුන්තර් සිනාසුනේ යන්තමටය.

ජෙනරාල්  ගුන්තර්  හට ගෙස්ටාෆෝ නියෝජිතයා හැකි ඉක්මනින් පිටත් කරනු අවශ් විය. ගෙස්ටාෆෝ නියෝජිතයා ඉල්ලූ පරිදි ක්රෙනෝවා ප්රදේශයේ පිරික්සුමකට භට කණ්ඩායමක් එවීමට ඔහු ප්රතිඥා දුන්නේය. ඉන් සංවාදය අවසන් විය​. ගෙස්ටාෆෝ නියෝජිතයා ජෙනරාල්  ගුන්තර්ට ස්තූති කොට පුටුවෙන් නැගිට පියවර දෙකක් පසු පසට ගොස් නට්සි ආචාරය කොට කාර්යාලයෙන් පිටත් විය. ඔහු පිටත් වූ විගස ක්රෙනෝවා ප්රදේශයේ පිරික්සුමකට අවශ් උපදෙස් ජෙනරාල්  ගුන්තර්  තම සහායක මේජර් මොරිට්ස් හට දුන්නේය.

ජෙනරාල්  ගුන්තර්ට තද වෙහෙසක් දැණුනි. සති අන්තයේ ඊඩා සමග ඔපෙරාවකට යා යුතු බව ඔහු තීරණය කලේය. බර්ලිනයේ සිටි කාලයේ ඔහු ඊඩා සමග නිතරම ඔපෙරා බැලීමට පුරුදුව සිටියේය. ඊඩා එලිසබෙත් රෙත්බෙර්ග්ගේ ඔපෙරා ප්රිය කළාය. එලිසබෙත් රෙත්බෙර්ග් ගායනා කරන විට ඊඩාගේ දෙනෙතින් කඳුළු වෑස්සේ.

බොහිමියා  සහ මොරවියා ආරක්ෂිත ප්රදේශයට මාරුවක් ලද විට ඔහු සමග පැමිනීමට ඊඩා අදිමදි කළාය. ඇයට බර්ලිනයේ නැවතීමට අවශ් වූවාය. එහි පුදුමයක් නැත. බර්ලිනය යනු ශිෂ්ට සම්පන්න ලෝකයේ අග නගරයයි. නමුත් ඔහුගේ බල කිරීම මත ඊඩා ඔහු සමග පැමිණියාය. සම්බන්දයෙන් ඔහු ඊඩා අගය  කළ යුතුය. නමුත් බොහිමියා  සහ මොරවියා ආරක්ෂිත ප්රදේශයට  පැමිණි පසු මෑතකදී  ඔහු ඊඩා සමග කිහිප වරක් කෝපයෙන් වාද කරගත්තේය.

විවහා වී සය වසරක් ගෙවුනද ළමයෙකු නොමැති වීම ඊඩාට ප්රශ්නයක් වී ඇත්දැයි ඔහු සිතුවේය. ඊඩා රූමත් එසේම වයසින් ඔහුට වඩා බාලය.  ඊඩා මියුනිච් වල රූමතියකි. මියුනිච් තරුණියන්ට ෆියුරර් තුල පවා යම් ගරුත්වයක් තිබේ. විවහා වූ මුල් කාලයේ ඔහු ඉතා ආඩම්බරයෙන් ඊඩා සමග හමුදා සාද , බාල් නැටුම් වලට සහභාගි විය. ඊඩා වැනි රූමත් බිරිඳක් ගුන්තර්ට  සිටීම නිසා ඔහු අනෙකුත් නිලධාරීන් ගේ ඊර්ෂ්යාවටද ලක් වූ රහසක් නොවේ.

බොහිමියා සහ මොරෙවියාවට පැමිනීමෙන් පසු ඔහු බිරිඳ සමග කෝප ගත් හේතූන් ගුන්තර් කල්පනා කලේය. තම කෝපයට හේතුව ලුතිනන් ලුඩ්විග් බොත්මර් නොවේද යන්න ඔහුට පසක් විය. ලුතිනන් ලුඩ්විග් බොත්මර් වංශවත් ජර්මානු පෙළපතකට අයත් නිලධාරියෙකි. ඔහු ග්රීක ප්රතිමාවක් මෙන්  රූප සම්පත්තියෙන් අනූනය. මේ ව්යාල ඩූරියන් ග්රේ පිළිබඳව ගන්තර් තුළ ඇති වූයේ කෝපයකි.අකමැත්තකි. පිළිකුලකි. ඉරිසියාවකි.

ලුතිනන් ලුඩ්විග්  බොහිමියා  සහ මොරවියා ආරක්ෂිත ප්රදේශයේ පරිණායක  රෙයින්හාර්ඩ් හෙයිඩ්රිච් ගේ විශේෂ අවධානයට පවා පාත් වූ කණිෂ්ඨ නිලධාරියෙකි. ඔහුගේ දිවංගත පියාට හිටපු ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ග් පවා ගෞරව කළ බව ගුන්තර් අසා තිබේ. ලුතිනන් ලුඩ්විග් බොත්මර් අනාගත රයිකයේ නැග එන දීප්තිමත් තරුවකි. ලුඩ්විග් බොත්මර් , ඇල්බට් ශ්පියෙර් වැනි කුලීන බුද්ධිමත් නිලධාරීන්ට හිටපු කෝප්රල් වරයෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ගරු කරයි.  

දින කීපයකට ඉහතදී රෙයින්හාර්ඩ් හෙයිඩ්රිච් සහභාගි වූ හමුදා සාදයකදී ඊඩා ලුතිනන් ලුඩ්විග් බොත්මර් සමග ආලිඞන නර්තනයක යෙදුනාය. ඔවුන් දිස් වූයේ හෙලන් සහ පැරිස් යුවළ මෙනි. වේටර්වරු පවා අමුත්තන්ට සංග්රහ කිරීම මොහොතකට නවතා ඔවුන් ගේ  නර්තනය දෙස ඇසි පිය නොහෙලා බලා සිටියහ. ඔවුන් ගේ දෑස් එකිනෙකා වෙත යොමුවී තිබුණි. ඊඩාගේ දැස් දිලිසුණාය. ඇය ඔහුට වශී වූවාක් මෙන් ඔහුගේ සුරතේ එල්ලී සිටියේය. ඔවුන් ගේ දෙතොල්  ඉතා ආසන්නව තිබුණි. ඊඩා ආරෝහ පරිණාහ සම්පන්න ලුතිනන් ලුඩ්විග් ගෙන් චුම්බනයක් ඉල්ලන්නාක් මෙන් ඔහු වෙත වඩාත් ලං වූවාය. එහෙත් ලුඩ්විග් ඇයගේ ආශාව වටහාගත්ත හෙයින් තම හිස මඳක් පසුපසට ගෙන  ඊඩාගේ මනහර සහ සුමුදු ඉන වටා දෑත් යවමින් සංගීතයට අනුව පාද තැබුවේය.

ඔවුන් ගේ නර්තනය අවසන් වූ වහාම සියළුම නිලධාරින් අසුන් වලින් නැගිට අත්පොලොසන් දුන්හ. එය ලුතිනන්වරයෙකුට ඉතා කලාතුරකින් ලැබිය හැකි ගෞරවයකි. ලුතිනන් ලුඩ්විග් බොත්මර් තම උඩු කය නවා අමුත්තන්ට  ආචාර කලේය

මඳක් බීමතින් සිටි ජ්යෙෂ්ඨ ජෙනරාල්වරයෙකු වූ ෆෙඩරික් හවුසන්  ලුතිනන් ලුඩ්විග් බොත්මර්ව වර්ණනා කලේය

" අපගේ රයිකයේ තරුණ නිලධාරීන් දෙස බලනු "ඔහු දකුණු අත ලුතිනන් ලුඩ්විග් සිටි දෙසට  දික් කලේය

"රන්වන් හිසකේ නිල් පැහැති ඇස්  උසැති ශක්තිමත් අභිජාතිය. අපගේ ආදරණීය  ෆියුරර්ගේ සදාතනික සිහිනය. උදාර ශක්තිමත් ජර්මානු ජාතියක්. මිහිතලේ වෙසෙන අනෙකුත් පහත් උප මනුෂ් වර්ගයා පරයා අපට නැගී සිටීමට හැක්කේ මේ අනාගත පරම්පරාව හරහායි. “

එවිට රෙයින්හාර්ඩ් හෙයිඩ්රිච් ෆියුරර් වෙනුවෙන් කියා ඔහුගේ මධු බඳුන එසවූයේය. සියලූම අමුත්තන් වහාම එකවර නැගිට ඇඩොල්ෆ් හිට්ලර් ගේ යසස වෙනුවෙන් සව්දිය පිරූහ. ඉක්බිති ජ්යෙෂ්ඨ ජෙනරාල්  ෆෙඩරික් හවුසන් මඳක් වෙරි පිට "මහත්වරුනි අප මේ විචිත් යුවල වෙනුවෙනුත් සව්දිය පිරිය යුතුයි "කීවේය. ඊට අනුකූලත්වය දක්වමින් අමුත්තෝ ඊඩා සහ ලුඩ්විග් වෙනුවෙන් මදුවිත පානය කලෝය. එම අවස්ථාවේ දී රෙයින්හාර්ඩ් හෙයිඩ්රිච් ගුන්තර් දෙස යටැසින් බැලීය. ගුන්තර් ගේ මුහුණ අඳුරකින් වැසී තිබේ. ඔහු කට දක්වා පුරවන ලද ශ්නැප්ස්  වීදුරුවක් මුවේ හලා ගත්තේය.

ඊඩා තවමත් ලුතිනන් ලුඩ්විග් බොත්මර්ගේ සුරතේ වෙළී සිටින්නීය. ගුන්තර් ඔවුන් දෙස වේදානාත්මක මුහුණකින් යුතුව බලා තව ශ්නැප්ස්  වීදුරුවක් මුවේ හලා ගත්තේය. ඉන්පසු තම වාහනය ගෙන එන ලෙස සහායක මේජර් මොරිට්ස්ට අදාන්ත හඞකින් නියෝග කලේය. තම ප්රධානියාගේ ඉරියව් වටහාගත් මේජර් මොරිට්ස් කෙටි පියවර තබා ඊඩා වෙත ගොස් ජෙනරාල්  ගුන්තර්  වොන්  හෝර්න් දැන් පිටත් වන බව ගෞරව සහිතව දැනුම් දුන්නේය. එයට ඊඩා දැක්වූයේ නොසන්සුන් ප්රතිචාරයකි

" ලුඩ්විග් ඔබ මට ඔබගේ අසු පෙන්වන බව කීවා නේද? ඇය දෙස මොහොතක් මොරිට්ස් දෙස බලා  ලුතිනන්වරයා දෙසට හැරී   ඇසුවාය

"මම අනිවාර්යෙන්ම අසු ඔබට පෙන්වනවා අද නොවේ වෙනත් දිනයක" මෙසේ කියමින් ලුතිනන් ලුඩ්විග් බොත්මර් ඊඩාගේ අත ගෙන ජෙනරාල්  ගුන්තර්  වොන්  හෝර්න් වෙත ගියේය. ජෙනරාල්  ගුන්තර්  ඉදිරියේදී ඔහු තේජාන්විත ලෙස හමුදා ක්රමයට ආචාර කලේය

"ජෙනරාල්තුමනි ඔබගේ රූපත් බිරිඳ නර්තනයට උපන් හපන්නියක් "ලුඩ්විග් ආචාරශීලී ලෙස කීවේය. ඉක්බිත් ඊඩා දෙස හැරී "ඔබ දෙපොළට මගේ අසු බැලීමට එන ලෙස හෙට සවස මා ආරාධනා කරනවා "කීවේය

ගුන්තර් විශේෂ යමක් නොකියා තම හිස් වැසුම දාගත්තේය.

" ලුඩ්විග් ඔබ අසු අරගෙන මේ ඉරිදා සවස අපගේ නිවසට එන්න මම ආසයි අසු පිට යන්න" ඊවා උදක් ඉල්ලා සිටියාය

ලුතිනන් ලුඩ්විග් මඳක් සිනාසී "හොඳයි මම අසු අරගෙන ඉරිදා සවස එන්නම් " කීවේය

"ලුඩ්විග් ඔබ අනිවාර්ය්න්ම පැමිණිය යුතුයි " ඊවා යළිත් වරක් කීවාය

මේ අතර ජෙනරාල්වරයාගේ වාහනය පෝටිකෝවට පැමිණි බව ඔහුගේ සහයකයා දන්වා සිටියේය. ලුතිනන් ලුඩ්විග් බොත්මර් ජෙනරාල් සහ ඔහුගේ බිරිඳ වාහනයට නගින තෙක් ඔවුන් පසුපස ගියේය. ඔවුන් වාහනයට නැග වාහනය පිටත් වෙනවාත් සමගම ඔහු නට්සි ක්රමයට ආචාර කලේය.

 ගුන්තර් කිසිවක් නොදොඩා ඉවත බලාගෙන සිටි අතර ඊඩාගේ මුහුණු ශෝභාවකින් ආලෝකමත්ව තිබුනාය. ඇය මෙරලින් ඩයිට් රෙච් ගේ ගීතයක් මිමුණුවාය. "ලුඩ්විග් ඉතා හොඳ විනීත තරුණයෙක්" ඇය සැමියා දෙස බලා කීවාය. ඔහු කිසිවක් කීවේ නැත

ඉරිදා සවස ලුතිනන් ලුඩ්විග් බොත්මර් ඔහුගේ දැකුම්කළු අශ්වයා රැගෙන ජෙනරාල් ගන්තර්ගේ විලාවට පැමිණියේය. ගන්තර්ගේ  නැවතී සිටි විලාව ධනවත් චෙක් යුදෙව් වෙලෙන්දෙක්ට අයත් වූ දෙමහල් මන්දිරයකි. යුදෙව්වා සහ ඔහුගේ පවුල සිර කඳවුරකට ගාල් කල ජර්මානු හමුදා මෙම විලාව ජෙනරාල් ගන්තර්ට පවරා දුන්හ. අනෙකුත් උසස් නිලධාරීන් බොහිමියා  සහ මොරවියා  ප්රදේශයේ විශාල මන්දිර අත්පත් කළ  ගත්හ.   

මන්දිරයේ සේවකයෙකු  ලුතිනන් බොත්මර් පැමිණ සිටින බව ගෞරව පූර්වකව ජෙනරාල්වරයාට දන්වා සිටියේය. ජෙනරාල්වරයා පිළිතුරක් දීමටත් පෙර ඊඩා ප්රීති සහගතව තරප්පු පෙළ බැස  ලුතිනන් බොත්මර් කරා ගියාය. තමන්ට හදිසි වැඩ වගයක් තිබෙන බැවින් අද ලුතිනන් බොත්මර් හමු වීමට නොහැකි බව දන්වා සිටින්නැයි ජෙනරල් ගන්තර් සේවකයාට විධාන කලේය.  

ලුතිනන් ලුඩ්විග් බොත්මර්  තම අසු සමග ස්පෘස් ගස් සෙවනකට වී සිටියේය. ඔහු කළු පැහැති වෙල්වට්  ඇඳුමක් ඇඳ  ඇඳුමේ පැහැයට ගැලපෙන අගනා තුර්කි බූට්ස් යුවලක් පැලඳ සිටියේය. ඔහුගේ රන් පැහැති කොන්ඩය ක්රීම් ගා හොඳින් පීරා තිබුනේය

ඊඩා ලුඩ්විග් වෙත දිව ගියාය. ලුඩ්විග් උඩු කය නවා ඊඩා ගේ දකුණු අත ගෙන එය සිප ගත්තේය

ඔවුන් දෙදෙනා අසුගේ සෑදලය අල්ලාගෙන කතා කළහ. ඊඩා ලුඩ්විග් ගේ අත්ල සුමුදු ලෙසින් පිරිමැද්දාය. ලුඩ්විග් ඇයගේ අත් වල පහස විඳිමින් තම අසු ගැන කතා කලේය

දෙවන මහලේ සිටි ජෙනරාල් ගන්තර් තම පුද්ගලික කාමරයේ කුඩා ජනේලයකින් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේය. මේ අතර සේවකයා පැමිණ ජෙනරාල්තුමා හදිසි වැඩක යෙදී ඇති නිසා දැන් හමු වීමට නොහැකි බව දන්වා සිටියේය. ලුඩ්විග් ජෙනරාල්තුමාට භාර දෙන ලෙස කියා පාර්සලයක් සේවකයා අතට දුන්නේය

තමාව අසු පිට නංවන ලෙස ඊඩා ලුඩ්විග් ගෙන් ඉල්ලා සිටියාය. ලුඩ්විග් ඔහුගේ ශක්තිමත් දැත් වලින් ඊඩා ඔසවා අසු පිට තැබීය. අසු පිට නැගී දෙපා පාද රාමු වලට සවි කරගන්නා තෙක් ඊඩා ඔහුගේ ගෙල බදාගෙන සිටියාය. යම් ලෙසකින් අසු කළබල වෙයි යැයි සිතූ ලුඩ්විග් අසුගේ කටකලියාව තදින් ග්රහණය කර ගත්තේය

 ගන්තර් ඊඩා  සහ  ලුඩ්විග් දෙස බලා සිටියේ යම් කිසි වේදනාවකිනි. ඔහු තුල අනවතරයෙන්ම මාත්සර්ය්යයක් උපන්නේය. ඔහු ලුඩ්විග් ගේ කඩවසම් දේහය දෙස බැලීය. නිලයෙන් පහළ වූවද  ඔහු සාත්විකව වංශාධිපතියෙකි. මෙම බැවේරියානු රූප සම්පන්න තරුණයාට සාපේක්ෂව තමා තරබාරු මස් ගොඩකි. හිසකෙස් පැසී තිබේ. තමා වැනි විරූපී මුලාදෑනියෙකුට ඊඩා වැනි රූපත් වයසින් අඩු ලඳක් ලැබුනේ කෙසේද කියා ඔහු කල්පනා කලේ. තමන් ගේ නිලය නොමැති නම්  ඊඩා ඔහු දෙසවත් නොබලනු ඇත

ලුඩ්විග්  අසුගේ කටකලියාවෙන් අල්ලාගෙන විශාල ගෙඋයනේ අශ්වයාව ඇවිද්දවයි. ඊඩා පාසල් සිසුවියක මෙන් මිහිරි හඞින් සිනාසෙමින් අසු ගේ ග්රීවය අල්ලාගෙන සිටින්නීය

" ලුඩ්විග් ඔයත් අසු පිට නගින්න අපි  අසු  වේගයන් පදිමු"  ඇය කීවාය

ඔහු ඇයගේ පසුපසින් අසු පිට නැග ඊඩා තම ශක්තිමත් ශරීරයෙන් මැදි කරගෙන  වේගයන් අශ්වයාව දැක්කුවේය. ඔවුන් ගියේ උතුරු පසින් පිහිටි වනරොදටයි.  දෙදෙනා වනයට අවතීර්ණවත්ම ඔවුන් ගන්තර් ගේ දර්ශනපථයෙන් ඉවත් වී යන ලදි

ඊඩා  තම කය පසු පසට නවා ලුඩ්විග් ගේ පපුවට තම පිට හේත්තු කළාය. අසු ගේ ගැස්සිම නිසා ඊඩා ගේ ගෙල ලුඩ්විග් ගේ ගෙලෙහි ගෑවෙයි. ඊඩා තම දෑස් වසා ගනිමින් එම ආශ්වාදය වින්දාය. ලුඩ්විග් වනාන්තරය ඇතුලට අසු දැක්වීය.

ඊඩා සහ ලුඩ්විග් වනාන්තරය තුල සැඟවී යාමත් සමගම ජෙනරාල්වරයා නොසන්සුන් විය. ඔහු ජනේලයෙන් මෑත්ව සෝපාව කරා ගියේ. ඔහුගේ සිතට නොයෙකුත් අදහස් ගලා එන්නට විය. ඔහු ලුඩ්විග් විසින් ගෙනෙන ලද පාර්සලය පිරික්සා බැලීය​. එහි අගනා ප්රංශ වයින් බෝතල් තුනක් තිබිණි. ගන්තර් ලුඩ්විග්ගේ තුටු පඬුර  නොසැලකිල්ලෙන් මේසය මත තැබීය​.

පැය හතරකට පමණ පසු  ඊඩා සහ ලුඩ්විග් පැමිණි බව සේවකයා දැන්වීය. ඔහු කිසිවක් කීවේ නැත. තම අත තිබූ බ්රැන්ඩි වීදුරුව පානය කොට වීදුරුව සේවකයා අතට දුන්නේය

 ඊඩා පැමිනියේ වෙහෙසට පත් වූ විලාශයෙනි. ඇයගේ දෙතොල් වල් තිබූ තොල් සායම් මැකී තිබේ. ඇය ඔහුට මුහුණ දුන්නේ යන්තමිනි.   යන්තම් වචනයක් දෙකක් තෙපලූ ඇය අැඟ සෝදා ගැනීමට ගියාය.

ඔවුන් දෙදෙනා රාත්රී ආහාර ගන්නා විට ගන්තර් උවමනාවෙන්ම නිහඞතාව පවත්වා ගත්තේය.  සේවකයන් ඔවුන්ට වරින් වර ආහාර බඳුන් ගෙන ආහ. නමුත් ඊඩා කෑවේ කෑම ස්වල්පයකි.

එදින රාත්රියේ ගන්තර් වැඩ තිබෙන බව පවසා නිදන කාමරයෙන් නික්ම පහත මාලයේ ඇති කුඩා කාමරයට ගියේය. මෙහි මේසයක් තබා ඔහු කාර්යාලයේ වැඩ ඇතැම් විට කරයි. ඔහු උදේ හතර පමණ වන තෙක් සුරුට්ටු බොමින් කල්පනා කරමින් සිටියේය.

වෙනදාටත් කලින් ඔහු කාර්යාලයට ගියේ හිතේ තිබෙන තෙරපුම නිසාය. මුළු වේලාවේම ඔහු කල්පනා කරමින් සිටියේ ඊඩා සහ ලුඩ්විග් ගැනය. උදයෙන්ම පැමිණි ගෙස්ටාපෝ නියෝජිතයා නිසා ඔහුගේ කල්පනාවටද බාදා විය.

ගන්තර් වේලාව බැළුවේය. දහවල් එකොලහ හමාරද පසුවී තිබුණි. මේ සියළු වැඩ කටයුතු නවතා නිවෙසට යාමට ඔහු සිතුවේය.  ඊඩා හමුවී කෙලින්ම ලුඩ්විග් ගැන ඇසීමට ඔහු තීරණය කලේය

කාර්යාලයෙන් පිට වීමට සූදානම් වෙත්ම බර්ලිනයෙන් ඇමතුමක් තිබෙන බව මේජර්  මොරිට්ස් කි හෙයින් ඔහු දුරකථන රිසීවරය අතට ගත්තේය. ඇමතුම දුන්නේ ෆීල්ඩ් මාෂල්වරයෙකි. ඔහුගේ නියෝගය ගන්තර් අසා සිටියේ කෂ්ට වූ සිතෙනි. සියල්ල අහවර වීමට ඇත්තේ සුළු කාලයකි. හිට්ලර් සෝවියට් දේශය ආක්රමණය කරන බර්බරෝසා මෙහෙයුම ආරම්භ කිරීමට තීරණය කොට තිබේ.  ඔහුට තම ඩිවිෂනය සමග නැගෙනහිර පෙරමුණට යාමට සිදුවේ. මෙහි ගත කළ සංස්කෘතියුක්ත ජීවිතය අවසන් වනු ඇත. හිමෙන් පිරි ශීත රුසියානු  කළාපය ඉන්පසු නිවහන වේ

ගන්තර් වෙඩි පහරක් වැදුනාක් මෙන් පුටුව මත ඇද වැටුනේය. ඔහුට තම බිරිඳ නැගෙනහිර පෙරමුණට ගෙනයා නොහැක. ඇය මෙහි තබා ගියහොත් ? ලුඩ්විග් මතක් වීම නිසා ඔහුගේ හිස නොයෙකුත් ඉරිසියා සහගත මෙන්ම ක්රෝධ සිතිවිලි වලින් පිරී යන්නට විය

තම සහයකයා ඇමතූ ජෙනරාල් ගන්තර් නිල වාහනය ගෙන්වන ලෙස නියෝග කොට කාර්යලයෙන් එලියට බැස්සේය. ජෙනරාල් ගේ රියදුරා විගස ඕපල් අද්මිරාල් රථය පණ ගන්වා කාර්යාලය අසලට ගෙන එන ලදි. ජෙනරාල් ගන්තර් රියැදුරාට රථයෙන් බසින ලෙස අණ කලේය. රියැදුරා පසෙකට තල්ලු කල ඔහු තනිවම ඕපල් අද්මිරාල් රථය පදවාගෙන තම නිවස බලා වේගයෙන් ගියේය. රියැදුරා සහ ජෙනරාල් ගේ සහයකයා මේ හදිසි වෙනස  විශ්මයාර්ථයෙන් යුතුව බලා සිටියෝය.

ගන්තර් සාමාන්යයෙන් කාර්යාල වැඩ අවසන් වී නිවෙසට යන්නේ ඇඳිරි වැටීමෙනුත් පසුවය. හිටි හැටියේ දහවල් කාලයේ ජෙනරාල්වරයා නිවෙසට පැමිනීම සේවකයන්ටද අරුමයක් විය. ගන්තර් වහනය පෝටිකෝව යට නවත්වා වාහනයෙන් බැස්සේය. මිදුලේ තිබූ අශ්වයෙකුගේ කුර සටහන්  ඔහුගේ අවධානයට ලක් විය. " ලුඩ්විග්" ඔහු සෙමෙන් මිමුනුවේය. ඉක්බිති ඔහු කෙලින්ම උඩු මහලේ වූ නිදන කාමරය වෙත ගියේය

නිදන කාමරයෙන් වාග්නර්ගේ Der fliegende Holländer රොමාන්තික සංගීතය සිහින් හඞින් වාදනය වෙයි. මෙම සංගීත තැටිය ඔහු මිලදී ගත්තේ පසුගිය වසරේ බර්ලින්හිදී ඊඩාගේ උපන් දිනය නිමිති කොටගෙනය​.

නිදන කාමරයේ මේසය මත ඉවර කරන ලද ෂැම්පේන් බෝතල් දෙකක් සහ වීදුරු දෙකකි. ඊඩා දුහුල් සළුවකින් සැරසී සරාගී ඉරියව්වකින් ඇඳේ වැතිරී ගීතයක් මුමුණමින් සිටියාය. අවේලාවේ පැමිණි තම සැමියා දුටු ඊඩාගේ මුහුනේ විශ්මය , බිය හා කළබලය දැකගත හැකි වූවාය

ගන්තර් සන්සුන්ව නිදන කාමරයේ වූ සෝපාවට බර දුන්නේයඊඩා යළිත් දෑස් වසා ගත්තාය​. 

නිදන කමරයේ සිදු වන්නට ඇති සිද්ධි මාලව ඔහුගේ මනසේ අැඳී ගියේය. ඊඩා ඇඳ සිටි දුහුල් සළුව විනිවිද ඇයගේ මනහර පියයුරු යුවල පෙනේ. කාමරයට පැමිණි ලුතිනන් ලුඩ්විග්. තම බිරිඳගේ පයෝදර දෙස බලනු ඔහුට මැවී පෙනුනේය. ඉන්පසු මොනවා වෙන්නට ඇද්ද

ලුඩ්විග් ගේ චාරුමත් දෙතොල් ඊඩාගේ රත් පැහති දෙතොල් මත ස්පර්ශ වන්නට ඇති. මොහොතේ කාම දේණුවක වන ඊඩා මේ තරුණයා අැඳ මතට පෙරළා ගන්නට ඇත. ඔවුන් දෙදෙනා තම නිදන ඇඳ මත නිරුවතින් එකිනෙකාගේ ආශාවන්ට ඉඩ දෙමින් කරන ශෘංගාරාත්මක රංගනය ගන්තර් දුටුවේය. හෙලන් සහ පැරිස් වැනි ඉතාම කමනීය යුවලක් නිරුවතින් ඇඳ මත සිටිති

ලුඩ්විග් ගේ මුහුණ ඊඩාගේ පයෝදර මත සිට ක්රමක් ක්රමයෙන් පහතට ඇදී . ඔහු ඊඩාගේ සුමුදු බඩවත ඉම්බේය. ඉන්පසු ඔහුගේ මුහුණ ඇයගේ නාභිය දක්වා ගෙන ගියේය.  ඊඩාගේ මුහුනේ රාගය විසින් ඇති කරන ලද සුඛය දකින්නට තිබේ. ඇයගේ කෙඳිරිය ලුඩ්විග් ගේ හැඟීම් තව දුරටත් උද්දපනය කරවයි. ලුඩ්විග් මුහුණ ඊඩාගේ දෙකළවා අතර ගිලී යන අතර ඊඩාගේ තම දෙකළවා තවත් විහිදවන්නීය. ඔහුගේ මුහුණ ඊඩාගේ රන්වන් වසා රොද අතරින් මතුවේ. ඊඩාගේ කෙඳිරිය වඩාත් උත්සන්නවේ. ඇය  දකුණු අතින් ලුඩ්විග්ගේ තඹවන් කොණ්ඩය මෘදුව පිරිමදින්නීය

ලුඩ්විග්ගේ ජීහ්වය ඇයගේ රස ගුලාව තුලට ඇදී යයි. ඊඩාගේ පුෂ්පය ශාංගාර ජීව දහරින් පිරී තිබේ. ඇය  ලුඩ්විග්ගේ තඹවන් කොණ්ඩය තදින් අල්ලා සිටින්නීය. එය වේදනාත්මක වූවද ලුඩ්විග්ට එය වින්දනයක් ගෙන දෙයි. ඊඩා පළමුවන සංක්ෂෝභයට ලඟා වී සිටීන්නීය. ඇයගේ ග්රහණය තදවේ , දෙකළවා වලින් ලුඩ්විග්ගේ හිස තෙරපවා දමනු ලබයි. කෙඳිරිය වචන වලට සමර්පණය වේ. ඇය වේගයෙන් හුස්ම ඉහල පහළ දමන අයුරු පෙනේ. ලුඩ්විග් ගේ ජීහ්වය සහ දෙතොල්  ඊඩාගේ  පුෂ්පය වඩ වඩාත් තෙරපවයි. විශාල රළ පහරක් සේ ඊවා සුරතාන්තයට පත්වේ. ඇයගේ ශරීර රිද්මය කෙමෙන් කෙමෙන් අඩුවී යයි. නමුත් ඇයට මේ සුඛය යළිත් අවශ් වන්නීය. ඊඩා බහු ඌර්ජයයකින් යුක්තවූ ලලනාවකි.

ලුඩ්විග් ගේ දෙතොල් යළි ඊඩාගේ දෙතොල් කරායයි. ඔවුන් එකිනෙකා බදාගෙන සිත්සේ සිප ගනිති.  ලුඩ්විග් මෘදුව ඇයගේ පයෝදර සෙමින් අතගාන අතර ඊඩාගේ තොල්පෙති, කන්පෙති සහ ගෙල චුම්බනය කරයි. ඉන්පසු ඔහුගේ මුව ඇයගේ පයෝදර කරා යයි. ඔහු ඇයගේ රත් පැහැති චූචුක  තම දෙතොල් වලින් ඉරීම ඊඩාට දරා ගත නොහැකිය. ඇයගේ ක්ෂිප්රග්රාහී චූචුක භගශිශ්නිකාව මෙන් අතිශයින් සංවේදීය

එම අවස්ථාවේදී ලුඩ්විග් හට ඊඩා තුලට ප්රවේශය  අවශ් කෙරේ. ඔහු මවිල් වලින් ගහන ඔහුගේ ශක්තිමත් දෙකළවා වලින් ඊඩාගේ දෙපා ඈත කරයි. මේ අවස්ථාව ඊඩා නොඉවසිලිවන්ත ලෙස අපේක්ෂා කළ මොහොතකි. ඇයගේ දකුණු අත ඔහුගේ ප්රාණවත් වූ දීඝ පුරුෂ ලිංගය වෙත යන්නීය. අතර ඇය තම හිස පහතට ගෙනගෙල නිරාවරණය කලාය. ලුඩ්විග් ගේ දෙතොල් ඊඩාගේ ගෙල කරා ගියේය. සමකාලික ලෙස ලුඩ්විග් ගේ ශිශ්නය අතට ගත් ඊඩා එය තම පුෂ්පයේ දෙතොල් අතර තැබුවාය. ශාංගාර ජීව දහරින් පිරී ඇයගේ රස ගුලාව තුලට ලුඩ්විග් ගේ පුරුෂ ලිංගය ගිලී ගියේ කිසිදු ඝර්ෂණයකින් තොරවය. ඔහු ඇයගේ අභ්යන්තරයටම පිවිසුනේය.ඊඩා තම දෑත් වලින් සහ දෙපා වලින් ඔහුගේ ශරීරය තදින් ග්රහණය කරගෙන සිටියාය.  ලුඩ්විග්  තම ශ්රෝණිය  රිද්මයානුකූලව නැලවීය. ඊඩා කාමයේ උපරිම රසස්වාදය වින්දනය කළාය.

ගන්තර්ට තව දුරටත් ඊඩා සහ ලුඩ්විග් අතර වූ සහවාසය මනසින් දකින්නට  ශක්තියක් නොවීය ඔහුගේ අත තම ලූගර් පිස්තෝලය කරා ගියේය.

ඊඩා ඉතා සරාගී අයුරින් ඇඳේ වැතිරී සිටින්නීය. අධික ලෙස ශැම්පේන් පානය කිරීම නිසා ඇයගේ දෙනෙත් අඩවන් වී තිබේ. ඇගේ පෘෂ්ථිමත් හා ප්රාණවත් වූ උල් පයෝදර සිවිලිම දෙසට යොමු වී ඇත. දුහුල් සළුවෙන් නිරාවරණය වූ දෙකළවා දෙපසට විහිදවා ඇත්තේ යළිත් ලුඩ්විග් හට කරන ආරාධනයක සේය.

ගන්තර් ගැඹුරු හුස්මක් ගත්තේය. වෙඩි තබන්නේ කොතැනටද ? ඔහු කල්පන කලේය.  ඇයගේ මුහුණට වෙඩි තබා ඊඩාගේ රුව විකෘති කිරීමට ඔහුට බලවත්  අවශ්යතාවයක් ඇති විය. ඊඩාගේ අනියම් පෙම්වතා මුහුණ කුඩුපට්ටම් වී විරූපී වූ ඊඩාගේ මලකඳ නරඹන  අයුරු ඔහුට මැවී පෙනුනි

ගන්තර්,  ලූගර් පිස්තෝලය අතට ගත්තේය.  ගිනි අවිය ඊඩාගේ මුහුණට ඉල්ලක්ක කලේය. මේ කිසිවක් නොදත් ඊඩා දෙනත් පියාගෙන දිව්යමය ලෝකයක කිමිදුනාය. ගන්තර් ගේ දබර ඇඟිල්ල ට්රිගරය වෙත ගියේය. එහෙත් ඔහු ට්රිගරය තද කලේ නැත. මොහොතක්  ඊඩා දෙස බලා පිස්තෝලය සෝපාව මත තැබීය. ඊඩා සමග සංසර්ගයේ යෙදීමට ඔහුට ග්රස්තීය අවශ්‍යතාවක් හට ගත්තේය. ගන්තර් තම නිල අැඳුම පිටින් ඇඳ කරා ගියේය. ඔහු රළු ලෙස ඊඩාගේ ශරීරය මත නැග ඇගේ දෙතොල් වියරු ලෙසින් සිප ගත්තේය.

 ගන්තර් ගේ අනපේක්ශිත ග්රාම් හැසිරීම නිසා ඊඩා නොසන්සුන් ලෙස ඔහුගෙන් මිදීමට උත්සහ කලාය. නමුත් ගන්තර්ගේ අසාමන් කාය ශක්තිය හමුවේ ඇය පරාද වූවාය. ගන්තර් ඊඩාගේ දුහුල් සළුව ඉරා දැම්මේ ඇයව පූර්ණ ලෙස නිරුවත් කරමිනි. ඔහු පරුෂ ලෙස ඇයගේ මුදු තොල් පෙති හපා කෑවේය. ඊඩා වේදනාවෙන් මොර දුන්නාය. ගන්තර් ඊඩාගේ පියයුරු සූරා දැමුවේ කාමය ඉරිසියාව මුසු වූ ආවේගයකිනි. ඊඩාගේ හඞ යටපත් කිරීම සඳහා ඔහු කොට්ටයක් ගෙන ඊඩාගේ මුහුණට තදින් අල්ලාගෙන සිටියේය. හුස්ම ගැනීමට අපහසුව ඊඩා දැඟලුවාය. නමුත් ගන්තර් ගේ ජවාධික ග්රහණය අඩු වූයේ නැත. විනාඩි පහක් හයක් පමණ අත්පා ගසමින් සිටි ඊඩා නිසල වූවාය.

ගන්තර් නැගිට්ටේ. ඔහුගේ නිල අැඳුම හොඳටම පොඩිවී තිබුණි. නිල අැඳුමේ තිබූ යකඩ කුරුසය ඇඳ මතය. ඔහුගේ මුහුණ දහදියෙන් තෙත්වී ඇත. ඔහු සෝපාව වෙත ගියේය. අණතුරුව ලූගර් පිස්තෝලය අතට ගත්තේය

ඔහු මිනීමරුවෙකි . තම බිරිඳ ඝාතනය කළ  මිනීමරුවෙකි. තමා පමණක් නොව හිට්ලර්, හිම්ලර් , රෙයින්හාර්ඩ් හෙයිඩ්රිච් , හර්මන් ගෝරිං ,  යනාදීන්ද​   වාෆන් එස් එස් ගෙස්ටාෆෝ යන සියල්ලෝමමිනීමරුවෝ වෙති

ගන්තර්ගේ මුහුනේ අසාමන් සිනහවක් ඇඳුනේය. ඔහු බිරිඳගේ මෘත ශරීරය වැතිරී තිබෙන අැඳ ඉදිරිපිට දනින් වැටුනේ වාෆන් එස් එස් ඝාතකයන් යුදෙව්වන් අගල අද්දර සිටවන අන්දමටය.  එසේ දනින් වැටුනු ඔහු ලූගර් පිස්තෝලය තම ශ්රවණේඳ්රියට මඳක් උඩට  වෙන්නට තබා ට්රිගරය තද කලේය.



 වෛද්‍ය රුවන් එම් ජයතුංග





15 comments:

  1. අම්මෝ......................ශෘංගාරය, ලිංගික ඉරිසියාව, පිරුණු වේගයෙන් ගලායන ලස්සණ කථාවක්. මේ අවස්ථා සහ සිද්ධි දාමයන් ගැලපීම අති විශිෂ්ඨයි.

    //ජෙනරාල් ගුන්තර් ගෙස්ටාෆෝ පොලිස්කාරයන්ට කැමති නැත. එය බොහෝ ජර්මානු හමුදා නිලධාරීන්ට පොදු වූ හැඟීමකි. ගෙස්ටාෆෝ පොලිස්කාරයන් උසස් හමුදා නිලධාරීන්ට පවා සමහර විට බහුමානයෙන් තොරව සලකති//

    අපොයි ඔය තත්වය 'වෙනත් රටවලත්' තියනවා. :D

    ඔබ ලිපි ලිවීමට පාවිච්චි කරන මෘදුකාංගය සමහර සිංහල වචන නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් පෙන්වන්නේ නැති බව පෙනෙනවා. උදාහරණ වශයෙන්, බ්රැන්ඩි, ප්රංශයේ, ප්රදේශය, වැනි වචන දැක්විය හැකියි. Google Input Tools මෘදුකාංගය පාවිච්චි කර බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක , මම භාවිතා කරන්නේ මේ http://www.lexilogos.com/keyboard/sinhala.htm කී බෝඩ් එක , සමහර වචන මුද්‍රණයේදී වෙනස් වෙනවා

      Delete
    2. http://www.google.com/inputtools/windows/ ඔය ලින්ක් එකට යන්න. ගිහින් Google Input Tools නොමිලේ බාගත කරගන්න. ඉන්ස්ටෝල් කලාම තිරයේ පහල ඇති ටාස්ක් බාර් එකේ දකුණු පැත්තේ කෙළවර පෙන්වනවා ENG අකුරු තුන windows key + space bar එබුවම ඒ අකුරු තුන වෙනුවට 'සිං' කියලා පෙන්නනවා. දැන් අපි සිංගිරිසි එස් එම් එස් ගහන ආකාරයට එක් වචනයක් ටයිප් කරලා ස්පේස් බාර් එක එබුවම සිංහල වලින් පෙන්නනවා. උදා:- mama gedara yanawaa මෙහි ඇති එක් එක් වචනය ටයිප් කර ස්පේස් බාර් එක එබුවම 'මම ගෙදර යනවා' යන වචන ලැබෙනවා.

      Delete
  2. ලස්සන කෙටි කතාවක්. යුද්ධ කාලෙ මේ වාගෙ දේවල් බොහොමයක් සිදු උනා කියල හිතෙන්නෙ. ඒ කතා කිහිපයක් ආසාවෙන් කියවලත් තියෙනවා. මෙයත් ඒ වාගෙම ආසාවෙන් කියෙව්වෙ. ස්තූතියි!

    ReplyDelete
  3. ඉතා අගෙයි.පුද්ගල නාම හා සිද්ධි ගලා යාම ලස්සන යි.

    ReplyDelete
  4. Is this a translation or a story of your own? However you have written ( translated?)it in a way that captures the minds of many

    ReplyDelete
  5. ලස්සන කෙටි කතාවක්.

    ReplyDelete
  6. අහම්බෙන් නෙත ගැටුනී.
    ඊඩා සමඟ රමණය කලේ ලහියෙනී.
    ගන්තර්ගේ පිස්තෝල උණ්ඩ⁣යෙන් මා හඳ දැදුරු විය.
    අහෝ..........

    ReplyDelete
  7. විශිෂ්ට කෙටි කතාවක්.ඔබගේ රචනා ශෛලිය මා පුදුමයට පත් කළා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook