පාසලේ සිටින ඔතෑනිම ළමයා
හොඳම ළමයා ලෙසට අප ඔසවා තබමු
පාසලේ සිටින පර පීඩක ගුරුතුමා
පාසලේ සිටින හොඳම ගුරුතුමා ලෙස අප නම් කරමු
හන්දියේ සිටින ප්‍රචණ්ඩත්වයට බර
පෞරුෂ අක්‍රමතාවයෙන් පෙලෙන මිනිසා
හිත හොඳ චන්ඩියා ලෙස හඳුන්වමු
මිනී මරණ ස්ත්‍රී දූෂණ කරන සමාජ විරෝධියාට
අපේ මන්ත්‍රීතුමා කියමින් පාර්ලිමේන්තුවට යවන්නෙමු
වෛද්‍ය රුවන් එම් ජයතුංග
යථාර්තය ...!
ReplyDeleteපද පේලි කිහිපයකින් අපූරු සමාජ විවරණයක් ...!
සඳරු මේ යථාර්තය අපේ රටවල ඉරණම වෙලා
Deleteඅපූරුයි මාත් ඔය ගැන ලිපියක් පළ කලා. හිතහොද චන්ඩින්, සැර ගුරුවරු ,විප්ලවවාදීන් ව පරපීඩක කාමුකයන් ලෙස නිවැරදිව හදුනා ගත යුතුයි.
ReplyDeleteඑසේ වීනම් විශාල ලේ වැගිරීම් වලකා ගත හැකිවතිබුනා. පෞර්ෂ අක්‍රමතාවලින් පෙළුන පුද්ගලයන් කැරළිකරුවන් ලෙස, ආරක්ෂක අංශ ප්‍රබලයන් ලෙස දරුණු අපරාධ කර තිබෙනවා. පරපීඩකයන් හදුනා ගැනීමේ අපේ සමත්කම යුද්ධ කලකෝලහාල අවසන් කරාවි.
http://yakaageadaviya.blogspot.com/2015/03/blog-post_19.html
මධ්‍යස්ථ මතධාරියා ලුවිස් ගේ කතාව නම් අනගියි. මේ වගේ පුද්ගලයන්ට මම පසුකාලයක ප්‍රතිකාර පවා කරලා තියනවා. නවකතාවකට හොඳ වස්තු බීජය
Deleteහොද මිනිස්සු දේශපාලනයට නොඑන නිසාම දැන් දැන් වෙන්නේ ඔය ටිකම තමයි..
ReplyDeleteදිනේශ් හොද මිනිස්සු දේශපාලනයට එනවා නමුන් ඔවුන් රූපාන්තරණය වෙනවා
Deleteඅරහෙම කරනවනං එහෙම බැරි මොකද නේද
ReplyDeleteඅටම් මහත්තයා කොහොම කරනවනම් ද ?
Delete