උදෑසනම අවදි වූ සමරරත්න පුවත්පත පෙරළා බැලුවේ තමාගේ ලිපිය පළවී ඇත්ද යන දෙගිඩියාවෙනි. මුළු පුවත්පතම දෙතුන් වරක් සෝදිසියෙන් කියවා බැලුවද ඔහුගේ ලිපිය එහි නොවීය. බලාපොරොත්තුව කඩ වීම නිසා ඔහු පුවත්පත සෙටිය මතට විසිකර දැමීය.
"මොකද ප්රශ්නයක්ද ? " ඇය සැමියාගෙන් ඇසුවේ ඔහුගේ මුහුණ දෙස බලමිනි.
"
මේ යකා මගේ ආර්ටිකල් එක දාල නෑනේ "
ඔහු මේ යකා ලෙස හැඳින්වුයේ ඉංග්රීසි පුවත්පතක වැඩ කරන මාධ්යවේදියෙකි. අසීරුවෙන් වචන ගලපා ඉංග්රීසි ගුරුවරයෙකු වූ සිරිවර්ධන ගෙන් සෝදුපත් බලවා සකස් කල ලිපිය අනිවාර්යයෙන් මේ ඉරිදා පල වන බව විකල්ප ඉංග්රීසි පුවත්පතක වැඩ කල නිදහස් මාධ්යවේදියෙකු වූ ක්ලිෆර්ඩ් ඔහුට පොරොන්දු වුයේ ගෝල්ඩන් හෝස් ක්ලබ් එකේදී ය. ඉන් බොහෝ සෙයින් සතුටු වූ සමරරත්න ක්ලිෆර්ඩ්ට තවත් හැනපියර් බ්රැන්ඩි බාගයක් ඇණවුම් කළේය.
මචන් තව බයිට් එකක් ඕඩර් කරමු නේද ? මොනවාද හොඳ ඉස්සොද , ඩෙවල් බීෆ් ද ? ඔහු බාගෙට වෙරි වූ ක්ලිෆර්ඩ් ගෙන් ඇසිය.
"
හෝ ශ්රිම්ප් ඉස් බෙටෙර් , ක්ලිෆර්ඩ් වීදුරුවට බ්රැන්ඩි වත්කර ගනිමින් කීය.
"මල්ලි අපිට ඉස්සෝ ප්ලේට් එකකුත් ගේන්න " සමරරත්න තරුණ වේටර්වරයාට තව ඇණවුමක් දුන්නේය.
"
මචන් ක්ලිෆර්ඩ් යූ අන්ඩස්ටැන්ඩ් ද සිටුවේෂන් ඉන් ශ්රී ලංකා , සමරරත්න බැරෑරුම් මුහුණක් ආරුඩ කරගත්තේය. " එන්න එන්න මාධ්‍ය මර්දනය වැඩියි. අපිට නිදහසේ හිතට එකඟව ලියන්න බැහැ. ලිව්වොත් සුදු වෑන් වලින් ඇවිල්ලා උස්සනවා. මම දැන් අවුරුදු ගානක් තිස්සේ හියුමන් රයිට් වයලේෂන් ගැන ලියනවා. දැන් මාවත් ටාගට් එකක් වෙලා. "
සමරරත්න ක්ලිෆර්ඩ්ට කිවේ බොරුවකි. ජනප්රිය ධාරාවේ මල් පත්තර වල නළු නිළියන්ගේ ඕපාදුප ලියමින් සිටි ඔහු මෑතකදී සිට මානව හිමිකම් ගැන කතා කරන්නට පටන් ගත්තේ පුණ්යසේකර දේශපාලන රැකවරණ ඉල්ලා ඔස්ට්රේලියාවට පැනීමෙන් පසුය. රටෙන් පනින තෙක් දත කට තද කරගෙන සිටි පුණ්යසේකර සිඩ්නි නගරයට ගිය වහාම තම පැරණි මිතුරා වන සමරරත්නට දුරකථන පණිවිඩයක් දුන්නේ තමාගේ පුරාජේරුව කීමට මෙන්ම මහළු වයසේ සිටින තම මවගේ දුක සැප බැලීමට මසකට වරක් හෝ හෝමාගම යන ලෙසට සමරරත්නගෙන් ඉල්ලීමටය.
"
ඉතින් උඹ අපිටත් නොකියම මාරු උනානේ " පුණ්යසේකරගේ ඇමතුමට ප්රතිචාර ලෙස ගත් කටටම සමරරත්න ඇසීය.
"
මේකනේ සමරේ කේස් එක , ඕක පබ්ලික් කලා නම් අපේ එකෙක් එම්බසියට පෙත්සමක් ගහනවා , මම මේ කියන්නේ උඹල වගේ අතීසාර මිත්රයෝ ගැන නෙවෙයි , දන්නැද්ද එකට කෑවත් බොක්ක වෙනස් එවුන් ඉන්නවනේ. " පුණ්යසේකර ලෙන්ගතු සහ සමාව අයදින ස්වරයකින් කතා කළේය.
"
කමක් නැහැ කමක් නැහැ උඹලට හරි ගියා ,බැරිද අපිටත් කියන්න රට පනින ක්රමයක් " සමරරත්න ඇසුවේ එතරම් විස්වාසයකින් නොවේ. පුවත්පත් කලාවේදියෙකු ලෙසට පුණ්යසේකර එතරම් දස්කම් පෑ අයෙකු නොවිය. ඔහු ලිව්වේ බසයේ හැපී තරුණයා මරුට , මාමගේ පොලු පහරින් ගැබිණි ලේලිය එතනමයි, විභාගය අසමත්වීම නිසා සිසුවා එල්ලී නසී, වැනි සිල්ලර කතන්දරය. හිතවත් පොලිස්කරයෙකුගෙන් තොරතුරක් අසා ගන්නා පුණ්යසේකර එයට අතිනුත් බොරු ටිකක් දමා පත්තරේට යවයි. ඇරත් පුණ්‍යසේකර අවස්ථාවදියෙකු ලෙස ඔහුගේ මිතුරෝ පවසති. නමුත් දැන් තත්වය තරමක් වෙනස් වී තිබේ. දියවැඩියාවෙන් සහ අධික රුධිර පීඩනයෙන් පෙලෙන පුණ්යසේකර ගේ මව මසකට වරක් දොස්තර ළඟට ගෙන යාමට ඔහු තමාගේ උපකාරය පතයි. එම නිසා ඒ තුරුම්පුවෙන් හෝ වැදගත් තොරතුරක් ලබා ගත හැකි බව පෙනේ. එම නිසා අවස්ථාවෙන් හැකි එල නෙලා ගැනීමට සමරරත්න උත්සුක විය.
"ඉතින් කියපන්කෝ පනින ක්රමය මගේ වයිෆ්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා රට පනින්න බලාගෙන" සමරරත්න එකසැනින් තම බිරිඳට සොහොයුරෙකු මැවීය.
"
සමරේ මේ කාලේ පනින්න හොඳම ක්රමය තමයි තමන්ට ජිවිත තර්ජන තියනවා කියලා කොලේ වහල පනින එක. ඔය පොඩ්ඩක් එල්. ටී. ටී. ඊ එකට සපෝට් වෙන ලිපි ටිකක් ලියලා ආණ්ඩුව ටිකක් කුල්ලප්පු කරවලා , පොලු පාරක් දෙකක් කාලා රෝහල්ගත වෙලා හිමීට එම්බසියකට ගිහිල්ලා කියන්න ඕනේ ජීවිතය අනතුරේ කියලා. සුද්දා මෝඩයා, ඌව ගොනාට අන්දලා හීමිට එසයිලම් ගහගන්නවා. හැබැයි ඩොකියුමෙන්ට්ස් හදාගන්න ඕනේ. පත්තර වලට ලියපු ලිපි, ඉස්පිරිතාල වල ප්රතිකාර ගත්ත කොළ, ඔය කගේ හරි එක්ස්රේ ටිකක් හරි පටලවලා දෙන්න ඕනේ. හැබැයි ටෝක තමයි තියෙන්ඩ ඕනේ. දන්නවනේ සුද්දාව ඔල්මොරොන්දන් වෙන්න කතා කරන්න ඕනේ. උඹ කියන්නේ කරෝල මුදලාලිලා හිටන් දැන් එසයිලම් ගහලා මෙහෙ ඇවිල්ලා ඉන්නවා. මෙහෙ ආවම පස්සේ වැඩේ හරි එලවන්ස් එකක් අරගෙන කූල් එකේ ඉන්නවා. ඔහේ වගේ කට්ටක් නැහැ "
පුණ්යසේකරගේ දුරකථන පණිවිඩයෙන් පසු සමරරත්න කටයුතු කළේ වෙනස් ආකාරයකට ය. පෙරදී උද්ඝෝෂණ විරෝධතා මගහැරිය ඔහු දැන් ඒවා සොයාගෙන ගියේය. ලිප්ටන් වටරවුම , ආදී මෙකී නොකී ස්ථාන වලට ගොස් අනෙකුත් උද්ඝෝෂකයන් පරයා යටි ගිරියෙන් මොර දුන්නේය. රුපවාහිනී කැමරාවක් දුටුවේද එයට තම මුහුණ පෙනෙන සේ අනෙකුත් උද්ඝෝෂකයන් තල්ලු කරගෙන ඉදිරියට ආවේය. එපමණක් නොවේ නළු නිලි පලහිලව් ගැන ලියු ඔහු මෑතකදී සිට සමාජ අසාධාරණයන් ගැන ලියන්නට පටන් ගත්තේය.
ඉංග්රීසියෙන් ලිපි දෙක තුනක් පුවත්පතක පල කළහොත් වැඩේ තවත් හොඳ වන බවට සමරරත්න අනුමාන කළේ මේ අතරය. මහජන පුස්තකාලයේ පැරණි ඉංග්රීසි පුවත්පත් පෙරලා බැලු ඔහු උතුරේ ගැටුම, හමුදා මෙහෙයවුම් , සිවිල් ජනයාට වන හානි ආදිය ඇතුලත් ලිපි අසීරුවෙන් කියවමින් ඇතැම් ලිපි වල සාරය කෙළින්ම තම සටහන් කොලයේ ලියා ගත්තේය. ඉක්බිති හවස ගෙදර පැමිණි ඔහු යළිත් මධ්යම රාත්රිය වන තෙක් සටහන් වල ලියාගත් කරුණු තනි ලිපියකට ගත්තේය. වැඩයට හිත ගිය නිසා ඔහුට නිදිමත දැනුනේ නැත. එහෙත් ඔහුට ලිපිය අවසන් කිරීමට හැකි වුයේ තවත් දින දෙකක් පමණ වැඩ කිරීමෙන් පසුවය. ලිපිය ලියා අවසන් කිරීමන් පසු සමරරත්න තමාගේ අසල්වැසියෙකු මෙන්ම වෘත්තියෙන් ඉංග්රීසි ගුරුවරයෙකුවූ සිරිවර්ධන මහතාට ලිපිය දී එහි දෝෂ පරික්ෂා කරන ලෙස කරුණාවෙන් ඉල්ලීය. සිරිවර්ධන මහතා දින දෙක තුනක් ඇතුළත දෝෂ නිවැරදි කොට ලිපිය සමරරත්න අතට පත් කළේ සුළු විවේචනයක් ද ලිපිය පිළිබඳව කරමිනි.
"
මිස්ට සමරරත්නට හිතෙන්නේ නැද්ද මේ අර්ටිකල් එකෙන් එල්. ටී. ටී. ඊ . එක කරන හියුමන් රයිට්ස් වයලේෂන් ගැන කතා කරන්නේ නැහැ කියලා "
මිස්ට සිරිවර්ධන මගේ අර්ටිකල් එකේ ඊළඟ කොටසෙන් මම ඒ ගැන ලියනවා " සමරරත්න කඩිනම් බොරුවක් කිවේය.
ලිපිය රැගෙන ඔහු එක හුස්මට දිව ගියේ ක්ලිෆර්ඩ් හමුවීමට ය. ඔහු යන විට ක්ලිෆර්ඩ් කාර්යාලයේ සගයෙකු සමග වාදයක පැටලී සිටි නිසා පැය භාගයක් පමණ සිවිලිමේ ඇති විදුලි පංකාව දෙස බලා සිටීමට සමරරත්නට සිදු විය. අවසානයේදී ක්ලිෆර්ඩ්ගේ සගයා වාදයෙන් ජයගත් හෙයින් ක්ලිෆඩ්ට කතා කිරීමට ඔහුට හැකි විය. ඔහු ක්ලිෆඩ්ට ලිපිය බාරදී සවස හතට තමාව ගෝල්ඩන් හෝස් ක්ලබ් එකේදී හමු වන ලෙසට ඉල්ලීමක් ද කළේය. එක පයින් ආරාධනාව භාරගත් ක්ලිෆර්ඩ් හත වන විට ක්ලබ් එකට එන බව කිවේය.
ගෝල්ඩන් හෝස් ක්ලබ් එකේදී ලිපිය අනිවාර්යයෙන් පල කරන බව ක්ලිෆර්ඩ් ඔහුට පොරොන්දු විය. එම නිසා ලිපිය පල වූ පුවත් පත සමග ඕස්ට්රේලියානු හෝ ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස් දේශපාලන රැකවරණ ගැන කතා කිරීමට සමරරත්න අදිටන් කර ගෙන තිබුණි. එහෙත් ලිපිය පල නොවීම නිසා ඔහුගේ බලපොරොත්තු බිඳ වැටුණි. කෙසේ නමුත් පසු දින ඇමරිකානු තානාපති කාර්යාලයට යාමට ඔහු ඉටා ගත්තේය.
එදින රෑ ඔහු නින්දට ගියේ කලින්මය. ක්ලිෆර්ඩ් කෙරෙහි ඇති වූ කෝපය නිසා නින්ද ගියේම නැත.
"මොනාද කල්පනා කරන්නේ ? බිරිඳ ඇසුවාය.
"නැහැ මොකුත් නැහැ " ඔහු කිවේ නොරිස්සුම් හඬකිනි
"මේ මාසේ ගෙවල් කුලී දෙන්නත් තියනවා " බිරිඳ තවත් බරක් ඔහුගේ හිසමත තැබුවාය.
"මේ මළ ඉලව්ව් ඔක්කොම දමල ගහලා රට පැනගන්න තියනව නම් " සමරරත්න තනියම සිතුවේය.
සමරරත්න අවදි වන විට උදැසන හතද පසුවී තිබුණි. කඩිනමින් නැගිටගත් ඔහු මුහුණ කට සෝදා රැවුල බා අලුත් ඇඳුමක් ඇන්දේය. ටයි පටියක්ද පැළදිය. තමා මීට පෙර ලියන ලද පුවත්පත් ලිපි අඩංගු ෆයිල් එකක්ද අතට ගත් සමරරත්න ක්ලිෆර්ඩ්ට දුන් ලිපියේ පිටපතක්ද එය තුළට දැමිය. ඉක්බිති උඩින් පල්ලෙන් මෙන් උදැසන ආහාරය ගිල දැමු ඔහු මහරගම හන්දියට ගියේ කොල්ලුපිටියට යන බස් රථයක් අල්ල ගැනීම සඳහාය.
ඇමරිකානු තානාපති කාර්යාලය දොරටුව අසල මිනිස් පෝලිමකි. ඔහුද පෝලිමට එකතු විය. පෝලිමේ බාගයක්ම පාහේ සමන්විතව තිබුනේ ඇමරිකාවේ අධ්යාපනයට යන සිසුන්ගෙනි .
"
මුන්ට නම් මොකද ? අම්මල තාත්තලා වියදම් කරනවනේ " සමරරත්න මිමිනුවේය. පෝලිම ඇදී ගියේ සෙමෙනි. දැඩි හිරු රශ්මිය නිසා ඔහු ෆයිල් කවරය ඉහට උඩින් ආවරණයක් ලෙසට තබා ගත්තේය.
සමරරත්නගේ වාරය පැමිණි විට ආරක්ෂක නිලධාරියා ඔහුගෙන් හැඳුනුම්පත සහ ඇමරිකානු තානාපති කාර්යාලයට යාමට නිකුත් කරන අවසර පත්රය ඉල්ලීය. සමරරත්න ආරක්ෂක නිලධාරියාට දුන්නේ තමාගේ මාධ්‍ය හැඳුනුම්පත පමණි.
"
කෝ මිස්ටර් ඇපොඉන්මන්ට් එක ඇප්රූ කරලා එවපු ලේටර් එක? ආරක්ෂක නිලධාරියා ප්රශ්න කළේය.
"මට ඇපොඉන්මන්ට් එකක් ගන්නා බැරි උණා , මම ආවේ හදිසි උවමනාවකට තානාපතිතුමා හමු වෙන්න " සමරරත්න බැරෑරුම් ස්වරයකින් කිවේය.
"ඇපොඉන්මන්ට් එකක් නැතිව ඇතුලට යන්න දෙන්න බැහැ " අනෙක තානාපතිතුමා හමුවෙන්න නම් කලින් අවසර ගන්න ඕනේ. "
"මගේ අවශ්යතාව හදිසි එකක් මට මේ ෆයිල් එක තානාපතිතුමාට දෙන්න තියනවා , මේකේ තියෙන්නේ වැදගත් ඩොකියුමන්ට්ස් වගයක් "
වැදගත් ඩොකියුමන්ට්ස් වගයක් කීම නිසාත් , සමරරත්නගේ කන්නලව්ව නිසාත් ආරක්ෂක නිලධාරියා තම වෝකිටෝකි යන්ත්රයෙන් තානාපති කාර්යාලය ඇතුලේ සිටි නිලධාරියෙකුට කතා කළේය. සමරරත්න වැදගත් ඩොකියුමන්ට්ස් යැයි කිවේ ෆයිල් කවරයේ තිබු ඔහු විසින් මීට ඉහතදී මල් පත්තර වලට ලියන ලද බොළඳ ලිපි වලටය.
තානාපති කාර්යාලය ඇතුලේ සිට සාරියක් ඇඳගත් කාන්තාවක් ආවාය. ඇය ද්රවිඩ ජාතික කාන්තාවක් බව පෙනේ. සමරරත්න අපේක්ෂා කළේ ඇමරිකානු තානාපති නිලධාරියෙකි.
"ඉයේස් වට් ඉස් ද ප්‍රොබ්ලම් " ඇය ඇසුවේ ඉංග්රීසියෙනි
"මැඩම් මට තානාපති කාර්යාලයේ ඇමරිකානු නිලධාරියෙකුට කතා කරන්න අවශ්යයි , හදිසි කාරණයක් " ඔහු ආයාචනා ස්වරයෙන් කිවේය
"
අයි ඇම් සොරි විතවුට් ඇන් ඇපොඉන්මන්ට් වී කාන්ට් ලෙට් යූ ගෝ ඉන්සයිඩ් " කාන්තාව විධානය දෙන ස්වරයෙන් ඔහුට පිළිතුරු දුන්නාය.
' මැඩම් ප්ලීස් තේරුම් ගන්න මම මාධ්යවේදියෙක් , මම ලංකාවේ හියුමන් රයිට් වයලේෂන් ගැන ලිව්වා , මේ තියෙන්නේ මම පත්තර වලට ලියපු ආටිකල්ස් " ඔහු ෆයිල් කවරය කාන්තාවට දිගු කළේය. ඒ නිසා මගේ ජිවිතයට ත්රෙට් එකක් වෙලා , මට ඇතුළට යන්න ඉඩ දෙන්න , මගේ ජිවිතය අනතුරේ " ඔහු උස් හඬින් කතා කළේය. අනතුරුව තානාපති කාර්යාලයේ උස් තාප්පයට පිටදී බිම ඉඳගත්තේය.
"
මට මෙතනින් යන්න බැහැ , ප්ලීස් හෙල්ප් මී මයි සිටුවේෂන් ඉස් බෑඩ් . ලසන්ත වගේ මාවත් මරලා දමයි "
වෛද්‍ය රුවන් එම් ජයතුංග
සම්පූර්ණ නිර්මාණයක් ද? සත්‍යය බිඳක් මත හෝ පදනම් වෙලා තියෙනවා ද?
ReplyDeleteඅර කරෝල මුදලාලි මොනවා කරනවාද මන්දා මෙහේ ඇවිත්. සිඩ්නිවල ඉන්න අපි තාම කන්නේ ලංකාවෙන් පැකට් කරලා, බැදලා බෝතල් කරලා එන කරෝල.
පුවත්පත්වලට ලියන අය කීප දෙනෙක් එනවා නම් ඉතා හොඳයි.
සම්පූර්ණ නිර්මාණයක් ද? සත්‍යය බිඳක් මත හෝ පදනම් වෙලා තියෙනවා ද? -රසික මෙය ඇසූ කියවූ දුටු අත්දැකීම් මත පදනම් වූ පරිකල්පනයක්
Deleteමට හිතෙන්නේ 'නම් ගම් පමණක් මනක්කල්පිතයි' කියල.. අර ආටිකල් එක කොම්පෝස් කරපු විදියනම් මරු ඈ.. බ්ලොග් වලත් සමහරු ඔහොම ඉන්නවා.. විකිපීඩියා එකේ සිංහල ට්‍රාන්ස්ලේශන් කරන.. හැක්..
ReplyDeleteකල්‍යාණ මිත්‍ර ඇත්තට ජීවිත තර්ජන තිබුණු පුද්ගලයන් හිටියා , ඒ ජීවිත තර්ජන බොරුවට යොදාගෙන කරෝල මුදලාලිලා, කලාකාරයයෝ , සංගීත ප්‍රසංග වල අත්වැල් අල්ලන්නෝ යනාදීන් ද පැන්නා
Deleteදිගු කලක් විදේශයන්හි ම දිවි ගෙවූ ඤාතියෙක් පැවසූ වදන් සිහි උනා.ලංකාවෙ නම කන්නෙ අපේම එවුන්.දැං මුං හිතාගෙන ඉන්න ලංකාව හරි භයංකර අමුතු රටක්.
ReplyDeleteගස් මහත්මයා ඒ ගැන කියලා වැඩක් නැහැ , "සිරි ලංකා කියලා " අමුතු විදියට තමයි බලන්නේ
Deleteමේ කතාවට ගැලපෙන 'මාද්දිවේදියෝ' ඕනේ තරම් ඉන්නවා 'සිලි ලංකාවේ'. මට පෙනෙන්නේ ඔබ ඔවුන් පිළිබඳව හොඳ අධ්‍යයනයක් කර තිබෙනවා වගේ. ඒ වගේමයි, ඒ කාලේ ගුණදාස ලියනගේ පවා, මෙවැනි චරිත ගැන ලියලා තියනවා. කොහොම වුනත්, ඇත්තටම බලනකොට, මේ ක්ෂේත්‍රයේත් කළු බැටළුවන් ඉන්නවා.
ReplyDeleteමහත්මයා ගුලි මහතා සමජයේ බොහෝ තරාතිරම් වල පුද්ගලයන් ගැන ලිව්වා. තෙවන සිල් පදය නොකඩමි ඔබ කියවලා ඇති. අද කාලේ ගුලි මහතා ඒ පොත ලිව්වොත් මොනා අඩංගුවයි ද ?
DeleteNicely fabricated
ReplyDeleteරට ඇවිත් රට කන උදවියගෙන් කිසි හිඟයක් නැත !
ReplyDeleteනියමයි
ReplyDeleteප්‍රබන්ධයක් වුණාට මේක ඇත්ත. හැබැයි, අපේ මාධ්‍ය බුවාලා ඔයිට වඩා කපටියි. උන් එසයිලම් ඉල්ලන්න කලින් ලංකාවෙන් නේපාලෙට හරි පැන්නා.
ReplyDeleteලංකාවෙ ඉන්නෙ පිස්සු යක්කු ටිකක්.උන් හිතන්නේ රට ගියාම නිකන් කකා බිබී ඉන්න පුලුවන් කියල.1997 දෙසැම්බර් විතර කාලෙ නෙදර්ලන්තයෙන් ඇසයිලම් ලැබිලත් අපි ගියේ නැහ.අපි දෙන්නෙකුටම යන්න පුලුවන් කම තිබිලත් ගියේ නැහ.ඒ කාලෙත් මම විදේශ ගතවෙලා හිටියෙ.එහේ හිට් ඇම්නෙස්ට් ජාත්‍යන්තරයෙ මහලේකම් වරයා ඒවෙනුවෙන් මැදිහත් වුනා.එහෙම ගියපු එක යාලුවෙක් ඉන්නව පැරීසියෙ.ඌට තියෙන ප්‍රස්නෙ ගැන ඇහුවම අපිට හිතෙනව ඌට සල්ලි කීයක් හරි දෙන්න.අපි බලන් ඉන්නව උගෙන් විස්කි බොන්න ඌ අපේ ගල් බෝතලේ බීල යනව
ReplyDelete