අසංක ගුරුසිංහ නාලන්දා මහා විද්‍යලයට පැමිණියේ 1978 වසරේදී විය යුතුය. ඔහු නාලන්දාවට ආවේ ඉසිපතන විද්‍යාලයෙන් කියා සිතමි. ඔහු පැමිණියේ 6 වසරටය. ඔහු සමග ලංකාවේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වී දිවයිනේ නන් දෙසින් සිසුන් කන්ඩායමක්ද පැමිණි අතර ඔවුන් සියළුදෙනා වෙනම පන්ති දෙකකට දමන ලදි.
මේ අතර එක වසරේ සිට නාලන්දාවේ ඉගෙනගත් අපට මේ අළුතින් පැමිණි සෙට් එක ඇල්ලුවේ නැත. මොවුන් සමග මොකක් හෝ බාල්දියක් ඇදගෙන අළුතින් පැමිණි කොල්ලෙකුට නෙළීමට අප මාන බැලුවෙමු. නයනප්‍රිය රත්නායක, කස්තුරිආරච්චි , පංචාල යන අළුතින් පැමිණි කොල්ලන් අපගෙන් ගුටිකෑ නමුත් ගුරුසිංහ කියා නහරකාරයෙක් වළි වලට රෙඩි පිට සිටීම නිසා අප මඳක් පසු බා ගියෙමු. නමුත් ගුරුසිංහට වැඩක් දීමට තිබූ යොමුව අපගෙන් ඈත් නොවීය.
මෙසේ වසර දෙකක් පමණ ගෙවී ගියේය. ගුරුසිංහ අපගේ කණ්ඩායමේ කෙරුම්කාරයන්වූ මනෝජ් නීලාංග , ජගත් බණ්ඩාර වැන්නවුන් සමග මිත්‍ර වීම අපට එතරම් දිරවූයේ නැත. නමුත් අප එකට සෙල්ලම් කලෙමු. එහෙත් ඉඳ හිට ගුරා සමග ගෝරි දා ගැනීම සිදු විය.
අට වසරේදී අප වරක් බයිසිකල් වල නැගී බොරැල්ල ප්‍රදේශයේ කරක් ගැසුවෙමු. ගුරාට ලිප්ටන් වටරවුම වටා වට කීපයක් ගැසීමේ දොළ දුකක් ඇතිවූ අතර මේ නිසා ඔහු බස් රථයකද ගැටීමට ගියේය. මේ හේතුවෙන් ඇතිවූ බහින්බස් වීම සුමාන දෙක තුනක්ම තිබුනේය. තවද අප ගුරාගේ ගෙවල් අසල ( වැල්ලවත්ත ධර්මාරම පාරේ) ක්‍රිකට් ගැසුවෙමු. ගුරා පළමු බෝලයෙන්ම මා දවාලීම නිසා හටගත් ගෝරිය නැවතුනේ පන්සලේ හාමුදුරුවන් කොල්ලන් ගේ ගාලගෝට්ටිය මැඩ පැවැත්වීමට ඉදළ අරගෙන ඒම නිසාය.
උසස් පෙළ කරන සමයේදී මා ජීව විද්‍යා විශයන් තෝරාගත් අතර ගුරා ගණිත විශයන් හැදෑරීය. වරක් මා විද්‍යාගාරයේ දෙවන තට්ටුවේ සිට විච්ඡේදනය කරන ලද ගෙඹි කුණක් පහළ සිටි ගුරාගේ හිස මතට වැටෙන අයුරින් විසි කලෙමි. අවාසනාවකට මෙන් එය වැදුනේ ඔහු අසලින් සිටි සිසිර දාබරේටය.
මෙලෙස මුළු පාසල් කාලය පුරා ගුරා සමග තිබූ අරියාදුව නැවතුනේ නැත.
1985 වසරේ උසස් පෙළ නිම කිරීමෙන් පසු ප්‍රතිඑල එන තෙක් සිටි සමයේ ආනන්ද රාජකීය සාන්ත පීතර යනාදී පාසල් වල ඉගෙනුම ලැබූ මිත්‍රයන් පිරිසක් සමග ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟයක් බැලීමට ගියෙමි. මෙම තරඟයට කපිල් දේව්ද සහභාගී විය. තරඟය අවසනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බස් රථයක නැගී අප අසලින් ගියා මතකය. බස් රථයේ සිටි අසංක ගුරුසිංහ මා දැක "රුවන් රුවන් "කියා අත වැනීය. එම තත්පරයේදී ආනන්ද රාජකීය සාන්ත පීතර මිතුරන් අතර මම විරුවෙකු වූයෙමි.
මම යූක්‍රයීනයේ විනිට්සා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේදී ඉන්දියානු සිසුන් සමග ක්‍රිකට් සෙල්ලම් කලමි. ඔවුන් නිතරම රවි රත්නායකේ, ශිදෙත් වෙත්තමුණි, රණතුංගේ මෙන්ම ගුරුෂිංගේ ගැන කථා කළහ. එහිදී මම ගුරුෂිංගේ සහ මම එකම පාසැලේ ඉගෙනගත් බව කීවෙමි. ශ්‍රීනාත් බරතන් මෙන්ම නිනාද් දික්සිත් මගේ කතාව ගැන සැක පහළ කොට සිනාසුනහ. එහෙත් අප දිගටම ක්‍රිකට් සෙල්ලම් කලෙමු. ගුරා සමග නාලන්දා විද්‍යාලයේදී ගත් එක චායාරූපයක් හෝ මා සතු නොවීම නිසා මට කිසිවක් ඔප්පු කර ගත නොහැකි විය.
1994 වසරේ මම මාතලේ රෝහලේ සේවය කලෙමි. මගේ බොස් වූ වෛද්‍ය ජී .ඒ රණතුංග ක්‍රිකට් ලෝළයෙකි. මම ගුරාගේ සමකාලිනයකු කී විට ශ්‍යල්‍යකර්ම කරන විට ඉතා තද විනය පාළකයෙකු වූ වෛද්‍ය ජී .ඒ රණතුංග ඉතා සැහැල්ලුවෙන් ක්‍රිකට් ගැන කථා කරමින් ඔපරේෂන් කළ අතර මම එතුමාගේ කථා අසමින් ශ්‍යල්‍යකර්ම වල සහායක වෛද්‍යවරයා ලෙස ක්‍රියා කලෙමි.
1996 වසරේ මම කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර නිලධාරියා ලෙස සේවය කලෙමි. අපගේ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනාගන්නා අයුරු රූපවාහිනියෙන් දුටු විට ඉතා ආඩම්බරයෙන් අසංක ගුරුසිංහ මා සමග නාලන්දා මහා විද්‍යාලයේ උගත් බව රෝහල් කාර්‍ය මණ්ඩලය ඉදිරියේ කීවෙමි.
ගුරාගේ සෙවනැල්ල ඉන් පසුවද මා පසුපස ආවේය. වරක් මා ඕස්ටේරලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයට ගිය විට ආචාර්‍ය පෝල් හානට් හමු විය. ඔහු මනෝ විද්‍යා විශයට පෙර මා සමග කථා කලේ ක්‍රිකට් ගැනය. ගුරා හා මා එකට ඉගෙනුම ලැබූ කියූ විටදී ඔහුගේ දෙනෙත් සතුටින් දිළිසුනේය.
කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් හට ක්‍රිකට් පිස්සුව වැලඳී තිබුනේ ඔහු කලක් ඕස්ටේරලියාවේ ජීවත්ව සිටි නිසාය. අපගේ මිතුදම වර්ධනය වන්නට ගුරාගේ සබඳතාව ද ඉවහල් විය. මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් පසු කාලයක මගේ Shell Shock to Palali Syndrome ග්‍රන්ථයට අනගි පෙරවදනක් පවා සැපයීය.
මුල් කාලයේදී එදිරිවාදියෙකු වූ ගුරා කාලයත් සමග දයාබර මිතුරෙකු බවට පත් විය. 1986 වසරේදී දුටුවාට පසු මට මෙතෙක් ගුරා හමුවී නැත. නමුත් අසංක ගුරුසිංහ නොහොත් ගුරා සැමදා අපේ ගුරාය. ගුරා ඔබට අපේ ආචාරය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Great write up Ruwan. You do have carbon-copy memory. Thanks for bringing back these wonderful memories. I hope you can be in Sri Lanka from 14-16 th August when our former classmates celebrate 30-years from leaving the school! If you haven't yet receved details, I will email you.
ReplyDeleteOMG its been 30 Y , we are getting old. Vindaya. Your mother who was a very kind teacher at Nalanda taught me Maha Podu Sadakaya (in 1977) which I still remember. Pl send me the details.
Deleteබොහොම හොඳ අතීතාවර්ජන සටහනක්. ගුරුසිංහගේ මම ආසා කරන වැඩක් තියනවා. ඔහු පන්දුවට පහර දෙන්න ලෑස්තිවෙලා, අමුතු විදිහකට ඔලුව වනනවා. හරියට, 'දැන් මම ලෑස්තියි, දාපන් බෝලේ' කියලා, පන්දු යවන්නාට කියනවා වගේ.
ReplyDeleteඒ කාලේ පාසැල් බස් රථයේ ගුරා සමග වාද කරගන්නා විට , බැනගන්නා විටත් ඔය විදියට (උඹ ලෑස්ති නම් මමත් ලෑස්තියි ) ඔළුව වනනවා. මම බහින්නේ මිලාගිරිය SPM ලඟ. එවිට ගුරා සහ කොළු නඩය කෙල්ලන් ඉදිරියේ මට කියන නම් 32 ම කියා කෑගහනවා
Deleteනම් තිස්දෙකක් එහෙනං මගේ රෙකෝඩ් එක කඩල
Deleteහරිම ෂෝක්..
ReplyDeleteදේශකයානනි කියලා වැඩක් නැහැ අපි ඒකාලේ කරපු දේවල්.
Deleteකලකදි වස කලකදි රස වෙනවාලු. :D
ReplyDeleteDude තරහකට නෙවෙයි මේවා කලේ , එකක් ළමා කාලයේ ආත්ම කේන්ද්‍රියව සිතීම.
ReplyDeleteහපොයි මම එහෙම හිතුවේ නෑ රුවන්.
DeleteOf course I know
Deleteගුරා අපෙත් ගුරා.. එක ඉස්කෝලෙක එක පංතියක නොවුනට මං හිතන්නෙත් ගුරා තාමත් 'අපේ ගුරා' කියලමයි.. ඒක සාමාන්‍යෙන් කෙනෙකුට ලේසියෙන් ගන්න බැරි නම්බු නාමයක්.. ගුරා බැට් කරන්න කලින් අන්තිම මොහොතේ තව කරන දෙයක් තමයි වම් අතේ ග්ලව් එකේ කෙළවර පොඩි ෆ්ලැප් එකක් වගේ කෑල්ලක් දිග ඇරල ආපහු අලවන එක.. ඉස්සර අපි ඕකට කිව්වේ උකුණො බිඳිනවා කියලා.. ඒ වගේම ෆයිනල් එකේ ශේන් වෝන් ට ලෝන්ග් ඕෆ් වලින් ගහපු මොන්ස්ටර් හයේ එකත් කවදාවත් අමතක කරන්න බෑ.. ස්තූතියි ආසම මතකයක් මෙහෙම ඇවිස්සුවාට..
ReplyDeleteකල්‍යාණ මිත්‍ර 1985 වසරේ අපි සකළ අවයව ඉරාගෙන උසස් පෙළ කරනවා , පාසල ඇරුණු වහාම රොටරි හෝල් රේල්වේ ඇවනියු දුවනවා. අපි එහෙම යනකොට ගුරා බැට් එකත් රැගෙන ඉස්කෝලේ එනවා. ඒවගේ කැප වීමකින් තමයි ගුරා අන්තර්ජාතිකව නමක් හදා ගත්තේ. මෑතකදී කැනඩාවේ රෝහලක ඉන් දියානු සම්භවයක් අැති වෛද්‍ය මේතා කියා Psychiatrist හමු වූවා. මම ගියේ මා විසින් ලියූ මෙතෙක් පළ නොකල පේපර් එකක් පෙන්නන්න. ඔහුත් ක්‍රිකට් වලට කැමතියි. ඉතින් ඉතිරි ටික සිතා ගත හැකියි නේද ?
Deleteසකළ අවයව ඉරාගෙන...
Delete:D :D :D
කියල වැඩක් නැහැ ඒ කාලේ
Deleteමචන් හොඳ කතාවක් ගුරා ගැන.
ReplyDeleteඅජිත් මට කවදාවත් ආනන්ද රොයල් , ඉසිපතන බේදයක් තිබුනේ නැහැ. මල්ලිගේ රෝයල් සෙට් එක මාත් එක්කත් යාළුයි , අයියලාගේ ආනන්ද සෙට් එක මාව දන්නවා , ඉසිපතන, සෙන්ට් ජෝසෆ් , සෙන්ට් පීටර්ස් විතරක් නෙවෙයි වැල්ලවත්ත හින්දු කොලේජ් එකෙත් මගේ යාළුවෝ හිටියා.
DeleteHello Ruwan
DeleteAsanka forwarded your blog to me and I feel compelled to comment given your moving narrative.
I'm the lucky woman who shares life with Gura now and also during the last 27 years. Whilst I’m always keen to hear more about his school years, I never had a doubt that he would have been a very 'colourful' personality back then despite his attempts to paint a rather laid back outlook on life since marriage and fatherhood etc. In the recent past I've been privy to a couple of gatherings in Melbourne organised by his college buddies. Following these very lively dinner gatherings, the drive home is always an animated conversation about the mischief he got up to with his mates. His eyes light up when he recounts the good old days and it becomes very obvious - he has an unbreakable bond with his mates and beloved Nalanda!
Thank you for taking the time to share your wonderful memories.
Cheers to great mateship!
Kushlani
PS. I have to make special mention of those nicknames you guys gave each other! In fact Asanka has difficulty recalling some of their actual names……but just the mention of a nickname and it all comes back in a flash!
Kushlani Thanks for the comment , Indeed you are a lucky person sharing life with Gura. Gura is a rough diamond , internally he is a gentle warm caring character. He is a very humble person. Those days we used to go to his house in Dharmarama Rd Col 6 , His parents and sisters were very kind and always treated us well. Gura made a deep impact in our lives , wherever we go we are proud to say that we studied (and fought) with him.
Deleteරුවන් ගෙ අපේ ගුරා කියවූවෙමි.
ReplyDeleteවිටෙක සිනහවිය තවත් විටෙක හෑගීම් බර වීය.
නාලන්දා මව් තුරුලේ අප ඒ ගතකල අතීතය අතිශය චමත්කාරජනක විය.
එදා ගුරාලා රොටියලා පිටියට එනවිට හතර සීමාවෙ සිට අපි උගුර ලේ රහවන තුරු ඔවුන්ව දිරිමත් කලහ.
අද දොස්තර රුවන් තම තෙලිතුඩින් ලියන විට දේඈසට කදුලු උනන්නෙ එසුන්දර අතීතය මතකයට එන නිසාවෙනි.
මෙය ලියු දයාබර රුවන්ට ස්තුතිය පිරිනමමි
ස්තූතියි බණ්ඩාර , අපි මුලින්ම හමු වෙන්නෙ 1973 දී 73 සිට 1985 දක්වා අපි විවිධ අත්දැකීම් ලැබුවා මේවා එකතු කොට පොතක් ලිවීමටත් හිතේ තියනවා.
DeleteRuwan, I did not realize that you are a proud product of our reputed Nalanda. I bless you. You are not only a renowned doctor, but an outstanding creative and impulsive writer whom I admire very much. I too was a Nalandian, who entered the University of Ceylon in 1956. Keep your beautiful creative writings aflamed.
ReplyDeleteThank you sir , Pl write to me : my email ruwanmjayatunge@gmail.com
DeleteHe is in Sri Lanka leaving next tuesday. He told me he came for the 30 year re-union. find out details about this meeting. you may meet him this week.
ReplyDeleteUnfortunately I am not in SL , like to see some pics
DeleteRespect you sir...from another nalandian old boy who passed out on 2008...
ReplyDeleteSalute Helitha
Deleteඉර හොඳට පායලා තිබුනත් අද දවස පුරාම ප්‍රබෝධය මට මුණ ගැහුනේ නැහැ. ඉර බහින වෙලාවේ බටහිර අහස සුලෝහිත පැහැයක් ගෙන තිබුනත් අද හැන්දෑවත් කිසිම කමකට නැහැ මට නම්. ඇත්තෙන්ම අද නරකම දවසක්. ගොරහැඩි අපේ ජීවිතයට වඩා මෘදු වුනු නමුත් මිල ස්ථාවර නැති පාන් පෙති කිහිපයක් හොදි තටාකෙක පොඟවමින් අරමුණක් නැතිවම සයිබර් පිටු අතරේ රස්තියාදු වෙවී ඉන්න අතරේ තමයි ඒ අපූරු බ්ලොග් වියමන මට හමුවුනේ. "බොහිමියානු දර්ශනය සොයා යාම" නම්වූ ඒ වියමන අද දවස පුරා මගේ සිරුරේ වෙලී තිබුණු කෙඩිත්තුව යම් පමණකට පිස දැමුවා. එයින් ලද උත්තේජනයත් සමඟින් ඊට පසුව මම සොයා බැලුවෙ මට අස්වැසිල්ලක් වුනු මේ වියමන ගෙතුව පුද්ගලයා කවුද කියලා !!!
ReplyDeleteබ්ලොග් එකේ තිබුනේ " Transylvania " කියලා . නමුත් ඇත්තෙන්ම මේ කවුද කියලා සොයන අතරේ තමයි මගේ තුෂ්නිම්භූත , නරක දවසේ තිබුණු සියලුම දෝමනස්සයන් දුරු වෙලා ගියේ. ඒ "අපේ ගුරා" පිලිබඳ ලිපිය ඇස ගැටීම සහ රහට වියපු බොහිමියානු ලිපිය නාලන්දියෙක්ගේ වැඩක් කියා දැන ගන්න ලැබීම.
මම හිතන්නේ වෛද්‍ය රුවන් සහෝදරයා මට වසර දහයකට පමණ පෙර තමයි ආදරණිය නාලන්දාවෙන් අධ්‍යාපනය අවසන් කරලා තිබෙන්නේ. සතුටුයි ඔබ නාලන්යෙදීක් වීම පිළිබඳව. මම ශිෂ්‍යත්වේ සමත් වෙලා නාලන්දෙට යන කොට ගුරා නාලන්දෙන් ඉවත් වෙලා. ඒ වන විටත් ඔහු ශ්‍රීලංකා පිලේ කැපී පෙනුන ක්‍රිකට් අංකුරයක්. වමතින් සීරු මාරුවට පිති හරඹයේ යෙදුන ගුරා එදවස පටන්ම මගේ වීරයා වුනා. ක්‍රිකට් උන වැළඳුන බොහෝ දෙනකුට වීරයා වෙලා හිටියේ නම් ඔහුගේම සමකාලීන රොෂාන් මහානාමව . ඔහුට සාපේක්ෂව තට්ටු දමන ගුරාට විශාල රසිකයෝ ගොනුවක් හිටියේ නැහැ. එත් මගේ වීරයා වුනේ සැබවින්ම ගුරා. පසු කාලීනව නාලන්දෙම මහේල , ගුරාගේ තැන මගේ හිතෙන් අර ගත්තට , ගුරා කියන්නේ තාමත් මට අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයා කියලා ඔබේ ලිපිය මට සිහිපත් කෙරෙව්වා, . ස්තූතියි රුවන් සොහොයුරාට මේ රාත්‍රියේ තුරු පත් ඉහලින් මට පෙනෙන ඉහල අහසේ දිලිසෙන තරු කිහිපය පිලිබඳ පැහැපත් සිතුවිලි උත්පානය කරවන්න උත්ප්‍රේරක සැපයුවාට. තව තවත් රසට සිතුවිලි ගෙත්තම් කරන්න ඔබට හැකි වේවායි පතනවා .
මම නාලන්දා 94 කණ්ඩායමේ ,
** ප්‍රවීණ සේනාධීර
Praveena Senadheera **
ප්‍රවීණ ඔබලා වැනි නොදුටු හිතවතුන් තමයි මට ලිවීමට උත්තේජනය දෙන්නේ. ඔබට ජය සතුට
Deleteඅයියේ අපි නාලන්දේට ශිෂ්‍යත්වයෙන් ආවේ 1999. ඒ වෙනකොට අපිට ක්‍රිකට් උණ උපරිමේටම තිබ්බා, අපි ගුරාලා මහානාමලා ඉස්කොලේ සෙල්ලම් කරනවා නොදැක්කට පැවිලියන් එකේ එයාලාගේ නම් ගහපු බෝර්ඩ් එක දිහා බැලුවෙත් මාරම ආඩම්බරයෙන්. කතාවක් තියෙනවා නේද මහානාම ප්‍රධාන ගොඩනැගිල්ලේ මුදුනේ තියෙන ධර්ම චක්‍රයට 6 පාරක් ගැහෙව්වා කියලා.. ගුරාලගෙන් පස්සේ මගේ ක්‍රිකට් වීරයා උනේ මහේල, ඒත් මහේලත් ගියාට පස්සේ මැච් බලන එක සම්පූර්ණෙන්ම නැවැත්තුවා. එතකොටයි මට තේරුනේ මම ක්‍රිකට් වලට වඩා ආදරේ කරලා තියෙන්නේ නාලන්දෙට කියලා.. ලස්සන ලිපියක්.. නාලන්දේ කොල්ලෙක්නේ :) සුබම සුබ අනාගතයක්!!!!!!!!!! ගයාන්
ReplyDeleteඅයියේ අපි නාලන්දේට ශිෂ්‍යත්වයෙන් ආවේ 1999. ඒ වෙනකොට අපිට ක්‍රිකට් උණ උපරිමේටම තිබ්බා, අපි ගුරාලා මහානාමලා ඉස්කොලේ සෙල්ලම් කරනවා නොදැක්කට පැවිලියන් එකේ එයාලාගේ නම් ගහපු බෝර්ඩ් එක දිහා බැලුවෙත් මාරම ආඩම්බරයෙන්. කතාවක් තියෙනවා නේද මහානාම ප්‍රධාන ගොඩනැගිල්ලේ මුදුනේ තියෙන ධර්ම චක්‍රයට 6 පාරක් ගැහෙව්වා කියලා.. ගුරාලගෙන් පස්සේ මගේ ක්‍රිකට් වීරයා උනේ මහේල, ඒත් මහේලත් ගියාට පස්සේ මැච් බලන එක සම්පූර්ණෙන්ම නැවැත්තුවා. එතකොටයි මට තේරුනේ මම ක්‍රිකට් වලට වඩා ආදරේ කරලා තියෙන්නේ නාලන්දෙට කියලා.. ලස්සන ලිපියක්.. නාලන්දේ කොල්ලෙක්නේ :) සුබම සුබ අනාගතයක්!!!!!!!!!! ගයාන්
ReplyDeleteThanks Gayan
DeleteThat was Gura who hit that six in 83.
Deleteමෙි රසවත් ලිපිය කියවිවට පස්සේ ගුරැසිංහ විතරක් නොව පසු කළක ක්රිකටි දැවැන්තයන් බවට පත් වු අරවින්ද මහානාම අනුරසිරි වැනි ක්රිඩකයන් රැසක් මුලින්ම දුටු දිනය සිහිපත් විය.වර්ෂය 1984 විය යුතුය.ඒ යුගයේ පාසල් ක්රිකටි වාරය අවසානයේ කොළඔ පාසල් සහ පිටපළාත් පාසල් ඒකාබද්ධ කණ්ඩායමි අතර තරගයක් පැවැත්වෙි.මා කියන තරගය පැවතියේ මහනුවර අස්ගිරිය ක්රිඩාංගණයේදීය.කොළඹ නායකයා අරවින්ද වු අතර මහානාම ගුරැසිංහ එම පිළට ක්රිඩා කළා.පිටපළාත් නායකයා වුනේ මාලන් වොන්හාටි.එදා කොට කලිසමි හැදි කොලු ගැටවි වු අප වැඩියක්ම තරගය බලන්නට ගියේ අප පාසලේ ක්රිකටි වීරයා වූ සේනක දිසානායක පිටපළාත් පිලට ක්රීඩා කළ නිසයි.වන් මූන් චියරිං ස්කොඩි පර්සි අබෙිසේකරත් තරගය බලන්නට පැමිණි බව මතකයි.ඔහු උදවි කළේ පිටපළාත් පිලට.තරගයේ ලකුනු විස්තර අද මට මතක නෑ.නමුත් මුලින් පන්දුවට පහර දුන්නේ කොළඹ කණ්ඩායම.රොෂාන් ඉක්මණින්ම දැවී ගියා.ඒ ධමිමික බුලන්කුලම රැකගත් විශිෂ්ඨ උඩපන්දුවක් නිසා.අරවින්ද සහ ගුරා පන්දුවට පහර දෙනවා මතක නමුත් ලබාගත් ලකුණු සංඛ්‍යා මතක නෑ.දෙවනියට බැටි කළ පිටපළාත් පිළ තරගය ජය ගත්තා.කඩුළු රැක්කේ ගුරැසිංහ.තම සුපුරැදු ක්රීඩාංගණයේ අගනා ඉණිමක් ක්රීඩා කරපු සේනක අයියා ලකුණු 60 ගානක් ලබා ගෙන තරගයේ වීරයා වුනා.තරගය අවසානයේ ත්‍යාග ප්රධානය කළේ එවකට පුරපති වු තිලක් රත්නායක මහතා.එදා සවස අපි සතුටු සිතින් ගෙවල්වලට ගියා මතකයි
ReplyDelete+++++++++++
Delete