මානසික වෛද්‍යවරයා ඉදිරියට පැමිණි රෝගියා ගැඹුරු හුස්මක් හෙලමින් ඔහු ඉදිරියේ තිබු පුටුවේ වාඩි විය. කාමරය අඳුරුය. මලානිකවූ නිල් පැහැති එළිය නොතිබුනේ නම් රෝගියාට වෛද්‍යවරයාගේ මුහුණ පවා දැකීම අපහසු වනු ඇත. මානසික වෛද්‍යවරයා තමාගේ අතේ තිබු ලිපිගොනුව දිග හැර බැලිය. එහි ඇත්තේ රෝගියා පිලිබඳ විස්තර ය. මානසික වෛද්‍යවරයා ලිපි එකින් එක කියවන විට රෝගියා වෛද්‍යවරයා දෙස බලමින් ඔහුව හොඳින් නිරීක්ෂණය කළේය. කළු පැහැති කලිසම, ලා නිල් පැහැති කමිසය ලා කහවන් ටයි පටිය සහ කළු පැහැති සපත්තු රෝගියාගේ අවධානයට ලක් විය. වෛද්‍යවරයා රෝගියාගේ රෝග ඉතිහාසය පිලිබඳ වාර්තා කියවන විට රෝගියා සෙමෙන් සෙමෙන් තම කතාව ඇරඹිය.
"මම සිතමි. එම නිසා මා වෙමි. යන ඩෙස්කාටේගේ ප‍්‍රකාශය මා විශ්වාස නොකරමි. මා කවුද? සිතන්නේ කවරෙක්ද? මගේ මනස තුළ පුද්ගලයා සිතන්නේ කුමක්ද? මා එය නොදනිමි. මගේ කය මගේ සිත මගේ ඇඳුම මේ ආදී වශයෙන් මගේ යන ගොඩට තව එකතුවෙලා එතකොට මම කියන්නේ කවුද? මම සිතනදේ මගේ කය නොසිතන්නේ මන්ද ? මට අවශ්‍යයි නින්දට නොයා සංවාදයේ යෙදෙන්න නමුත් මගේ කය නිදිමත වී ගෙන එනවා. කය වෙහෙසට පත් වෙලා ඒ නිසා මනසට බැහැ තව දුරටත් අවදිවී සිටින්න. කයෙන් බැහැරව මේ මනසේ පැවැත්මක් තිබෙනවද ? වෛද්‍යවරයෙක් හැටියට ඔබ දන්නවා ඔක්සිජන් සැපයීම නැවතුනු විට මොලය කෙමෙන් කෙමෙන් මැරෙනවා. මගේ හිස් කබල දෙබෑ කර මස්තිෂ්කය ගලවා ග්ලුකෝස් ද්රා වණයේ තබන්න. එවිට මගේ සිතුවිලි වලට මොනවාද වෙන්නේ? සිතුවිලිවල පැවැත්ම තිබෙනවද ? මරණින් පසු මගේ සිතිවිලි වලට මොනවාද වෙන් නේ? ඒවා වෙනත් ධරාතලයකට යනවා වෙන්නට ඕනේ.
වෛද්‍යවරයා සටහන් කියවීම නවතා රෝගියා දෙස බැලිය.
"මම සිතමි. එම නිසා මා වෙමි. ඩොක්ටර් මේ ප‍්‍රකාශය ගැන හිතන්නේ මොකක්ද? මම මානසික රෝගියෙක් ඩොක්ටර්, සයිකයාටි්රස්ට් කෙනෙක්. අපි දෙන්නා අතර තාප්පයක් තියනවා. ඒ එක්කම අපි අතර පාලමකුත් මම දකිනවා. තාප්පය මොකක්ද ? පාලම මොකක්ද ? අපිට බැරිද තාප්පය අයින් කරන්න." රෝගියාගේ මුවට සිනාවක් නැගුණි. ඔහු යලිත් කතාව ඇරඹිය
" හොඳයි අපි රෝගය ගැන කථා කරමු. ඩොක්ටට අවශ්‍ය මගේ මනස විශ්ලේෂණය කරන්න. ඒක හරියට ශල්‍ය වෛද්‍යවරයක් බඩ කපලා බඩේ තියෙන අවයව සෝදිසි කරනවා වගේ වැඩක් කියලයි මම හිතන්නේ. බඩවැලෙන් කොටසක් නරක්වෙලා. එතකොට ශල්‍ය වෛද්‍යවරයෙක් නරක් වෙච්ච බඩවැල් කෑල්ල කපලා ඉවත් කරනවා. හොඳ කෑලි දෙකේ අග්ගිස්සවල් එකට තියලා මහනවා. ඊට පස්සේ ලෙඩාට සනීපයි. මගේ මොලේ කොයි කොටස නරක් වෙලාද කියන්න ඩොක්ටට පුළුවන්ද? ඇත්තටම මගේ මොලේ නරක්වෙලාද? නරක වෙච්ච කැල්ල අයි න් කරලා නිරෝගී කෑලි දෙක එකට එ කතු කරලා මහන්න බැරිද ? මම ඇත් තටම මානසික රෝගියෙක්ද ? මොකක්ද ඒක සනාථ කිරීමට තියන ස ාධක? මම තනියම කතා කරන එකද , තන ියම හිනා වෙන එකද මව රෝගියෙකු ක ියලා පැත්තකට දාන්න හේතු වූ කා රණය ?
ඩොක්ට හිතයි මම කියවනවා වැඩියි කියලා. මම භින්නෝන්මාද රෝගියෙක්ද? එහෙමත් නැත්නම් හයිපොමේනියා තත්වයෙන් පෙළෙනවද? මැනික් ඩිප්රෙසිව්ද? නැත්තං වෙනත් මොනවා හරි ඞීවියේෂන් එකක් තියෙනවද කියලා මට කියන්න. එහෙමත් නැත්තං මගේ මනස නිරවුල්ද? ඩොක්ටගේ දැණුම අත්දැකීම් ඔක්කෝම ආදේශ කරලා බලන්න. මට තියෙන්නේ මොකක්ද කියන්න. මම ඩොක්ට ගේ වචනය පිළිගන්නවා. හැබැයි මට රෝගයක් නැත්තං මාව මේ විදිහට කොටු කරගෙන ඉන්න එපා. මට යන්න දෙන්න. මම සමාජයට අනතුරක් නෙවෙයි. මගෙන් කාටවත් හිරිහැරයක් නැහැ.
සමහර වෙලාවට මට හිතෙනවා මම ඉන්නේ ප‍්‍රකෘතියෙන් කියලා. එතකොට මට දැනෙනවා අනෙක් මිනිස්සු ඉන්නේ මායාවක පැටලිලා කියලා. ඒ මගේ රෝගය නිසා මට දැනෙන දෙයක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒත් මට හිතෙන්නේ මානසික රෝගීන් යථාර්ථයට සමීපයි කියලා. ඇත්තෙන්ම මම යථාර්තයට සමීප නැද්ද?
රෝගියා මොහොතකට කතාව නවතා වටපිට බැලිය. අඳුරු කාමරය හැර කිසිවක් දක්නට නොමැත.
" අපි බලමු මේ වටාපිටාවම, මම ඉන්නේ අංගොඩ මානසික රෝහලේ, මම එක්ක නානා මාදිලියේ රෝගීන් ඉන්නවා. සමහරු දරුණුයි. සමහරු බාහිර ලෝකය සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ අය ජීවත් වන්නේ තමන්ගේම ලෝකයක. ඒ ලෝකයේ කාලය යන්නේ ඉතාම හෙමින්. අර බලන්න අර ඇඳ උඩ වැතිරිලා ඉන්න ලෙඩා. දැනට ඇවිල්ලා සති තුනයි. තාම එකම වචනයක්වත් කථා කළේ නැහැ. සිවිලිම දිහා බලාගෙන මුමුණනවා. තනියම හිනා වෙනවා. මම හිතනවා ඒ මිනිහා වාසනාවන්තයෙක් කියලා. මේ රෝහලෙන් පිටත ජීවත් වෙන මිනිස්සු කොච්චර කරදර පොදි බැඳගෙන ජීවත් වෙනවාද? ජීවිතය විඳවනවා. එහෙම බලනකොට අර හාදයා තමාගේම ලෝකයක තනිවෙලා. ඒ ලෝකයේ උද්ධමනය, විරැකියාව ත්‍රස්තවා දී ප‍්‍රහාර මොනවත් නැහැ. මිනිහයි සිවිලිමයි විතරයි. ඩොක්ටලා කරන්ට් අල්ලපු හැටියෙම මිනිහා ආපසු යථා ලෝකයට එනවා. එතකොට මිනිහගෙ ඔළුවට ජීවිත ප‍්‍රශ්න දැනෙනවා. මිනිහා දැවෙනවා, නොසන්සුන් වෙනවා, හිතේ කරදර නිසා විඳවනවා. ඔහු අසතුටට පත් වෙනවා. මම හිතන්නේ වෛද්‍යවරු හොයාගන්න ඕනේ මිනිහව ඒකෙන් මුදවන හැටි නෙවෙයි, ඒ ලෝකයේ සදහටම ජීවත් කරවන්න හැකි ක‍්‍රමයක්."
රෝගියාගේ මුවට මඳ සිනහවක් ආවේය. ඔහු යලි කතාව ඇරඹිය.
මම කැමතියි මේ තත්වයෙන් මිදිලා ඒ මිනිහගේ තත්වයට යන්න. එතකොට හිත නිදහස්. අපි යථාර්තයට ලංවන්න වන්න ලංවන්න අපිට ජිවිතයේ තත්‍ය ස්වභාවය තේරුම් යනවා. එතකොට අපි බයට ,පිඩනයට පත් වෙනවා , නොසන්සුන් වෙනවා , ජීවිතය ගිනි ගොඩක කියල දැනෙනවා. ඩොක්ට ට බැරිද මාව ඒ මානසික තලයට ගෙනයන්න?
වෛද්‍යවරයා රෝගියා දෙස බලා සිටියා පමණි. කිසිදු පිළිතුරක් නොදුන්නේය. එම නිසා රෝගියා යලි කථනය කරා යොමු විය. ඔහු නිල් පැහැති ආලෝකය දෙස බලා කතා කළේය.
ඩොක්ට මගේ නම දන්නවත් ඇති. මම ආපහු කියන්නද? මම වින්සන්ට් ලංකාතිලක. වයස පනස් දෙකයි. මම මුලින්ම කළේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය රැකියාව. ඊට පස්සේ මම ලෝකය ගවේෂණය කරන්න පටන් ගත්තා. ලෝක ගවේෂණය මගේ බුද්ධි වර්ධනයට සමාජ දැනුම වර්දනයට අවශ්‍ය උනා. මම මැක්සිම් ගෝර්කි වගේ නානා ප‍්‍රකාරයේ මිනිසුන් ආශ‍්‍රය කරමින් ඔවුන් සමඟ කථාබස් කර කර මනුෂ්‍යා පිළිබඳ සත්‍ය හොයන්න ගත්තා. මම ලංකාවේ පාරවල් දිගේ ඇවිද්දා , පිටරට ගියා , ඉන්දියාවේ , යුරෝපයේ , උ තුරු ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ මේ හැම තැනකටම ගියා. මට නානාප්‍රකාරයේ මිනිස්සු හමු උනා. මට හම්බු නොවෙච්ච කෙනෙක් නැහැ. හමු වෙච්ච සෑම කෙනා තුලින් මම බැලුවේ යථාර්තය සොයාගන්න, පරමාදර්ශය තෝරාගන්න. තම මගේ වෑයම ඉවර නැහැ . තවම මම මගේ ගමන යනවා. අද මට ඩොක්ට හමුවුණා. මම ඩොක්ට තුලිනුත් යථාර්තය සොයනවා. "
***********************
වාදනය උනේ La melodía del corazón සංගීතය. අපි ටැංගෝ නැටුවා. මේගන්ගේ ඉන ටැන්ගෝ වලටම මවපු ඉනක්. නටලා අපිට මහන්සියි. මේගන් මට කිවුවා ‘ෂැල් වී ගෝ ඇන්ඞ් හෑව් එ ඩි‍්‍රන්ක් ඉන් මයි රූම්...” කියලා. මම ඒකට එකඟවුණා. අපි එලිවේටර් එකට ගියේ අත් පටලවාගෙන. ලිෆ්ට් එක හත්වෙනි තට්ටුවට යනකං මේගන් මගේ උරහිස උඩ හිස තියාගත්තා .
මේගන්ගේ කාමරයේදී අපි ෂෙරි ගත්තා. මේගන් මගෙන් ඇහුවා පූල් ඒක පැත්තේ ගියේ නැද්ද කියලා. මම පීනන්න කැමතියි. එත් නෙරන්ජලී පීනන්න බයයි. නෙරන්ජලී පීනුවේ කුඩා පූල් එකකදී විතරයි. මම මේගන්ට කිව්වා මම පූල් එකේ පීනන්න කැමති නැහැයි කියලා. මේගන් එතකොට කිව්වා ඊයේ දහවලම හිටියේ පූල් එකේ , ඒ අතර හිරු රැස් තැප්පා කියලා. මම මොකුත් කිව්වේ නැහැ. මට මොකටද හිරු රැස් තපින්න අවශ්‍ය.?
සෙලීන් ඩියෝන්ගේ ගීතයක් මුමුනමින් සිටි ඇය මගෙන් උදව්වක් ඉල්ලූවා. මේගන් මට කිව්වා ඇයගේ පිටේ සන් ක‍්‍රීම් ගාන්න පුලූවන්ද කියලා. මම ඔව් කිව්වා. එතකොට ඇය ටොප් එක ගලවලා මට පිටුපාලා බ්‍රෙසියර් එක ඉවත් කරලා ඇඳ උඩ මුනින් අතට වැතිරුනා. ”කී‍්‍රම් ඊස් ඔන්ද ටේබල්..” ඇය මට ඇගිල්ලෙන් පෙන්නුවා. මම ක‍්‍රීම් බෝතලය අරගෙන මේගන් ළඟට ගියා. මගේ හිතට අමුතු හැඟීමක් දැණුනා. මේගන්ගේ රන් පාට ඇඟ, ලස්සන අත්, ඇය වීනස් දෙව්දුව වගේ. මම මේගන්ගේ රන් පැහැ හිසකේ පැත්තකට කරලා ක‍්‍රීම් අත්ලට ගත්තා. ඇයගේ ගෙල පිට උරහිස්වල ක‍්‍රීම් ආලේප කරලා හෙමිහිට මෘදුව මසාජ් කළා. මේගන් ඇස් වහගෙන ගැඹුරු හුස්මක් ගත්තා. මම විනාඩි විස්සක් විතර මේගන්ගේ පිටේ ක‍්‍රීම් ගාමින් මසාජ් කළා. ඇය මට කිව්වා ”යූ රිමයින්ඩඞ් මී මයි ෆස්ට් හස්බන්ඞ්..” කියලා ඊට පස්සේ මුනින් අතට හිටි මේගන් මගේ පැත්තට හැරුනා. මම මේගන්ගේ ඇස් මගඅරින්න උත්සාහ කළා. නොදැනුවත්වම මගේ ඇස් ගියේ ඇගේ රන්පාට පියයුරුවලටයි. මම දුටුවා මේගන්ගේ රතු නිපල් එක. මම ඇස් එයින් ඉවතට ගන්න උත්සහ කලා. මට දැණුනා වෙනත් කෙනෙක් මගේ මනස පාලනය කරන බව.
මේගන් මට කිව්වා ”බේබි ඇප්ලයි ක‍්‍රීම් ඔන් මයි චෙස්ට්...” කියලා. මගේ අත්ල ඇයගේ පියයුරු වල වැදෙන කොට මගේ මනස මගේ පාලනයෙන් ඉවත්වෙලා. මම මගේ ඇඟිලිතුඩුවලින් ඇගේ රතු නිපල් දෙක ස්පර්ෂ කළා. ඒ එක්කම මේගන් මගේ තොල් දෙක කිස් කළා. මගේ මනස පාලනයෙන් මිදිලා වෙනත් අයෙකුගේ ග‍්‍රහණයට ගිහිල්ලා. ඒක හරියට පයිලට් ඉවත්කරලා කෝ පයිලට් ජෙට් එක පදවන්න ගත්තා වගේ. ජෙට් එක වේගයෙන් යනවා. මගේ ඇඳුම් ශරීරයෙන් ඉවත්වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මේගන්ගේ දිව මගේ තොල් අතරින් කට ඇතුළට ගියා. මට මේගන්ගේ දිවෙන් ෂෙරි රසයක් දැණුනා. මම මේගන්ගේ දිව ළමයෙක් ලොලි පොප් එකක් සූප්පු කරනවා වගේ සූප්පු කළා. අපි දෙන්නා ඇඳ උඩ දැගළුවා. එකිනෙකා බදාගත්තා. ඇඩම් සහ ඒව වගේ අපි දෙන්නම නිරුවතින්.
**************************
" අවිඥනික ප‍්‍රතිරූප සමහර විට මගේ මනසේ මැවෙනවා. ස්තී‍්‍රත්වය ද අවිඥනි ක ප‍්‍රතිරූප හරහා මම ග්‍රහණය කලේ ?. ඩොක්ට මියුසික්වලට කැමතිද? මම ළඟදී කියවපු දෙයක් කියන්නද? බීට්ල්ස්, බීජිස් කියන කණ්ඩායම් ස්තී‍්‍රත්වය හරහා තමයි තමන්ව මාකට් කළේ. බලන්න ජෝන් ලෙනන්, පෝල් මැකාටිනි, ජෝජ් හැරිසන්, රිංගෝ ස්ටාර් කොන්ඩෙ ස්ටයිල් කළේ කෙල්ලන්ගේ වගේ. රසිකයෝ කාන්තා ප‍්‍රතිරූප බීට්ස්ලගෙන් දැක්කා. ඒ වගේම බැරී ගිබ් සින්දු කිව්වේ හයි පිච් කාන්තා කටහඬකින්. මිනිස්සුන්ට අවශ්‍යයි අවිඥනික ප‍්‍රතිරූප. මිනිස්සු ඒවා වැළඳගන්නවා. ඔබ ඒ තර්කය පිළිගන්නවද ?
මගේ තර්කය මම තවත් විදියකින් කියන්නම්. හොලිවුඩ් ලෝකයෙත් අවිඥනික ප‍්‍රතිරූප නළුවන් හරහා අපි දකිනවා. මම පොඩි උදාහරණයක් කියන්නං. දැන් අපි රෝයි රොජස්, ගැරි කූපර්, මයිකල් ඩග්ලස්, හැරිසන් පෝඞ්, කෙවින් කොස්නර්, බ‍්‍රැඞ් පිට් මේ අයගේ මුහුණු කම්පියුටර් එකට දාල ඒවා සමපාත කරන්න බලන්න. මොකක්ද ප්රථිඵලය? ඒ මුහුණු හැඩ ඔක්කොම එක සමානයි. ගිය පරම්පරාවේ ජනප‍්‍රිය නළුවාගේ මුහුණේ හැඩරුවට සමාන කෙනෙක් තමයි ඊළඟ පරම්පරාවෙත් වීරයා වෙන්නේ. මට හිතෙනවා මිනිස්සු තමන්ගේ අවිඥනික ප‍්‍රතිරූපයට සමපාත කරලා මේ නළුවන් ප‍්‍රතිග‍්‍රහණය කරගන්නේ. මගේ හිතෙත් මේ ආකාරයේ විවිධ ප්‍රතිරුප මැවෙනවා. මිනිස්සු අද්භූත දේ වලට කැමතියි. ඒ කියන්නේ මිස්ටික් දේ වලට ඇල්මක් තියනවා. මිනිස්සු ඇලෙක්සෙන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලින් හොයාගත්තහම පුදුම වුණේ නැහැ අමුතු ප‍්‍රාතිහාර්යක් බලන්න වගේ ඒ පස්සේ දිව්වේ නැහැ. මොකද එතන ගුප්ත බවක් තිබ්බේ නැහැ. පෙනිසිලින් ෆෝමියුලා එක ඇලෙක්සෙන්ඩර් ෆ්ලෙමිං පැහැදිලි කළා. ඒත් සායි බබා අළු මවනවා කිව්වහම මිනිස්සුන්ට අද්භූත බවක් තියනවා. එතන අළු මැවීම ගුප්තයි. මිනිස්සු පෝලිං ගැහිල යනවා. එතන ෆෝමියුලා එකක් නැහැ. ඇත්තේ කඩතුරාවකින් වසාපු ගුප්ත බව විතරයි.
ඩොක්ට මගේ මනසේ නිරවුල් බව ගැන සොයනවා. බලන්න අවට ලෝකය දිහා. ම ිනිස්සු මුලා වෙලා. මිථ්‍යාවට යට වෙලා. මේ නූගත් අට වසරට ඉගෙනගත්ත මිනිස්සු නොවෙයි. විශ්ව විද්‍යාල උපාධි තියෙන හොඳට රටතොට ගැන දන්න මිනිස්සු. මොලය විසිවන ශතවර්ෂයේ ඒත් හදවත ගල් යුගයේ. ඕනෑම බොරුවක් තර්ක විතර්ක නැතුව පිළිගන්නවා. මිනිස්සුන්ට විචාර බුද්ධියක් නැහැ. හිතන්නන් වාලේ හිතනවා. කියන්නන් වාලේ කියනවා. අල්ලපු ගෙදර එකා විශ්වාස කරන නිසා මාත් විශ්වාස කළ යුතුයි කියලා හිතනවා. ස්වාධින චින්තනයක් ඇත්තේම නැහැ. ස්වාධීන චින්තනයක් තියෙන්න බැහැනේ. ඉස්කෝලේ බාලාංශ පන්තියේදීම ස්වාධීන කුතුහලය, ගවේෂණය, නිර්මාණශීලි භාවය මොට කරලා දානවා. විශ්ව විද්‍යාලයෙන් එළියට එන්නේ ගිරා පෝතකයෝ. කටපාඩම් කරගත්ත දේ වමාරනවා. ඒ ගැන තර්කානුකූලව හිතන්නේ නැහැ. මේ මිනිසුන්ගේ මනස නිරවුල් කියලද ඩොක්ට හිතන්නේ?
මිනිස්සු යන්නේ ගෝත‍්‍රික චින්තනයට. අන්තවාදින් දහ දෙනෙකුට පුළුවන් රටක් උඩු යටිකුරු කරන්න. හොඳ මිනිස්සු නිශ්ශබ්දයි. වුණේ අපට ඕවට පැටලෙන්න බැහැ. නැත්තං ඇයි අපි තරහාකාරයෝ හදාගන්නේ, අපට පුළුවන්ද රට හදන්න. මෙන්න මේ වගේ බයාදු චින්තනයකට බැහැලා ගොළුබෙලි කට්ට ඇතුලට රිංගනවා. හොඳ මිනිස්සු බහුතරය අක‍්‍රිය වෙනකොට අන්තවාදියා ක්‍රියාත්මක වෙනවා. උමතු මිනිස්සු ඉන්න රටක් මේක. ඩොක්ට උන්ට බෙහෙත් කරන්න මට බෙහෙත් කරන්න ඉස්සර. තරහා වෙන්න එපා ඩොක්ට මම තදින් කථා කළාට. මට ඩොක්ට තිස්ස එක්ක ප‍්‍රශ්නයක් නැහැ. මම ආවේගශීලී වෙලා කියලා හිතන්න එපා. මම කළබලකාරයෙක් නෙවෙයි. මට බෙහෙත් විදින්න එපා.
***************************
රෝගය නිසා මම වෙනස් මිනිහෙක් බවට පරිවර්තනය උණා. ඒක හරියට මාක් ඩේවිඩ් චැප්මන් කිව්වා වගේ I found my identity ,but lost my life. මගේ හිස තුල සිටි කුඩා මිනිසුන් සහ විශාලමිනිසුන් අතර යුද්දයක්. සුර අසුර යුද්දය වගේ, තල්මසුන් මෝරුන් අතර යුද්දය වගේ. දෙපක්ෂයම එකවගේ සටන් කරනවා. අවසානයේදී කුඩා මිනිසුන් සහ විශාල මිනිසුන් පරයා ජයගත්තා. කුඩාමිනිසුන් එකට එක්කාසු වී එක ශක්තිමත් කුඩා මිනිසෙක්ව සැදුවා. ඔහු රොකී මාශියානෝ වගේ ශක්තිමත්. නමුත් ඔහු හුදකලායි මර්සෝ වගේ. ඔහු තමයි මොලයේ පාලනය අතට ගන්නේ. ස්නායුට්රාන්ස්මීටර මෙහෙයවීම කරන්නේ ඔහු විසින්. ඔහු ඒකාධිපතියෙක්, ඔහුගේ අණ අනුව තමයි සෑම මස්තිෂ්ක සෛලයක්ම ක්රියා කරන්නේ. අකිකරු සෛල විනාශ කරනවා. පැවතිය හැක්කේකීකරු අනුගතවන සෛල වලට පමණයි. කීකරු අනුගත සෛල වලට යහමින් ඔක්සිජන් ලැබෙනවා.ඔක්සිජන් යහමින් ලැබෙන පුද්ගලාභිවාදනයේ යෙදෙනවා. පුද්ගලාභිවාදනයේ නොදෙනසෛල වලට ලැබෙන්නේ එදිනෙදා සෛලය පවත්වාගෙන යාමට අවශ්‍ය පෝෂක දියර සහ ඔක්සිජන් පමණයි.
සමහර සෛල එකතුවෙලා උද්ගෝෂණ කරනවා සෑම සෛලයකටම එකහා සමානපෝෂක තරලය සහ ලබාදෙනු කියලා. නමුත් මේ උද්ගෝෂණ අසාර්ථකයි. උද්ගෝෂක සෛල අතුරුදහන්වෙනවා , සමහර සෛල උද්ගෝෂණ අතරමග නවත්තලා කීකරු පුද්ගලාභිවාදනයේයෙදෙන සෛල බවට පත් වෙලා තම පැවැත්ම යහපත් කරගන්නවා.
****************************
ඩොක්ටට මම කියන දේවල් තේරෙනවද? මගේ තර්කයේ තේරුම් ගන් න උත්සහ කරන්න, මම හිතන්නේ අපි ලෝක දෙකක තනිවෙලා. ගුණදාස කපුගේ ගැන දන්න මිනිහා ජෝජ් බෙන්සන් ගැන දන්නේ නැහැ. ජෝජ් බෙන්සන් ගැන දන්න මිනිහා ගුණදාස කපුගේ ගේ උන්මාද සිතුවම් අහලා නැහැ. මේක එක වෙලාවකට අවුල් ජාලයක් වාගේ. කීර්ති පැස්කුවෙල් අහපු මිනිහා ඉයන් සදලෑන්ඞ්ගේ සිංදු අහලා නැහැ. ඒ නිසා දැනුම රස විඳීම සීමා වෙලා. එතකොට බුද්ධියට සීමා පැනවෙනවා. තමන් දකින දර්ශනය පටුයි. තමන්ගේ විශ්වාස පීරිසියක්, පිඟානක් තරම් කුඩයි. මේ ක්‍ෂද්‍ර විශ්වයේ ඉඳගෙන වෛවාරන්න ප‍්‍රශ්න අහනවා. සත්‍ය සමහරක් විට අපිට තේරුම් ගන්න අමාරුයි. දුමාරයෙන් වැහිල. හරියට මුල්කිරිගල චිත‍්‍රය වගේ. සත්‍ය අන්ධකාර වෙනකොට අසත්‍යය දිස්නේ ගහනවා. අසත්‍යය තමයි සත්‍යයේ සළු පොරවගෙන ඉන්නේ.
ටෙක්සාස් යුනිවර්සිටි එකේ ටික කාලයක් මම විසිටින් කළා. ස්ටුඩන්ට්ලා හරිම නිදහස්. ලෙක්චර්ස්ලාට බයක් නැහැ. බොරු නිවට ගෞරව දක්වන්නේ නැහැ. තමන්ගේ මතය බය නැතුව ලෙක්චර්ගේ මූණටම කියනවා. ශිෂ්‍ය සංගම් වලින් සිසුන් යට කරගෙන ඉන්නේ නැහැ. එතන මම දැක්කා නිවහල් චින්තනයට , තර්කානුකුල චින්තනයට ඉඩ දීලා. ඒ නිසා මනස වැඩෙනවා. අලූත් අලූත් මාවත් කරා දැණුම විහිදෙනවා. එක ලෙක්චර් එකකදී ස්ටුඩන්ට් කෙනෙක් මගෙන් ඇහුවා පිකාසෝගෙයි ඇලිස් කූපර්ගෙයි අතර වෙනස මොකක්ද කියලා. මම කිව්වා පිකාසෝ පින්තාරු කළේ කැන්වස් එකේ. ඇලිස් කූපර් පින්තාරු කළේ තමන්ගේ මුහුණත් තහඩුවේ කියලා. මුළු ශාලාවම විනාඩි ගණනක් යනකම් අත්පොළොසන් දුන්නා.
ඩොක්ට දන්නවාද පෝල් ස්ටැන්ලි. පෝල් ස්ටැන්ලි කියන්නේ කිස් කියන රොක් ගෘප් එකේ සාමාජිකයෙක්. කිස් කණ්ඩායමට සමහරු කිව්වේ කින්ඩර් එස්. එස්. කියලා. ඒ කියන්නේ හිට්ලර්ගේ එස්. එස්. දැරුවා කියලා. මේ ගොල්ලන්ගේ ඇල්බම් එකක් තියෙනවා සොහොනේ සිට එන සංගීතය කියලා. මේ ඇල්බම් එකේ සිංදු අහනකොට අමුතු බයක් හිතේ ඇතිවෙනවා. ඇලිස් කූපර්වගේ මුහුණ පින්තාරු කරගෙන තමයි කිස් කණ්ඩායම සිංදු කියන්නේ. ඇලිස් කූපර්ගේ එක සිංදුවක් තියෙනවා බිළිඳුන් වළලපු සොහොනක් ගැන. මේ සොහොන් භූමියේවල දාලා තියෙන බිළිඳු මළ සිරුරු රෑ නැගිටිනවා. අමුතු තේමාවක් තමයි මේ ගීතයට තියෙන්නේ.
**********************
ශරීරය හා ආත්මය අතර ඇති සබඳතාව මම දැක්කා කජුරාහෝ දේවාලයේ ගල් පිළිම අතර. කාම සූත‍්‍ර දේවාලය කියලා කියන්නේ මේ දෙවාලයට. ලිංගික ඉරියව් ගල්වල කොටලා, ශරීරය, මනස හා ආත්මය බද්ධ වෙලා. රාත‍්‍රී කාලයේ මුහුද අද්දර රැුල්ල නැගෙන හඬ, ක්ෂිතිජයට මදක් උඩින් පෙනෙන මළානික සඳ, මුහුදු හුළඟ මේවා එකතු උනාම ශරීරයට දැනෙන්නේ මොකද්ද? එමදේම කජුරාහෝ දේවාලයේදී මට දැණුනා. මම ගෝපතී ගේ අත තද කරළා අල්ල ගත්තා. ගෝපතී හින්දි උරුවට ඉංග‍්‍රීසියෙන් කෙඳිරුවා. ලතා මංගේෂ්කාර්ගේ හඬ සමඟ නෝරා ජොන්ස් ගේ Come away with me in the night මට ඇසුනා. ගෝපතී ගේ කටහඬ මට ඇසුනේ නැහැ. හින්දි උරුවට කථා කරන ඉංග‍්‍රීසි කටහඬ පරයා නෝරා ජෝස්ගේ මුදු කටහඬ රවි ශංකර්ගේ සිතාර් වාදනයත් එක්ක රිංගෝ ස්ටාර් ගේ සිනහව, ජෝජ් හැරිසන්ගේ ගිටාර් නාදය, ජෝන් ලෙනන් ගේ කටහඬ මේවා වගේ දෙසවන්වල ගලාගෙන ගියා. මම ගෝපතීගෙන් ඇහුවා කෝ මොහොමඞ් රාෆි කියලා.මොහොමඞ් රාෆි ගේ ලයාන්විත කටහඬ වෙනුවට ඇහුනේ මරණිය රාවයක්. අවුට්ස්විච් කඳවුරේ ගීතිකාවක් වගේ. වේදනාව, ශරීරය ග්රහණය කර ගැනීම, ගල් කැටයමක ජීවය පිරිලා. දිල්ලිවල ඔබරෝයි හෝටලයේදී ගෝපති කජුරාහෝ දේවාලයේ පිළිමයක් වුණා. ශරීරය, කම්පනය, රිද්මය, ආවේගය, සංතෘප්ත වීම මේ විවිධ තළයන් තුළ අප ගමන් කළා. චාලි ෂින් යුද්ධය ග‍්‍රහණය කර ගත්තා වගේ. චාලි කොම්පැණිය සීසි කඩ. ටැට් ප‍්‍රහාරයේදී වාගේ ආලෝක මල් වෙඩි ඉහට උඩින් පත්තු වෙනවා.
ගෝපති මගේ ශරීරය මත වැතිරුනා. ඇය ලිංග පුජාවට සුදානම්. ලිංගය අපේ සංස්කෘතියට අසභ්‍ය දෙයක් උනාට ගෝපති ලිංග වන්දනාවේ යෙදෙන්නියක්. ඇයට ලිංගය හිරු දෙවියෝ. ශුද්ධ පුන්ජයක්. ලිංගය ඇයට හිරු දෙවියන්ගේ අසිපත වගේ. අලුයම හිරු කිරණ මිහිතලය වැළඳ ගනිද්දී ගෝපති ලිංග නමස්කාරය කරා. ඇයගේ කෙස් වැටිය හිරු දෙවියන්ගේ අසිපත මත මහත් භක්තියෙන් ලිහා දැමුවා. ඇය දෑතින්ම ඍජු අසිපත අල්ලා ගත්තා. ඇය අසිපත දිවෙන් තෙත් කළා. ඉන්පසුව හිරු දෙවියන්ගේ අසිපත ඇයගේ පුෂ්පය තුලට ගෙන ගියා. පුෂ්පය සහ අසිපත ගැටුනා. ධාතු පුංජයකට ධාතු පුංජයක් එකතු උනා. මම දුටුවා නිල් අහසේ ඇඳි ගිය විදුලි රේඛාවක්. මේඝ ගර්ජනාවක් සමගින් ලිංග පුජාව අවසන් උනා. අප දෙදෙනාම උච්ඡ අධ්‍යාත්මික තළයකට ගියා.
මම දුටුවා පුහුදුන් මිනිසුන්ගේ වේදනාව. වේදනාව , ග්රහණය , සංකේතය, සන ්නිවේදනය, පුද්ගල බද්ධය, මම ජොනී කෑෂ් වගේ. මට නෙරන්ජලී කිව්වා you walked the line කියලා. ඇත්ත තමයි මම හිටියේ ගිනි වළල්ලක් මධ්‍යයේ. ජොනී කෑෂ්ගේ වචන වලින් කියනවානම් ring of fire මම ශරීරය, ආශ්වාදය, වේදනාව යන ති‍්‍රත්වය ග‍්‍රහණය කරගත්තේ නැහැ. ඒක අත්හැරියා. අත්හල යුතු අන්ත දෙක කුමක්ද? අඩිය නොතැබිය යුතු භුමිය කුමක්ද ? විශ්වාස නොකල යුත්තේ කව්ද? මේ ති‍්‍රත්වයන් මම දැනගෙන හිටියේ නැද්ද? මගේ ආගමික විශ්වාසය දෙදරා ගියාද? අධ්‍යාත්මික රික්තකය නිසා වල්මත් වූ මිනිසුන් අතර මම තව ඒක පිඩාවට පත් වූ ආත්මයක් පමණයි. අපටසදාකාලික සැනසීමක් නැද්ද ? අපි දේශපාලන න්යායන් සැදිය යුතුද ? ඒවා අත්හදා බැලිය යුතුද ? මාක්ස්වාදයේ නාමයෙන් මරාදාපු මිලියන ගණනක ජනයා, ආගම්වල නාමයෙන් මරාදාපු මිලියන ගණනක ජනයා, ධනවාදයේ නාමයෙන් මරාදාපු මිලියන ගණනක ජනයා, මේ ඔක්කොම මරා දැමුවේ මන්ද? ජීවිතය ජීවත් කරන්නේ කොහොමද? අධ්යාත්මයත් මේ සමගම මිය යනවා නේද? ඔවුන්ගේ හඬ අඳුරු විශ්වයේ දෝංකාර දෙනවා. මගේ සවනට දරාගෙන ඉන්න බැහැ ඒ හඬ. කුණු වී යනඔවුන්ගේ ශරීර දුගඳ හමනවා.
මම සිහිපත් කළා කුරුස යුද්ද පිළිබඳව. කුරුසයක් සහ අඩ සඳ හා තරුව යන සංකේත දෙකක ගැටුමක්. මේ ගැටුමට දස දහස් ගණන් ජනී ජනයා විනාශවී යා යුතුද ? කෙසර ලයක් තිබු රිචර්ඩ් සහ උදාර සතුරාට ගරු කළ සලහුදීන්. ජෙරුසලමේ මහා ප්රාකාරය බිඳ වැටුනා. ඊතල දහස් ගණනක් ඒ මේ අත ප්රාණාන්ත ධ්වනියන් නගමින් පියඹා යනවා. යෝධ ලි කැටපෝල වලින් විදින ගින්දර ගුළි ප්රාකාරය ඇතුලට ඇද වැටෙනවා. මාධ්යකාලින යුගයේ නයිටුවන් සහ ඉස්ලාම් භක්තිකයන් මුහුදු රළසේ එකට ගැටුනා. කඩු , තෝමර, යකඩ ගුළි සහිත දම්වැල් මිනිස් පටක කපාගෙන යනවා. ලේ ගැලීම , වේදනාව, මරළතෝනිය සහ බිම විසිරි ඇති දහසකුත් එකක් මළසිරුරු. දෙපාර්ශවයටම අවශ්‍ය එකිනෙක කා කොටා මරා ගැනීමට. මිත්‍යා දෘෂ්ටිකයෙකු මරා දැමීම ස්වර්ගයට යාමේ මාර්ගයයි. කුරුස යුද්දයෙන් මිය යන අයගේ ඒකායන බලාපොරොත්තුව උනේ ස්වර්ගයට යාම. කන්‍යාවන් දහසය දෙනෙකුගේ පහස ලබා ගැනීම. මේ බලාපොරොත්තු ඉටු උනාද ?
( මානසික රෝගියාගේ පරිකල්පනය - වෛද්‍ය රුවන් එම් ජයතුංග )
අපි අදත් ප්ලේමින්ග් ට ගරු කරනවා. අහම්බෙන් සොයා ගත්ත වුනත්. අනික // ගුණදාස කපුගේ ගැන දන්න මිනිහා ජෝජ් බෙන්සන් ගැන දන්නේ නැහැ// දැන් මම කපුගේ ගෙයි බෙන්සන් ගෙයි සින්දු ජාති දෙකම අහනවා. එහෙම අහන මගේ යාළුවොත් ඕන තරම් ඉන්නවා. එතකොට අපි පිස්සු නැහැයි කියල අපි හිතන් ඉන්නවද? පිස්සන්ට ඇත්තටම පිස්සුද? ඔයාට පිස්සුද?
ReplyDeleteඅජිත් මේ පොත මානසික රෝගියෙකුගේ හැලුසිනේෂන් සහ ඔහුගේ thought process එක සාහිත්‍යමය ආකාරයට ඉදිරිපත් කිරීමක්. මේක තුලින් යථාර්ථය සොයන්න යන්න එපා . එකම යථාර්ථය වෙනස් වෙනස් ආකාරයට ඉදිරිපත් වෙනවා RMJ
ReplyDelete