Sunday, September 17, 2017

ස්පයිනල් ඇනස්තීසියා



නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේදී මා වඩාත්ම ප්‍රිය කලේ ස්පයිනල් ඇනස්තීසියා හෙවත් පිට කොන්දට බෙහෙත් විද හිරිවට්ටවා ශල්‍යකර්ම කිරීමට ඉඩ සලසා දීමටය​. මෙම ස්පයිනල් ඇනස්තීසියා ක්‍රමයේදී රෝගියාට සිහිය තිබේ. එහෙත් වේදනාව දැනෙන්නේ නැත​. මෙම ක්‍රමය අනුව උදරයේ සහ පාද වල ශල්‍යකර්ම ඉතා සාර්ථකව කල හැකිය​. නමුත් මෙම ක්‍රමයට සමහරක් නිර්වින්දන වෛද්‍යවරු කැමති නැත​. ඒ මන්ද යත් එක ඉන්ජෙක්‍ෂන් පහරින් රෝගියාගේ පිට කොන්දේ දියර හෙවත්  මස්තිෂ්ක සුෂම්නා තරලය Cerebrospinal fluid (CSF) වෙත ලඟා විය යුතු නිසාය​.  

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ නිර්වින්දන පුහුනුව ලබන කාලයේ අප රෝගීන් ගේ පිටවල් පෙනේර මෙන් විද ස්පයිනල් ඇනස්තීසියා පුහුණු වූ බවට පාපොච්චාරණය කල යුතුය​. නමුත් මම ඉතා ඉක්මනින් පිට කොන්දට බෙහෙත් විද රෝගීන් හිරිවට්ටවීම පුරුදු වූයෙමි. පසුකාලීනව විනාඩි දෙක තුනක් ඇතුලත රෝගියාට වෙහෙසක් හෝ වේදනාවකින් තොරව එකවර නිර්වින්දනය කිරීමට මට හැකි විය​. මේ සමත්කම නිසා හලාවත රෝහලේ ශල්‍යාගාරයේ හෙදියක වූ දීපා මිස් මට ආම්ස්ට්‍රෝං කියාද ශල්‍යාගාරයේ ඇටෙන්ඩන්වරයෙකු වූ නාමල් සද්ද විද්ද මහත්තයා කියාද නම් පට බැන්දහ. 

ඒකාලයේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය එස් .ඩී රාජපක්‍ෂ මහතා තම සීසර් ශල්‍යකර්ම කිරීම සඳහා ස්පයිනල් ඇනස්තීසියා කෙරෙහි විශ්වාසය තැබුවේය​. මවට සීසර් ශල්‍යකර්ම ස්පයිනල් ඇනස්තීසියා යටතේ කල විට දරුවාට ප්‍රසූතියෙන් පසු කිරි දිය හැකිය​. එසේම අනෙකුත් නිර්වින්දන සංකුලතාවන් ද අවමය​. මේ නිසා වෛද්‍ය එස් .ඩී රාජපක්‍ෂ මහතා ඔහුගේ ශල්‍යකර්ම වලදී මා ශල්‍යාගාරයේ සිටීම අපේක්‍ෂා කලේය​. තවද වෛද්‍ය එස් .ඩී රාජපක්‍ෂ මහතා විසින් කල ඝර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම වලටද මම ස්පයිනල් ඇනස්තීසියා දුන්නෙමි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ නිර්වින්දන පුහුනුව මට ලබා දෙන ලද්දේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මිය විසිනි.  ප්‍රියංගනී ආරියරත්න මැඩම් විසින් උගන්වන ලද නිර්වින්දන පුහුනුව මම හොඳින් ග්‍රහණය කලෙමි. මේ නිසා නිර්වින්දනයේදී ,මතු වන සංකූලතා අවම වන ලෙස රෝගීන් නිර්වින්දනය කිරීමට මට හැකි විය​. 

2000 වසරේ සිට 2002 දක්වා මම හලාවත රෝහලේ  නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කලෙමි. මේ කාලය තුල අපට බොහෝ විට වැඩ කිරීමට සිදු වූයේ විශේෂඥ නිර්වින්දන  වෛද්‍යවරයෙකු නොමැතිවය​. හදිසි අවස්ථාවකදී අපට  උදව්වට සිටියේ අප ලැබූ පුහුණුවත් නිර්වින්දන මැෂිමත් පමණි. වෙන කිසිවෙකු උදව්වට නොවීය​. එක් අවස්ථාවකදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී.ජී.එන් රත්නසේන මහතාගේ ඉල්ලීම පරිදි ජීවිත තර්ජනයක් තිබූ දින හතරක් වයසැති අළුත උපන් බිලිඳෙකු බඩේ ඔපරේෂන් එකක් සඳහා මම සාර්ථකව නිර්වින්දනය කොට යළි බිළිඳාව සිහි ගැන්වූයෙමි. මම නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස එක නිර්වින්දන මරණයක් නොමැතිව රාජකාරී කල බව  කියන්නේ නිහතමානීවය​. 

ස්පයිනල් ඇනස්තීසියා වලදී රෝගීන් ගේ රුධිර පීඩනය අඩු වීමේ අවදානමක් තිබේ. මේ නිසා සමහර නිර්වින්දන වෛද්‍යවරු ස්පයිනල් ඇනස්තීසියා වලට එතරම් කැමැත්තක් නොදක්වති. මෙම සංකූලතාව මග හරවා ගැනීමට මුලින්ම රෝගියාට සේලයින් පයින්ට් දෙක තුනක් දිය යුතුය​. එවිට රුධිර පීඩනය අඩු වීමක් නොවේ. තවද රුධිර පීඩනය වරින් වර පරික්‍ෂා කල යුතුය​. එසේම රුධිර පීඩනය අඩුවී යන විට වහාම එෆිඩ්‍රින් ඖෂධ ශිරාවට එන්නත් කල යුතුය​. 

ස්පයිනල් ඇනස්තීසියා වල මතු වන තවත් ගැටළුවක් නම් ශල්‍යකර්මයෙන් පසු රෝගීන්ට හිසේ කැක්කුම් ඇති වීමය​. මෙය වලක්වා ගැනීමට රෝගීන්ට ශල්‍යකර්මයෙන් පසු  වෛද්‍ය නිර්දේශ මත ජල පානය කිරීමට අවසරය ලැබූ වහාම ප්‍රශස්ථ ලෙස ජලය පානය කල යුතුය​. එසේම ශල්‍යකර්මයෙන් පසු මාස දෙක තුනක් යන තෙක් හොඳින් ජලය පානය කිරීම නොකඩවා කල යුතුය​. මේ ගැන රෝගීන් දැණුවත් කිරීම අවශ්‍ය කෙරේ. 

පිට කොන්දට බෙහෙත් විද  හිරිවට්ටවීමේදී රෝගීන් ගේ දෙපා තාවකාලිකව පණ නැති වී යයි. වරක් මම ද්‍රවිඩ කාන්තාවකට ස්පයිනල් ඇනස්තීසියා දුන්නෙමි. ඇය ශල්‍යකර්මය අතර මගදී මදෙස බලා "මට කෙළ වෙලා කීවාය​" මම සිතුවේ මෙම කාන්තාව මා සමග විහිළු කරනවා කියාය​. ඇය යලිත් වරක් මට කෙළ වෙලා කීවාය​" ඊට පිලිතුරු වශයෙන් මමද " මටත් කෙළ වෙලා"  කියා කීවෙමි. තව විනාඩි දෙක තුනක් ගිය තැන ඇය යලිත් "මට කෙළ වෙලා කීවාය​" කීවාය​. මම රෝගියා පරික්‍ෂා කලෙමි. රුධිර පීඩනය හෘධ ගැස්ම මේ සියළු දේ සංකූලතා විරහිතය​. එහෙත් යලිත් වරක් ඇය "මට කෙළ වෙලා කීවාය​" 

පසුව බැලීමේදී ඇය ද්‍රවිඩ බසින් මට කියා තිබුනේ ඇයගේ දෙපා හිරි වැටී තිබෙන බවයි. මෙය දෙමලෙන් කියන විට ඇසෙන්නේ "මට කෙළ වෙලා " යන ස්වරයයි. ඉන්පසු මම ද්‍රවිඩ වෛද්‍යවරයෙකු වූ භරනීදරන් ගෙන්වා ගෙන මෙම දෙපා හිරි වැටීම තාවකාලික බවත් එය තව පැය දෙක තුනකින් ඉවත්ව යන බවත් තේරුම් කර දුන්නෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, September 16, 2017

මගේ පොත් නාමාවලිය


01. මල් වැනි දරුවන් - ගොඩගේ ප්රකාශනයකි.

02. අධ්යාපන ප්රතිකාර - සර්වෝදය විශ්වලේඛා ප්රකාශනයකි.
03. අධ්යාපන ප්රතිකාර - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
04. මනෝ විද්යාත්මක උපදේශනය - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
05. ප්රතිකාරාත්මක උපදේශනය - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය -
06. දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්රතිකාර - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
07. විශාදය හා මනෝ ප්රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
08. ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (වි.ග්ර.කේ.)
09. ඉවාන් ගේ ලෝකය (වි.ග්ර.කේ.)
10. මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (වි.ග්ර.කේ.)
11. යුද ආතතියේ මනෝවිද්යාත්මක බලපෑම (වි.ග්ර.කේ.)
12. අකුරු සැරිය - -ඩිස්ලෙක්සියාව සඳහා භාෂා ප්රතිකාර - ANL ප්රකාශකයෝ
13. සරල ක්රම මගින් ගණිතය ඉගැන්වීම - 1 ANL ප්රකාශකයෝ
14. සරල ක්රම මගින් ගණිතය ඉගැන්වීම - 2 ANL ප්රකාශකයෝ
15. චිත්ර ප්රතිකාර - ANL ප්රකාශකයෝ
16. පෙර පාසල් ළමයින් සඳහා බුද්ධි වර්ධන අභ්යාස - ANL ප්රකාශකයෝ
17. මනෝ විශ්ලේෂණ ප්රතිකාරය - සරසවි ප්රකාශනයකි
18. ළමා මනෝ විද්යාව සහ ළමා උපදේශනය (වි.ග්ර.කේ.)
19. පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතාව (වි.ග්ර.කේ.)
20. ස්වප්න චිකිත්සාව - සරසවි ප්රකාශනයකි
21. සංග්රාම විඩාව සහ යුද ආතතිය (වි.ග්ර.කේ.)
22. ප්රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්යාත්මක විශ්ලේශණයක් - සරසවි ප්රකාශනයකි
23. ව්යසනයන් සහ මනෝවිද්යාත්මක පසුබිම - ව්යසන උපදේශනය - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - ගොඩගේ ප්රකාශනයකි.
24. මනෝ විද්යාත්මක උපදේශනය සහ මනෝ ප්රතිකාරය - සරසවි ප්රකාශනයකි
25. සංග්රාමයෙන් පසු - සරසවි ප්රකාශනයකි
26. ජාතක කථා මනෝ විද්යාත්මක ඇසින් - ගොඩගේ ප්රකාශනයකි
27. භින්නෝන්මාදය - සරසවි ප්රකාශනයකි
28. සැන්ට බාබරාහි යාචකයා ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි.
29 ජොනතන් හාකර්ගේ මරණය ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි.
30) මානසික රෝගියාගේ පරිකල්පනය - ගොඩගේ ප්රකාශනයකි.
31) කෙමරූජ් භීෂණය - සරසවි ප්රකාශනයකි
32 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්
33 PTSD Sri Lankan Experience - ANL Publishers
34. Psychoanalysis with Clinical Evidence - Sarvodaya VL Publishers
35 Psychological Management of Sexual Trauma Victims -Sarvodaya Vishva Lekha Publishers
36 Trauma Counseling - Sarvodaya Vishva Lekha Publishers
37 Psychological Counseling - Wijesuriya Publishers
38 Depression and Psychotherapy - Godage Publishers
39 Hypnotherapy - Sarvodaya VL Publishers
40 Combat Stress - Godage Publishers
41 PTSD Post Traumatic Stress Disorder -Vishva Lekha Publishers
42 The Text Book of Psychological Counseling and
Psychotherapy - Sarvodaya Vishva Lekha Publishers
43. Anxiety Disorders - Sarvodaya Vishva Lekha Publishers
44. EMDR Sri Lankan Experience - Sarasavi Publishers
45 Buddhism and Psychology AHAS Publishers
46 Stress in Security Forces ñ (Co-author) Icfai- India
47 Psychological Aspects of Buddhist Jathaka Stories - Godage Publishers
48 Stress Management - Godage Publishers
49 Shell Shock to Palali Syndrome - Godage Publishers
50 Between Literature and Psychology
51 PTSD in the Soviet Union
52 අර්ධ මිනිසෙකුගේ කතාවක් ඇතුළු තවත් කෙටි කතා -
53 හරාකිරි (කාව්ය)
වෛද්ය වරයෙකුගේ සිහි සටහන් - මුද්රණයේ
Rhythm of Life (Poetry) - in press

Thursday, September 14, 2017

දන්ත චිකිත්සකවරියන්‍

 


අපගේ විද්‍යාලයේ දන්ත ශල්‍යාගාරයක් හෙවත් ඩෙන්ටල් එකක් තිබුනේය​. මෙම ඩෙන්ටල් එකේ සේවය කලේ දන්ත චිකිත්සකවරියන්‍ ය​. ඔවුන් අති විශාල සේවාවක් පාසල් ළමා ප්‍රජාව උදෙසා කළහ​. අහේතුවකට මෙන් ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සේවය ඉතා කුහක ලෙස මේ දන්ත චිකිත්සකවරියන්‍ විසින් දශක ගනනාවක් පුරා කල අනගි සේවය ගැන කතා නොකරති. සත්‍ය වශයෙන්ම මේ දන්ත චිකිත්සකවරියන්‍ අපගේ මෙන්ම අපට ඉහත පරම්පරාවේ දන්ත සෞඛ්‍ය රැක ගැනීම සඳහා අතිශයන්ම දායක වූහ​. 

හලාවත රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විටදී මම සෙනසුරාදා දින වල උදෑසන විශේෂඥ දන්ත වෛද්‍ය ගාමිනී නවරත්න මහතා ගේ රෝගීන් නිර්වින්දනය කලෙමි. මෙම රෝගීන් අතර පාසල් දරුවන් යම් ප්‍රමාණයක් ද වූ අතර ඔවුන් ගේ දත් බෙහෙවින්ම දිරා තිබුනේය​. මේ ළමුන්ට දන්ත වෛද්‍ය පහසුකම් ලැබී තිබුනේ නැත​. මේ ළමුන් සමග බැලීමේදී අප වාසනාවන්ත වූයෙමු. අපට පාසලේදී නිති පතා දන්ත වෛද්‍ය පහසුකම් ලැබුණි. දන්ත චිකිත්සකවරියන්‍ අපට ප්‍රතිකාර නොකරන්නට අපගේ දත්ද නරක් වී යාමේ ඉඩ ප්‍රස්ථාව තිබුණි. මේ නිසා අප මෙම දන්ත චිකිත්සකවරියන්‍ට නය ගැති වන්නෙමු. 

අපගේ ඩෙන්ටල් එකේ සේවය කල දන්ත චිකිත්සකවරියන්‍ ළමුන්ට අතිශයින්ම  කරුණාවන්ත වූහ​. සත්‍ය වශයෙන් කියන්නේ නම් මේ දන්ත චිකිත්සකවරියන්‍ පාසලේ බොහොමයක් ගුරුවරියන්ට වඩා ළමුන්ට ආදරය සෙනෙහස පෙන්වූහ​. දත් පිරවීමේදී හා ගැලවීමේදී ඉතා ඉවසිලිවන්ත වෙමින් ආදරයෙන් කරුණාවෙන් කතා කොට ළමුන් ගේ බිය පහ කළහ​. ළමුන් මේ දන්ත චිකිත්සකවරියන්‍ට කතා කලේ ඇන්ටි කියාය​. 

පාසලේ දන්ත චිකිත්සක සේවය කෙරුනේ ඉතා ක්‍රමාණුකූලවය​. ප්‍රාථමිකයේ සිටි සෑම ළමයෙකුටම රෝස පැහැති කාඩ් එකක් තිබුනේය​. සෑම මාස 4 -6 වරක් අපගේ දත් පරික්‍ෂාව කරන ලදි. මෙම පරික්‍ෂාව කෙරුනේ අපූරු ලෙසටය​. මුලින්ම ඩෙන්ටල් එකට එන්නට කියා ළමුන් තුන් හතර දෙනෙකුට පණිවිඩ ලැබෙයි. ඔවුන් ඩෙන්ටල් එකට ගිය විට දන්ත චිකිත්සකවරිය ඉතා ආදරයෙන් කරුණාවෙන් කතා කොට දත් බලන්නීය​. දත් පිරවීම් අවශ්‍ය විටදී දත් පුරවන යන්තරය කකුලෙන් පාගමින් දත් පුරවන්නීය​. මෙම දත් පිරවීම වේදනාත්මකය​. ළමුන් නිබඳවම දඟලති. එහෙත් මේ ඉවසිලිවන්ත දන්ත චිකිත්සකවරියන් ළමුන්ට වේදනාව අවම වන ලෙසින් දත් පිරවීම කරති. 

දත් පිරවීම සිදු කිරීමෙන් පසු තවත් ළමුන් දෙතුන් දෙනෙකුගේ කාඩ් දත් පිරවූ ළමුන් අතට දී පන්ති වලට ගොස් ඔවුනට දෙන්න කියා කියති. එවිට ළමුන් අදාල පන්ති වලට ගොස් ගුරුවරියගේ අතට මෙම රෝස පැහැති කාඩ් දෙති . ගුරුවරිය කාඩ් එකේ නම බලා දත් පරික්‍ෂාව අවශ්‍ය කෙරෙන ළමුන්ට වහාම දන්ත චිකිත්සාගාරයට යන්නට කියා කියති. මෙලෙස එක් දිනකදී දන්ත චිකිත්සකවරියක් ළමුන් බොහෝ ගනනක් පරික්‍ෂා කරති. අපගේ දන්ත චිකිත්සාගාරයට අවට පාසල් වල ළමුන් ද ආවෝය​. මෙම ළමුන් ද චිකිත්සකවරියන් පරික්‍ෂා කළහ​. ඇත්ත වශයෙන් මෙම දන්ත චිකිත්සකවරියන් ඉතා කැප වීමෙන් මහන්සිවී තම සේවය කල බව කිව යුතුය​. 

සමහර අවස්ථා වලදී දන්ත චිකිත්සකවරියන් නරක් වූ දත් ඇති ළමුන් ගේ දත්  ගලවති. ඊට පෙර වේදනා නාශක ඉන් ජෙක්‍ෂන් එකක් ගසනු ලැබේ. ඉන් පසු අඞුවකින් දත අල්ලා ගලවා දමනු ලබයි. දත ගලවන විට තවත් දන්ත චිකිත්සකවරියක් මෙන්ම  ළමයෙකුගේ අම්මා කෙනෙක් කොල්ලාව අල්ලාගෙන සිටින්නේ ඔහු දැඟලීම වලක්වනු සඳහාය​. වේදනාවෙන් සහ භීතියෙන් මොර දෙන කොල්ලාට සැනසිලි වදන් කියන දන්ත චිකිත්සකවරිය අඞුවෙන් දත ගලවා එය බෙලෙක් කෝප්පයකට දමන්නීය​. එවිට අවශේශ කොල්ලෝ ලේ සහ කෙල වලින් සපිරි එම කෝප්පය දෙස ඈතින් සිට බලති. දත ගැලවූ පසු කොල්ලා සන්සුන් වෙයි. දත ගැලවූ ස්ථානයට පුළුන් ගුලියක් තබන දන්ත චිකිත්සකවරිය කොල්ලාට තම මුදල් වලින් සත දහයක් දෙන්නේ අයිස් ක්‍රීම් එකක් කෑමටය​. 

නාලන්දේ ඩෙන්ටල් එකේ සිටි දන්ත චිකිත්සකවරියන්‍ අතරින් පර්ල් ඇන්ටි මට සිහිපත් වෙයි. ඇය ඉතා කාරුණික තැනැත්තියකි.  පර්ල් ඇන්ටි  දත් පුරවන විට මම ඇය අසල සිටියෙමි. ඇය මට දත් විදින කටු බහාලන හිස් ප්ලාස්ටික් කොපු දෙන්නීය​. මේවා එකතු කරගෙන ගෙදර යන මම ඉන් පසු මේ ප්ලාස්ටික් කොපු වලින් සෙල්ලම් කරමි. සමහර විට වැඩ කිරීම නිසා වෙහෙසවී සිටින පර්ල් ඇන්ටි වතුර උණු කොට තේ එකක් බොන්නීය. පර්ල් ඇන්ටි තේ බොන විට මටද හකුරු කෑල්ලක් ලැබෙයි. 

වරක් 1974 වසරේ දෙකේ පන්තියේ සිටින විට මම පාසැලෙන් පසුව අපගේ පන්ති පසුපස භූමියට ගොස් තාප්පයෙන් එහා පාරට වැටෙන සේ ගල් ගැසුවෙමි. මට මේ ක්‍රියාව ඉගැන්වූයේ සරත්න රත්න හෙවත් ටිප් ටොප් විසිනි. මෙසේ වරක් මම ගල් ගසන විට සරමක් ඇඳි දාමරිකයෙකු බඳු මිනිසෙක් පාසැලට කඩා වැදී මා පසුපස එලවාගෙන ආවේය​. බියගත් මා ඩෙන්ටල් එකට දිව ගොස් දත් පුරවමින් සිටි පර්ල් ඇන්ටි ගේ පසුපස සැඟවූනෙමි. දන්ත චිකිත්සාගාරය තුලට ඒමට උත්සහ නොගත් මිනිසා දොරකොඩ අසල රැඳී සිටිමින් බොහෝ වේලාවක් යන තෙක් ම​ට දෙස් දෙවොල් තැබීය​. පසුව පර්ල් ඇන්ටි මාව සුරක්‍ෂිතව බසයකට නැංවීම සඳහා වෙනත් සිසුවෙකුගේ මවකට භාර දුන්නාය​. 

පර්ල් ඇන්ටි විසින් 1973 වසරේදී මගේ දතක්  පිරවූවාය​. මෙම ශක්තිමත් බදාමය 2016 වසර තෙක් තිබූ අතර එම වසරේදී කැනඩාවේදී දන්ත වෛද්‍ය බහීරදන් මහතා එම පැරණි බදාමය ගලවා අළුත් බදාමයක් දැමුවේය​. එම පැරණි බදාමය ගැලවී යත්ම මට පර්ල් ඇන්ටි සිහිවී භාවාත්මක දුකක් දැණුනි. 

1997 වසරේ මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කරන විට මගේ දතක වේදනාවක් ආවේය​. මම දත පෙන්වීම සඳහා මහියංගන රෝහලේ සේවය කරන දන්ත වෛද්‍යවරයෙක් වෙත ගියෙමි. මෙම දන්ත වෛද්‍යවරයා මගේ දත බේරා ගත නොහැකි බවත් එය ගලවා දැමිය යුතු බවත් කීවේය​. එහෙත් දත ගැලවීමට මම එක​ඟ නොවූයෙමි. ඉන් පසු මම හසලක දන්ත චිකිත්සකවරිය ලෙස සේවය කරන නිලන්තී වතුලියැද්ද මෙනෙවිය වෙත ගියෙමි. ඇය මගේ දත පුරවා දැමුවාය​. ඉන් පසු දතේ වේදනාව ඇති නොවීය​. මේ දක්වා එම දත නිරෝගීව තිබේ. සමහරක් විට සූර්‍ය එළියට නොපෙනෙන දේවල් කුඩා පහන් එළියට පෙනෙති. 

යුද හමුදා රෝහලේ සේවය කරන ලද කාලයේ මම දත් පිරවීම සඳහා ගියේ එම රෝහලේම සේවය කල මේජර් වෛද්‍ය ඇන්ජලෝ ලඟටය​.  ඇන්ජලෝ ඉතා දක්‍ෂ දන්ත වෛද්‍යවරයෙකි. එසේම ඉතා හිත හොඳ මිනිසෙකි. පසු කාලයක ඇන්ජලෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන ලදි. ඇන්ජලෝ පිටරට යාම නිසා මට ස්ථිර දන්ත වෛද්‍යවරයෙක් නොවීය​. මෙම කාලයේ ඉතා දක්‍ෂ අත්දැකීම් බහුල දන්ත චිකිත්සකවරියක් වූ කරුණා ගමගේ මිය හඳුනා ගැනීමට හැකි විය​. ඇය ඉතා සාර්ථකව මට ප්‍රතිකාර කලාය​. මේ නිසා මගේ බිරිඳ මෙන්ම දරුවාද දන්ත ප්‍රතිකාර සඳහා කරුණා ගමගේ මිය වෙත යාම ඇරඹූහ​. 

නවක දන්ත වෛද්‍යවරු ක්‍ෂේත්‍රයට ඒම නිසා දන්ත චිකිත්සකවරියන්‍ ගේ සේවය ක්‍රමක් ක්‍රමයෙන් අභහාවයට යාම ඇරඹුනි. නමුත් දන්ත චිකිත්සකවරියන්‍ තුල තිබූ කැපවීම , කරුණාවන්ත බව , ඉවසීම නවක දන්ත වෛද්‍යවරු විසින් අධ්‍යනය කොට ඒවා තමන් තුල වගා කර ගත යුතුය​. දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැණුම සහ උසස් පුහුණුව තිබූ පමනින් කෙනෙකු හොඳ දන්ත වෛද්‍යවරයෙකු වෙන්නේ නැත​. පර්ල් ඇන්ටි , කරුණා ගමගේ මිය වැනි  දන්ත චිකිත්සකවරියන්‍ තුල තිබූ මානව දයාව​, වෘත්තීය කැපවීම නව පරම්පරාවේ දන්ත වෛද්‍යවරු තුල දකින්නට මම උත්සහ කරමි. එහෙත් සමහර දන්ත වෛද්‍යවරු තුල එම ගුණාංග දැකීමට නොමැති බව කණගාටුවෙන් යුතුව මම ප්‍රකාශ කරමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 



 

Wednesday, September 13, 2017

සාහිත්‍ය මාසයට පොත්



1) කුලී නිවැසියන්ට උපදෙස් -රවී කරුණානායක
2) මාමයි බෑණයි (කෙටි කතා) - අර්ජුන් ඇලෝසියස්
3) සුරතල් මසුන් ඇතිකිරීම - ජී . රාජපක්‍ෂ
4) බැංකු කළමනාකරණය - රනිල් වික්‍රමසිංහ​
5) අයර්ලන්ත චාරිකා - අනුර කුමාර දිසානායක.
6) ශ්‍රී ලංකාවේ මැණික් වර්ග - ඩේසි ෆොරස්ට්
7) පුනර් වන රෝපණය - ආර් . බදුර්ඩීන්
8) හෙරොයින් නිස්සාරනය - නිමල් ලංසා
9) විද්‍යානුකූලව රිය පැදවීමට උපදෙස් - ගලගොඩ අත්තේ ඥාණසාර
10) මෛත්‍රි භාවනාව - සරත් ෆොන්සේකා
11) ධනවතෙකු වන්නේ කෙසේද ?- විමල් වීරවංස​
12) මෙගා පොලිස් මෙගා පච (කාව්‍ය​) - ප.ච. රණවක
13) ඔබේ ඝර්භාෂය මගේ - එම්. රංජිත්
14) සුගන්ධං සීතලං කප්පං - සරණ ගුනවර්ධන
15) මං නොදන්න ග්ලයිෆොසේට් ( නාට්‍යය) - ආර් .රතන
16) මා බාල කාලේ - චතුර සේනාරත්න
17) ගෝනි බිල්ලෙකුගේ මතක සටහන් - විජිත හේරත්
18) Naval Warfare- Yoshitha Rajapaksa

Find Us On Facebook