Thursday, May 23, 2019

තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ කලේද ?


 

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ වෛද්‍යවරයෙකු පිලිබඳව දිවයින පුවත් පත වාර්තා කරයි. මේ පුවත සත්‍යද ? මෙය සිදු විය හැකිද ? 

සීසර් ශල්‍යකර්ම 723 ආසන්න ප්‍රමාණයක්ද එල්.ආර්.ටී ඔපරේශන් සිය ගනනක් කොට තිබෙන හිටපු නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ලෙස මම මගේ අදහස් ස්වෛරීව කියමි. 

සීසර් ශල්‍යකර්මයක් කිරීමේදී හෙදියක් සහ සහායක වෛද්‍යවරයෙකු ගේ සහභාගීත්වය තිබේ. අදාල මව එල්.ආර්.ටී කිරීමට අත්සන් කොට තිබේ නම් එය මතක් කරන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ හෙදියක විසිනි. සමහර විට සහායක ඉන්ටර්න් වෛද්‍යවරයාද එය මතක් කරයි. 

සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල මසන විට එය සහායක වෛද්‍යවරයාගේ සහ හෙදියගේ අවධානයට නිතැතින්ම ලක්  වෙති. සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල ගැට ගැසුවේ නම් ගැටය කැපිය යුත්තේ හෙදිය හෝ සහායක වෛද්‍යවරයාය. එය ඔවුන් ගේ ඇස් වසා කිරීම අපහසුය.  

සීසර් ශල්‍යකර්මයක් තුලදී එල්. ආර්.ටී සඳහා අනුමැතිය දී නොමැති මවක සීසර් ශල්‍යකර්මය තුලදී ඇයගේ පැලෝපීය නාල මැසීම නීති විරෝධී ක්‍රියාවකි. එම නිසා තම වෘත්තිය අණතුරට හෙලා වෛද්‍යවරයෙකු සීසර් ශල්‍යකර්මය තුලදී පැලෝපීය නාල මැසීම කලා යැයි කීම පිලිගැනීමට අමාරුය​. හෙදිය හෝ සහායක වෛද්‍යවරයාට නොපෙනෙන ලෙස පැලෝපීය නාල ගැට ගැසීම ඉතා අපහසු ක්‍රියාවකි. 

පැලෝපීය නාල ගැට නොගසා ක්ලෑම්ප් කිරීම හෙවත් පැලෝපීය නාල අඞුවකින් තද කිරීම මගින් වඳ කල හැකි බව වෛද්‍ය චන්න ජය සුමන ප්‍රකාශ කරයි. වෛද්‍ය චන්න ජයසුමන කියන පරිදි ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීමද ලේසි පහසු ක්‍රියාවක් නොවේ. ඊට හේතුව ශල්‍ය අඞුව ඉල්ලිය යුත්තේ හෙදිය ගෙනි . හෙදිය දෙන අඞුව පිලිබඳව සවිඥානකය.  ශල්‍යකර්මයේදී භාවිතා කල අඞු ඇය යලි ගනන් කල යුතුය. තවද බොහෝ ශල්‍ය හෙදියෝ සීසර් ශල්‍යකර්මය කරන පියවරවල් දනිති. එසේම ඒ ඒ පියවර සඳහා අවශ්‍ය කෙරෙන අඞු , කතුරු සහ ශල්‍ය සැත් ගැන ඇයට දැනුවත් කමක් තිබේ. ඒ නිසා ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීම සහායක වෛද්‍යවරයා හෝ හෙදිය ගේ ඇස් වසා කිරීම  පහසු ක්‍රියාවක් නොවේ.  මේ හැර ශල්‍යකර්ම 4000 ක දී නිරන්තරයෙන්ම ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කලේ නම් එය හෙදියට හෝ සහාය වෛද්‍යවරයාට නොපෙනෙන හෝ නොදැනෙන සේ කිරීම අසීරුය.  
මෙසේ ජාතිවාදී අදහසකින් සිංහල මව්වරු වඳ කලේ නම් ශල්‍යකර්මය කල වෛද්‍යවරයා , සහායකයා මෙන්ම හෙදියද  ඒ සඳහා සහාය දිය යුතුය.   එහෙත් ශල්‍යාගාරයක මෙසේ රහසින් ආචාර සම්පන්න නොවන වෘත්තීය ක්‍රියා කිරීම ලේසි නොමැත. 

සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් අගතිගාමීව ක්‍රියා කරන බව මම පිලිගනිමි.මා ලංකාවේ සේවය කල කාලයේදී සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් සිදු කල ක්‍රියා කිහිපයක්ද මට මතක් වේ. වරක් මාතලේ මූලික රෝහලේදී මුස්ලිම් ජාතික  නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ළමුන් අට දෙනෙකු ප්‍රසූත කොට තිබූ මුස්ලිම් මාතාවකට එල්. ආර්.ටී නොකර සීසර් ශල්‍යකර්මය අවසන් කලේය. සාමාන්‍යයෙන් ළමුන් හතර පස් දෙනා සිටින මවු වරුන්ට එල්. ආර්.ටී කර ගැනීමට උපදෙස් දෙන ඔහු මෙහිදී නිහඞව සිටියේ මන්ද කියා කුකුසක් මා තුල ඇති විය. තවද වරක් මුස්ලිම් ඉන්ටර්න් වෛද්‍යවරයෙකු උදේ හතරට ළමයා ප්‍රසූත කොට සිටි සිංහල මාතාවගේ එපිස් එක හෙවත් ප්‍රසූතය පහසු කරන උදෙසා කරන කැපුම නොමසා උදේ හතට ප්‍රසූතිය කල මුස්ලිම් මාතාවගේ එපිස් එක මුලින්ම මැසීම මාගේ අවධානයට ලක් විය. 

ශ්‍රී ලංකාවේ රෝහල් වල සමහර වෛද්‍යවරු ජාතිවාදීව ක්‍රියා කල සහ තවමත් ක්‍රියා කරන බව නොරහසකි. එහෙත් සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් සීසර් ශල්‍යකර්ම තුලදී වඳ භාවයට පත් කලා යන්න ප්‍රායෝගිකව පිලි ගැනීමට අපහසු කතාවකි. සිංහල සහ මුස්ලිම් වාර්ගික ගැටුම් උණුසුම මධ්‍යයේ මෙවැනි තාර්කික නොවන ප්‍රබන්ධ ප්‍රචාරය කිරීම සුදුසු ක්‍රියාවක් නොවේ. මෙම ප්‍රචාරය සම කල හැක්කේ ආහාර පාන වලට වඳ පෙති දමා මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කලා කීම වැනි අතාර්කික කතාවකටය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, May 20, 2019

මැදි වයසේ ගැහැණුන් ගේ ආගම් භක්තිය

 
මධ්‍යම වයසේ සමහර ගැහැණුන් ආර්තවහරණයෙන් පසුව එලැඹෙන අාතති අවධිය සහ තම සැමියා දක්වන ලිංගික උදාසීනතාව හෝ ලිංගික බෙලහීනතාව නිසා අසහනයට පත් වෙති. එවැනි ගැහැණුන් තමන් ගේ අවිඥාණික ලිංගික ආශාව සපුරා ගන්නේ පන්සලට හෝ පල්ලියට හේත්තු වීමෙනි. ඔවුන් දුස්සීලයන් ඉදිරියේ වූවද වැඳ වැටෙති. අවිචාරයෙන් තම ආගම අදහති. ඔවුනට ආගමෙන් දෙන ආධ්‍යාත්මික පණිවිඩයට වඩා වටින්නේ තමන් අදහන යතිවරයාගේ පෞරුෂයයි. ඔවුන් ආගම ලෙස ග්‍රහණය කර තමන් අවිඥාණිකව ලිංගිකව ආකර්ශණය වූ යතිවරයාය. (පරිකල්පනික අතික්‍රමණය)

Sunday, May 19, 2019

Friday, May 17, 2019

ශ්‍රී ලාංකික සමාජයට අහිතකර මේ වර්ග හතර හඳුනාගන්න

 
තව්වන් වර්ග දෙකකි. එක් වර්ගයක් නම් ඊබ්‍රාහීම් නානාගේ පුතුන් වැනි කොලඹ ලොකු ඉස්කෝල වලට ගිය ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලද බී.එම් ඩබ්ලිව් වලින් යන රැඩිකල් වූ අයය​. මොවුන්  කුරාණයේ මෙහෙම කිව්වා කියූ පමණින් විචාරයකින් තොරව මරාගෙන මැරී කන්‍යාවන් 72 සොයාගෙන යාමට සැදී පැහැදී ඉන්න ඩයල් වෙති  දෙවන තව්වන් වර්ගය කාත්තන්කුඩි වැනි දුෂ්කර ප්‍රදේශ වල ඉපිද දරිද්‍රතාව නිසා මුස්ලිම් පල්ලියෙන් හාල් ටිකක් මුං ඇට ටිකක් ලබා ගෙන ජීවිතය ගැට ගහ ගත් නූගත් කුරානයෙන් එපිට මෙලෝ Hක් නොදත් මැට්ටන් පිරිසකි. ගෝත්‍රික ගති ඇති මොවුන්ව ෆෝම් කරවා ඕනෑම ජාතිවාදී කෝලාහලයක් ඇරඹිය හැකිය​. 

මහසෝන් අන්තවාදීන් ද දෙවර්ගයකි. එක් වර්ගයක් ඩිලන්ත , ගුණදාස අමරසේකර වර්ගයේ අයය​. ඔවුන් ගේ ළමයි ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේය​. තමන් ගේ ළමයින්ට පී.ආර් , ග්‍ර්‍රීන් කාඩ් ලබා දෙන මොවුන් සුමනපාලගේ දයාවතීගේ ළමයින් ජාතිවාදයෙන් මුසපත් කරවා ගින්නට යවති. දෙවන මහසෝන් වර්ගය දුප්පත්කම හිස දවටාගෙන උපන් අම්මා ඩුබායි ගිය නිසා මවගේ ආදරය අහිමි වූ තාත්තා පිට ගිය නිසා පියාගේ රැකවරණය නොලැබූ හරි හමන් අධ්‍යාපනයක් නොමැති , ජීවිතයේ කිසිම ඇචීව්මන්ට් එකක් ලබා ගැනීමට නොහැකි වූ ආගම ජාතිය යන කොඩිය එසවූ විට ගල් ගැසීමට , ගිනි තැබීමට යන ඇරියස් සහිත මීහරකුන් වෙති. 

මේ සතර වර්ගය ශ්‍රී ලාංකික සමාජයට අහිතකරය   

Monday, May 13, 2019

යකා ගුරුන්නාන්සේලාගේ සමය

 
වී.ඩී ද ලැනරෝල් ගේ පියසිරිගේ පාසැල් සමය පොතේ යකා ගුරුන්නාන්සේ නම් ගුරුවරයෙක් ගැන සඳහන් වේ. ඔහු අසාමාන්‍ය චර්‍යාවක් තිබූ ගුරුවරයෙකි. මධ්‍යම රාත්‍රියේ නුග ගහකට නැඟ හූ තැබීම , පාසල් වල ප්‍රධානීන් සමග ආරෝ කර ගැනීම ඔහු කලේය​. යකා ගුරුන්නාන්සේ  පිලිබඳව කතුවරයා පවසන විස්තර අනුව බොහෝ විට මේ ගුරුවරයා cyclothymic disorder රෝගී තත්වයෙන් පෙලෙන්නට ඇත​. මේ යකා ගුරුන්නාන්සේ 1915 සිංහල මුස්ලිම් කෝලහාලයේදී  කඩුගන්නාවේදී කුළුනක් උඩට නැග කුපිත වූ ජනතාව අමතා යෝනකයන් ගේ කඩුගන්නාවේ කඩ කුඩු කරව් කියා කීවේය​. පසුව බ්‍රිතාන්‍යන් විසින් මාෂල් ලෝ යටතේ යකා ගුරුන්නාන්සේව අත් අඩංගුවට ගෙන මරණීය දණ්ඩනය නියම කරන ලදි. එහෙත් ඔහුගේ මහළු වයස ගැන සලකා පසුව විසි අවුරුදු සිර දඞුවමක් දෙන ලදි. 1915 දී මෙන්ම 2019 දී පැමිණ ඇත්තේ යකා ගුරුන්නාන්සේලාගේ සමයයි.  

Find Us On Facebook