Monday, January 25, 2016

තුර්කි ගමන

 


වෛද්‍ය පීඨයේ අපට වසරකට නිවාඩු කාල දෙකක් තිබේ. ඒ ශීත කාලයේ වින්ට හොලිඩේස් ( මෙය ජනවාරි මාසයේ අග ආරම්භවේ , සුමාන දෙකක  කාලයකින් යුක්තය​) සහ ග්‍රීෂ්ම ඍතුවේ සමර් හොලිඩේස් ( මෙය ජූලි අග ඇරඹෙන අතර මාස එක හමාරක් පමණ දිගය​) වසරේ ඉතිරි කාලය අධ්‍යාපනය සඳහා වෙන් වී තිබේ. අප හතර වන වසර වන තෙක් සෙනසුරාදා දින වලද පන්ති පැවැත්වින​. 

අධ්‍යාපනය පවතින කාලයේ වර්ජන , උද්ඝෝෂණ , මාර්ග අවහිර කිරීම් , පොලිසිය සමග පැටලීම් ආදිය නොමැති නිසා මුළු කාලයම අධ්‍යාපනයට යොදවන සිසුන් නිවාඩු කාල වලදී සිත් සේ විනෝද වෙති. එය ආතති සමනයෙන් යුක්තය​. මම වෛද්‍ය  පීඨයේ  හතර වන වසර අවසානයේදී (යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය වසර හතකින් යුක්ත විය​) ග්‍රීෂ්ම ඍතුවේ නිවාඩුවට තුර්කියට ගියෙමි.

 තුර්කියට යූක්‍රයීනයේ සිට ගොඩබිමින් යා හැක​. අතීතයේ තුර්කි හමුදා රුසියාව ආක්‍රමණය කළහ​. මහා පීටර් අධිරාජ්‍යා තුර්කි හමුදා පරාජය කොට දේශසීමා ආසන්නයේ බලකොටු පිහිටවනු ලැබීය​. නමුත් වර්තමානයේ තුර්කිය සහ රුසියාව මිත්‍ර ජාතීන් වෙති. 

තුර්කියට යන ගමනේදී මට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ සිරියානු සිසුවෙකු හමු වීම නිසා අපගේ ගමන වඩාත් විනෝද ජනක විය​. තවද ඇල්ජීරියානු ජාතිකයින් දෙදෙනෙකුද පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකුද අපගේ මැදිරියට ආවෙන් දුම්රිය මැදිරිය සංවාද මණ්ඩපයක් විය​. අපගේ සංවාද මණ්ඩපයට බාධා කරමින් දේශසීමා භටයන් වරින් වර පැමිණ අපගේ පාස්පෝට් පරික්‍ෂා කලහ​. තමෝෂ්නිකි නමින් හඳුන්වන මේ නිලධාරීන් අප කුර්වා ලෙස නම් කලෙමු. කුර්වා යනු පෝලන්ත බසින් කුණුහරපයකි. එහි තේරුම මම අදවත් දන්නේ නැත​. අප සමග සිටි එක් පෝලන්ත ජාතිකයෙකු තමෝෂ්නිකිවරයෙකු කුර්වා නමින් හැඳින් වූ නිසා අප දිගටම තමෝෂ්නිකිලාට කුර්වා කීවෙමු. 

තුර්කියට ලඟා වූ වහාම තුර්කි රේගු නිලධාරීන් අපගේ දුම්රිය  මැදිරියට කඩා වැදුනහ​. ඔවුන් අධිපතීන් සේ ක්‍රියා කරමින් අපගේ ගමන් මළු අවුස්සා බැලූහ​. සිරියානු ජාතික සිසුවාගේ ගමන් මල්ලේ තිබී අනගි අළුත් සුවඳ විළවුන් බෝතලක් ඔවුන් බලහත්කාරයෙන් ගත්හ​. ගමන් මළු සමග බස්වාගෙන  ඈතින් පිහිටි ඔවුන් ගේ කාර්‍යාලයට ගෙන ගියේ මංකොල්ලය වඩාත් හොඳින් කිරීමටය​. බ්‍රිතාන්‍ය ජාතිකයාගේ විස්කි බෝතලයකට විදීමට තුර්කි රේගු නිලධාරීන් ගත් තැත ලොප් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයා මහ හඞින් ඔවුනට දොස් පැවරීම නිසාය​. 

"ඔබ මිඩ්නයිට් එක්ස්ප්‍රෙස් චිත්‍රපටය බලා තිබේද ?කියා මම බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් ඇසුවෙමි. ඔහු හිස සැලීය​. එසේ නම් නිහඞවීම වඩාත් ගුණදායක බව මම ඔහුට කීවෙමි. බ්‍රිතාන්‍ය ජාතිකයා සන්සුන් විය​. 

බොහෝ පමා වී දුම්රිය මැදිරියට පැමිණි ඇල්ජීරියානු ජාතිකයින් දෙදෙනා දෙවියන්ට පින් දෙමින් වාඩි වූහ​. තුර්කීන් ඔවුන් ගේ දත් වහල්ලද ගලවාගෙන තිබේ. නමුත් ජීවිත බේරාගෙන නිරුපද්‍රිතව ඒමට ලැබීම ඔවුන් වාසනාවක් කොට සලකයි. 

දුම්රිය ඉස්තාන්බුල් නගරයට එන තෙක් සියළු දෙනා තුර්කි රේගු නිලධාරීන්ට බැණ වැදුනහ​. ඉස්තාන්බුල් නගරයේදී අප විසිර ගියෙමු. 

තුර්කිය සුන්දර රටකි. ඒ ගැන විවාදයක් නැත​. අනර්ඝ ලෙදර් කබා ඉතා අඩු මිලට ගත හැකිය​. මම කළු සහ දුඹුරු ලෙදර් ජැකට් දෙකක් මිලට ගත්තෙමි. ආහාරද රසවත්‍ ය​. මිළ අධික නොවේ. නමුත් නගරයේ වතුරද විකුණති. වතුර විකිණීම ඒ කාලයේ අපට අමුතු අත්දැකීමක් විය​. තුර්කි වතුර වල තත්වය ගැන නොදත් නිසා මම කොකා කෝලා පමණක් පානය කලෙමි.  

තුර්කි ජාතිකයන් එතරම් මිත්‍රශීලී නොවන බව මම මාගේ පළමු තුර්කි ගමනින් පසක් කලද පසු කාලයක මට හමු වූ තුර්කි උගතුන් යහපත් මිනිසුන් වූහ​. උදාහරණයක් ලෙස තුර්කියේ සුකුරෝවා විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය උනර් ටාන් මාගේ ශාස්ත්‍රාලීය මිතුරෙකි. ඔහු තුර්කි ඇකඩමි ඔෆ් සයන්ස් හිද සාමජිකයෙකි. මම තුර්කියට ගොස් තිබෙන බව කියූ විට මහාචාර්‍ය උනර් ටාන් මගෙන් ඒ ගමන ගැන වැඩි විස්තර නොඇසුවේ තම රටේ රේගු නිලධාරීන් ගැන දන්නා නිසා විය යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Sunday, January 24, 2016

කරත්ත හතලිහක් ගන්න සල්ලි

 


මගේ පුතා අට වසර තෙක් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඉන් පසු නෝත් යෝර්ක් හි එර්ල් හේග් (Earl Haig ) පාසලට ගියේය​. එර්ල් හේග් පාසලට යන විට ඔහුට අළුත් ඇඳුම් අවශ්‍ය වූවා පමණක් නොව ඒවා හොඳ බ්‍රෑන්ඩ් එකෙන් ද යුක්ත ඒවා විය යුතු වූයේය​. මේ හදිසි වෙනස ගැන මම සොයා බැලුවෙමි. නෝත් යෝර්ක් හි එර්ල් හේග් පාසලට යන්නේ ධනවතුන් ගේ ළමුන් ය​. ඔවුන් ඇඳුම් මිලට ගන්නේ ඉතාලියෙන් , ඇමරිකාවෙන් සහ ස්පාඤ්ඤය වැනි රටවලිනි එම නිසා අප ඔඩෙල් එකෙන් ඔහුට මිලට ගත් ඇඳුම් ඇඳගෙන පාසල් යා නොහැකි බව කොළුවා තරයේ කීවෙන්  අප පසු බැස්සෙමු. 

කොළුවාගේ කතාවෙත් ඇත්තක් තිබේ. රෝමයට යන්නේ නම් රෝම වාසීන් මෙන් ඇඳුම් පැළඳුම් කල යුතුය​. පාසලේදී අන් සිසුන් අතර ළමයා කොන් නොවීම සඳහා හොඳ බ්‍රෑන්ඩ් ඇඳුම් මිලට ගැනීමට ටොරොන්ටෝහි  වටිනා   සහ මිළ අධික ඇඳුම් බේවිව් ශොපිං මෝල් එක වෙත ගියෙමි. එහි එක් සාප්පුවකින් ළමයා ඔහුට අවශ්‍ය ඇඳුම් තෝරාගත්තේය​. නව ඇඳුම් ඔහුට මිළදී ගැනීමෙන් පසු අගනා ලෙදර් ජැකට්ටුවකට ඔහුගේ හිත ගියෙන් එයද මිළට ගත් යුතු බව කීවේය​. මම එහි මිළ ගනන් ඇසුවෙමි. එය ඩොලර් 1800 කි. ලෙදර් ජැකට්ටුවේ මිළ ඇසූ මට " කරත්ත හතලිහක් ගන්න සල්ලි" කියා කියවිණි. 

"ඔය කතාව තිබ්බේ තිලක පොතේ නේද? කියා පුතා මගෙන් ඇසීය​. ඔහු කීවේ ඇත්තකි මේ කරත්ත හතලිහක් ගන්න සල්ලි යන කතාව තිබෙන්නේ විලම්බීත පොතේය​. එහි කතෘ ටී. බී ඉලංගරත්න මහතාය​. අද මෙන් චන්ද දායකයන් මිනීමරුවන් කුඩුකාරයන්, නූගතුන් පාර්ලිමෙන්තු  යවන යුගයක නොව බොහෝ ඉහත කාලයක ටී. බී ඉලංගරත්න , ආර්. ඊරියගොල්ල වැනි පාර්ලිමෙන්තු ගිය දේශපාලකයෝ පොත්  ලියූහ​. 

මට වරක්  නව රඟහලේදී ටී. බී ඉලංගරත්න මහතා හමු විය​. එවකට මම පහේ පන්තියේ ඉගෙනුම ලැබුවෙමි. "මගේ පොත් කියවලා තිබෙනවාද ?කියා එතුමා ඇසීය​. මම මුලින්ම කියවූයේ ටී. බී ඉලංගරත්න මහතා ගේ ළමා කතාවක් වන පිස්සු ලුසීය​. ඉන් පසු සසර , මංගලා , නෑදෑයෝ , විලම් බීත යන පොත් කියවූයෙමි. 

ලංකාවේ මගේ පුස්තකාලයේ විලම්බීත , තිලක , තිලක හා තිලකා යන පොත් තුනම තිබුණි.   විලම්බීත පොතේ සුමනගේ අළුත් වාහනයේ මිල අසන තිලකගේ මුවින් පිට වන්නේ කරත්ත හතලිහක් ගන්න සල්ලි කියාය​. කොළුවා මේ පොත කියවා තිබේ. 

වරක් ඔහු හතර වසරේ ඉගෙනුම ලබන විට මා ඔහුව කැටුව බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වාර්ශික පොත් ප්‍රදර්ශනයට ගියෙමි. එහි කේ ජයතිලක මහතාගේ පොත් විකුණූ වෙළෙඳ කුටියක යුද්දය හා සාමය පොත් පෙළ තිබෙනු දැක මම ඒ කාණ්ඩයම මිළට ගැනීමට සූදානම් වූයෙමි. ඒ අතර වාරයේ කේ ජයතිලක මහතාගේ බිරිඳ සුමනා ජයතිලක මහත්මිය කොළුවා සමග කතාවට වැටුනේය​. 

" මොකක් ද පුතා අන්තිමට කියවපු පොත සුමනා ජයතිලක මහත්මිය ඇසුවාය​. 

ටී. පනස් හයේ කතාව " කොල්ලා කිසි ගනනකට නැතිව කීවේය​. 

සුමනා ජයතිලක මහත්මිය ගේ ඇස් ලොකු වනු මම දුටුවෙමි. කොළුවා කීවේ ඇත්තකි. ඒ කාලයේ මම 71 කැරැල්ල පිළිබඳ කෘතියකට කරුණු එකතු කරමින් සිටියෙමි.  ටී. පනස් හයේ කතාව මම කියවමින් සිටි පොතකි. මා නොමැති අවස්ථාවක මගේ පුද්ගලික පුස්තකාලයට පැමිණි ඔහු මෙම පොත කියවා තිබේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Saturday, January 23, 2016

ඒ.එෆ්.එස්. සිසුන්





1984 වසරේ ඇමරිකානු  AFS USA student exchange වැඩසටහන යටතේ එක්සත් ජනපදයෙක් සිසුන් දෙදෙනෙකු නාලන්දාවට ඉගෙනුම සඳහා පැමිණියහ ​. ඊතන් සහ කැමරන් යන ඇමරිකානු සිසුන් දෙදෙනා ඉතා කෙටි කාලයක් තුලදී නාලන්දීයන් බවට පත් වූහ​. ඊතන් පැමිණියේ මේරිලන්ඩ් වලිනි කැමරන් පැමිණියේ කැලිෆෝනියාවෙනි. 

වරක් ඊතන්, කැමරන් සහ මම පාසැල් කට් කර නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ ෆස්ට් බ්ලඩ් චිත්‍රපටය බැලුවෙමු. අප චිත්‍රපටය බැලුවේ පාසල් නිල ඇඳුමෙනි. ඒ නිසා මම විපරම් සහගතව වටපිට බැලුවේ ශිෂ්‍ය නායකයෙකුවත් කොහෙන් හෝ මතු වේ කියාය​. නමුත් කිසිවෙකු නොවූයෙන් අප චිත්‍රපටය බලා ජය මාවතෙන් යළි පාසල වෙත ගියෙමු. ( ඒ කාලයේ පාසලේ එක් තාප්පයක් පුපුරා කැඩි විශාල සිදුරක් මතුවී තිබූ අතර  එම සිදුර හරහා පාසැලෙන් කට්ටි පැනීමට සිසුන් පුරුදුව සිටියහ​. මෙම මාර්ගය ජය මාවත කියා සිසුන් හැඳින්වූහ​) පාසල අවසානයේදි අනෙකුත් හොඳ ළමුන් මෙන් නිවෙස් කරා ගියෙමු. මෙසේ  ඊතන් සහ කැමරන් වසරක කාලයක් අප අතර කල් ගෙවූහ​. එය අපට මෙන්ම ඔවුනටද අගනා අත්දැකීමක් විය​. 

මම යූක්‍රයීනයේ ඉගෙනුම ලබන කාලයේදී ඊතන් සහ මා අතර ලියුම් ගනුදෙනු සිදු විය​. ලංකාවෙන් ගිය පසු ඔහු යළිත් කොස්ටාරිකාවට ගිය බව මට ලිවීය​. එහෙත් කැමරන් ගැන හෝඩුවාවක්  නොවීය​. මම 2006 වසරේ කැලිෆෝනියාවට ගිය විට කැමරන් ගේ නම ගූගල් කොට බැළුවෙමි එහෙත් සාර්ථකත්වයක් නොලදිමි. 

ඒ.එෆ්.එස්.  වැඩසටහන නිසා ලෝකයේ එක් කොනක සිටි වෙනත් ජන වර්ගයක සිසුන් ගැන දැන ගැනීමට පාසල් කාලයේදීම අපට හැකි විය​. අධ්‍යාපන අමාත්‍යංශය මෙවැනි වැඩසටහන් දේශීයව හෝ ප්‍රවර්ධනයට යොමුවී නැත​. එසේම ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට විචක්‍ෂණභාවයද නැත​. උදාහරණයක් ලෙස කිලිනොච්චියේ ඉගෙනුම ලබන ද්‍රවිඩ සිසුන් කිහිප දෙනෙක් කොළඹ පාසල් වල වසරක කාලයක් ආගන්තුකව සිංහල නිවෙස් වල නැවතී ඉගෙනුම ලැබිය හැකිය​. එසේම කොළඹ සිංහල සිසුන් උතුරේ පාසලක වසරක් ඉගෙනුම ලබා පැමිණිය හැක​. තවද මේ ක්‍රමය අක්කරේපත්තුව කින්නියාව යන ප්‍රදේශ  වල මුස්ලිම් සිසුන් වෙතද  ලබා දිය හැකිය​. එවැනි ක්‍රමයක් මීට ඉහතදී තිබුනේ නම් ආගම් වශයෙන් , ජාතීන් වශයෙන් බෙදී මේ රට කාලකන්නි දේශයක් බවට පත් වන්නේ නැත​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Friday, January 22, 2016

එදා අපිට පෙනුනෙ ඔබව ......




නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා යටතේ මම ඉන්ටන්වරයෙකු ලෙස මාතලේ රෝහලේ සේවය කලෙමි. වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා ගේ නීති තදය​. නිසි වේලාවට වාට්ටුවට පැමිණිය යුතුය​. රෝගීන් ගැන මනා සේ දැනගෙන සිටි යුතුය​. සෙල්ලම් කල නොහැක​. මේ හේතුවෙන් ඒ කාලය හිරේ ගියාක් මෙන් මට දැනුනේය​. කාල වේලාවට ප්‍රථම වාට්ටුවෙන් මාරු වීමට අපට අවකාශ නොවීය​. රණතුංග මහතා හිටි හැටියේ අන්තිම මිනිත්තු දෙකේද වාට්ටුවට එයි. කොරිඩෝවේ ඔහු එනු දකින අප සීතල වෙමු. අප සැනසුම් සුසුම් හෙලන්නේ ඔහු පිටත්ව යාමෙන් පසු ය​. 

වෛද්‍ය  රණතුංග රෝගීන් ගැන කෙස් ගහට දැන සිටි හෙයින් ඔහුට බොරු කිරීම කල නොහැක්කකි. එම නිසා අප රෝගීන්ගේ රෝග විස්තර ඉතිහාසය පොතේ ආකාරයටම ගත්තෙමු. ඔහු අපගේ ඇඳුම ගැන පවා විමසිලිමත් වෙයි. නවක දොස්තරවරු මනා සේ ඇඳ පැලඳ සිටි යුතුය​. දිවා රාත්‍රී වූවද කම් නැත​. 

 නාරි හා ප්‍රසව සායනයට රත්තොටින් වතු වල වැඩ කරන ද්‍රවිඩ  කාන්තාවන් ද එති වරක් එසේ පැමිණි කාන්තාවක් " රෙන්නතුංග මාතියාගේ ක්ලිනික් කෝද තීනවා " කියා මගෙන් ඇසීය​. මම තොල් සපාගෙන ඇයට සායන කාමරය පෙන්නුවෙමි. රණතුංග මහතා සිටින ඉසව්වක සිනහ වීමටද නොහැක​. 

ඒ කාලයේ මට දොර​ දෙකේ නිසාන් මාච් කාරයක් තිබුණි. නිර්වින්දන වෛද්‍යවරයාද කාර් ලෝලියෙකි අප ශල්‍යකර්මයක් කරන අවස්ථාවක නිසාන් මාච් කාර් ගැන කතා කරමින් සිටියෙමු. ශල්‍යාගාරයේ කතා කිරීම නිසා දඞුවමක් ලෙස  වෛද්‍ය  රණතුංග මහතා මාව එළියට දැමීය​. 

වෛද්‍ය  රණතුංග  මහතා ඉතා කලතුරකින් නිවාඩු යයි. එදිනට අපට කානිවල් ය. 

"  සර් කෑගැහුවට බැන්නට හිතේ කහටක් තියාගෙන නෙවෙයි කියන්නේ "  කියා ලේබ රූම් එකේ අමරා මිස් අපට පවසන්නේ නිතරම  බැනුම් අසන අපගේ සිත් සැදීමටය​. 

 "අපරාදේ පිඩියෑට්‍රික්ස් කරන්න තිබුන වෙලාවේ ඒකට යන්නේ නැතිව ජින් අැන්ඩ් ඔබ්ස් කරන්න ආවා . ඉල්ලං කෑවා වගේ " එක් ඉන්ටර්න්වරයෙක් කියයි. 

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා යටතේ මාස හයක් සීමාවාසික පුහුණුව ලබා එකී පුහුණුව අවසන් කිරීමෙන් පසු අපට මහත් සහනයක් දැණුනි. එය​ කමාන්ඩෝ කෝස් එක නිම කලා වැනිය​.  

වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා  දරදඞු පාලකයෙකු සේ පෙනුනද පසු කාලයක මට පෙනී ගියේ එ් වෛද්‍ය විනය ඉගැන්වීම සඳහා ගත් පියවරක් ලෙසටය​. එසේම එතුමා අපව දැණුමින් සන්නද්ධ කලේය​. ඒ ඉගැන්වීමේ වටිනාකම මට වැටහුනේ මුල් පත්වීම ගෙන ග්‍රාමීය රෝහලකට ගිය මුල් දිනයේදීය​. එම මුල් දවසේම දරුවෙකු ප්‍රසූත කල මවකගේ ගර්භාශයේ වැදෑමහ හිර විය​. රෝගියා  මාරු කර යැවීමටද ගිලන් රථයක් නොවීය​. මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා අපට පුහුණු කල පරිදි අත දමා සිරවූ වැදෑමහ සෙමෙන් සෙමෙන් ගත්තෙමි. එය ඉතා අසීරු ක්‍රියාවකි. යම් ලෙසකින් ගර්භාශය කණපිටගියේ නම් කාන්තාව ලේ වහනය වීමෙන් මිය ඇදෙනු ඇත​. නමුත් මා නිසි පරිදි එය ගත් නිසා ගැටළුවක් හට ගත්තේ නැත​.  මේ නිසා අළුතින්ම පත්වීම ගෙන ග්‍රාමීය රෝහලට ගිය මගේ කාඩ් කුඩු නොවීය​. අළුත් වෛද්‍යවරයා යමක් කමක් දත්තෙකු ලෙස කාර්‍ය මණ්ඩලය ඉදිරියේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කර ගත්තේය​. 

 රළු වෙස් මුහුණක් දමාගෙන සිටියද වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතාගේ සිත බොහෝ විට උණු වේ.  අප සමග සිටි එක් ඉන්ටන්වරයෙකු හිතුවක්කාරයට කසාද බැඳ තිබුන නිසා ඔහුට දෙමාපියන් ගෙන් උදව් පදව් නොවීය​. ඔහුගේ බිරිඳ ගේ දරු ප්‍රසූතිය කරන ලද්දේ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා විසිනි. එසේම දරුවා ඉපදුනු පසු අවශ්‍ය කෙරෙන දේ ගැනීමට රණතුංග මහතා එම  ඉන්ටන්වරයාට මුදල් ද දුන්නේය​. 

සීමාවාසික පුහුණුවෙන් පසු අප වෛද්‍ය රණතුංග මහතා ගෙන් මිදී ගියෙමු. පසු කාලයක පරිණත වෛද්‍යවරුන් ලෙස අප එතුමා මුණ ගැසුනු විට ඉතා දයාන්විතව අප සමග එතුමා සංවාදයේ යෙදුනේය​. ඒ කාලයේ අපට සැර පරුෂ මුහුණක් පෙන්වාගෙන සිටින ලද්දේ අප නිසි මග යැවීමට  බව අප වටහා ගත්තෙමු. අද අපට එතුමාව පෙනෙන්නේ දෙවියකු ලෙසටය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග





නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා තම ධනය වැය කරමින් බදුරලියේ ගොඩනංවන ලද සෑය​. චායාරූපයේ මැද සිටින්නේ ඒ මහතාය​. 


Thursday, January 21, 2016

1971 අප්‍රේල් කැරැල්ලේ 17 වන විත්තිකරු විරාජ් ලක්ප්‍රිය ප්‍රනාන්දු




1971 අප්‍රේල් කැරැල්ලේ 17 වන විත්තිකරු වූ විරාජ් ලක්ප්‍රිය ප්‍රනාන්දු මහතා විදේශගතව ජීවත් වෙයි. ඔහුව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගැනීම අසීරු වුයේ ඔහුගේ දුරකථන අංකය හෝ විද්‍යුත් තැපැල් අංකය ඔහුගෙ සමකාලිනයන්ද නොදැන සිටි නිසාවෙනි. අවසානයේදී මට උපකාරයට පැමිණියේ ගුවන් නියමුවෙකු වන එල්මෝ ජයවර්ධන මහතා විසිනි. ඔහු මට විරාජ් ප්‍රනාන්දු ගේ විද්‍යුත් තැපැල් අංකය ලබා දුන්නා පමණක් නොව මගේ පොත පිළිබඳව මූලික අදහසක්ද ඔහුට ලබා දුන්නේය. ඉන් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබුණු බව කිව යුතුමය. 

දින දෙකක් වැනි සුළු කාලයක් ඇතුලත මට විරාජ් ප්‍රනාන්දු මහතා ගෙන් විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලැබිණි. තමාගේ 71 මැදිහත්වීම වැරදි සහගත හා විකෘති කරමින් අයුවි කොමිසම ක්‍රියා කොට ඇති බවත් ඉන් පසුව ඒ සී අලස් සහ රොහාන් ගුණරත්න ඔවුන්ගේ පොත් වල මා ගැන සදොස් ලේඛන උපයෝගි කර ගෙන 71 කැරැල්ල පිළිබඳව ලියා තිඛෙන බවත් විරාජ් ප්‍රනාන්දු මහතා මට පෙන්වා දුන්නේය. ඔහු විසින් මට එවන ලද විද්‍යුත් තැපැල් පිටපත පහත දැක්වෙයි. ලියෝ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය කෘතිය පිළිබදව මා විසින් Daily News  පුවත් පතට යවන ලද ලිපියක තිබූ (මෙම ලිපිය 2009 ජනවාරි 1 දින ඩේලි නිවුස් පුවත් පතේ පළ විය) අඩංගු වු විස්තර පිළිබඳව තමාගේ අදහස් දැක්වීමක්ද කල විරාජ් ප්‍රනාන්දු මහතා මට මෙසේ ලිවීය.

Dear Ruwan,

from your analysis of Tolstoy's works and drawing parallels between many aspects of his own characters to the characters in the novel, it gives me the impression that you are one of the very few well equipped with the necessary tools to engage in an anatomy of 1971 uprising. I do not agree with the idea that all historical events and characters are pre-destined as the quote from Tolstoy seems to imply.

My position is that current events are determined by history. But not determined as if as if It is my position that at every turn there are option available to give shape to the future' and only once freedom of choise is limited to these historically determineded option these option are potential possibilities, and the degrees of their realisation depends on the corre;ation of complex of other forces and events that unfold in the course of time the freedom on has is limited to understanding of the trends within the unfloding events and processes and the action taken on them to bring about the changes one seeks to bring about.

JVP was something I abhorred This is reflected in the CJC Report Something like Viraj Fernando was not a member of the JVP has not attended any of their classes, he was against JVP's principles and policies before the (say Sept 28 1970) and after that day. But on the night of Sept 28, he agreed with Wijeweera; The evidence for my agreement' on that fateful night of sep 28 he agreed with wijeweera' the evidence for my opposition were available in my writtings and letters whete i had written about catasrtrophic march of the JVP and the evidence before the court itself. the evidence of my 'agreement' on that faterful night came from 'my statement' which was proven in the same court as being fabricated by lan wickremanayake by deleting key sentences from a previous statement, which was suppressed. the judgement was not unanimous. justice Thamotharam dissented. After my relese I met him at the Liberety Cinema. I thanked him. He told me "you don't have to thank me I only did my duty" on the other hand, Justice Alles quite unehically wrote a book, Rohan Guneratne drew his "facts" so there has propagated a myth. Which is contrary to reality. So what I am trying to tell you is that Susil and I were foisted up, in to the case for other reasons. we played no roles at all in it. but in the minds of the people the myth created has been indelibly written. there is a vast difference between this myth and reality. I know myths always win over reality. so I am not interested to clarify the reality of this episode in my life over the myth. this is insignificant. it is of no use to humanity at large, whether I allow the myth to prevail or attempt to establish the truth. Instead, what I have been devoting all these years (without even working for a living) is to demolish a myth which will benefit human knowledge. that myth is Enistein's theory of relativity. That myth has cast a net of obscurantism in the minds of the scientific community. As difficult as it would be to reveal the reality underlying this myth, this myth must be broken for the future advancement of science and therefore for the advancement of humanity.

Ruwan, I am presently preparing a paper to present for a Conference in May on the above subject. therefore I am very tight for time to get engaged in lengthy correspondence with you. please let me know your telephone n umber and a time convenient to you so that I will try to help you as much as I can by way of talking.

Best regards,

Viraj

මෙම විද්‍යුත් තැපැල් පණිවිඩය ලැබී සති දෙකකට පමන පසු විරාජ් ප්‍රනාන්දු මහතා 2009/02/25 දින ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 10.30 ට කැනඩාවේ සිට මා ඇමතීය.

තමා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරය ඉයන් වික්‍රමනායක වෙනස් කළ බවත් අමාත්‍ය ෆීලික්ස් ඩයස්ගේ උවමනාව පරිදි එම කට උත්තරය සුසිල් සිරිවර්ධනට එදිරිව පාවිච්චි කළ බවත් විරාජ් ප්‍රනාන්දු පැවසීය. කෙසේ වෙතත් පාඨකයාගේ දැන ගැනීම පිණිස අ.ප.දෙ. විසින් සටහන් කර ගන්නා ලද කට උත්තරයද මගේ පොතේ පළ කරන ලෙසටත් ඉන්පසු මුල් සටහන් බලමින් ඔහු විසින් දෙන ප්‍රකාශය සටහන් කරගන්නා ලෙසටත් ඉල්ලීමක් කළේය. ඒ අනුව මුලින්ම විරාජ් ප්‍රනාන්දු විසින් අ.ප.දෙ. දෙන ලද නිළ කට උත්තරය පහත දැක්වේ.


117, විෙජ්රාම මාවත, කොළඹ 7
දිනය: 1971 ජුනි 6 වැනිදා.
වේලාව : පෙරවරු 10.15යි.
මා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ලබාගන්නා ලද බලය උඩ, විශේෂ ශාඛාවෙහි උප පොලිස් පරීක්ෂක සිවරත්නම් විසින් මොරටුවේ විරාජ් ප්‍රනාන්දු මා වෙත ඉදිරිපත් කරන ලදී. දැනට ඔහු බන්ධනාගාර කොමසාරිස්ගේ අත් අඩංගුවේ රඳවාගෙන සිටිනු ලබයි. මම ඔහුගෙන් ප්‍රශ්න කරන ලද අතර, දැන් ඔහුගේ ප්‍රකාශය වාර්තා කරමි.

මොරටුවේ කල්දෙමුල්ල පාරේ නො:193 දරණ ස්ථානයේ පදිංචි, වසය අවුරුදු 28 ක් වූ, කොළඹ, එලිබෑන්ක් පාරෙහි ගොවිජන සේවා පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ සහකාර විරාජ් ප්‍රේම ලක්ප්‍රිය ප්‍රනාන්දු හෙවත් විරාජ්:- මම මොරටුවේ උපන් අයෙක්. මගේ පියා වන වින්සන්ට් පීටර් රජයේ ලිපිකරුවෙක් විය. ඔහු මිය ගියා. මගේ අම්මා වන ලෝරා කැතරින් ප්‍රනාන්දු පදිංචිවෙලා ඉන්නේ මොරටුවේ කල්දෙමුල්ල පාරේ නො: 193 දරණ ස්ථානයේ. මට සහෝදරයන් තුන්දෙනෙකුත්, සහෝදරියන් හතර දෙනෙකුත් ඉන්නවා. මගේ වැඩිමහල් අක්කා ගණන් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එස්.ෙජ්.ඩී. ප්‍රනාන්දු සමග විවාහවී සිටී. දෙවෙනි සහෝදරිය විවාහවී සිටින්න් වරාය සංයුක්ත මණ්ඩලයේ මර්වින් ද සිල්වා සමගයි. පවුලේ තුන්වැනියා වන
මගේ සහෝදර වර්නන් ලංකා ඔක්ෂිජන් සමාගමේ ෆෝර්මන් කෙනෙක්. පවුලේ ඊළඟට සිටින්නේ මගේ සහෝදරී. ඈ විවාහවි සිටින්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයකු වන ඩග්ලස් වීරසිංහ නැමැත්තා සමඟයි. බොරැල්ලේ ශාන්ත ලියුක්ගේ පල්ලියේ පූජක පැට්්‍රක් ප්‍රනාන්දු පවුලේ පස්වැනියාය. පවුලේ හයවැනියා විමල්. ඔහු වැඩ කරන්නේ ෂෙව්ඩෙන්බර්ග් සමාගමේ. පවුලේ හයවැනියා ෙජ්.එල්.මොරිසන් පුත්‍රයා සහ ජෝන්ස් සමාගමේ ගොඩ්වින් පෙරේරා සමඟ විවාහවී සිටී. මම පවුලේ හත්වැනියා. මම අවිවාහකයි. මම ඉගෙන ගත්තේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලීජියේ. 1959 දී මම අ.පො.ස (සා.පෙළ) සමත් උනා. මම 1963 දී විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේදී ද විෂයයන් දෙකක් සමත් වුනා. 1964 මැයි මාසය දක්වා මම මගේ නැන්දාගේ ව්‍යාපාරයෙහි වැඩ කළා. 1964 මැයි මාසයේදී මම විශ්ව විදයාල ප්‍රවේශ විභාගයට ඉගෙන ගන්න
පටන් ගත්තා. විකර්ස්/ආම්ස්ට්‍රෝන් (නැව් තනන්නෝ) ආයතනයේ පුහුණුවන්නෙකු ලෙස පත්වීම සඳහා ද ඉල්ලූම් කළා. මා තෝරා ගන්නා ලද අතර 1964 නොවැම්බර් 26 වැනිදා මම බෝට්ටුවෙන් ලංකාවෙන් පිටත් වුනා. කෙටි නිවාඩුවක් සඳහා මම 1967 ජූලි මාසයේ ලංකාවට පැමින සැප්තැම්බර් මාසයේ නිව්කාසල් බලා නැවත පිටත්වුනා. 1967 ඔක්තෝබර් මාසයේ මම නිව්කාසල් ඔන් ටයින් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනා.

 1970 පෙබරවාරි 16 වන දා මම ආපසු ලංකාවට පැමිණියා. මා පැමිණ ටික දිනකට පසු සුසිල් සිරිවර්දනගේ නිවෙසට ගියා. නො:15/6, ඇල්ෆ්‍රෙඩ් නිවාස උද්‍යානය, කොළඹ යන ලිපිනය ලංඩනයේදී ඔහුගේ ඥාති සහෝදරයෙකු වන සේනක බණ්ඩාරනායක මට දුන්නා. මා ගැන සුසිල්ට ලියන බව ඔහු කීවා. මම සුසිල්ගේ නිවසේදී ඔහු හමුවුණා. ඔහු කරමින් සිටි වැඩ ගැන සහ ඉතිහාසය පිළිබඳව මා කළ වැඩ ගැන අපි කතාබස් කලා. අධිරාජ්‍යවාදය, යටත්විජිතවාදය සහ අනෙක් ඒ හා සම්බන්ධ කරුණු ආදී සමාජ විද්‍යාදර්ශනය ගැන නිර්වචනයන් කළ බව ඔහු කීවා. ඊවා රණවීර, පියල් සෝමරත්න, එච්.කේ.නැමැත්තෙක්, කරු වැනි අය සමඟ තමා වැඩ කරන බව ඔහු කීවා. එම හමුවීමෙන් ටික දිනකට පසු, මා සමඟ පන්තියේ සිටි අයෙකු වන හේම ප්‍රනාන්දු මට හමුවුනා. ඔහුට ආචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු නම් සහෝදරයෙක්සිටී මා උනන්දුවක් දක්වන විෂයය නිසා මගේ ඉල්ලීම පිට හේම ප්‍රනාන්දු, රංජිත් පීරිස් නැමැත්තෙකුට මා හඳුන්වා දුන්නා. ඔහු දෙහිවල කුඩා නිවසකට මා කැඳවාගෙන ගොස් වර්තමාන තත්ත්වය ගැන සහ ජ.වි.පෙ. ලෙස දැන් හඳුන්වනු ලබන ඔවුනගේ ව්‍යාපාරය ගැන හඳුන්වාදීමේ කතාවක් කළේය. මම මේ ගැන සුසිල් සිරිවර්ධනට කීවා. zජයන්තZ නම් බුද්ධිමත් තරුණයෙකු සිටින බවත්, මෙම සංවිධානය ගැන ඉගෙන ගැනීමට මා උනන්දුවක් දක්වන්නේ නම් තමාගේ ගෝලයෙකු මගින් ඔහු හමු වීමට කටයුතු කළ හැකි බවත් සුසිල් සිරිවර්ධන කීවා. මෙම ගෝලයා ලක්ෂ්මන් මුණසිංහ බව පසුව  දැනගත්තා. 


ලංකාව සම්බන්ධයන් වූ zප්‍රතිවිරුද්ධ මතධාරී තරුණයාZ මේ සංවිධානය ගැන දැනගැනිමට මා උනන්දුවක් දැක්වූයේ විශේෂයෙන්ම නමින් හැඳින්වූ න්‍යායක් මා ගොඩනඟා තිබුණ නිසා සහ තරුණ සංවිධාන පිළිබඳව අළුත් දැනුමක් ලබාගැනීමට සහ විශේෂයෙන්ම මා කලින් සඳහන් කළ රංජිත් පීරිස් මුලින්ම හමු වූ අවස්ථාවේ ඔහුගේ අදහස බොහොමයකට මා එකඟ නොවූ නිසාත්ය. ඉන්පසු දිනයක ඇල්ෆ්‍රඩ් නිවාස උද්‍යානයේ නො:15/6 දරණ නිවසේ බිම් මහලේ රැස්වීමක් පැවැත්වුනා. මට මතක හැටියට සුසිල් සිරිවර්ධන, පියල් සෝමරත්න විෙජ්සූරිය, ලක්ෂ්මන් මුණසිංහ සහ තවත් දෙදෙනෙකු එහි පැමිණ සිටියා. එම අනෙක් දෙදෙනා මා හඳුනන්නේ නැහැ. එහෙත්, දුටුවොත් ඔවුන් හඳුනාගත හැකියි.

දැන් ජ.වි.පෙ නමින් හඳුන්වන කණ්ඩායම වෙනුවෙන් කතා කළ පුද්ගලයා ජයන්තගේ නොපැමිණීම ගැන කණගාටු වන බව කීවා. සාකච්ඡාව පැය දෙකක් පමණ පැවති අතර අප අතර මත භේදයක් තිබුණි. දකුණු පළාතේ යම් ස්ථායක දී තමාට ජයන්ත හමු වූ බවත්, මා ලංකාවට ඒමට පෙර ඔහු සමඟ සාකච්ඡා කළ බවත්, සුසිල් සිරිවර්ධන කීවා. ජයන්ත වශයෙන් හඳුන්වන ලද්දේ රෝහණ විෙජ්වීර බව මම පසුව දැනගත්තා. විෙජ්වීර සිරෙන් නිදහස් කළ පසු පැවැත්වූ විවෘත රැස්වීමකට සවන්දීම සඳහා සිසිල් සිරිවර්ධන, ඊවා රණවීර සහ පියල් සෝමරත්න සමඟ ඔහුගේ දෙමාපියන්ගේ මෝටර් රථයෙන් විද්‍යෝදයට ගියා. මට මතකයි. එම රැස්වීමේදි විෙජ්වීර කතා කළා. තමා කලින් ජයන්ත ලෙස හැඳින්වූයේ විෙජ්විර බව සුසිල් මට කීවේ මේ රැස්වීමේදීය. 

මහින්ද විෙජ්සේකර මෙම රැස්වීමේදි කතා කළ බව මට දැනගන්නට ලැබුණා. මට අවශ්‍ය නම් විෙජ්වීර හමුවීමට තමා සමග යා හැකි බව රැස්වීම පැවැත්වු මාසයේදීම සුසිල් සිර්වර්ධන මට කිව්වා. මම එයට කැමති වුනා. මම සුසිල් සිරිවර්දනගේ ගෙදරට ගොස් සුසිල් සිරිවර්දන, පියල් සෝමරත්න, විපුලසේන සහ ලක්ෂ්මන් මුණසිංහ සමග දුම්රියෙන්
එෙ`ඩ්රමුල්ලේ නිවසකට ගියා. ඒ විමලගුණේගේ නිවස බව මා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මම දැනගත්ත. අප එහි ගියේ සවසය. මට විෙජ්වීර හමුවුනා. තවත් කිහිපදෙනෙක් එහි සිටියා.

බොරු නමක් දීම ගැනත්, ඇත්ත වශයෙන්ම නායකයාව සිටියදී තමා ව්‍යාපාරයේ සාමාන්‍ය සාමාජිකයෙකු ලෙස හුවා දැක්වීම ගැනත් විෙජ්වීර සුසිල් සිරිවර්ධනගෙන් සමාව ගත්තා. කතා කළේ විෙජ්වර පමණයි. දේශන වේශයෙන් පැවැත්වුණු බව ඔහු කීවා. ඔවුනගේ සංවිධානය කොතරම් හොඳද කීවොත් නායකයන් අත්අඩංගුවට ගැනීමේන් පසු පවා අ.ප.දෙ.ට වත් ව්‍යාපාරයේ නම දැනගත නොහැකි වූ බව ඔහු කීවා. විප්ලවය එක දවසක ඇති වන බව ද ඔහු කීවා. 

විෙජ්වීර ආත්ම වර්ණනාවේ යෙදෙන බව කතා කරමින් සිටින අතර මට හැඟ=ණා. ඔහු විසින් ඉදිරිපත් කරන ලද බොහෝ කරුණුවලට විශේෂයෙන්ම ඉන්දියානු කම්කරුවන් පිළිබඳව මම එකඟ වුනේ නැහැ. අනුරාධපුරයේදී සුසිල්, ලක්ෂ්මන් මුණසිංහට ඉගැන්වූ බව මම දන්නවා. ජ.වි.පෙ පුවත්පත පටන් ගැනීම සඳහා තමා රුපියල් 1.000/-ක් හෝ රුපියල් 1.500/- ක් ලක්ෂ්මන් මුණසිංහට ණයට දී තිබූ බව සුසිල් මට කීවා. මා දන්නා තරමින් ඒ මුදල ඔහුට ආපසු ලැබුනේ නැහැ. අගෝස්තු මාසයේදී හයිඩ්පාක්හිදී ජ.වි.පෙ රැස්වීමක් පැවැත්වුනා. ඒ රැස්වීමේදි මට
සුසිල් සිරිවර්ධන හමුවුනා. භික්ෂුන් වහන්සේ නමක්, ඩි.ඒ. ගුණසේකර, මහින්ද විෙජ්සේකර, ඇස්.ඩී. බණ්ඩාරනායක සහ රෝහණ විෙජ්වීර යන අය රැස්වීමේ කතා කළ බව මට මතකයි.

ලක්ෂ්මන් මුණසිංහට මා හමුවීමට අවශ්‍යව ඇති බව සැප්තැම්බර් මුල් භාගයේදි සුසිල් මට දැන්වූවා. මම සුසිල්ගේ නිවසේදි ලක්ෂ්මන් මුණසිංහ හමුවුනා.ඔහු මට දිනයක් දී බොරැල්ල ටර්මිනස් පාමසියේදී සවස ඔහු හමු වන ලෙස කීවා. සූදානම් කර තිබූ පරිදි මම ඔහු හමුවුනා. වනාතමුල්ලේ වූ නිවසකට ඔහු මා කැඳවා ගෙන ගියා. ඒ ඔස්මන්ඩ් සිල්වාගේ නිවස බව මා අත්අඩංගුවට ගැනීමෙන් පසු මට දැන ගන්නට ලැබුණා. පොහොරවලට දමන ඇමෝනියම් නයිට්රේට් වලින් බෝම්බ සාදන ආකාරය එහි සිටි පිරිමි ළමයින් කිහිප දෙනෙකුට උගන්වන ලෙස ලක්ෂ්මන් මුණසිංහ මට කීවා. ඔහු එසේ කීවේ විමලගුණේගේ නිවසේ පැවති සාකච්ඡාවකදී එසේ බෝම්බ සෑදිය හැකි බව මා කියා තිබූ නිසයි. මම zඑන්සයික්ලෝපීඩියා බ්්‍රටැනිකාZ වෙන් ඉගෙන තිබූ දේ විස්තර කළා. එනම්, ඇමෝනියම් නයිට්රේට් භූමිතෙල් සමඟ මිශ්‍ර කර ඇඹරිය යුතුයි. මම මෙම සි්ද්ධිය සුසිල් සිරිවර්ධනට කීවා. 

මුල් කාලයට වඩා මේ කාලයේදී ජ.වි.පෙ. ක්‍රියාත්මකවීමට පටන් ගෙන
තිබූ බව පෙනුනි. බෝගම්බර රැස්වීම සඳහා ඔවුන් දෙමළ භාෂාවෙන් දැන්වීම් අලවා තිබුනා. විදේශ සම්බන්ධතා ගැන සාකච්ඡා කිරීම සඳහා එඩේරමුල්ලේ ගෙදරට පැමිණෙන ලෙස වනාතමුල්ලේදී ලක්ෂ්මන් මට කීව. මම එඩේරමුල්ලේ දුම්රියපලට ගියා. ලක්ෂ්මන් මුණසිංහ මා හමුවී විමලගුණේගේ නිවසට මා කැඳවා ගෙන ගියා. එහිදී මම ලක්ෂ්මන් මුණසිංහ සහ තවත් නාඳුනන පුද්ගලයෙකු සමඟ සාකච්ඡා කළා. පිටරටින් තුවක්කු ගෙන්වා ගැනීමට කටයුතු සැලැස්විය හැකි දැයි ඔවුන් මගෙන් ඇසුවා. පැරිසියේ ජෙරාඩ් වර්ගේට් නමින් මා හඳුනන කෙනෙකු
සිටින බවත්, ඉන්දියාවට රත්රන් හොරෙන් ගෙන යන යාත්‍රා වරායේ ඇති බවත්. එමගින් ආයුධ සොරෙන් ගෙන ඒමේ හැකියාව ගැන පරීක්ෂා කළ හැකි බවත් මම කීවා. මා ඒ කරුණ සඳහන් කළේ සුසිල් සිරිවර්ධනට පසුවය. ව්‍යාපාරය කෙසේ විය යුතුද යන්න ගැන මා දැරූ අදහස්වලට ගැලපෙන පරිදි ජ.වි.පෙ. තුළ සංශෝධන ඇති කිරීම සඳහා අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට මම මෙම රැස්වීම අවස්ථාවක් කොට ගත්තා. එම අදහස් පිලිගන්නා බව ඔවුන් ඇෙඟව්වා. 

එම මාසයේදීම මම තුන්වන වරටත් විමලගුණේගේ ගෙදරට ගියා. ඒ අවස්ථාවේදී මම පියල් සෝමරත්න සමඟ ගියේ මා විසින් යෝජනා කරන ලද සංශෝධන ගැන සාකච්ඡා කිරීිමටය. සාකච්ඡාවෙන් පසු පියල් සෝමරත්න පිටවි ගිය අතර මාව ගෙදරකට කැඳවා ගෙන ගියා. එය ටී.ඩී.ද සිල්වා නැමැත්තාගේ නිවස බව මම පසුව දැනගත්තා. එහිදී මට නැවතත් විෙජ්වීර හුමුවුනා. ඔහු මට කතා කළා. මට මතක හැටියට ඔහු පහත සඳහන් කරුණු ගැන සඳහන් කළා.

(1) මා මාලදිවයින් සහ කේරලයට ගොස් එම රටවල ප්‍රචාරක ඒකක සංවිධාන කළ යුතු බව.

(2) නායකයන්ට සැඟවීමට අවශ්‍ය වුවහොත් එසේ කිරීම සඳහා මා ඉන්දියාවට ගොස් සැඟවෙන ස්ථාන සොයා ගත යුතු බව.

(3) ව්‍යාපාරයේ කටයුතුවලට යොදා ගැනීම සඳහා අත්බෝම්බ 50.000ක් මැෂින් තුවක්කු 5.000ක් සහ පිස්තෝල 500ක් ලංකාවට හොරෙන් ගෙන ඒම සඳහා මා කටයුතු සූදානම් කළ යුතු බව. 

මේ සියල්ල සඳහා කොමපණ මුදලක් ගෙවීමට සූදානම් දැයි මම විෙජ්වීරගෙන් ඇසුවා. විදේශ විනිමය ප්‍රශ්නය ගැන මම ඔහුට විස්තර කළා. ගංජා නිෂ්පාදකයන්ට zපොල්ල තියලාZ ගංජා හොරෙන් පිටරට යැවීමට තමාට කටයුතු සුදානම් කළ හැකි බව ඔහු කීවා.

(4) ට්‍රාන්ස්මිටර්, වෙඩි නොවදින හැට්ට, බූට් සපත්තු සහ යකඩ තොප්පි ආදිය මා සොයා ගත යුතු බව,

(5) මා ටැන්සනියාවේ උප ජනාධිපති, කාමැක් සමඟ සම්බන්ධතා ඇති කර ගත යුතු බව, ඔහු ලූමුම්බා විශ්ව විද්‍යාලයේ සිටි තමාගේ සමකාලීනයෙකු බව විෙජ්වීර කීවා,

(6) ශල්‍ය වෛද්‍යවරුන් දහදෙනෙකු යුරෝපයෙන් ලංකාවට ගෙන ඇවිත් ලංකාවේ කැලෑවල්වල සඟවා තබන ලෙස ද ඔහු මට කීවා.

ආපසු ලංඩන් යාමට ටිකට් පතක් මා වෙත තිබූ බව විෙජ්වීර දැන සිටියා. මට ජීවත්විමට සෑහෙන තරම් මුදල් මා වෙත ඇති බව මම ඔහුට කීවා. හැකි තරම් ඉක්මනින් ලංකාවෙන් පිටත්ව යන ලෙස ඔහු මට කීවා. මම මෙය සුසිල් සිරිවර්ධනට කීවා. ලංඩනයේදී මුදල් ලබා ගැනීම සඳහා හොරෙන් ගෙනයාමට මැණික් මිල දී ගැනීම සඳහා මට මුදල් අවශ්‍ය වුනා. මේ කාර්යයෙහි අරමුණ වුයේ මා සිත තුළ වූ ව්‍යාපාරය සඳහා මුදල් සොයා ගැනීමේ මාර්ගයක් වශයෙන් එය කොතරම් සාර්ථකව කළ හැකිද යන්න සොයා බැලීමය. මා මෙය විෙජ්වීරට යෝජනා කළත්, ඔහු ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. 

සුසිල් සිරිවර්ධන මා නමින් ලියන ලද රුපියල් 1.500/-ටත්. රුපියල් 2.000/-ත් අතර ප්‍රමාණයක චෙක්පක් මට දුන්නා. ලංකා බැංකුවේ බම්බලපිටිය ශාඛාවෙන් මම එය මාරු කළා. මම එයින් රුපියල් 1150ක් වියදම් කළ අතර, ඉතිරිය ඔහුට දුන්නා. ඇහැලියගොඩ සාප්පුකාරයෙකුගෙන් මම මැණික් මිලදී ගත්තා. මා ඔහුට හඳුන්වා දෙනු ලැබුවේ බේරුවන වත්තේ වතු අධිකාරී වන වර්නන් ප්‍රනාන්දු නැමැත්තා විසින්ය.

1970 මුලදී මම මැණික් ද රැගෙන ලංකාවෙන් පිටත්වී බ්‍රසල්ස් වෙත ගියා. එහිදි මට වර්ගේට් හුමුවුනා. ලංකාවේදි වර්ගේට්ට විෙජ්වීර හමුවී තුබූ බව මම දැන සිටියේ නැහැ. මට ෆ්‍රෙඩ් හැලඩේව ද හමුවුනා. ලංකාවේ නියම තත්ත්වය පැහැදිලි කරමින ලේඛන සකස් කිරීමට මම පටන් ගත්තා. එම ලේඛනය දැනට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ආචාර්ය අන්ද්‍රාදි වෙත ඇත. ඵෙතිහාසික වශයෙන් එය විවේචනය කිරීම සඳහා මම එය ඔහුට දුන්නා. ෆ්‍රෙඩ් හැලඩේගේ බලපෑම මගින් දකුණු යේමනයට ගොස් එහි පාලක පක්ෂය වන ජාතික විමුක්ති පෙරමුණේ පුද්ගලයන් හමුවීමට මට හැකිවුනා. ද්‍රව්‍යමය ආධාර සඳහා ඇති අවශ්‍යතාවය ගැන මම ඔවුන්ට කියා ඔමාර්බෝ-ඩොෆෝරි ගෙන් ලිපියක් ලබා ගත්තා.

පෙබරවාරි 3 වන දා මම ආපසු ලංකාවට ආවා. 5 වනදා මට සුසිල් සිරිවර්ධන හමුවුනා. විෙජ්වීර ජ.වි.පෙ හි කටයුතු කරගෙන යන ආකාරය ගැන සුසිල් සිරිවර්ධන කළකිරී තිබුණ බව පෙනුන. ඔහු මට ඒ බව කීව. මේ කාලය තුළ අනෙක් වාමාංශික කණ්ඩායම් සමඟ ගැටුම් තිබුනා. මෙම ලිපිය විෙජ්වීරට දීමට අපි තීරණය කොට තිබුණ. එහෙත්, දවසක් ලක්ෂ්මන් මුණසිංහ මගේ ගෙදරට පැමිණ විෙජ්වීර හමුවීම සඳහා ඔහු සමඟ එන ලෙස මට කීවා. මේ 10 වැනිදා හෝ 12 වැනිදා පමණය.

මම සුසිල් සිරිවර්ධනගේ ගෙදරට ගිය නමුත් ඔහු ගෙදර සිටියේ නැහැ. ලිපිය සහ දකුනු යේමන තානාපති කාර්යාලයට මා දුන් පණිවිඩයේ පිටපතක් ද රැගෙන මම ටී.ඩී. ද සිල්වාගේ ගෙදරට ගියා. විෙජ්වීර සහ තවත් කිහිපදෙනෙක් එහි සිටියා. මම විෙජ්වීරට ලිපිය දුන්නා. එදින විෙජ්වීර සාකච්ඡා කළ කරුණුවලින් මට දැන් මතකඇති කරුණු සමහරක් නම් :-

(1) රතු කැකුල නම් වූ පුවත් පතක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණාලයක් ආරම්භ කිරීම සඳහා එක්කෙනා රුපියල් 100/බැගින් පරිත්‍යාග කිරීමට මධ්‍යම විදුලි පණිවිඩ  කාර්යාලයේ 150 දෙනෙකු සුදානම්ව සිටින බව මදනායක නමින් මා හඳුනන සිරගෙදරදී මා දැක ඇති පුද්ගලයෙක් කීවා. එහෙත් විෙජ්වීර එ ගැන උනන්දුවක් දැක්වුයේ නැහැ. එය කම්කරුවන් වෙනුවෙන් පළකිරීමට අදහස් කළ පුවත්පතකි.

(2) පිලිප් ගුණවර්ධනගේ මිනිසුන්ට වෙඩි තැබූ ජ.වි.පේ. ආධාරකරුවන් විසින් අලවන ලද දැන්වීම් පිලිප් ගුණවර්ධනගේ මිනිසුන් විසින් ඉරා දමා ඇති බව විෙජ්වීර සඳහන් කලා.

(3) මෝටර් රථ අනතුරක් සිදු කොට ඔහු බරපතල ලෙස තුවාල ලැබූ බවත්. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවත් පතුරුවා හැර ඉක්මනින් මුදල් එකතු කර ගැනීමේ සැලැස්්මක් ගැනත් විෙජ්විර සඳහන් කළා.

(4) වැඩ වර්ජනයේ යෙදී සිටින zදවසZ ප්‍රවෘත්ති පත්‍ර සේවකයන් සෑම වාමාංශික ව්‍යාපාර ප්‍රවෘත්ති පත්‍රයක පළකිරීම සඳහා ප්‍රකාශයක් නිකුත් කොට ඇති බව ලක්ෂ්මන් මුණසිංහ සඳහන් කළා. එය පළකිරීමට විෙජ්වීර කැමති වුනේ නැහැ. එහෙත්. කෙටි කරන ලද අනුවාදයක් පළකිරීමට අවසානයේදී ඔහු එකඟවුනා,

(5) ටී.ඩී. සිල්වාගේ බිරිද සහ ළමයින් එහි සිටිය ද ඔහු තුවක්කු, පතොරම් මිලට ගැනීම පිළිබඳව අනවශ්‍ය කතාවල යෙදුනා. අප්‍රේල් මාසයේදී zමර්ධනයZ ඇති වන බවත්, ඔහු කීව. එය පෙබරවාරි මස ආරම්භයේදී වුවද ඇති විය හැකි බව ඔහු කීවා. ඔහුට අවශ්‍යවු ආයුධ, වෙඩි ඛෙහෙත් සහ ට්‍රාන්ස්මීටරයන් ගෙන ඒමට සහ වෛද්‍යවරුන් පිළිබඳව කටයුතු සූදානම් නොකිරීම නිසා මට පිටතට යන ලෙස ඔහු කීවා. මා ආපසු කේරලයට ගොස් ජ.වි.පෙ සාමාජිකයන් 50 දෙනෙකු කේරලයට සහ දකුණු ඉන්දියාවට ගොස් එහි කටයුතු කිරීම සඳහා අවස්ථාවක් සලසාලීමට උත්සාහ ගන්නා ලෙස ඔහු මට කීවා. මේ රැස්වීම ගැන මම සුසිල් සිරිවර්ධනට කීවා. 

සැප්තැම්බර් මාසයේ වෙලෝනා වැඩ වර්ජන පැවති කාලයේදී නීතිඥයෙකු වන එඩ්මන්ඩ් සමරක්කොඩි මට හුමුවුනා. ජ.වි.පෙ අදහස් මොනවාදැයි දැනගැනීමට ඔහු කැමැත්තෙන් සිටියා. මම, මුණසිංහ, ටී.ඩී. ද සිල්වා සහ තවත් පුද්ගලයකු සමඟ මේ නිවසේදී රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. මෙම රැස්වීමට පැමිනෙන ලෙස ලක්ෂ්මන් මට කීවා. තමා සහ ජ.වි.පෙ අතර වෙනස්කම් තිබුණ ද ඔවුන්ට නීති ආධාර අවශ්‍යවුවහොත් තමා නිතරම ඔවුන් වෙනුවෙන් උසාවිවල පෙනී සිටින බව එඩ්මන්ඩ් සමරක්කොඩි තවදුරටත් කීවා. 

මම නිතරම සුසිල් සිරිවර්ධනගේ ගෙදරට ගියා. ඔහු මගේ මිතුරකු ලෙස මම සැලකුවා. එක් අවස්ථාවක ආචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු සහ හේම ප්‍රනාන්දු මා හමුවීම සඳහා සුසිල් සිරිවර්ධනගේ නිවසට පැමිණි බව මට මතකයි. ජ.වි.පෙ. කටයුතු ගැන අපි සාකච්ඡා කළා. ජ.වි.පෙ සමඟ සම්බන්ධ නොවන ලෙස මම ආචාර්ය ප්‍රනාන්දුට කීව. ඔහුගේ සහෝදරයා ද ඒ අවස්ථාවේ එහි සිටියා. ඔහු ද එයට සම්බන්ධ නොවන ලෙස ආචාර්ය ප්‍රනාන්දුට අවවාද කළා. ඒ මාර්තු 12 වැනිදාය. තමාට 23 වැනිදා පැවැත්වෙන රැස්විම ඇමතීමට ඇති හෙයින් තමා වෙනුවෙන් zනැගෙනහිර විප්ලවකාරී ව්‍යාපාරZ යන මාතෘකාව යටතේ කරුණු එකතු
කරගෙන පෙබරවාරි 22 වැනිදා පැමිණ තමා හමු වන ලෙස විෙජ්වීර මට කිවා. එය සඳහන් කිරීමට මට අමතක වුනා. 

23 වැනිදා උදෑසන ලක්ෂ්මන් මුණසිංහ මා සොයා පැමිණියා. එහෙත්. මා ගෙදර නැති බව ඔහුට දන්වන ලෙස අම්මාට කියා මම සැඟවුනා. 27 වැනිදා පැවැත්වෙන රැස්වීමට පෙර විෙජ්වීර මා හමුවීමට අවශ්‍යව ඇති බව 25 වැනිදා ලක්ෂ්මන් මුණසිංහ මට කීවා. එහෙත්, ඒ රැස්වීම ද මම මඟහැරියා. 27 වැනිදා පැමිණීමට නොහැකි බව මා ලක්ෂ්මන්ට කී විට මාර්තු 15 වැනිදා විෙජ්වීර හමු වන ලෙෂ ලක්ෂ්මන් කීවා. එයට පෙර මට මහකණමුල්ලට යෑමට ඇති බව හොඳින් දැන සිටි මම එයට එකඟ වුනා. zඒZ ලැයිස්තුවේ සාමාජිකයන් 1000කට වඩා සිටින බවත්, ඔවුන් පෙරමුණේ ගමන් කරන්නන් බවත්. ටී.ඩී. ද සිල්වාගේ නිවසේ පැවති දෙවන රැස්වීමේදී විෙජ්වීර කීව. එය සඳහන් කිරීමට මට අමතක වුනා.

ගාලූ දිස්ත්‍රික්කයේ නියෝජිතයාද පැමිණ සිටියා. මට මතකයි. තමාගේ zඒZ ලැයිස්තුවේ සාමාජිකයන් 100ක් හෝ 1000ක් සිටින බව ඔහු කීවා. එය ප්‍රමාණවත් නොවන බව විෙජ්වීර කීවා. සාකච්ඡා සඳහා පැමිණෙන පිරිමි ළමුන් හඩමින් සිටින සිය දෙමාපියන් ගෙදර දමා වහාම පූර්ණකාලීන වැඩවලට බසින බවට ඔහු පුරසාරම් දෙඩුවා. ඔහු ඒ ගැන සතුට පළ කළා. 

සුසිල් සිරිවර්ධනගේ ආධාරයෙන් 1971 මාර්තු 12 වැනිදා ගොවිජන සේවා පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ සහකාරවරයෙකු වශයෙන් මට රැකියාවක් ලැබුණා. කැකිරාව පොලිස් ප්‍රදදේශයේ මහකනමුල්ලට මාව පත් කර යැව්වා. යෝජනා ක්‍රමය අධීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටි සුසිල් සිරිවර්ධන සහ කාර්ය මණ්ඩලය සමඟ මම මාර්තු 19 වැනිදා ආපසු මොරටුවට ආවා. මම ගෙදර පැමිණ විවිධ මාතෘකා යටතේ ම විසින් ලියා තුබු ලිපි සමහරක්
විනාශ කළා. zමාක්ස්වාදයZ සහ ඒ හා සම්බන්ධ විෂයයන් ගැන මා වෙත තිබූ පොත් මම සඟවා තැබුවා. මා මෙසේ කළේ බිය නිසායි. 

21 වැනිදා මම ආපසු මහකණුමුල්ලට ගියා. 14 වැනිදා මට ආපසු පැමිණීමට තිබු බවත්, මම මහකණුමුල්ලට ආපසු එන බවත්. 10 වැනිදා සුසිල් සිරිවර්ධනට ඔහුගේ කාර්යාලයේදි දන්වා මහකණුමුල්ලට ආපසු ගියා. කිසිදු කාලයක කිසිදු පොලීසියකට කළ පහරදීමකදී හෝ කිසිදු ත්‍රස්තවාදි කටයුත්තට මම සහභාගි වූයේ නැහැ. 1971 අප්‍රේල් 5 වැනිදා සහ හයවැනිදා මා සිටියේ කැකිරාවේ, ඉපලෝගම කෘෂිකර්ම උපදේශකවරයාගේ නිවසේය.

අත්සන් කළේ/වී.පී.එල්. ප්‍රනාන්දු,
6/6/71.
අත්සන් කළේ/අයි.වික්‍රමනායක,
6/6/71.
වේලාව:පෙරවරු 11.15

දිනය: 1971.6.10 
විරාජ් ප්‍රනාන්දුගෙ ප්‍රකාශයෙන් මතු වන සමහර කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මම ඔහුව නැවතත් කැෙඳව්වෙමි. මොරටුවේ කල්දෙමුල්ල පාරේ නො:193 දරණ ස්ථානයේ පදිංචි වයස අවුරුදු 28 ක් වූ කොළඹ එළිබෑන්ක් පාරේ අංක 33 දරන ස්ථානයේ ගොවිජන සේවා පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ සහකාර විරාජ් ප්‍රේම ලක්ප්‍රිය ප්‍රනාන්දු හෙවත් විරාජ්:-

විමලගුණේගේ නිවසෙහි පැවති පළමු රැස්වීමේදී අපගේ සාකච්ඡාවන්ගෙන් පසු zසමාජවාදී සංගමයZ නම් වූ ප්‍රවෘත්ති පත්‍රය ශත - /10 බැගින් අපට විකුණුවා. බ්‍රසල්ස් වෙත ගොස් එතැනින් බි්‍රතාන්‍යයට යාම සඳහා 1970 නොවැම්බර් 12 වැනිදා මම ලංකාවෙන් පිටත් වුන. මැණික් මිලදී ගැනීම සඳහා නොවැම්බර් මුල් භාගයේදී සුසිල් සිරිවර්ධන චෙක්පතකින් මට මුදල් දුන්නා. මා බ්‍රසල්ස් වෙත ආ විට අර්නස්ට් මැන්ඩල් සහ ඔහුගෙ බිරිඳ වන ගිසෙලා මට හමුවුනා. මම ගිසෙලා මැන්ඩල් ට මැණික් දුන්නා. ඇන්ට්වර්ප්හිදි මැණික් විකිණීමට උත්සාහ ගන්නා බවත්, ලංඩනයේදී මා හමු වන බවත් ඔවුන් කීවා. ඔවුන් ලංඩනයේදී මා හුමුවුනේ නැහැ. මේ නිසා ආපසු එන අතර මඟ මම බ්‍රසල්ස්හි නැවතුනා. එහෙත්, බ්‍රසල්හිදී ද මට ඔවුන් හමුවුනේ නැහැ. ඔවුන් ජර්මනියට ගොස් තිබුනා. 

ලක්ෂ්මන් මුණසිංහගේ ආරාධනය පරදි 1970 ඔක්තෝබර් මාසයේ මම එඩ්මන්ඩ් සමරක්කොඩිගේ නිවසට ගියා. එහි පැවති සාකච්ඡාවන් zමූලික සාකච්ඡාවZ බව පෙනුනා. මෙම zමූලික සාකච්ඡාවZ මට හමු වූ සියලූම ජ.වි.පෙ සාමාජිකයන්ගේ ලක්ෂණයක් වුනා. රැස්වීම පැය දෙකක් පැවතුනා. පෙබරවාරි 25 වැනිදින මිටි, කළු, වැඩුණු සිරුරක් ඇති පුද්ගලයකු සමඟ ලක්ෂ්මන් පැමිණ 27 වැනිදා උදෑසන මහරගමදි රෝහණ විෙජ්වීර හමු වන ලෙස මට කීවා. නාඳුනන පුද්ගලයා මා එහි කැඳවාගෙන යාම සඳහාය. හමු වන ස්ථානය ඔවුන් මට කීවෙ නැහැ. අප්‍රේල් 10 වන දා එලිබෑන්ක් පාරේ නො:33 දරණ ස්ථානයේ සුසිල් සිරිවර්ධනගේ කාර්යාලයේදී මම සුසිල් සිරිවර්ධන හමුවුනා. අම්මා බැලීම සඳහා කොළඹ පැමිණි බව මම ඔහුට කීවා. කලබලය ආරම්භවීම දක්වා රටේ ඇති වූ සිද්ධීන් ගැන අපි සාකච්ඡා කළා. 15 වැනිදා මා පිටත් වන බව අප්‍රේල් 14 වැනිදා සුසිල් සිරිවර්ධනට දන්වා 15 වැනිදා
මම ආපසු මහකණුමුල්ලට ගියා.


අත්සන් කළේ/වී.පී.එල්. ප්‍රනාන්දු
10/6/71.
අත්සන් කළේ/අයි. වික්‍රමනායක.
10/6/71.

ඉහත කට උත්තරය පිළිබඳව වසර 37 කටත් වඩා අධික කාලයකට පසුව විරාජ් ප්‍රනාන්දු පවසන්නේ මෙසේය.

මම විෙජ්වීරගෙ ව්‍යාපාරයේ සාමාජිකයෙක් නොවේ. කොටින්ම කියනවනං මම පන්ති 5 වත් කරපු අයෙක් නෙවෙයි. සුසිල් සිරිවර්ධන නිසා තමයි මම විෙජ්විර සමග සාකච්ඡාවලට ගියේ. සුසිල් සිරිවර්ධන අවංක හා හිත හොඳ මිනිහෙක් ඔහු විෙජ්වීර තුළ තිබූ කැපවීම කෙරෙහි වශී උනා. නමුත් දේශපාලන වශයෙන් විෙජ්වීර පිළිබඳව විශ්ලේෂණාත්මකව සිතීමට සුසිල්ට හැකියාවක් තිබුනේ නැහැ.

මම එංගලන්තෙ සිටි කාලයේ රැඩිකල් තරුණයෙකු බව ඇත්තයි. වියට්නාම් යුද්ධයට විරුද්ධව රැස්වීම් අප එහිදි සංවිධානය කළා නමුත් කිසිම දේශපාලන සංවිධානයක් හරහා නොවෙයි. මට මහවැලියේ වැඩ කරන සමයේ සුසිල් ගෙන් දැන ගන්නට ලැබුනා මාක්ස්වාදී තරුණ ව්‍යාපාරයක් ගැන. මම මාක්ස්වාදය ගැඹුරින් හදාරා තිබූ නිසා මෙම ව්‍යාපාරයේ සාමාජිකයන් හමු වීමේ ස්වභාවික ආශාවක් ඇති උනා. මේ වෙන කොට සුසිල් සිරිවර්ධන තමාගේ ගෝලයෙකු වූ පොඩි ලකී හෙවත් ලක්ෂ්මන් මුණසිංහ හරහා ව්‍යාපාරයේ නායකයන් හමුවී තිබුනා.
විෙජ්වීර ඇතුළු ඔහුගේ දෙවන පෙළ නායකයන් අපට ඔවුන්ගේ නියම නම් පවා හෙළි කළේ නැහැ. විෙජ්වීර තමාව හදුන්වා ගත්තේ ජයන්ත ලෙසටයි. උයන්ගොඩ පෙනී සිටියේ සෙනෙවිරත්න නමින්. ඔවුන් මාව විශ්වාස නොකරන්නට ඇති. ඒත් මගේ විදේශ සබඳතා ව්‍යාපාරයේ දියුණුවට යොදා ගන්න ඔවුන්ට අවශ්‍ය කෙරුනා නිසැකයි. 

මේ වන කොට මම වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් විෙජ්විරගේ ව්‍යාපාරය ගැන යම් අධ්‍යයනයක් කර තිබුනා. ඒ වගේම මට ආරංචි උනා ඔවුන් අරමුදල් සොයා ගැන්මට මංකොල්ලකෑම් කළ බව. මට අවශ්‍ය උනා මෙම ව්‍යාපාරයේ නිසි මාක්ස්වාදී පීල්ලකට ගෙන එන්න. මම ඔවුන් නිවැරදිව කටයුතු කළ යුත්තේ කෙසේද කියා දිර්ඝ ලිපියක් ලිව්වා. මම බලාපොරොත්තු උනා ඔවුන් මගේ මගපෙන්වීම අනුව නිසි මාක්ස්වාදී පදනමකට එන බවට.

වරක් සිසිල් චන්ද්‍ර අපව රැගෙන ගියා ටී.ඩී. සිල්වාගේ ගෙදරට. එහි රෝහණ විෙජ්වීර හිටියා. ඔහු මාත් සුසිල් සිරිවර්ධන සමගත් කථා කළා. විෙජ්වීරට අවශ්‍ය උනා අපව විශේෂයෙන් මාව ඉම්ප්‍රෙස් කරන්න. ඔහු දීර්ඝ වශයෙන් අපට දේශනා කරා. සුසිල් මෙම දේශනයෙන් වශී වුනත් මට එය නීරස හෑල්ලක් උනා. ඒ නිසා මම ඊට බාධා කරමින් කථා කළා.
මම විෙජ්වීරට කිව්වා ඔබලා මාක්ස්වාදයට අනුකූලව ක්‍රියා කරනවා නම් මට පුළුවන් ඔබලාට අන්තර්ජාතික වශයෙන් සබඳතා ගොඩ නගා දෙන්න. මම මෙය පැවසුවේ හිතට එකඟවයි. මට අවශ්‍ය කලා මගේ අන්තර්ජාතික සබඳතා යොදා ඔවුන්ව නිසි මඟට ගේන්න. මා හරහා අන්තර්ජාතික සබඳතා ඇති කරගැනීම විෙජ්වීර සතුටින් අපේක්ෂා දෙයක්.

මෙය සිදු වුනේ 1970 සැප්තැම්බර් මාසයේ විතර. මම එතකොට අවුරුදු 28 ක දුර්දර්ශීව කටයුතු නොකළ තරුණයෙක්. මම කිව්වා අන්තර්ජාතික සබඳතා මම හදලා දෙනවා. නමුත් ඔබලා වෙනස් විය යුතු බව.

විෙජ්වීර මට කිව්වා සහෝදරයා ඉස්සෙල්ලාම යන්න මාලදිවයිනට. එහේ 5 කන්ඩායමක් හදන්න පෝස්ටර් ගහන්න. මෙය මම අපේක්ෂා නොකළ දෙයක්. මම කිව්වා මොකටද මාලදිවයිනේ පෝස්ටර් ගහන්නේ? එතකොට විෙජ්වීර කිව්වා යන්න සැන්සිබාරෙට හම්බුවෙන්න කරුමේව. මම කිව්වා කියන්න  ගිහිල්ලා ආධාර ඉල්ලන්න.  ඊට පස්සේ විෙජ්වීර කියන්න ගත්තා ඛෙංගාලයට හා කේරලයටත් යන්න අපිට සැඟවෙන්න තැන් සොයාගන්න. 

මෙහිදී මට ප්‍රශ්නය ආවා විප්ලවය කරනවා නම් සැඟවෙන්න තැන් සොයන්නේ ඇයි කියලා. නමුත් මම කථා කලේ නැහැ. ඉන්පසුව කිව්වා එංගලන්තයට ගියාම දොස්තරලා 8ක් ලෑස්ති කරලා මෙහාට ගේන්න විප්ලවේදි තුවාල වන අයට බේත් කරන්න කියලා.

අවශ්‍ය ආයුධ ගැන විස්තර කිව්වේ මෙහෙමයි. අත් බෝම්බ 50 000, ඔටෝමැටික් රයිෆල් 5000, ඔටෝමැටික් පිස්ටල් 5000 වෙඩි නොවදින කබා, හෙල්මට් ගේන්න. ඔටෝමැටික් පිස්ටල් ගැන කියන ගමන් විෙජ්වීර දකුණු අතේ දබර ඇගිල්ල නවලත් පෙන්නුවා. මම පෙන්වලා දුන්නා මේ වගේ ආයුධ ගැනීම ප්‍රවාහනය ඉතා අසීරු බව. ඒ වගේම සල්ලි කෝ කියලත් ඇහුවා. විෙජ්වීර කිව්වා ගංජා හේනකට පොල්ලත් තියලා ගංජා අරගෙන බඩු ගෙනාවාම ගංජා වලින් ගෙවමු කියලා. මම මේ අදහස අභියෝග කළා එතකොට කිව්වා දැනට රුපියල් ලක්ෂයක් සොයා ගත හැකි බව. 1970 කාලයේදී රුපියල් ලක්ෂයක් කියන්නේ විශාල මුදලක් ඒත් ඔටෝමැටික් රයිෆල් 5000 ක් සඳහා රුපියල් ලක්ෂය දුන්නොත් එක රයිෆලයක් රුපියල් 20 වගේ පොඩි ගානක්. මම ඇහුවා
රුපියල් 20 කට රයිෆල් එකක් ගන්න පුලූවන් වෙයිද? යනුවෙන් ඊට විෙජ්වීර දුන් පිළිතුර තමයි ඕකට ඩියුටි නෑනේ ඒ නිසා රුපියල් 20 කට ගන්න පුළුවන්. මේ අනුව මට තේරුනා විෙජ්වීරට ආයුධ පිළිබඳ දැනුමක් නැති බව.

මම පසුව කිව්වා සුසිල්ට මට මේ ව්‍යාපාරය ගැන බලාපොරොත්තු නෑ, මං එංගලන්තෙට යනවා කියලා. සුසිල් මාව ධෛර්යමත් කළා. අපි දෙන්නාට මේ අයව වෙනස් කරන්න පුලූවන්. අපි ඒක කළ යුතුයි. මේ නිසා මම අන්තර්ජාතිකව සබඳතා බලන්න පොරොන්දු උනා. නමුත් ආයුධ ගේන එක මට තේරුනේ විහිලූවක් වගේ. මීට පෙර ඒ කියන්නේ 1970 ජුලි වලදි වනාතමුල්ලේ ඔස්මන්ලා ගෙදරට වරක් මම ගියා බෝම්බ තාක්ෂණය පිළිබඳ දේශනයකට. වනාතමුල්ල ප්‍රාථමික බෝම්බ හැදීමට ප්‍රකට ප්‍රදේශයක්. එදා මගේ මතකයේ හැටියට විෙජ් කියලා පුද්ගලයෙක් තමයි ටින් බෝම්බ හැදීම ගැන විස්තර කළේ. මේක ප්‍රාථමික නොදියුනු ක්‍රමයක් බව මට හිතුනා. මම ඒන්සයික්ලෝපිඩියා බි්‍රටැනිකා විශ්ව කෝෂයේ කියවා තිබූ පරිදි ඇමෝනියම් නයිටේ‍රට් මිශ්‍රණ යොදා ගෙන පුපුරන ද්‍රව්‍ය හදන්න පුළුවන් අයුරු ගැන කියෙව්වා. මෙම සිද්ධියත් නඩුවේදී මට එරෙහිව යොදා ගත්තා.

මම යලිත් එංගලන්තයට ගියේ මගේ උවමනාවට මගේ මුදල් වලින්. මම ගියේ විෙජ්වීරට අන්තර් ජාතික සබඳතා තනා දෙම්දෝ නොදෙම්දෝ දෙගිඩියාවෙන්. සුසිල්ගේ බලවත් ඉල්ලීම නිසා පිටරටදි කාට හරි මා කතා කරන්නම් කියා මා හිතුවා. ඒත් ආයුධ ගේන්න මට තුන් හිතකවත් උවමනාවක් තිබුනේ නැහැ. ඉයන් වික්‍රමනායක මගේ ප්‍රකාශ විකෘති කරලා එවැනි චිත්‍රයක් පෙන්නුවා නඩුවේදි. මම හොරෙන් මැණික් ස්වල්පයක් ගෙන ගිය බව ඇත්ත. ඒවා ගත්තේ මගේ මුදල් වලින්. විකුණා ලැඛෙන මුදල් මගේ පෞද්ගලික උවමනාවන්ට යොදා ගැනීමට මම අදහස් කළා. මෙයත් නඩුවේදි පෙන්නුවේ ආයුධ ගැන්මට මම කළ දෙයක් ලෙසට.

ඒ කාලයේ ශිෂ්‍යයින් ළඟ ගොඩාක් මුදල් තිබුනේ නැහැ. බොහෝ අය හොරෙන් මැණික් ගෙනියනවා. ඒක ප්‍රසිද්ධ රහසක්. මැති ඇමතිවරුන්ගෙ ඥාතීන් පවා මැණික් ගෙනිච්චා. සිසුන් ගෙන ගියේ මැණික් ස්වල්පයයි. මේවා විකුණා ලබූ මුදල් යොදා ගත්තේ ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට.

මම ගමන් කරපු ගුවන් මාර්ගය වැටී තිබුනේ යේමනය හරහා. මේ කාලේ ජෝර්දානයේ හුසේන් රජතුමා පලස්තීන සටන්කාමීන් ජෝර්දානයයෙන් පිට කරවලා. ඔවුන් යේමනය ඊජිප්තුව වැනි රටවල හිටියා. මම යේමනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දෙවන ලේකම් ඕමාර් යන පුද්ගලයා මුන ගැසුනා. ඔහු එම රටේ උසස් නිලයක් දැරූ අයෙක් නෙවෙයි. මම ලියපු ලිපියකට ඔහු අත්සන් තබා ඔහුගේ මුද්‍රාව තිබ්බා. එම ලිපියේ සිංහල අනුවාදය වුනේ ඔබලාගේ විප්ලවයට අපෙන්
සුභ පැතුම්, අපිට එවිය හැකි ආධාර පිළිබඳව සොයා බලන්නෙමු. එය යථා කාලයේ දැනුම් දෙන්නෙමු යනුවෙන්. යේමනයෙන් කැටපෝලයක්වත් ලැබුනේ නැහැ.

යලිත් ලංකාවට මම ආවේ මාස ගානකට පසුව. මම විෙජ්විර හා ඔහුගේ සගයන් මග ඇරියා. ඔවුන්ගේ න්‍යායේ තර්කානුකූල බවක් මට පෙනුනේ නෑ. එම නිසා මම අයින් උනා. ඒ ඇරත් ව්‍යාපාරය මා කෙරෙහි දැක්වූයේ අප්‍රසාදයක්. මම ප්‍රශ්න අහනවා. ඒ නිසා මාව බාල්දි කේස් එකක් ලෙසට සලකන්න ඇති. ප්‍රශ්න අසන්නන්ට ව්‍යාපාරය තුළ තැනක් නැහැ. ඔවුන් ඔත්තුකාරයන් කඩාකප්පල් කාරයන් ලෙසට ලේබල් වෙනවා. එකවර පොලිස් ස්ථාන වලට පහර දීලා බලය අල්ලනවා කියූ කථාව මම අභියෝගයට ලක් කළා. මම ඇහුවා පොලිස් ස්ථාන අල්ල ගත්තම හමුදාව නිකං ඉදීද? හමුදාව එනවා. එතකොට විෙජ්වීර කිව්වා ජනතාව ඉදිරියට ඇවිල්ලා අපි වෙනුවෙන් පපුව දෙනවා. 

මේ නිසා මට විප්ලවය ගැන තිබුනේ ලාමක විශ්වාසයක්. මම යලිත් ලංකාවට ඇවිල්ලා මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතව මහකණුමුල්ලේ මරදංකඩවල කිට්ටුව රැකියාව කළා. මාව අත්අඩංගුවට ගැනීමට මගෙ නිවසට පොලිසිය ආවේ 1971 මැයි මාසයේ. අසාර්ථක කැරැල්ලෙන් පස්සේ පොලිසිය මා සොයා එන බව මම දැන හිටියා. ඒ නිසා අම්මාට මම කියලා තිබ්බේ පොලිසිය ආවොතින් මගේ මහකණුමුල්ලේ ලිපිනය දෙන්න කියලා. ඒ අනුව මොරටුව මහ ගෙදරට ගිය පොලිසිය මව විසින් දුන් ලිපිනය අනුව මා සොයා මහකණමුල්ලට ආවා.

මාව අත්අඩංගුවට ගැනීමට ආ කැකිරාව පොලිස් නිලධාරීන්ට තේරුනා මම විශේෂ පන්තියක සැක කාරයෙක් බව. මට කිසිම හිංසාවක් කළේ නැහැ. මාව රිමාන්ඩ් කූඩුවට පවා දැම්මේ නැහැ. රෑ පොලීසිය මට නිදා ගැනීමට මෙට්ටයක් පවා දුන්නා. කැකිරාව පොලීසියේ සිට අනුරාධපුරයට මාව ගෙන ගියා. ජීප් රථයේදී කොස්තාපල්වරු පිරිසක් මට පහර දුන්නා . සිගරැට් වලින් පිච්චුවා. ඔවුන් එසේ කළේ ඔවුන් තුළ තිබු පර පීඩික ආශාව නිසා ඔවුන් මම ගැන දැන හිටියේ නැහැ. ඔවුන් මට පහර දුන්නත් මම කිසිම දෙයක් කළේ නැහැ. නිහඩව හිටියා. එය ඔවුන් තේරුම් ගත්තේ මම තදයෙකු ලෙසටයි. ගැහුවට මූට තේරෙන්නෙවත් නෑනේ කියමින් ඔවුන් මට තව තවත් පහර දුන්නා. මෙවර මට පණිවිඩය තේරුනා. ඉන් පසු ගහන හැම පහරකටම බුදු අම්මෝ යනුවෙන් කෑ ගැහුවා. එවිට ඔවුන්ගේ පර පීඩා ආශාව අඩුවී පහර දීම නැවතුනා.

සී.අයි.ඩී. මූලස්ථානයේදී සර්නි විෙජ්සූරිය, හා ජෙගනාදන් යන නිලධාරීන් මගෙන් ප්‍රශ්න කළා. ඔවුන් මට පහර දීමක් කලේ නැහැ. හොඳට සැලකුවා. එය ඇතැම්විට ප්‍රශ්න කිරීමේ අංශයක් වෙන්න ඇති. මම ලංකාවේදී ව්‍යාපාරය ගැන තිබූ ගනුදෙනු හැර විදේශ වලදි සිදුවීම් අලලා පිටු 25 ක ප්‍රකාශයක් ලියා දුන්නා. මෙම ප්‍රකාශයෙන් පසුව මා ඉදිරියට ටි. ඩී. සිල්වා ගෙනාවා.මගෙන් ඇහුවා අදුනනවාද කියලා. මම ප්‍රකාශ කළා ඔහුව දැකලා නැති බව. එවිට ටී.ඩී සිල්වා මම ඔහුගේ ගෙදරට ආ බවත් විෙජ්වීර සමග කථා කළ අයුරුත් රාත්‍රි භෝජනයට සහභාගි වූ අන්දමත් කියා හිටියා. රහස් පොලිස් නිලධාරින්ට මම ලංකාවේ සබදතා සැ`ගවූ බව තේරුණා.

ඒ වගේම යම් යම් කට උත්තර වල මම විෙජ්වීරව කතරගම දෙටගමුවේ හමුවූ ආකාරය. මේ නිසා මම ඇත්ත තත්වය කිව්වා. ලංකාවේදි සිදු වූ දේ පවා කිව්වා. මගේ කට උත්තරය ඉයන් වික්‍රමනායක කියවා ඔහු ඇතැම් ස්ථාන මැකුවා සමහර තැන් වලට කරුණු එකතු කළා. සමහරක්
තැන් නොතකා හැරියා. එ වගේම ජෙගනාදන් ඇතුළු අනෙක් නිලධාරින්ටත් බලපෑම් කරා මගේ ප්‍රකාශයේ යම් යම් ස්ථාන වලදී වෙනස් කරන ලෙසට.

ෆීලික්ස් ඩයස් හා සුසිල් සිරිවර්ධන අතර තිබූ පවුල් අර්බුධය නිසා ෆීලික්ස්ට ඔහු හිර කරන්න අවශ්‍ය උනා. ඔහු ඉයන් හරහා මගේ කට උත්තරය වෙනස් කරමින් ඊට අනුකූල වන ලෙසට ක්‍රියා කළා.

මම විෙජ්විරගේ න්‍යායන් වලට එකග වූ අයෙක් නෙවෙයි. ඉන්දියානු ව්‍යාප්තවාදය මම ගෙඩි පිටින් ගිල්ලේ නැහැ. මම ආයුධ ගේන්න තුන් හිතකින්වත් හිතුවේ නැහැ. නමුත් නඩුවේදී පෙන්නලා දුන්නේ මම තදබල පාක්ෂිකයෙක් විදේශ සබඳතා තිබුනේ මා හරහා. මම ආයුධ ගේන්න විදේශගත වූ අයෙක් ලෙසට.

නඩුව පැවැත්වූ අවස්ථාවේ නඩුකාරයන්ට විෙජ්වීරව ජෝකර් කෙනෙක් වෙලා හිටියේ. ඔහුගෙ ලාමක න්‍යායන්ට ඔවුන් හිනා උනා. නමුත් අන්තිම දිනයේ විෙජ්වීර කළ කථාවට මුළු උසාවියම ගල් ගැසුනා. විනිශ්චයකරුවන් මෝහනයට පත් වී ඔහුට සවන් දුන්නා. මෙය විෙජ්වීර සතුව තිබූ දක්ෂතාවක්. එය ටසඓැා ්ඉසකසඑහ ලෙස මම දකිනවා. ඔහුගේ දේශනයෙන් පසු පියසිරි කුලරත්න උසාවිය ඇමතුවා. පියසිරි විෙජ්වීරගේ කතාවේ තිබූ හිස් තැන් විවේචනය කළා නමුත් විනිශ්චයකරුවන්ගේ හිත් පියසිරිගේ කථාවට වෙනස් කරන්න ලැබුනේ නැහැ. ඔවුන් පවා විෙජ්විරට වශී උනා.

හිරේදි මම පොත පත කියෙව්වා. වැඩිපුර හිටියේ තනියම. පියසිරි හා ලාල් පරාක්‍රම සමගත් නිතර කතා කළා. වරක් විෙජ්වීර අපි සැම දෙනා වතුර ගන්න බාල්දියට ඔහුගේ දත් බුරුසුව දැම්මා. මම එවිට විරෝධය පා ඔහුට බැන වැදුනා. එහිදි ලක්ෂ්මන් මුණසිංහ මට පහර දීමට පවා ආවා. ඔහුගේ අන්ධ අනුගාමිකයන් ඔහුව දුටුවේ දෙවියෙක් වගේ.

මාව නිදහස් කළේ 1976 දෙසැම්බර් වල. නිදහස් වූ දින පත්තරේ මුල් පිටුවේ විශාල අකුරින් පළ උනා zවිරාජ් ප්‍රනාන්දු නිදහස්Z යන හෙඩිම. එය දුටු මගේ මිතුරෙක්, මට කොළඹ ඩොක්යාඩ් එකේ රැකියාවකට ආරාධනා කළා.

මට රජයේ ආයතනයක් වූ ඩොක්යාඩ් හි රැකියාවක් ලැබුනා. මේ අනුව මට වැටහුනා රජය පවා දැන හිටියා මට විෙජ්වීර සමග විශාල ගනුදෙනුවක් නොතිබු බව එසේම මට නඩුවේදි ලැබුනේ වසර 2යි. එවකට හිටි නීතිපති වික්ටර් තෙන්නකෝන් පවා දැන හිටියා මගේ නිර්දෝශී භාවය පිළිබඳව. එසේම මම ආයුධ ප්‍රවාහනය නොකල බව. එසේම ඔහුට තේරුනා ඉයන් ෆීලික්ස්ගේ අවශ්‍යතා. යම් හෙයකින් මා ආයුධ ගනුදෙනු කළ අයෙක් නම් මට රජයේ රැකියාවක් ලැඛෙනවාද? වසර 2 වැනි අඩු කාලයක් දෙනවාද?

2003 දි මට අහම්ඛෙන් සී.අයි.ඩී එකේ හිටපු නිලධාරි ජෙගනාදන් මහතා හමු උනා. ඔහු මාව හ`දුනා ගත්තා. ඔහු තුළ මා දුටුවා යම් වරදකාරි හැගීමක්. අතීතය ගැන මට දැන් පසුතැවිල්ලක් නැහැ. මට අවශ්‍ය කළේ
විෙජ්වීර ගේ ව්‍යාපාරය නිවැරදි මගට ගන්න. මම අසාර්ථක උනා. මගේ ප්‍රකාශ විකෘති කෙරුනා. නමුත් යලි වසර 37 හෝ 38 පසුව යළි මම ප්‍රකාශ නිවැරදි කොට ලෝකයාට දීමෙන් පලක් තිබේද? එය ලෝකයේ සංවර්ධනයට, මනුෂ්‍ය සංහතියට කරන බලපෑම අල්පයි. එය මට සිදුවූ පෞද්ගලික පාඩුවක් ලෙස මම දකිනවා. අතීතය යළි හරි ගස්සන්න බැහැ.එය මට අවශ්‍යත් නැහැ. දැන් මට වයස අවුරුදු 66යි. මම විශ්‍රාමික තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කැනඩාවේ.


(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග)

Find Us On Facebook