Thursday, August 17, 2023

වෛද්‍යවරු විදේශගතවීම




වෛද්‍යවරු විදේශගතවීම පිලිබඳව කථිකාවක් යනවා. සමහරු ඔවුන්ට බනිනවා සාප කරනවා ඉරිසියාව පිටාර ගැලීම නිසාත් එක එක ඒවා කියනවා. මම නම් කියන්නේ මේක දිහා ධනාත්මකව බලන්න. මේක ලංකාවේ ආර්ථිකයට වාසි වන විදිහට හදා ගන්න 

වෛද්‍යවරු රට යන එක හොඳයි. එවිට ඔවුන් රට ගිහින් $ එවනවා. ඔවුන් ගේ ළමයි දියුණු රටවලට එක්ස්පෝස් වෙනවා. ඒ ළමයි නැවත ලංකාවට ඇවිත් මෙහෙ තියන පසුගාමි මත වලට අභියෝග කරනවා. ඒ වගේම ලාංකික ඩයස්පෝරා එකක් හැදෙනවා. (ඩයස්පෝරා කිව්වම අප්පේ දේශප්‍රේමීන් බය වෙනවා. ඩයස්පෝරාවට බිය විය යුතු නෑ. දෙමළ ඩයස්පෝරාව ලංකාවේ ආර්ථික වර්ධනයට යොදාගත යුතුයි විශන් එකක් තියන දේශපාලකයෙකු විසින්. දෙමළ ඩයස්පෝරාව ලයිෆ්බෝයි සබන් මිලදී ගන්නවා , ශ්‍රී ලංකා තේ , ශ්‍රී ලංකා බිස්කට් යනදී වශයෙන් සෑම බටහිර රටකම දෙමළ ඩයස්පෝරාව සඳහා වෙළඳසැල් තියනවා. ඒවාවල ශ්‍රී ලංකා භාන්ඩ විකිනෙනෙවා).

මම හිතන්නේ ඉදිරි වසර 10 ලංකාව කරන්න ඕනේ පුලුවන් තරම් වෛද්‍යවරු පුහුණු කරලා පිටරට යවන එක. ඒකෙන් $ ප්‍රශ්නයත් විසඳෙනෙවා. හවුස් මේඩ්ලා රට යවන එකට වඩා වෛද්‍යවරු රට පටවන එක ලංකාවට ලාබයි. පිලිපීනය තම හෙදියන් රට විරුවන් ලෙස එම රට වලට යවා විදේශ විනිමය උපයා ගන්නවා . එහෙත් බමුණන් නිසා ලංකාව රට යවන්නේ හෙදියන් නොව ආරියවතීලා. මේ ආරියවතීලා මැද පෙරදිග ගොස් ඇණ ගස්සවා ගෙන හෝ පෙට්ටි වලින් යළි සිය රට බලා එනවා. 

මෙන්න කරනවා නම් ප්‍රොජෙක්ට් එකක්. උසස් පෙළ සමත් සිසු සිසුවියන් ලක්‍ෂයකට ආසන්න පිරිසක් අරගෙන සෞඛ්‍යය සේවයේ වොලන්ටීයස්ලා ලෙස ලංකාවේ සෑම ඉස්පිරිතාලයකටම යවන්න​. ග්‍රාමීය රෝහල් වලට පවා. තම නිවස ආසන්නම රෝහල් ඔවුන්ට දෙන්න. ඔවුන්ට නිල ඇඳුමක් දෙන්න. මේ අය වසර 2 වොලන්ටීය සේවයේ යෙදිය යුතුයි. ඒ නිසා රජයට අමතර වියදමක් නෑ. දොස්තරලාගෙන්  හෙදියන් ගෙන් මේ අය යම් ප්‍රායෝගික දැණුමක් ලබා ගනී. එසේම ඔන්ලයින් මේ අයට ලෙක්චස් දෙන්න​. වසර දෙක අවසානයේ හෙද උපාධියට  විභාගයක් තියා පිරිස තෝරගෙන වැඩි පුහුණුවක් දෙන්න​. ඉංග්‍රීසි දැණුම දෙන්න​. මේ අය IELTSකරවලා පිටරට යවන්න හෙදියන් ලෙස​. අනෙක් ඉතිරි වෙන අය (හෙද උපාධිය අසමත්) ඔවුන්ට Personal Support Worker පුහුණුව දීලා පිටරට (උතුරු ඇමරිකාව /  යුරෝපය/ ඊශ්‍රායලය ) යවන්න​. දොස්තරලාවැඩිපුර  අරගෙන පුහුණු කරන්න​. රට යන අය දිරිමත් කරන්න​. (මේ වැඩ වලට සරණපාල දොස්තරලා විරුද්ධ වෙයි. ඒකට පිලියම් යොදන්න​. සරණපාල දොස්තරලා පිලිබඳ මගේ ලිපිය බලන්න​).

මේ නිසා විශන් එකක් තියන දේශපාලකයෙක් හෙදියන් සහ වෛද්‍යවරු රට යවන ඔවුන්ව පිටරට යාමට පුහුණ කරන අයතනයක් හදන්න ඕනේ.  ඔවුන්ට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ IELTS කරන්න.ෆයිටර් මිග්ස් එලවන්න ගුවන් නියමුවන් පුහුණු කරපු රටකට වසර 5 ප්ලෑන් කරලා වෛද්‍යවරු විශාල තොගයක් පුහුණු කරන්න බැරිකමක් නෑ. දේශීය අයියලා මඟ හරිනව නම් උපදේශකයෝ යූකේ / ඔසී ඇමරිකාවෙන් ගේන්න​.

විදේශගත වන වෛද්‍යවරු හෙදියන් ගෙන් ලංකාවට ආදායම් ලැබෙනවා. පිටරට ගිය දොස්තරලා ඔවුන් වසරකට වරක් ලංකාවට වැකේශන් එනවා ඉන්නේ හයිෆයි හෝටල් වල. හොඳට වියදම් කරනවා. ඒක රටට ආදායමක්. මම දන්න බොහෝ දෙනෙක් නම් රටට අවම $ 100 වත් එවනවා. ගොඩක් වෛද්‍යවරු පිටරට වැඩ කරලා රිටායමන්ට් එකට නැත්නම් එහෙ වින්ටර් එකට ලංකාවට ඇවිල්ල ඉන්න නිස්කලංක පැති වල ගෙවල් හදනවා , ස්විමිං පූල් එක්ක , ඒකත් ලංකාවට $ ලැබෙන ඉන්කම් එකක් .    

විශන් එකක් තියන දේශපාලකයෙක් මේ වැඩයට අත ගැසිය යුතුයි. නැත්නම් අනාගත තරුණ ප්‍රජාව බෝක්කු උඩ, ත්‍රීවීල් උඩ රස්තියාදු වෙයි. කොටසක් ගල් කටස් අරගෙන මීලඟ විප්ලවයේ බිලි බෝයිස්ලා වෙයි. සමහරක් කුඩු කාරයෝ වෙයි. 


1 comment:

  1. එලකිරියට ලියලා තියෙනවා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook