Thursday, August 31, 2023

71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් – දෙවන මුද්‍රණය පිටවුනා




(දෙවන මුද්රණය පිටවුනා. මේ පොත දැන් මිලදී ගත හැකියි ; දුශෙයින් පොත් හළ 271 A හයිලෙවල් පාර නුගේගොඩ)

 
වෛද්ය රුවන් එම්. ජයතුංග විසින් 71 කැරැල්ල පිළිබඳව අධ්යයනයක් කොට කැරළිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් ඉතිහාසයේ සැඟව පැවති සාධකයන් ඉස්මතු කරමින් ඉතා අගනා සමාජ විද්යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා කෘතියක් පාඨකයාට ලබා දීම ප්රශස්ත කරුණක් ලෙස මම දකිමි. - ආචාර්ය ලීල් ගුණසේකර 71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම්
71 කැරැල්ලේ ඉතිහාසයෙන් වැළළී ගිය සිද්ධීන් වෛද්ය රුවන් එම් ජයතුංග විසින් මෙම කෘතිය හරහා හෙළිදරව් කරයි - මහාචාර්ය කාලෝ ෆොන්සේකා

1971 කැරැල්ල සුවිශේෂිව සලකා බලනවිට, ඒ පිළිබඳව මේ වන විට සැලකිය යුතු ලිඛිත සාහිත්යයක් දැකිය හැකිය. වෛද්ය රුවන් ජයතුංග විසින් රචිත මෙම ග්රන්ථය ඊට එක්කළ තවත් සැලකිය යුතු ප්රකාශනයක් වන අතර, 1971 කැරැල්ල පිළබඳව පාඨකයාට ඒ මගින් සැලකිය යුතු අවබෝධයක් ලබා දෙනවාට සැක නැත. -මහාචාර්ය සිරි හෙට්ටිගේ සමාජ විද්යාව පිළිබද සම්මානිත මහාචාර්ය කොළඹ විශ්ව විද්යාලය

1971 තරුණ නැගී සිටීම (කැරැල්ල?) නිදහස් ලංකාවේ සමාජ අසමමිතියන් හා විසමතා පුපුරා ගිය පළමු අවස්ථාවයි. එය ලක් සමාජය දැඩි කම්පනයකට පත් කළත් එයින් නිසි පාඩම් නූගත් නිසා තවත් තරුණ ප්රචණ්ඩත්වයන් දෙකක් මතු විය. විනිශ්චයකින් තොරව 1971 සිදුවීම් හා විපාක ගැන වෛද්ය රුවන් එම් ජයතුංග මෙනෙහි කරන්නේ උපේක්ෂා සහගතවය. -නාලක ගුනවර්ධන - ජේෂ්ඨ මාධ්යවේදී





No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook