Monday, June 20, 2022

උමංදාවේ නිල් කට්‌රොල් පෝක් කරි රෙසිපිය (නිල් කට්‌රොල් සූකර මද්දව )



නිල් කට්‌රොල් පෝක් කරිය (නිල් කට්‌රොල් සූකර මද්දව ) සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 

ඌරු මස් 5 kg
සිහින්ව ලියාගත් ලූනු
කපාගත් අමුමිරිස්
සේර කෑල්ලක්
කරපින්චා
රම්පා කෑල්ලක්
ඉඟුරු , සුදුළූනු
කුරුඳු පොතු කෑල්ලක්
එනසාල් , කරාඹුනැටි
කහකුඩු
මිරිස් කුඩු
අමු තුනපහ කුඩු
බැදපු තුනපහ කුඩු
ගාගත් පොල් මේසහැඳි 2 ක්
ගොරක කෑල්ලක්
ලුනු
නිල් කට්‌රොල් මල් අහුරක්
රොබින් නිල් පැකට් 1


මස් ටික සෝදල කෑලි කපාගන්න. දැන් පොඩි පෑන් එකක් ලිපේ තියල රත් උනාම ගින්දර   අඩු කරල අමු තුනපහ ටික දුඹුරු පාට  වෙනකම් කබලෙ බැදගගෙන අයින් කරන්න. දැන් ඒ පෑන් එකටම මිරිස් කුඩු ටික දාල පාට වෙනස් වෙනකම් බැදගන්න. කර කරගන්න එපා. මිරිස් ටික අයින් කරල ඒ පෑන් එකටම පොල් මේසහැඳි දෙක දාල දුඹුරු පාට වෙනකම් බැදගන්න.  දැන් මස් එකට කහකුඩු , බැදගත් මිරිස් කුඩු , බැදගත් තුනපහ කුඩු සහ රස අනුව ලුනු එකතු කරල හොඳින් කළවම් කරල පැය බාගයක් වහල තියන්න. ඉන්පස්සෙ ඉඟුරු ,සුදුළූනු ටික හොඳින් පේස්ට් එකක් වෙනකන් තලාගන්න. දැන් ඒකටම එනසාල් කරාඹුනැටි දෙක බැඟින් සහ කුරුඳු පොත්ත දාල කෑලි හිටින්න තලාගන්න.  මස් උයන සාස්පාන ලිපේ තියල තෙල් මේස හැන්දක් දාන්න.  තෙල් ටික රත් උනාම ලියාගත් ලූනු , අමුමිරිස් එකතු කරන්න. ඉන්පස්සෙ  තලාගත් සියල්ල එකතු කරන්න. ගින්දර   අඩු මට්ටමේ තියාගන්න.   කරපින්චා , රම්පා සහ සේර කෑල්ල දාන්න. ටිකක් බැදෙනකොට සීසන් කරගත් මස් ටික එකතු කරන්න. හොඳින් කළවම් කරන්න. ගොරක කෑල්ලක් චුට්ටක් පොඩි කරල මේකට එකතු කරන්න. කළවම් කරල මද ගින්දරේ විනාඩි තුන හතරක් පියන වහල තියන්න. අවසානයේදී නිල් කට්‌රොල් මල් අහුරක් සහ රොබින් නිල් පැකට් එකක කුඩු හොද්දට එක් කොට හොඳට මිශ්‍ර කර ගන්න. 

2 comments:

  1. i THINK HE IS ENJOYING HIS LIFE, SHOULD BE COZ HE KNOWS THAT WE HAVE ONLY ONE LIFE, HAVE TO ENJOY IT.....

    ReplyDelete
  2. සෝදන්න ඕන පිරිත් පැණින් නේද ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook