Saturday, October 23, 2021

බංකර කුරුටු ගී එකතු කල යුද හමුදා නිලධාරියා

 


මේජර් කමල් ශ්‍රී මනතුංග  උතුරු යුද පෙරමුණු වල සොල්දාදුවන් විසින් ලියන ලද කුරුටු ගී එකතු කොට ඒවා අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කල නිලධාරියෙකි. ඔහු මට කොලඹ යුද හමුදා රෝහලේදී 2004 වැනි කාලයක හමු විය​. යුද ආතතියට ලක් වෙමින් සතුරු වෙඩි ප්‍රහාර මධ්‍යයේ සේවය කල සොල්දාදුවන් තම දුක , තනිකම සහ හිතේ පීඩනය පහ කර ගැනීම සඳහා බංකර් වල ලියන ලද කුරුටු ගී එකතු කරමින් සිටින බව ඔහු මට කීවේය​. වරක් සතුරු ඉසව්වක තිබූ අත් හැර දමන ලද බංකරයක ලියන ලද  කුරුටු ගීයක් පිටපත් කර ගැනීම සඳහා ගිය අවදානම් සහිත ගමනක් පිලිබඳවද ඔහු මට හෙළි කලේය​. මා විසින් ලියන ලද සංග්‍රාමයෙන් පසු (සරසවි ප්‍රකාශකයෝ)  ග්‍රන්ථයේද  මේජර් කමල් ශ්‍රී මනතුංග  මහතා විසින් මට ලබා දුන් කුරුටු ගී කීපයක් සඳහන් වෙයි. අවාසනාවකට මෙන් මේජර් කමල් ශ්‍රී මනතුංග මීට වසර කීපයකට ඉහතදී රෝගාතුරව මිය ගියේය​. එහෙත් ඔහු විසින් එළි දක්වන ලද ඊලාම් යුද්ධයේදී සොල්දාදුවන් විසින් ලියන ලද කුරුටු ගී කෘතිය අනාගත  පරියේෂකයන්ට වැදගත් වනු නොඅනුමානය​. 




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook