Saturday, July 24, 2021

ආදරණීය ඩීන් අයියේ


කීව් නගරයේ ඩීන් අයියා යන්නට ගොසිනි. එහෙත් ඔහු පිලිබඳ ආදරණීය මතකය අප අතර තවමත් තිබේ. 

මට මුලින්ම ඩීන් අයියා මුණ ගැසෙන්නේ 1988 වසරේය​. ඔහුගේ අවංක හිතවත්කමත් , නිර්ව්‍යාජ සිනහවත්, කාරුණික බවත් ඔහු හමුවූ මොහොතේම සිතේ රැඳුනි. ඔහුගේ නිවස ශ්‍රී ලාංකික සිසුන්ට නවාතැනක් විය​. ඩීන් අයියා සහ ඔහුගේ රුසියානු බිරිඳ ආගන්තුක සත්කාරයේ නියමුවන් වූහ​.    

ඩීන් අයියා තුල තිබූ හාස්‍යය මට තවමත් මතකය​. අප කීව් නගරය පුරා ඇවිද්දෙමු. එසේම ද්නේපර් නදියේ දූපතක දවස් තුන හතරක් රැඳී සිටියෙමු. ශ්‍රී ලාංකික සිසුන්  සංවිධානය කල සාද වලදී විනෝද වූයෙමු. ඒවා සියල්ලම දැන් අයත් වන්නේ අතීතයටය​.    

ඩීන් අයියා කීව් නගරයට පැමිනි නවක සිසු සිසුවියන්ට උපකාර කලේය​. එසේම ඇන්ටනෝව් යානා අලුත් වැඩියා කිරීමට කීව් නගරයට ආ ගුවන් හමුදාවේ නිලධාරීන් ද ආපසු ලංකාවට ගියේ  ඩීන් අයියා ගේ නිවසේ සංග්‍රහ විඳීමෙන් පසුවය​.  ඩීන් අයියා ගේ ආගන්තුක සත්කාරය පිලිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවෙකු වූ මෙල්වින් කුරුකුලසූරිය වරක් මා සමග ප්‍රසාද මතකයන් සමග මා සමග කතා කලේය​.   

බිරිඳගේ මරණයත් සමග ඩීන් අයියා ගේ සෞඛ්‍යය පිරිහෙන්නට විය​. එහෙත් ඩීන් අයියා  මේතරම් ඉක්මනින් අප හැර යයි කියා අප නොසිතුවෙමු. ඩීන් අයියා ජීවිතයෙන් සමු ගත්තද ඔහු අපගේ හදවත් තුල තවමත් ජීවත් වෙයි.  

2 comments:

  1. මටත් සිංගප්පුරුවේදී හම්බ වුනා

    ReplyDelete
  2. All who knew him had a great respect, highest regard and love. His presence and influence in the Sri Lankan community will be yearned for in the years to come. A true friend, loyal ally and a man of noble qualities. We shall never forget his kindness and fortitude. He will forever remain in our hearts.
    MAY HE REST IN PEACE !

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook