Wednesday, November 13, 2019

හැඳුනුම්පත් කාර්‍යාංශයේ හිටපු ප්‍රධානියා විජය කේ.වී. රණසිංහ




අභ්‍යන්තර යුද්ධය පැවති කාලයේදී හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා (විජය කේ.වී. රණසිංහ) විසින්ම කොටි සංවිධානයට හැඳුනුම්පත් කිසියම් විශාල සංඛ්‍යාවක් නිකුත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබුණි. මෙම බිහිසුණු සත්‍ය සොයා ගන්නා ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී ඇමතිවරයකු ලෙස ක්‍රියා කළ ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන බෝම්බකාරිය ළඟ තිබී සොයා ගන්නා ලද හැඳුනුම්පත ආශ්‍රයෙනි.

හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා කොටි සංවිධානයට හැඳුනුම්පත් තොගයක් නිකුත් කර තිබෙන බව සොයාගැනීමෙන් පසුව හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියාගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කළ අවස්ථාවේදී මෙම පුද්ගලයා එවකට අගවිනිසුරු ධුරයේ සිටි සරත් නන්ද සිල්වා සමග තිබූ සම්බන්ධය ප්‍රයෝජනයට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීම වළකන වාරණ නියෝගයක් ලබාගත්තේය. ඉන්පසු හමුදාපති සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේදී බෝම්බකාරිය පාවිච්චි කර තිබුණු හැඳුනුම්පත හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා කොටි සංවිධානයට ලබාදී තිබුණු හැඳුනුම්පත් තොගයෙන් එකක් බව හඳුනා ගන්නා ලදි. මෙම පුද්ගලයාට ලැබී තිබුණු දේශපාලන රැකවරණය නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ බොහෝ ප්‍රමාදවීය. ඉන්පසු ඔහුට එරෙහිව මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කරන ලදුව නඩුව අවසන් වන්නට පෙර ඔහු මිය ගියේය. (Ravaya).

හැඳුනුම්පත්  කාර්‍යාංශයේ  හිටපු ප්‍රධානියා විජය කේ.වී. රණසිංහ පිලිබඳව වික්ටර් අයිවන් මහතා මෙසේ කියයි. 

මා මේ සිද්දියෙ පරීක්ෂනය ගැන හොදින් දන්නවා.ඔහු බාහිර පෙනුමෙන් ඉතාමත් අහින්සක මිනිසෙක් වෙන්න පුලුවන්. ඔහු නිර්දෝෂි පුද්ගලයෙක් නොවන බව සනාත කරන හොදම සාදකය තමයි. පරික්ෂනය ආරම්බවුනාම   අත් අඩංගුව​ට ගැනීම වලකා ගැනීම සදහා අගවිනිසුරු සරත් නන්ද සිලවාට තිබුන සම්බන්ද කම් ප්‍රයෝජනයට ගෙන අත් අඩංගුව​ටගැනීම වලකන තහනම් නියෝගයක් ගැනීම.ඔහුට ඒ බිහිසුනු වැඩේට ඔහුගෙ දෙයක් නොවී එහි වැඩ කරන කෙනෙකුගේ දෙයක් වී නම් පහසුවෙන් එය ඔප්පු කල හැකිව තිබුනා.මෙහිදී මා වැරැද්දක් කලබවට චෝදනා  කරන්නෙ කෙසේද?පරීක්ෂනය කලේ මා නොවෙයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින්.ඔහුට එරෙහිව අධිකරණය​ට ඉදිරිපත් වූ අදිචෝදනා පත්තර බලන්න. එය ඉතාමත් බිහිසුනුයි.එයා වහාම අත් අඩන්ගුවට ගන්න පුලුවන් වුනේ නැහැ.මම මේ පුද්ගලයව දන්නෙ නැහැ.මට ඒ සිද්දිය වැදගත් වුනේ ලන්කාවෙ නිලදර තන්ත්‍රය කොච්චර දුෂිතද කියන අර්ථයෙන් පමණයි පමනයි.මම මගේ තවත් නිරීක්ෂනය යක් සදහා ඔබේ දැනගැනීම සදහා කියන්නම්. LTTE එක ලොකු හමුදා කදවුරුවලට පහර දීලා අල්ලා ගත්තෙ ඔවුන්ගෙ යුද්දමය හැකියාවන් මත නෙමෙයි.කදවුරේ ලොකු නිලදාරියෙකුට හෝ දෙතුන් දෙනෙකුට ලොකු පගාවන් දීලා ඒ කදවුරුවල ක්‍රියාකාරිතවය අඩපන කලා. ලන්කාවෙ නූතන ඉතිහාසය අවලස්සන කතාන්දරයක්.


 

2 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook