Saturday, July 14, 2018

කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය (තෙවන කොටස​)


මෙම අර්බුධය උත්සන්න වෙමින් පවතින විටදී කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සුජීව අමරසේන මහතා ගේ මෝටර්  රථයට පහරදී අලාභ හාණි කරනු ලැබීය​. ඔහුට නොකඩවා මරණීය තර්ජන දුරකථන මාර්ගයෙන් එල්ල කරන ලදි. තවද වේලාහෙට්ටි නම් සිසුවෙක්  සුජීව අමරසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කල බවත් පසුව එය අසාර්ථක වූ බවත් ගාල්ල  නගරයේ  ව්‍යාපාරිකයෙකු පවසයි. 

අමරසේන මහතා පවසන පරිදි නඩුව අවසානයේදී චූදිතයන්ට වෛද්‍ය පීඨය තුලදී ගුරුවරුන් ගෙන් සමාව ගැනීමටත්, වාහනයට කළ අලාබය නිසා රුපියල් 170000 මුදලක් ගෙවීමටත් පහර කන ලද හෙදියන් සඳහා එක් හෙදියෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට සිදු වූ බවත් පවසයි. සියළුම චූදිතයන් සති දෙකට රිමාන්ඩ් කරනු ලැබීය . නඩුව වසර හතක් අසන ලදි.  

මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පෙන්වා දෙන පරිදි එම් .වී .ප්‍රියංකා නම් ගැබිණි හෙදියට පා පහර දෙන ලද්දේ මාරයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ලලිත් පෙරේරා නම් සිසුවෙකි. ඔහු 22 කණ්ඩායමේ සිසුවෙකු විය​.  හෙදියන්ට පහර දීමට ක්‍රියා කල තවත් සිසුවෙකු වූ අමරසේකර  නම් තැනැත්තා පසු කාලයක මොලයේ පිළිකාවක් නිසා මිය ගියේය​. ඔහුගේ පියා බලපිටිය රේවත විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ඔහුගෙන් පහර කෑ එක් හෙදියක් මෙම අමරසේකර  නම් සිසුවාව හඳුනා ගත්තද ඔහුට එරෙහිව සාක්කි දුන්නේ නැත​. හේතුව ඇය අමරසේකර ගේ පියාගේ සිසුවියක වීම නිසාය​.  මේ නඩුව නිසා කේ.ජී.ඒ කුමාර නම් සිසුවා අධ්‍යනය වසරකින්  පහත ගියේය​.  

මෙම නඩුව ගැන අදහස් දැක්වූ වෛද්‍ය ඉඳුනිල් විජේනායක නොහොත් WGID කුමාර මෙසේ කියයි 

" මම ගිය අවුරුද්දේ ලංකාවට ගියාම මට හම්බ උනා වෛද්‍ය පීඨයේ පර​ණසිකියුරිටි මහත්මයෙක් . එයා ඇවිත් මම එක්ක කතාකලා. පස්සෙ මම එයාට  කිව්ව ඔයා මම නර්ස්ලට ගහනව දැක්ක කියල සාක්ෂි දුන්න මතකද ? කියල. එයා කිව්ව පිස්සුද  මහත්තය මම තාම මූනුවලින් දන්නෙ නෑ මම සාක්ෂි වල දීපු අයගෙ නම්. අපි රස්සාව බේර ගන්න එයාල දෙන නමක් පොතේ ලියනව කියල. මට හිතෙනව එයා මම කියන තුරු දන්නෙ නෑ ඒක. විශ්ව විද්‍යාල ඉන්ක්වයරි වලදි එයාල කවදාවත් ඉඩ දෙන්නෙ නෑ සාක්ෂිකාරයො cross questioning කරන්න. ඒක ස්වාභාවික යුක්තියට පටහැනියි. එයාල එහෙම කරන්න ඉඩ නොදෙන්නෙ තමන්ට ඕන අයව දඩයම් කරන්න පාර ඇර ගන්න.  කැම්පස් වල උන් දන්නව සික්කොන්ට දෙන නම් ටික උන් දෙන්නෙ කියල. පරිපාලනේ මගේ නම දැම්මෙ W G I D kumara කියල රිජිස්ට්‍රෙෂන් එකේ තියන විදියටඔය සික්කො එකෙක්වත් මගේ නම කුමාර කියල දන්නෙ නෑ තාමත්. උන් දන්නෙ මම ඉදුනිල් කියල......... සුසිරිත් (මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස්)  කියන්නේ  අපරිණත පරිපාලකයෙක්. සිසුන්ගෙ පීඩනය තේරුම් ගැනීමට පරිපාලන බුද්ධියක්  ඔහුට තිබ්බෙ නෑ. කැන්ටිමට පුටුවක් මේසයක්.ඉල්ලුවත් ඔහු හිතුවේ ජේවීපී උවමනාව කියල. ලමයින්ට පාඩම් තැනක් ඉල්ලුවම ඔහු හිතුවෙ පෝස්ටර් අදින්න තැනක් ඉල්ලනව කියල. ඔහු ෆ්ලෙක්සිබල් පරිපාලකයෙක් උනේ නෑ.කිසිම දවසක ඔහුට බැරි උනා ශිෂ්‍ය නියෝජිතයො නියෝජනය කලේ පොදු ශිෂ්‍ය මතය කියල තේරුම් ගන්න.මම හිටිය කාලේ  ඩීන් හිටියෙ එයා. මුකුත් ලමයින්ට නොදුන්නත් මම එක්ක පුද්ගලික ගැටුමක් එයාට තිබුන කියල මම හිතන්නෙ නෑ.  ඔය සිද්දිය වෙනකම් එහෙම එකක් තිබ්බ කියල. හැබැයි එයා හිතුව  ඕකට ලමයි විරුද්ද් උනේ අපේ උවමනාවට කියල......  

මෙම අර්බුධය පිලිබඳව මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ භූමිකාව පැහැදිළි කර ගනු වස් මම ඔහුට පණිවිඩ කීපයක් දුන්නද මහාචාර්‍ය  මෙන්ඩිස් නිහඞ වූවා මිසක පිලිතුරක් දුන්නේ නැත. එසේම මෙම පහරදීමේ සිද්ධිය නිසා නීතිය හමුවට ගෙන එන ලද දැනට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන සාරද කන්නංගර මහතා ගෙන් ප්‍රකාශයක් ගැනිමට මා උත්සහ කෙරුවද ඔහුද මට පිළිතුරක් දුන්නේ නැත​. 

මෙම අවාසනාවන්ත සිද්ධිය විග්‍රහ කල බැලීමේදී  පෙනී යන්නේ සරසවි සිසු ත්‍රස්තවාදය , අන්තවාදී සිසු සංවිධාන , අපරිණත සහ දඩයම් මානසිකත්වයෙන් යුතු පරිපාලනය , අවස්ථාවාදී වෘත්තීය සංගම් විසින් මෙම අර්බුධය ඇති කල බවයි. 

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය වෛද්‍ය පීඨය ලත් විශාල කැළලක් මෙන්ම අපකීර්තියක්ද වන්නේය​. මෙම සිද්ධිය සඳහා චෝදනා ලද වෛද්‍ය සිසුන් බොහෝ දෙනෙකු අද වෛද්‍යවරුන් ලෙස සේවය කරති. ඔවුන් බොහෝ දෙනෙකු මේ වන විට අන්තවාදී මානසිකත්වයකින් බැහැරවී සිටින බව පෙනෙන්නට තිබේ.  එය සතුටට කරුණකි. 

අවසාන වශයෙන් කිව යුත්තේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරි කාලයේ සිදු නොවීම සඳහා කරාපිටිය සිදුවීම සෑම දෙනෙකුටම පාඩමක් වන බවයි.  තවද කරාපිටිය කළු පැල්ලම වර්තමාන සරසවි සිසුන්ටද පණිවිඩයක් දෙයි. එනම් ඔබ විසින් සරසවි ජීවිතයේදී යම් අකටයුත්තක් සිදු කලහොත් එය වසර දහයකට හෝ විස්සකට පසුවද ඔබව හඹාගෙන එයි.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

(සංවාදයට විවෘතයි. තමන් ගේ නියම අනන්‍යතාවය  හරහා අදහස් දැක්විය හැක ) 



3 comments:

  1. වෛද්‍ය කුමාර ගේ 'නිදහසට කාරනා' අද කට්ටියගෙ ඒවට සමානයි. කොහෙද යන්නෙ මල්ලෙ පොල් කථා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියන්නෙ ලෙඩ්ඩුන්ට ආදරේට වගේ. තමන්ට පහසුකම් ලැබෙන නොලැබෙන එකට විසඳුම හෙදියන්ට පහරදී ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා කඩාකප්පල් කිරීම කියල තමයි එයා කියන්නෙ. අහුවුණොත් පාලක පක්ෂය බොරුවට පටලවල.

    ReplyDelete
  2. ලංකාවේ කැම්පස් වලට වෙලා තියන හෙනේ තමා දේශපාලණය රිංගා ගැනීම. විශේෂයෙන්ම ජෙප්පන්ගේ අන්තවාදි මත.. අර අන්තරේ කැදවුම් කාරයා එහෙම කතා කරන විධිහ දැක්කම අප්‍රසන්නයි. හරියට නිකන් මුළු කැම්පස් ප්‍රජාවටම වියදම කරන්නේ ඌ වගේ තමා කතාව...

    ඔය තත්ත්වය තියනකම මේ ත්‍රස්තවාදී ක්‍රියා කැම්පස් වලින් අයින් වෙන්නේ නෑ.
    කැම්පස් යන අයට නිදහස් මනසකින්, නිර්මාණශීලීව අධ්‍යාපණය හදාරන්න ඉඩ හදලා දෙන්න ඕනා. ලෝකේ අනිත් රට වල කැම්පස් පර්යේශණ කර කර ලෝකයේ දියුණුවට දායක වෙනකොට අපේ උන් පාරවල් ගානේ උද්ගෝෂන කර කර ඉඳලා අන්තිමට්ට උපාධිඅයක් කියලා එකක් අරගෙන ඊට පස්සේ රස්සා නෑ කිය කිය නහින් අඩ අඩ ආයෙත් උද්ගෝෂණය කරනවා.. ඇයි? උන් ජොබ් මාර්කට් එකට සුදුනෑ. ගැලපෙන්නැ.. උන් දන්නේ උද්ගෝෂණය කරන්න විතරයි..

    ඉති අඹ සරණයි...

    ReplyDelete
  3. Mama venath subject ekata maruwunata apologies. Doctors athin female sexual abuse gana oya thoththa babada.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook