Tuesday, March 20, 2018

අධ්‍යාපන ප්‍රතිකාර සාක්ෂාත්කරය



මෑතකදී මට එක්තරා මවක් ලිපියක් යොමු කලාය​. මීට වසර ගනනාවකට පෙර මා ඇයගේ දරුවන්ට අධ්‍යාපන ප්‍රතිකාර මගින් සහාය වූ බවත් වර්තමානයේ එම දරුවන් දෙදෙනා ඉහල අධ්‍යාපනයේ යෙදෙන බවත් ඇය විසින් මට පැවසුවාය​. පහත දැක්වෙන්නේ ඇය විසින් මා වෙත යොමු කල ඊ ලිපියයි.  අධ්‍යාපන ප්‍රතිකාර යන සංකල්පය තවමත් ලංකාවට ආගන්තුක විෂයකි. මෙම විෂය ලංකාවේ ප්‍රචලිත කිරීමට මුල් වීම පිලිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි. මෙම අධ්‍යාපන ප්‍රතිකාර විෂය පිලිබඳව මට මූලික දැණුම ලබා දුන් බ්‍රිතාන්‍යයේ  බාන්ස්ලි විද්‍යාලයේ කථිකාචාර්‍ය ස්ටීවන් හීත් මහතාටත් ශ්‍රී ලංකාවේ ප්‍රකට අධ්‍යාපනවේදිනියක වූ ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මියටත් මම කෘතඥ වෙමි. 

ඇය විසින් මා වෙත යොමු කල ඊ ලිපිය
මගේ දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනයට අවතීරණය වෙන අවදියේ අප ජිවත්වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශීය සභාවට  අයත් ගිරිඋල්ල සුන්දර ගම්මානයේ. ජනප්‍රිය පාසැල් හා දෙමව්පියන් තරග වදින කාලෙක මමත් මගේ ස්වාමියාත් දරුවන්ගේ වෙහෙස හා නිදහස අගයමින් නිවසේ සිට කිලෝමීටරයක් ඈතින් පිහිටි ජාතික පාසැල වෙත දරුවන් යැවීමට තීරනය කලෙමු . පහසුකම් අඩුවුවත් ප්‍රාථමික අධ්‍යාපනයට  එය ප්‍රමානවත් බැවින් ඔවුන් එම පාසැලේම පහ වසර දක්වා තැබීමට තීරණය කලෙමි.  එවකට තුන වසරේ දියනියකුත් , පහ වසරේ පුතෙකුත් ඉගෙනීම ලැබූ අතර තුන වසරේ දියනියට අවාසනාවන්ත ලෙස එම පාසැලේම ගුරුවරියකගේ අමානුෂික දඩුවමකට ලක්වීමට සිදුවන්නේ එම ගුරුවරියගේ එම වයසේම දියනිය සමග එකම පන්තියේ ඉගෙනීම ලබන අතර දරු දෙදෙනාගේ කුමක් හෝ අමනාප කමක් හේතුවෙනි ඉන්පසු මගේ දියනිය පාසැල් යාම තරයේ ප්‍රතික්‍ෂේප කල අතර මාස 2කට වැඩි කාලයක් දරුවා ගෙදර තබා ගැනීමට සිදුවිය. මේ අතර මගේ පුතාද පාසැල් යාමට මැලි බවක් දැක්වූයේ සිද්ධිය සම්බන්ද ගුරුවරියට පක්‍ෂ ව අනිත් ගුරුවරුන්ගේ කොන්කිරීම ඔහුද ලක්වීම හේතුවෙනි. මා ඉතාම අසරණව සිටීන මේ මොහොතේ මගේ පවුලේ වෛද්‍යවරයාගේ  සායනයකට වෛද්‍ය මනෝ චිකිත්සකවරයෙකු  පැමිනෙන බව දැන ගැනීමට ලැබුනි. ඔහු  නමින් වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතායි. මා වහාම දරුවා ඔහු වෙත යොමු කලෙමි. ඔහු දරුවාගෙන් සියලුම විස්තර දැනගෙන ප්‍රතිකාර කල අතර මගේ පුතාටද ප්‍රතිකාර පටන් ගෙන ටික කලකදී ඔවුන්ව යතා තත්ත්වයට පත් කලා. ඔවුන් දෙදෙනාම පහ වසරේ ශිෂ්‍යත්වය සදහා සූදානම් කීරීමට අවශ්‍ය අ අභ්‍යාස​ කරවමින් දිරිගන්වමින් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කලා. ශිෂ්‍යත්වය දෙදෙනාම සමත් වී නව පාසැල්වලට ඇතුලත් කලා. ඔවුන් දැන් පුතා අවු. 25,  ඔහු ඉන්ජිනේරුවෙක් , දක්ශ ජාතික තලයේ රගර් ක්‍රීඩකයෙක්. චිත්‍ර ශිල්පියෙක්. පීඩනයකට ලක්වූ දියනිය ජාත්‍යන්තර තලයේ මලල ක්‍රීඩිකාවක් සහ උපාධි දෙකක් ලත් උපාධිධාරීනියක්.  මා මේ වයිද්‍යවරයාගේ පිහිට නොපතන්නට මගේ දරුවන් අසරණ වෙනවා ඒකාන්තයෙන්ම.  මා මෙයින් දෙමව්පියන්ට පනිවිඩක් දෙන්නෙමි.  1, දරුවන් කිසිවිටෙකත් හේතුවක් නොමැතිව කිසිවක් ප්‍රතික්‍ෂේප කරන්නෑ. හේතු නොවිමසා කිරීමට බල නොකරන්න. 2, මේවැනි හේතුන්ට වයිද්‍යවරයින්ගෙන් පලක් නැතැයි නොසිතන්න. එතුමාට සත්‍ය පවසන්න. 3 දරුවන්ගේ කැමැත්තට ඉඩ දෙන්න . ඒ මාර්ගයේ යන්න අවශ්‍ය මග පෙන්වීම , උපකාර හා ආරක්‍ෂාව පමනක් ලබා දෙන්න. දරුවන්ට සැමවිටම ඇහුම්කන් දෙන්න අසීමිතව ආදරය කරන්න  වෛද්‍යතුමනි  ඔබට  ස්තූතියි.




5 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook