Wednesday, March 14, 2018

බිලි බෝයිස්ලා බඳවා ගැනිමට උපදෙස්


ඔබට අන්තවාදී /ආගම්වාදී /වර්ගවාදී/ රැඩිකල් මාක්ස්වාදී /යන ඕනෑම ආකාරයේ පක්‍ෂයක් අරඹා ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ඔබගේ දෙශපාලන අභිලාශයන් සාක්‍ෂාත් කර ගැනීමට අවශ්‍ය නම් මුලින්ම ඔබ විචාර බුද්ධිය අඩු වැඩි ආවේගශිලී බවක් තිබෙන තරුණ කොටස් තම අනුගාමිකයන් ( බිලි බෝයිස්ලා) ලෙස බඳවා ගත යුතුය​. 

වයස 16 - 23 අතර වයස් කාණ්ඩ වල මොලයේ බිය / වගකීම / සහානුභූතිය සඳහා වග කිව යුතු ප්‍රදේශ තවමත් නිසි පරිදි වැඩී නැත​. මේ නිසා ඕනෑම මතවාදයක් හරහා මේ වයස් වල පුද්ගලයෝ සමාජ විරෝධී ක්‍රියා වල යොදවා ගත හැකි බලල් අත් වෙයි.එම නිසා එකී වයස් කාණ්ඩ වෙත අවධානය යොමු කරන්න 

මෙම අනුගාමිකයන් ලවා මිනී මැරවීමට​, අන්‍යන්ට වධ බන්ධනය පැමිනුවීමට​, ගිනි තැබීම් සිදු කිරීමට , පහර දීම්වල යෙදවීමට, කඩාකප්පල්කාරී  ක්‍රියා වල යෙදවීමට , ත්‍රස්ත ක්‍රියා වල යෙදවීමට  ඔබට හැකියාවක් තිබිය යුතුය​. මේ සඳහා මෙම ක්‍රියාවලීන්ට යොමු කල හැකි පිරිස සොයා ගැනීමට ඔබ තීක්‍ෂණය විය යුතුය​. 

දෙමාපියන් ගේ ආදරය අවධානය එතරම් නොලැබූ කොටස් වෙත ව්‍යාජ ලෙස දයාව කරුණාව පෙන්වීමෙන් මේ පිරිස් වලට බිග් බ්‍රදර් කෙනෙක් වීමෙන් ඔබට ඔවුන් දිනා ගත හැකිය​. 

එසේම සමාජයේ අවධානයට ලක්වීමක් නොමැති අධ්‍යාපනය අඩු විරැකියාවෙන් පෙලෙන නන්නත්තාර වූ කොටස් ද ඔබට ඉල්ලමකි. සමාජයේ අවධානයට පත් වීමට මේ නොබොඩීස්ලා අතිශයින් කැමතිය​. එය ඔබගේ වාසියට හරවා ගන්න​. 

තවද  පන්සල් වල පල්ලිවල  ලිංගික අපයෝජනයන්ට ලක්ව මානසික ප්‍රතිකාර නොලැබූ කොටස්ද ඔබගේ සැලසුම් වලට යොදා ගත හැකිය​. ඔවුන් තුල පවත්නා පැසවන ගින්න ඔබගේ වාසියට යොදා ගන්න 

එසේම ග්‍රාමීය පසුගාමීත්වයෙන් පෙලෙන සමාජ ආර්ථික කුල පීඩනයන්ට ලක්වූ සරසවි සිසුන් ද හොඳ බිලි බෝයිස්ලා පිරිසකි. කොලඹට කිරි උඹලාට කැකිරි න්‍යායෙන් සහ පන්ති වෛරය පැතිරවීම මගින් මේ පිරිස් ඔබට හොඳින් මුවහත් කර ගත හැකි වෙයි. ඉන් පසු ඔවුන් ප්‍රහාරයකදී ඉදිරි පෙල සොල්දාදුවන් ලෙස යොදා ගත හැකි වීම විශේෂත්වයකි. 

මෙලෙස මේ කොටස් තුල ජාතිවාදී කතා මගින් , ආගම්වාදී කතා මගින් පන්ති වෛරය උද්දීපනය කිරීමෙන් ඔවුන් ඔබගේ සොල්දාදුවන් බවට පත් කර ගත හැකිය​. ඉන් පසු ප්‍රහාර සඳහා මොවුන් යොදා ගැනීමට අවශ්‍ය වාතාවරණය එන තෙක් සිටින්න​. මොවුන් ප්‍රහාර සඳහා යොදවන විට ඔබත් ඔබගේ දරු පවුලත් සුරක්‍ෂිතව සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වෙයි. දරුවන් බටහිර රටවලට යවා බිලි බෝයිස්ලා ප්‍රහාර සඳහා යෙදවීම ඔබගේ තීක්‍ෂණ බව පෙන්වයි. ඔබ විසින් බිලි බා ගන්නා ලද මේ කොටස් උපකරණ ලෙස යොදාගන්න. අවශ්‍ය ඕනෑම විටකදී මොවුන්ව බිල්ලට දෙන්න​. 

3 comments:

  1. රාවය පත්තරේ වැඩකරන තරිඳු උඩුවර ගෙදර සහෝදරයත් බිලී බෝයි කෙනෙක් වෙන්න පුළුවන්.

    http://lankasithuwili.blogspot.com/2018/02/blog-post_15.html

    ReplyDelete
  2. ඇයි පන්සල් වල ඉන්න ඇපල් පොන් පාවිච්ජි කරන ‍රැවුල කොනෙඩෙ වාවා ගත්ත අය..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook