Tuesday, February 27, 2018

වඳ පෙති



කෑම වලට වඳ පෙති දමා දී මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කල නොහැක​. එසේ කරන්නේ නම් ඉස්පිරිතාල වල එල් .ආර්.ටී කිරීම මෙන්ම එම් ඕ එච් කාර්‍යාල වලින් කාන්තාවන්ට ලූප් දැමීම අවශ්‍ය නැත​. පෙති මගින් දරු උපත් සීමා කල හැකිය​. සාක්‍ෂරතාවය තිබුනද නූගත්කම ඉහටම ගසා තිබෙන බැවින් සමහරක් කෑම මගින් හෝ ඇඳුම් මගින් වඳ භාවයට පත් කල හැකි පෙති හෝ රසායණිකයන් තිබෙන බව සිතති. එහෙත් එය හිතළුවක් පමණි. කාන්තා යට ඇඳුම් වලට රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් හෝ  බ්‍රසියර්වල ජෙල් වර්ග තැවරීමෙන්  කිසිවෙකු වඳ භාවයට පත් කල නොහැක​. මුග්ධ මිනිසුන් අතර තිබෙන මෙම බය සැක තමන් ගේ වාසියට යොදාගන්නා ජාතිවාදීන් වඳ පෙති කතා මගින් සමාජය බියපත් කරවති. එසේම​ යළි ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් කරති. නූගත් අන්ධකාර සමාජයක් තුල බිය සැක ව්‍යාකූලතා ඇති කිරීම පහසුය​. නමුත් මේ නිසා ප්‍රජාවන් තුල හට ගන්නා ගැටුම් නිසා සිදු වන විපත් සීමාරහිතය 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 
හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) මිණිපේ 
හිටපු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී නාරි හා ප්‍රසව SHO Gynecology and Obstetrics 

3 comments:

  1. වඳ පෙති ගැන අදහසට මාත් එකඟයි.ජාතිවාදය හැම අයගෙම තියෙනවා.එකක් සැලසුම් සහගත,අනෙක නිකම් ජාතිවාදය.ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතිවාදය.අත්දැකීම් කටුකවම විඳලා තියෙනවා.යුරෝපයේ ශීත කාලෙදී මාරාන්තික අත්දැකීමක් ලැබුනා.මෙහෙත් දෙමළ,මුස්ලිම් ජාතිවාදී සැලකිලි විඳලා තියෙනවා.ලංකාවෙත්,ලෝකයේත් ඉතා පහසුවෙන් අලෙවි කරන්න පුලුවන් දේ.දේශපාලකයෝ හොඳට දන්නවා.හාමුදුරුවරු සිවුර පිටින්ම ගොස් කොලේ ඉරාගෙන ඇඟේ හලා ගන්නවා.මොකද පිටරටට යන්නේ පොටෝ එක්කම.අර කට්ටිය කරපු දේ පේන්න නෑ.රුවන් කීවවගේ මෙහේ තියෙන්නේ උගත් නූගත් සමාජයක්.

    ReplyDelete
  2. වදපෙති යනුවෙන් පෙති වර්ගයක් නැතුව ඇති එහෙත් ලංගික බෙලහීනතාවය ඇතිකරණ පෙති තියෙනවා සරුබාවය නැතිකරණ පෙති තියෙනවා අබෝෂන් පෙති තියෙනවා ඒ නිසා මෙවැනි සිද්ධි වලදි ජනතාව ගොනාට අන්දන්න එපා දැන් තාක්ෂණය දි්‍යුණුයි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook