Saturday, February 10, 2018

මගේ රෝගියාට පහර දුන්නේ කවුරුන්ද ?

පහත සිදුවීම මා දුටුවේ දිවයින පුවත්පතිනි. මෙම සිදුවීමට සබැඳි ඩයස් යනු යුද හමුදා රෝහලේදී (2002 - 2006 ) කාලයේදී මා විසින් ප්‍රතිකාරක කරන ලද රෝගියෙකි. ඔහු ක්‍ෂිතිමය ක්‍රියාන්විත සිදුවීම වල නියැලීම නිසා පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයට (PTSD) ගොදුරු වූ සොල්දාදුවෙකි. මෙම සොල්දාදුවා මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ මා යටතේ කොලඹ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබීය​. එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමන් ගේ කායික මානසික සුවය කැප කල මෙවැනි ආබාධිත සොල්දාදුවන් සමාජයේ හිංසනයට ලක් වන්නේ නම් එය ඉතාම අවාසනාවන්ත තත්වයකි.

පහත විස්තරය 2018 පෙබරවාරි 11 දින දිවයින පුවත්පතෙනි.   

 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 



කෝප්‍රල් ලසන්ත ඩයස්‌ 


විශ්‍රාම ලැබූ බුද්ධි අංශ සෙබළාට නුවරඑළියේදී එළව එළවා පහර දුන්නේ ඇයි...?



මේ වනවිට හතළිස්‌ හත් හැවිරිදි වියේ පසුවන ලසන්ත ඩයස්‌ යුද හමුදා සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී ඇත්තේ මීට වසර විසි දෙකකට පමණ පෙරදීය.යාපනය, ඌරලුව, මනිපායි ආදී ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරි කටයුතුවල නියෑළුණු ඔහුගේ උපන් ගම වන්නේ නුවරඑළිය වජිරපුර ගම්මානයයි.



 වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු වැඩිමහල් සහෝදරයකු හා එක්‌ බාල සහෝදරයකුගෙන් යුත් පවුලක ඔහු හතර වැන්නාය.


නුවරඑළිය බීර නිෂ්පාදන කම්හලේ සේවය කළ ඔහුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නොමැති අතර මව ජීවත්වන්නේය.

දැනට වසර හතකට පමණ පෙරදී පිළියන්දල රේණුකා ද සිල්වා සමඟ විවාහ දිවියට පිවිසි ඔහු සිඟිති දියණියකගේ පියකු ද වන්නේය.
 උතුර නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ නියෑළි සමයේ ඌරලුව මංසන්ධියේදී ඔහු ගමන්ගත් මෝටර් බයිසිකලය අනතුරකට ලක්‌වීමෙන් ඔලුවට සිදු වූ හානි හේතුවෙන් යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදු විය.
 ඉන්පසුව යුද හමුදාව සුළු රාජකාරි සඳහා යොදවා ඇති මොහු සේවය කොට ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයේය.
 සිය උපන් ගම වූ නුවරඑළියේ වරින් වර ඔහු බුද්ධි අංශ රාජකාරියේ නිරත වී ඇත. 
 වසර විසි දෙකක හමුදා සේවාවෙන් පසුව විශ්‍රාම යැම සඳහා ඔහු විශ්‍රාම නිවාඩු (පෙන්ෂන් නිවාඩු) ලබාගත්තේ මීට දින කිහිපයකට පෙරදීය.
 ඉකුත් තුන්වැනිදා සවස ඔහු නුවරඑළිය වජිර පුරයේ සිය නිවසින් පිටව ගොස්‌ ඇත්තේ ගමේ පැවති දේශපාලන රැස්‌වීමකට ද සහභාගි වී අනතුරුව ද්‍රවිඩ ජාතික හිතවතකුගේ අවමංගල්‍ය නිවසකට ද යැම සඳහාය.
 සියල්ලක්‌ අවසානයේ සිය මිතුරකු ද සමඟ ත්‍රීවීල් රථයකින් නිවස වෙත පිටත් වනවිට මැදියම් රාත්‍රිය ඉකුත් වී තිබුණි.
 තම නිවසට නුදුරු මාර්ගයේ මැදියම් රෑ කෑ ගසමින් සිටි පිරිසක්‌ අසල ත්‍රීවීල් රථය නතර වී ඇත.
 ඉන් පසුව ඇති වූ ආරවුලකින් පසුව මේ දෙදෙනාටම ත්‍රීවීල් රථය ද දමා දෙපැත්තකට දිවයැමට සිදු විය.
 පොලු, මුගුරු අතැතිව ලසන්ත ඩයස්‌ පසුපස හඹා ආ ඔවුන් ඒවායින් ඔහුට ඉතාමත් අමානුෂික ලෙස වරින් වර පහර දුන්නේය.
 පහළොස්‌ දෙනකුට අධික පිරිසක්‌ ඔවුන් අතර විය. ඒ සියලු දෙනාම ද්‍රවිඩ ජාතිකයෝ වෙති.
 මැදියම් රෑ අඳුරේ වුව ද මේ සියල්ලක්‌ ඒ අසල 
 පිහිටි ලැගුම් හලක සී. සී. ටී. වී. කැමරාවක සටහන් විය.
 මොහුට පහරදීමෙන් පසුව ත්‍රීවීල් රථය ද එම ස්‌ථානයේ දමා පහර දුන් පිරිස ඉවත්ව ගියහ.


පෙර වාසනා මහිමයකට දෝ ඔහුගේ බාල සොහොයුරු සංජය ලාල් ඩයස්‌ කිසියම් ගමනක්‌ ගොස්‌ මෝටර් රථයකින් නිවස වෙත ගමන් කරමින් සිටියදී ත්‍රීවීල් රථයක්‌ හා ඒ අසල වැටී සිටි පුද්ගලයකු දුටුවේය.



 මෝටර් රථයෙන් බැස බැලූ විට ඔහු දුටුවේ තම සොයුරා ලේ විලක්‌ මැද වැටී සිටින අයුරුය.


 ඒ සමඟම ලසන්ත ඩයස්‌ සමඟින් ත්‍රීවීල් රථයේ පැමිණි මිතුරාද එම ස්‌ථානයට පැමිණ ඇත.

 වහා ලසන්ත නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට රැගෙන ගිය ඔවුන් මේ බව නුවරඑළිය පොලිසියට ද දැනුම් දුන්නේය.
 සී. සී. ටී. වී. කැමරා දර්ශන හා ලසන්ත ඩයස්‌ සමඟින් සිටි මිතුරාගෙන් ලබාගත් තොරතුරු අනුව මේ වනවිට පොලිස්‌ අත්අඩංගුවට පත් ප්‍රධාන ගනයේ සැකකරුවන් හතර දෙනකු ලබන 19 දා දක්‌වා රිමාන්ඩ් සිර භාරයට පත්කොට ඇත.
 මීට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක්‌ සිටින අතර කිහිප දෙනකු තම පවුලේ උදවිය ද සමඟ නිවෙස්‌ හැරදමා සැඟවී සිටින බව නුවරඑළිය මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක චන්දන බස්‌නායක මහතා පැවසීය.
 ලසන්ත ඩයස්‌ගේ බාල සොයුරු සංජය ලාල් ඩයස්‌ 'දිවයින'ට කියා සිටියේ මේ සිද්ධියට පෙර දෙවතාවක්‌ යම් යම් ද්‍රවිඩ පිරිස්‌ 'ආමිකාරයා', 'ආමිකාරය' කියමින් තම සොයුරාට පහරදී ඇති බවය.
 මෙය තුන්වැනි සිද්ධිය බවත් යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ නිසා එයින් වෙනත් ගැටලුවක්‌ මතුවිය හැකි බවට ඇති වූ සැකය හේතුවෙන් තම සොහොයුරා ඒ සම්බන්ධව කිසිවකුට පැමිණිලි නොකළ බවත් සංජය ලාල් ඩයස්‌ කියා සිටියේය.
 මුහුණට ඔලුවට කොඳු පෙදෙසට හා දෙපාවලට දැඩි ලෙස පහර කෑමට ලක්‌වූ ලසන්ත ඩයස්‌ට තවමත් කතා කිරීමේ හැකියාවක්‌ නොමැත.

 ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය විශේෂ


9 comments:

  1. ඔහු ප්‍රතිකාරවලින් සම්පුර්ණයෙන් සුවය ලැබුවද? කෙසේ වෙතත් මානසික රෝග ඉතිහසයක් ඇති කෙනෙකු බුද්ධි සේවයේ යෙදවීම ගැටළු සහගතයි කියා සිතෙනවා. ඔවුන් වඩාත් ක්‍රියාශීලි ගැටුම් කරුවෝ හොයාගන්න ප්‍රෝවකේටිව් පිවිසුමක් යොදාගත්තවත්ද?

    ReplyDelete
    Replies
    1. රෝගියෙකුට පහර දීම ඉතා නින්දිතයි

      Delete
  2. විශ්‍රාම ලැබූ බුද්ධි අංශ සෙබළාට නුවරඑළියේදී එළව එළවා පහර දුන්නේ ඇයි...?
    -------------------
    මේ එක් ප්‍රතිඵලයක් විතරයි. හේතුව නෙමෙයි. හීතුව නම් නේරු කොතලාවල ගිවිසුම අනුව උඩරට සියලු ඉන්දියානුන් ආපසු ඉන්දියාවට නොයෑවීමයි. නැත්නම් සිරිමා -ශාස්ත්‍රී ගිවිසුම අනුව 560,000ක් ඉන්දියාවට නොයවිමයි. දෙමල ජනගහන බෝම්බය දැන් ක්‍රියාත්මකයි. දැන්න උඩරට පළාත් නමින් විතරයි සිංහල. පාලන බලය සියල්ලම දෙමල.

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් උඩ ඉන්න Wmk Samarasekara මහත්තයට මුකුත් ප්‍රතිකාරයක් නැද්ද ?

      Delete
    2. Wmk Samarasekara කියන හැම දෙයකටම එකඟ නොවුනද මෙයටනම් එකඟ වෙමි. https://www.blogger.com/profile/15521568015194628030 ඔබ නිවැරදි නොවේ

      Delete
  3. I am sorry to say this. But, do you think it's ethical to reveal his illness?? I think the doctor - patient confidentiality must be kept, specially when it involved a mental illness.

    ReplyDelete
    Replies
    1. I am doing advocacy for my patent and his rights

      Delete
  4. Doc, where your erhics when you say he was ptsd patient. Isnt that patient doc privilege infomation.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook