Monday, March 7, 2016

රෝහල් කම්කරුවෝ

 



 පොදුවේ ගත් කල ලංකාවේ රෝහල් වල කම්කරුවන් යනු අසරණ සහ දුප්පත් ශ්‍රමිකයෝ වෙති. ලංකාවේ රෝහල් වලින් රෝහල් කම්කරුවන් වර්ග දෙකකි. එක් වර්ගයක් නම් තම ඩියුටිය හොඳට කරන කම්කරුවෝය​. අනෙක් වර්ගය දේශපාලකයන් ගේ පෝස්ටර් ගැසීම වැනි පක්කලි සේවයන් කොට රෝහල් වලට පත්වීම් ගන්නා කම්කරුවෝය​. ඔවුන් වැඩ නොකරති. කිසිවෙකුවත් තුට්ටුවකට මායිම් නොකරති. බොහෝ විට ඔවුන් බීඩි සිගරට් බොමින් රෝහල් වල තැනින් තැන කතා කරමින් කාලය කා දමති.   

වරක් මීගමුව රෝහලේ හදිසි ලෙඩෙකු ට්‍රොලියක තබා ශල්‍යාගාරයට ගෙනියන ලෙස මම රෝහල් කම්කරුවෙකුට කීවෙමි. ඔහු එම වැඩය නොකොට හිමීට මාරු වී ගියේය​. අවසානයේදී මටත් බ්‍රෙන්ඩා මිස්ටත් රෝගියා සමග ට්‍රොලිය තල්ලු කරගෙන ශල්‍යාගාරයට යන්නට සිදු විය​. මේ කම්කරුවා ගැන රෝහල් අධිකාරීට පැමිණිළි කිරීමට මම ගියද සුළු සේවකයන් ගේ පාලක ඕවසියර් මට කීවේ මේ මිනිසුන් ජෙයරාජ් ඇමතිතුමාගේ මිනිසුන් වන නිසා පැමිණිළි කිරීම නිශඑල බවයි. තවද මගේ මිතුරු වෛද්‍යවරයෙකු කීවේ මොවුන් සමග ප්‍රශ්න හදාගතහොත් අපේ  කාර් වලට මුන් ඇණ තියයි කියාය​. ඒ නිසා මම නිහඞ වූයෙමි. 

කළුබෝවිල රෝහලේ ජොලි කම්කරුවෙකු විය ඔහු ඕනම ලෙඩෙක් කර තියා හෝ වාට්ටුවට ගෙන යයි. එහෙත් රෝගියාගේ ඤාතියා කීයක් හෝ ඔහුට අත මිට මෙලවිය යුතුය​. වරක් ඔහු සුළු පගාවක් ගන්නා විට එය මම නිරීක්‍ෂණය කරනවා දැක මදෙස බලා හිස නමා සිනාසුනේය​. 

 මාතලේ රෝහලේ කම්කරුවෙකු වූ බොකරගොඩ මටහොඳ හැටි මතකය​. ඔහුගේ සම්පූර්ණ නම ජයරත්න බොකරගොඩයි. බොකරගොඩ දිවා රාත්‍රී නොබලා වාට්ටුවේ වැඩ කලේය​. එසේම බොකරගොඩ ගජ විහිළුකාරයෙකි. බොකරේ ඉන්න විට වාට්ටුව පාළු නැත​. ඉඳ හිට ඔහු (බොරුවට) ආවේස වේ. එවිට හිස සොලවමින් ඇස් වසාගෙන බොකරේ මුමුණයි. බොකරගොඩගේ ආවේසය සුව වන්නේ සිස්ටර් අළුවිහාරේ එන විටය​. වරක් ආවේසවී  දඟලන විට බොකරගොඩ අත තිබූ පෙනිසිලින් කුප්පි කීපයක් විසිව සීසීකඩ ගියේය​. එයට අප සිනාසුනෙමු. සිස්ටර් අළුවිහාරේ පැමිණ බොකරගොඩට දෙහි කපමින් මේ පෙනිසිලින් කුප්පි හයේ වාට්ටුවට ගෙන යන ලෙස කීවේය​.  බොකරගොඩ වහාම කමිසය සකස් කරගෙන බිම නැවී පෙනිසිලින් කුප්පි අහුලාගෙන හයේ වාට්ටුවට දිව්වේය​. 

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ මම සේවය කරන විට එක් රෝහල් කම්කරුවෙක් දිනපතා මේ මගේ දුව​, බෑනා, නැන්දා , මාමා , බාප්පා යනාදී නෑකම් කියමින් පෝලිම් පැන රෝගීන් පෙන්වීමට පුරුදුව සිටියේය​. රෝහල් කාර්‍යමණ්ඩලයට දෙන වරප්‍රසාදයක් ලෙස අප කාර්‍යමණ්ඩලයේ ඥාතීන් පෝලිම් වලින් තොරව බැලීමට පුරුදුව සිටියත් බොහෝ ගිලන් ඥාතීන් සිටින මෙම කම්කරුවා ගැන මට සැක මතු විය​. පසුව හෙළි වූයේ ඔහු පෝලිමේ සිටීමට අකමැති රෝගීන් ගෙන් මුදල් ගෙන ඔවුන් තම නෑදෑයන් කියා අප වෙත ගෙන එන බවයි. එම නිසා මෙසේ වරක් ඔහු තම බාප්පා කෙනෙක් ගෙනාවෙන් මම ඔහුගෙන් බාප්පාගේ නම මොකක්දැයි ඇසුවෙමි. මගේ සැකය තහවුරු කරමින් ඔහු බාප්පා ගේ නම දැන සිටියේ නැත​. එසේම බාප්පා ද තම ඤාති පුතාගේ නම දැන නොසිටියේය​. ඉන්පසු ඔහු තවත් මා වෙත නෑදෑයන් ගෙන ආවේ නැත​. 

හලාවත රෝහලේ  උදය සහ ගුණරත්න අවිහිංසක මෙන්ම  මහන්සි වී වැඩ  කරන කම්කරුවන්‍  වෙති. බොහෝ විට මගේ උදේ හෝ දිවා ආහාරය රෝහල් කැන්ටිමෙන් ගෙන එන්නේ උදය හෝ  ගුණරත්න  වේ. මම අළුත් අවුරුද්දට දෙදෙනාටම අළුත් කමිසය බැගින් තෑගි දෙමි. 

වරක් රාගම රෝහලේ කම්කරුවෙක් කුණු කසළ ඉවත් කරන විට කැනුයුලාවක් ඔහුගේ අතේ ඇනුනි. මෙය වෛද්‍යවරයෙක් හෝ හෙදියක් විසින් කැනුයුලාව නිසි බහාලුමේ නොදමා නොසැලකිල්ලෙන් කසළ ගොඩට විසි කරන ලද්දකි. එය කසළ ඉවත් කිරීමට පැමිණි අසරණ කම්කරුවාගේ අතේ ඇනී ලේ ගලන්නට විය​. අප ඔහුට ප්‍රථමාධාර දී වහාම බාහිර රෝගී අංශයට කතා කොට මේ පුද්ගලයාට පිටගැස්මට බෙහෙතක් විදින ලෙසටද ඉල්ලුවෙමු. මේ තුවාලය නිසා ඔහුට දවස් පහක් වැඩට ඒමට නොහැකි විය​. දවස් පඩි කාරයෙකු වූ අසරණ කම්කරුවා වෛද්‍යවරයෙකුගේ  හෝ හෙදියකගේ නොසැලකිල්ල නිසා වන්දි ගෙව්වෙ එලෙසටය​. 


2002 වසරේ දිනක් මමත් විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දුත් අංගොඩ රෝහලේ වාට්ටු වල රෝගීන් බලා එමින් සිටියෙමු. අප ඉදිරියෙන් ගිය එක් රෝහල් කම්කරු කාන්තාවක් ඉදළ බිත්තියකට හේත්තු කොට ඉනේ ගසා තිබූ සෙලියුලර් දුරකථනය ගෙන කාටදෝ කතා කරන්නට විය​. සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුව මම වෛද්‍ය නීල් ප්‍රනාන්දුට කීවෙමි. 

සෙලියුලර් දුරකථන ලංකාවට ආ කාලයේ ජංගම දුරකථන තිබුනේ සීමිත පිරිසක් අතය​. 1994 වසරේ මුල් වරට මාතලේ රෝහලට ජංගම දුරකථනක් ගෙන ආවේ  නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න මහතා විසිනි. එයද ගඩොල් බාගයේ සෙල්ටෙල් එකකි. 1997 පමණ වන විට මට පේජර් එකක් තිබුණි. සෙලියුලර් දුරකථන වෛද්‍යවරු බහුලව භාවිතා  කරන්නේ 1999 පසුවය​.  2002 පමණ වන විට රෝහල් කම්කරුවන් ද සෙලියුලර් දුරකථන භාවිතාවට හුරුව සිටියේය​. එය තාක්‍ෂනයේ මෙන්ම වැඩවසම් චින්තනයද පරදවාලූ දියුණුවකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

26 comments:

  1. Dr. Neil Senewirathna mahatha gana obe adahasa danaganeemata kemathei.

    ReplyDelete
    Replies
    1. Eyage minipirige wayase ganu lamayek kasadeth kadala bandagena oya inne, kellage nama chathurika geethali, salli walata sinduth kiyanawa

      Delete
    2. ඈ බන් උඹලගේ අම්ම තාත්තා බැන්දේ කොහොමද බඳින්ට කලින් මොන මොන සෙල්ලම් කලාද බැන්දට පස්සේ අඩව් කීයක් ඇල්ලුවද වගේ දේවල් අපිට ඕනේ නෑ. මේ දොස්තර මහතා තමන්ගේ වෛද්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් මොනාද කලේ කියලා දැනගත්තම හොඳටම ඇති. අනුන්ට ඇඟිල්ල දික්කරන උඹලා උපතින්ම අඩුපාඩු තියන එවුන්. කාලකන්නි හැත්ත.

      Delete
    3. Ane gono, ape ammala thaththata niyama sama wayasin banda aya, eka nemeyi me kiyanne, 60 minihek 25 ka kellek bandina eka normalda..

      Delete
    4. 60 මිනිහෙක් 16 කෙල්ලෙක් බැන්දත් තොට මොකද. ඒ මිනිහා ඒ කෙල්ලත් එක්ක සතුටින් ඉන්නවනම්. අනික ඒ විවාහය ඒ මිනිහගේ රාජකාරියට බලපෑමක් නැත්නම්. බූරුවෝ, වැඩක් නැත්තම් ඒ කෙල්ලව මතක් කරලා අතේ පාරක් දාපන්. උඹලට තියෙන්නේ ලිංගික ඊරිසියාව. කාලකන්ණි.

      Delete
    5. ඩොක්ටර් නීල් කියන්නේ හරිතාගාර එහෙම හදාන හිටපු කෘෂි පිස්සුවක් තිබූ කෙනාද?

      Delete
    6. Dr Neil Senevirathne මාතලේ හිටපු VOG කෙනෙක්. ලස්සන නිල් පාට කාර් එකක් තිබුනා

      Delete
  2. "මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ මම සේවය කරන විට එක් රෝහල් කම්කරුවෙක් දිනපතා මේ මගේ දුව​, බෑනා, නැන්දා , මාමා , බාප්පා යනාදී නෑකම් කියමින් පෝලිම් පැන රෝගීන් පෙන්වීමට පුරුදුව සිටියේය​. රෝහල් කාර්‍යමණ්ඩලයට දෙන වරප්‍රසාදයක් ලෙස අප කාර්‍යමණ්ඩලයේ ඥාතීන් පෝලිම් වලින් තොරව බැලීමට පුරුදුව සිටියත් බොහෝ ගිලන් ඥාතීන් සිටින මෙම කම්කරුවා ගැන මට සැක මතු විය​. පසුව හෙළි වූයේ ඔහු පෝලිමේ සිටීමට අකමැති රෝගීන් ගෙන් මුදල් ගෙන ඔවුන් තම නෑදෑයන් කියා අප වෙත ගෙන එන බවයි. එම නිසා මෙසේ වරක් ඔහු තම බාප්පා කෙනෙක් ගෙනාවෙන් මම ඔහුගෙන් බාප්පාගේ නම මොකක්දැයි ඇසුවෙමි. මගේ සැකය තහවුරු කරමින් ඔහු බාප්පා ගේ නම දැන සිටියේ නැත​. එසේම බාප්පා ද තම ඤාති පුතාගේ නම දැන නොසිටියේය​." මේ වැඩේම මට සිද්ධ වුනා කාසල් විදියේ කාන්තා රෝහලේදී.
    මම රෝගියාගෙන් ඇහුවා "ඔයා කොහොමද නිලංග අඳුරන්නේ කියලා .. එයා උත්තර දුන්නා අඳුරන්නේ නැහැ ඩොක්ටර් මෙතනදිමයි අඳුර ගත්තේ කියලා.. සල්ලි ගත්තද ඇහුවම කිව්වා දොස්තර මහත්තයට 250යි නර්ස් නෝනට දෙන්න කියලා එකසිය පනහකුයි . එයාට රුපියල් සියකුයි ඔක්කොම රුපියල් 500ක් ගත්තා.. " කියලා.. එදා ඉඳලා මමත් ක්ලිනික් එකෙක් ස්ටාෆ් අය බලද්දී හැඳුනුම් කම හොයලා බලනවා..

    ReplyDelete
    Replies
    1. අම්මෝ පන්සීයක්

      Delete
    2. ඒ කාලේ පන්සියක් කියන්නේ දැන් දෙදාහක් විතර වත්..? මෙන්න මේ වෙලාවට තමයි ඉකොනමට්ටා ගේ අගේ තේරෙන්නේ ..වසර දෙදාහේ රුපියල් පන්සීය දැන් කොච්චර වටිනවද?

      Delete
  3. ඉතාම සමබර, හොඳ විග්‍රහයක්. මා හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වුනත් මේ බව නොදන්නවා නෙවයි. නමුත් වෘත්තීය සමිති මාෆියාව බොහොම දරුණුයි.

    ReplyDelete
  4. නේවාසික රෝගියෙක් විදිහට ඉන්නකොට මේ හැසිරීම් හොඳින් නිරීක්ශනය වෙනවා.තනියට ලඟ කෙනෙක් නවත්තගන්න හැකියාවක් නැති ලෙඩුන් ගොඩක් වෙලාවට අසරණ වෙනවා ඇතැම් සාත්තුසේවකයින් රාජකාරිය මඟහරින නිසා.ඒ වගේම පවුලේ කෙනෙක්ට වගේ හැමෝම ගැන සොයා බලන අයවළුන් බොහොම කලාතුරකින් ඉන්නබවත් කියන්න ඕනෙ.රැකියාවට වඩා වරප්‍රසාද ගැන කටමැත දෙඩවිල්ල නිසා සෞඛ්‍ය සේවයට කණකොකා හඬන බව නම් කියන්නම ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. .රැකියාවට වඩා වරප්‍රසාද ගැන කටමැත දෙඩවිල්ල නිසා සෞඛ්‍ය සේවයට කණකොකා හඬන බව ++++++

      Delete
  5. ඉතා සාධාරණ පැහැදිලි කිරීමක්...
    මේ දවස්වල තියෙන ගොඩක් ලිපි හරි පක්ෂග්‍රාහී ඒවා, ඒවා කියවල ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ...

    මට රෝහල් සම්බන්ධ අප්‍රසන්න සිදුවීම් නැතිම තරම්, හැම තැනින්ම මට හොඳ සැලකුම් ලැබුවා වගේ තමයි මතක...
    හැබැයි ඉතින් ඒ මම ගොඩක් ඒවා ගණන් ගන්නේ නැති නිසාද දන්නෙත් නැහැ...
    මොකද මම මගේ මොලේ ඩේටා ඉතුරු කර ගන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි සහ මට අනවශ්‍ය දේවල් ඔළුව අස්සට දාගන්නේ නැතුව...
    වැරද්දක් දැක්කත් ඒක ටික වෙලාවකින් අමතක වෙලා යනවා...

    ReplyDelete
    Replies
    1. /මේ දවස්වල තියෙන ගොඩක් ලිපි හරි පක්ෂග්‍රාහී ඒවා, ඒවා කියවල ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ/

      Delete
    2. "...මේ දවස්වල තියෙන ගොඩක් ලිපි හරි පක්ෂග්‍රාහී ඒවා, ඒවා කියවල ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ..."

      "හැබැයි ඉතින් ඒ මම ගොඩක් ඒවා ගණන් ගන්නේ නැති නිසාද දන්නෙත් නැහැ...
      මොකද මම මගේ මොලේ ඩේටා ඉතුරු කර ගන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි සහ මට අනවශ්‍ය දේවල් ඔළුව අස්සට දාගන්නේ නැතුව...වැරද්දක් දැක්කත් ඒක ටික වෙලාවකින් අමතක වෙලා යනවා..."

      Definition of contradiction!

      Delete
    3. ///Definition of contradiction!///
      කියවන දේවල් ඔළුවේ රැඳෙනවා සහ ඒ සම්බන්ධව කරුණු කාරණා සොයන්න, හිතන්න, පක්ෂග්‍රාහී දේවලට උත්තර දෙන්න එහෙම යන නිසා ඒක මොලයට වෙහෙසක්, මෙවැනි සමබර ලිවීමකදී එහෙම ඒ ගැටළුව නැති බව පෙන්නන්නයි මට ඕනේ උනේ...

      නමුත් මිනිස්සුන්ගේ වැරදි මගේ ඔළුවේ රැඳෙන්නේ නැති එක ගැනයි මම කිව්වේ...
      ඒක නොදැනුවත්වම වෙන දෙයක් මිත්‍රයා...
      මේක වෙනමම කරුණක් නිසා උඩ එකත් එක්ක ලටපවා ගන්න එපා...

      Delete
  6. //අවසානයේදී මටත් බ්‍රෙන්ඩා මිස්ටත් රෝගියා සමග ට්‍රොලිය තල්ලු කරගෙන ශල්‍යාගාරයට යන්නට සිදු විය
    may be my moms friend :) my mom ws in negombo since 2003

    ReplyDelete
  7. දේශපාලන පත්වීම් ලැබූ කම්කරුවෝ කොහොම වෙතත් රෝහල් වලට කම්කරුවන්ගෙන් වන සේවය ගැන සැහීමකට පත්විය හැකියි කියා මා සිතනවා.
    ඔය රෝහල් කම්කරුවන්ට කිසියම් රක්ෂණයක් නැතිද ?

    ReplyDelete
    Replies
    1. ඔවුන් අසීරුකම් මැද සේවය කරනවා සමහරුන්ට රක්‍ෂණ නොව සේවයද අනියම්

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook