Friday, March 4, 2016

බිග් මැච් උමතුව




අප පාසල් ගිය හැත්තෑව දශකයේ බිග් මැච් උමතුව තදින්ම තිබුනේය​. වර්ණපුර විසින් වාර්තා බිඳ හෙලමින් ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේදී ක්‍රීඩා කල නිසා බොහෝ දෙනෙකු ක්‍රීඩා තරඟ නැරඹීමට ආහ​. මාගේ සොහොයුරන් තිදෙනෙකු ආනන්දයේද එක් අයෙකු රාජකීය විද්‍යාලයේද ඉගෙනුම ලැබූහ​. මේ නිසා බිග් මැච් කාලයට නිවස වලි වලින් පිරී තිබුනේය​. 

බිග් මැච් එකට සති කීපයකට පෙර පාසල් බස් වල විදුහල් කොඩි දක්නට තිබේ. කොසු පොල්ලක ආධාරයෙන් බස් රථයේ ජනේලයෙන් එලියට දමන මෙම ධජ නිසා රියැදුරාට පැති කන්නාඩිද නොපෙනේ. මේ හැර සිසුහු පාරේ බස් වලද නැග කොඩි ජනේල වලින් එලියට දමති. එසේම බසයේ පසුපස හදිසි දොරටුව ඇර සින්දු කියති පාරේ යන කෙල්ලන්ට උසුළු විසුළු කරති. එසේම සිංදු අතරමග නවතා එන්. ඒ .එල් ඒ.එන්.ඩී.ඒ. නාලන් ද කියා සෙසු මගීන් ගේ කන් බිහිරි වන සේ කෑගසති. මේ හැර පාසල් වාදය කරට ගත් සමහරක් ආර්. ඕ. වයි. ඒ. එල්. බල්ලෝ කියාද කෑගසති. මගේ එක් සොහොයුරෙක් ද මිතුරන් බොහෝ දෙනෙකුද රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිසා මම මෙම අපහාසය අනුමත කලේ නැත​. 

බිග් මැච් එක කාලයේ ට්‍රක් යාම කොල්ලන්ට විනෝදයකි. කොහෙන් හෝ  ලොරි කබලක් , ජීප් එකක් හොයා  ගෙන එයට පපර බෑන්ඩ් එකක් නග්වාගෙන වාහනයේ ටිං කබල් එල්වාගෙන කොඩි වලින් පුරවාගෙන කොල්ලෝ කෑ ගසමින් සින්දු කියමින් වීදි සංචාරය කරති. සමහර විට විසාකා , ගෝතමී, දේවි බාලිකා වැනි කාන්තා විදුහල් වලටද පැන පිස්සු නටති. කෙල්ලෝ බිග් මැච් හමුදා පාසලට කඩා වැදීම ප්‍රිය කරති. ඒ නිසා පාසල අසලින් ට්‍රක් එකක් යන විට පන්ති කාමයේ ජනේල වලින් එබී බලති.  

ආනන්ද නාලන්ද , රොයල් තෝමියන් , ඉසිපතන තස්ටන් , සාන්ත පීතර - සාන්ත ජෝසෆ් ට්‍රක් අලංකාරයට පාරේ ගිය අයුරු මතක් වේ. සමහර විට ට්‍රක් තිහ හතලිහ එකට ගමන් කරති. වරක් තෝමියන් ට්‍රක් එකක මිනී පෙට්ටියක්ද ගෙන ගිය අයුරු මට සිහිපත් වේ. එසේම මේ ට්‍රක් වලට ඉන්ධන ගැසීමට හැට් කලෙක්‍ෂන් කරති. ඉතිරි මුදල් වලට අරක්කු හෝ බියර් බෝතල් මිලට ගෙන සමහර සිසුන් කරටි කැඩී යන ලෙස බොති. 

වරක් 70 දශකයේ මුල් භාගයේ බීමත්ව ට්‍රක් රථයේ බොනට්ටුව උඩ ගිය රාජකීය විද්‍යාලයේ සිසුවෙකු  බිම වැටී රෝදයට යටවී මිය යන ලදි. එම නිසා පොලිසිය ට්‍රක් වලට බාධා කරති. එබැවින් කොල්ලන් ට්‍රක් යාමට පෙර පියවරු පොලිසියේ සේවය කරන සිසුන් මගින් අනියම් අවසර ලබා ගනිති. අපගේ ශ්‍රේනි වල සිටි හර්ශන පෙරේරා ගේ පියා කොලඹ පොලිස් ස්ථානයක සේවය කල නිසා  ට්‍රක් උමතුව හිසට ගැසූ කොල්ලන් බිග් මැච් සමයේදී  හර්ශන පෙරේරා සොයාගෙන පන්තියට  ඒමට පුරුදුව සිටියහ​. 

වරක් ට්‍රක් කීපයක් නැවැත්වූ කුරුඳුවත්ත පොලිසිය කොල්ලන්ව   කූඩුවට දමන ලදි . කොල්ලෝ කූඩුව ඇතුලේ සිට පපර බෑන්ඩ් ගසා සිංදු කියන්නට පටන් ගත්තෝය​. මේ කරච්චලය නිසා පොලිසියේ වැඩ ඇණ හිටි අතර අවසානයේදී ස්ථානධිපති විසින් කොල්ලන් එලියට දමන ලදි. කොල්ලෝ පොලිසිය ඉදිරියේ නටමින් කොඩි ලෙලවූහ​. 

බිග් මැච් දිනයට පෙර දිනයේදී සයිකල් පැරේඩ් එක පැවැත්වේ. සයිකල් සිය ගනනක් පිරිවරාගෙන ක්‍රිකට් කන්ඩායම් නායකයාගේ නිවසට යති. වරක් අප සයිකල් පැරේඩ් එකකින් අසංක ගුරුසිංහගේ නිවසට ගියෙමු. ක්‍රිකට් කන්ඩායම් නායකයාගේ නිවසේදී කොල්ලන්ට කෙටි කෑමක් සමග සිසිල් පැන් ලැබේ. වරක් ආනන්දේ සයිකල් පැරේඩ් එකක පෝනීන් පවා ගෙන යන ලදි. 

බිග් මැච් එක දිනයේදී කොල්ලන් උදේ රැයින් පී සරා හෙවත් ඕවල් ක්‍රීඩාංගනයට යති. ඕවල් ක්‍රීඩාංගනයට යන්නේ වනාතමුල්ල හරහා නිසා කොල්ලෝ සංවරව ප්‍රදේශවාසීන් අකමැති දේවල් නොකරමින් ක්‍රීඩාංගනයට යන අතර ක්‍රීඩාංගනයේදී කොල්ලෝ හිතේ හැටියට කෑකෝ ගසති. ඒ කාලයේ ලී ටකයක් වැනි උපකරණ විකිනීමට තිබූ අතර එයද කරකවා ශබ්ද පිට කිරීම කොල්ලන් ගේ සිරිත විය​. මෙම ලී ටකයක් වැනි උපකරණයේ  උපතද වැදගත් ය​. එය මුලින්ම භාවිතා කොට තිබෙන්නේ පළවන ලෝක යුද්දයේදී වන අතර අර්ටිලරි බෝම්බ වැටෙන විට අනතුරු ඇඟවීම සඳහා එය කරකවා තිබේ. මේම ලී ටක මම වරක් බ්‍රිතාන්‍ය යුද කෞතුකාගාරයකදී දුටුවෙමි. 

ක්‍රීඩාව ආරම්භ  කිරීම සඳහා විනිසුරුකරුවන් දෙදෙනා කබා ඇඳ පිටියට එන විට අත්පොලොසන් නාදයක් පැතිර යයි. කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු තරඟය ආරම්භ වේ.  මේ අතර කොල්ලන් ගේ ටෙන්ට් වල දුම්කොල සමාගම විසින් වෙලඳ සේවකයන් යොදාගෙන සිගරට් විකුනති. ඒ කාලයේ බ්‍රිස්ටල් මයිල්ඩ් කියා දුම්වැටියක්  සිසු ටෙන්ට් වල විකුනන ලදි. එසේම ක්‍රිකට් ක්‍රීඩකයන් පාසල් හැර යාමෙන් පසු කෙලින්ම රැකියාවට ගියේ දුම්කොල සමාගම වෙතය​. මේ හැර බ්‍රිස්ටල් අනුග්‍රහයෙන් ප්‍රේමසර ඈපාසිංහ ක්‍රිකට් විස්තර ගෙන ආවේය​. 

බොහෝ සිසුන් පොඩි පොකට් රේඩියෝ අත තබාගෙන ක්‍රිකට් විස්තර වලට සවන් දුන්හ​. සමහරු ටෙන්ට් වල පසුපසට ගොස් සිගරට් පානය කලහ​. කෙසේ නමුත් දුම්කොල සමාගමට අපගේ පරම්පරාවේ කොල්ලන් දුම්පානය වෙත ග්‍රහනය කර ගැනීමට අපහසු වූ බව මම සිතමි. මගේ සමකාලීනයන් බොහෝ දෙනෙකු දුමින් තොරය​. 

ක්‍රිකට් තරඟය යන අතර මගදී ගසන හයේ පහරකට , හතරේ පහරකට කොල්ලෝ ඔල්වරසන් දෙති. එසේම යමෙකු සෙන්චරියක් දැමූ විට කොඩි ඔසවාගෙන පිටියටද පනිති. අප ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙකු සෙන්චරියක් දැමූ විට පවා පිටියට දිව ගියෙමු. එසේ දිව ගොස් අප මිලෙන් වැඩි ආදි සිසුන් ආරාධිතයන් සිටි ටෙන්ට් එකට පනින්නෙමු. එහි පහසුකම් වැඩිය​. එසේම පපර සංගීතය ගලා ගෙන යයි. 

වරක් ආනන්ද පිලේ ප්‍රසන්න අමරසිංහ බන්දුල වර්ණපුරගේ 111 වාර්තාව කැඩූ විටද​, රොශාන් මහානාම පසුකාලීනව ප්‍රසන්න අමරසිංහ ගේ 121 වාර්තාව කැඩූ විටද මම කොල්ලන්  සමග පිටියට පැන වී.අයි.පී ටෙන්ට් එකට උත්ක්‍රමණය වූයෙමි. 

බිග් මැච් එකේ අවසන් දිනයේ සවස් වරුවේ කොල්ලෝ තමන්ට ජාති දැමූවන්ට , කරදර කල ශිෂ්‍ය නායකයන්ට සබ්බුව දෙති. බොහෝ විට වයසෙන් වැඩි කොල්ලෙක්ට මුදල් දී අවශ්‍ය කොළුවාට ගස්සවති. එසේම සිසුන්ට නිබඳවම පහර දෙන ගුරුවරු ද මේ දිනයේදී ඉලක්ක කරති වරක් ආනන්ද විද්‍යාලයේ එඩිසන් නම් ගුරුවරයාගේ හිස ඉලක්ක කොට කොල්ලෙකු ගලකින් ගසනවා මම සියැසින් දුටුවෙමි. ගල වැදුනු එඩිසන් මහතා ඔළුව අල්ලාගෙන පහත් විය​. මමද වරක් බිග් මැච් එකකදී මට පාට් එකක් දැමූ ශිෂ්‍ය නායකයෙකු වූ අතුල සුරේන්ද්‍ර හෙවත් ගොරකයාට රිටන් එකක් දීමට ගොස් ඇණ ගත්තෙමි. වර්තමානයේ අතුල සුරේන්ද්‍ර  මගේ මිතුරෙකි. 

බිග් මැච් අවසාන වූ විට කොල්ලන් රොත්ත පිටින් ගී ගයමින් කෑකෝ ගසමින් පාරට එති. නිවසට යාම සඳහා බස් රථයකට නගින ඔවුන් බසයේ පසුපසටම ගොස් හදිසි දොරටුව විවෘත කොට ගී ගයති. සමහරු මේ අතර අසභ්‍ය ගීතද අවශේශ මගීහු ගැන නොසලකා ගායනා කල බව කිව යුතුය​. අපේ කාලයේ තම්බි කඩයක තේ පැන් සෑදීම​, වත්ත පහල වෙලක සිදු වූ අසිරිය යනාදී වශයෙන් අසභ්‍ය ගීත ගනනාවක් තිබුනේය​. වරක් කොල්ලන් බස් රථයක මෙසේ අසභ්‍ය ගීත ගයන විට උරණ වූ කොන්දොස්තර සිසුන්ට බැණ වැදී ගීතය නවතන ලෙස කීවේය​. ඉක්බිති සිසුහු එකී ගීතය නවතා "මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් , රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් කියා" ළමා ගීතයක්  ගායන කලෝය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 comments:

  1. "ඕවල් ක්‍රීඩාංගනයට යන්නේ වනාතමුල්ල හරහා නිසා කොල්ලෝ සංවරව ප්‍රදේශවාසීන් අකමැති දේවල් නොකරමින් ක්‍රීඩාංගනයට යන අතර" :)

    ReplyDelete
    Replies
    1. අතරමග කන්නත් පුලුවන්

      Delete
    2. වනාතේ මැර කොල්ලන් දෙතුන දෙනෙකුගේ කල්ලියක් අවසන් දින හවස් වරුවේ ශිෂ්‍යයින් සිටි කොටසට ඇතුලු වී, විවිඳ බඩු භාණ්ඩ මංකොල්ල කෑවා මට මතකයි. මගේ හිතේ තිබුණු කොඩ්රෝයි රෙද්දෙන් මසන ලද අපුරු කැප් එකද ඉන් එකෙකු උදුරාගෙන ගියා.

      අපට කළ හැකි වුනේ අසරණව බලා සිටීම පමණයි.

      Delete
  2. සන්තෝසයි අහන්න ලැබීම...

    ReplyDelete
  3. //වරක් ට්‍රක් කීපයක් නැවැත්වූ කුරුඳුවත්ත පොලිසිය කොල්ලන්ව කූඩුවට දමන ලදි . කොල්ලෝ කූඩුව ඇතුලේ සිට පපර බෑන්ඩ් ගසා සිංදු කියන්නට පටන් ගත්තෝය​. මේ කරච්චලය නිසා පොලිසියේ වැඩ ඇණ හිටි අතර අවසානයේදී ස්ථානධිපති විසින් කොල්ලන් එලියට දමන ලදි. කොල්ලෝ පොලිසිය ඉදිරියේ නටමින් කොඩි ලෙලවූහ​.//

    ඒ කාලේ පොලිසිය හරිම අහිංසකයි වගේ.. දැන් කාලෙනම් ඉතින් ඔලු පැලෙන්න කන්න වෙනවා මෙහෙම කරානම්..

    (අපේ බිග් මැච් http://ambalangodakatha.blogspot.com/2016/03/blog-post.html)

    ReplyDelete
    Replies
    1. මොන අහිංසක කමක්ද? හැත්තෑ එකේ නිල හමුදාවල අහිංසකකම් ඉවරවෙච්ච ගමන්මයි මේ. ඒ කාලෙ තව හිටියා ෂෝ කියලා පොලිස් ලොක්කෙක්. අපිව පේන්න බෑ.

      Delete
    2. ෂෝ වික්‍රමසිංහ - මරදානේ පොලීසිය / මිනිස්සු කිව්වේ සෝ මහත්තය කියල

      Delete
    3. ගෆූර් කියලා තඩියෙකු හිටියා නේද?

      Delete
  4. I also would like to confess that...

    ReplyDelete
  5. බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු තාම මතකයි.

    ReplyDelete
  6. ඒ ආනන්ද නාලන්ද මැච් එකේ ඈපාසිංහගේ කමෙන්ට්‍රියත් බන්දුල වර්ණපුර 111 ගහපු විස්තරේත් තාම මතකයි.

    ඉස්සර ධර්මරාජ කිංග්ස්වුඩ් බිග් මැච් ගහන්නෙ පොලිස් ග්‍රවුන්ඩ් එකේ. දෙවෙනි දවසේ මැද හරිය වෙනකොට පොලිසියත් එක්ක තමයි බිග් මැච් එක. වලි වල ප්‍රධාන චරිතයක් තමයි ජනක තෙන්නකෝන්.

    ReplyDelete
    Replies
    1. ජනක තෙන්නකෝන් වලි කාරයා පස්සේ පොලිසියට ගියා

      Delete
  7. ඒකත් පාසල් කාලේ එක විදිහක අත්දැකීමක් තමා....

    ReplyDelete
  8. මේ අත්දැකීම හැම කෙනෙකුටම ලබාගන්න බැ. එහෙම බැරිවුණ අයට ,මෙ කරන්දේ පෙන්නේ කොලොන්නාව කුණු කන්දට වැඩිය ලොකු ජරා ගොඩක් ඇසට පෙනුනගානට.ඉරිසියාවද මන්දා ?

    ReplyDelete
    Replies
    1. මේ අත්දැකීම් නිසා ජීවිතයේ යම් බැලන්ස් එකක් ආවා

      Delete
  9. Royal බල්ලෝ කියල්ලා කෑගහන්නේ මම හිතන්නේ හීන මානෙට.

    ReplyDelete
  10. I remember this incident very well. we were in A.L. Janaka Tennakoon who was little senior to us was in PTS Kaluthara (A trainee ISA) then.Someone seized a cap of a cop.Old boys & police got into a fight.The police attacked using batons and motor bike chains. Among the victims were Janaka.(I could well remember one cop was saying "Ko oya Polpithi S I ".Anyway they realized the gravity later.His father.T.B.Tennakoon was a minister too
    then.I don't know what happened to the policeman.But amid the cofusion one of our class mates (Arachchi) a prefect in uniform was hit by a policeman and it became an issue.

    ReplyDelete
  11. //ඉක්බිති සිසුහු එකී ගීතය නවතා "මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් , රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් කියා" ළමා ගීතයක් ගායන කලෝය​. // This is the best part :D :D :D

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලෝ ඔහොම තමා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook