Friday, March 25, 2016

මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ගැන සටහනක්

 


මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාට  පොතක් පිළිගන්වමින් 


මට මුල් වරට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මුණ ගැසුනේ 1986 දීය​. ඒ කාලයේ මම උසස් පෙළ විභාගය අවසන් කොට ප්‍රතිඑල එන තෙක් ශ්‍රී ලංකා ගුවන් විදුළි සංස්ථාවේ බාහිර නිෂ්පාදකයෙක් ලෙස සේවය කලෙමි. මේ කාලයේදී මහාචාර්‍ය ලිලී ද සිල්වා , මහාචාර්‍ය ජෝතිය ධීරසේකර යනාදී ධීමතුන් ගේ සහභාගීත්වයෙන් පුනරුප්පත්තිය ගැන වැඩ සටහනක් නිශ්පාදනය කිරීමට මම අත ගැසුවෙමි. මෙම වැඩසටහනට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා සිටියහොත් වටිනාකම තවත් වැඩි වන බව ඇලෙක් රොබට්සන් මහතා මට කියූ හෙයින් මහාචාර්‍ය කාලෝට ආරාධනා කිරීමට මම කොලඹ වෛද්‍ය පීඨයට ගියෙමි. එතුමා මාව සාදරයෙන් පිළිගත් නමුත් මේ කාලයේදී ජයවර්ධන රජය විසින් මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාට අනියම් මාධ්‍ය තහනමක් දමා තිබූ හෙයින් ඔහුගේ පැමිනීම නිසා අපට කරදරයක් වෙනු ඇතැයි කියා මගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලේය​. 

මට දෙවන වර මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා හමු වන්නේ අඩි 25, 000 පමණ උඩදී ගුවන් යානයකය​. වසර 1989 විය යුතුය​. එතුමා හෙල්සින්කි බලා පියාසර කරමින් සිටි අතර අහම්බයෙන් මෙන් ගුවන් යානාව තුලදී මෙමෙ එතුමාව දුටුවෙමි. එසේම අප සුහද කතා බහක නිරත වූයෙමි. 

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස 2006 දී වැඩ භාර ගැනීමෙන් පසුව මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාව මට නිතරම හමු විය​. එසේම එතුමා අපගේ මානසික සෞඛ්‍ය වැඩසටහන් වලටද නිතරම සහභාගී විය​. 

වරක් සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණි වැඩ සටහනකදී ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් ශාලාවේ සිටි පිරිස එලියට දමා එකිනෙකා වරින් වර ගෙන ඉන ඉහ අතගා බලමින් යළි ශාලාවට දැමූහ​. මේ අතර එලියට දමන ලද පිරිස අතර මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ද විය​. එතුමාව දැකීමෙන් මට මහත් වේදනාවක් දැනුනු අතර ලංකාවේ පිළිගත් බුද්ධිමතෙක් තව ස්වල්ප වේලාවකින් ආරක්‍ෂක නිලධාරීන් ගේ සම්බාහනයට ලක් වීමට නියමිතව තිබුනේය​. මෙහිදී මම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ආරක්‍ෂක නිලධාරීන්ට මහාචාර්‍යවරයා අපහසුතාවට ලක් නොකර ඔහුට ශාලාවට යාමට ඉඩ දෙන්න යැයි උස් හඞින් කීවෙමි. මෙහිදී ආරක්‍ෂක නිලධාරීන් පසුබැස මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ට ශාලාවට යාමට දුන් අතර ඔවුන් විසින් මාව වැඩිපුර පරික්‍ෂාවට ලක් කරන ලදි.

2008 කාලයේදී මම 1971 කැරැල්ල ගැන විමර්ශනාත්මක ග්‍රන්ථයක් කියමින් සිටියෙමි. එතුමා 1971 කැරැල්ලේ දී වෙඩි වැදුනු කෑගල්ලේ ජුලියට් ගේ ජීවිතය බේරා ගැනීමට කල මැදිහත්වීම ගැන තොරතුරු මට කීවේය​. එසේම මගේ එම පොතට පෙරවදනක් ද දුන්නේය​. 

2009 මැයි මාසයේදී මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා  මා විසින් දියත් කරන ලද මානසික සෞඛ්‍ය වැඩ සටහනක් සඳහා මාදම්පේ පිහිටි පුත්තලම් දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ආවේය​. වැඩ සටහනෙන් පසු එතුමාත් , මමත් , පුත්තලම් දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය උදය රණසිංහ මහතාත් , වෛද්‍ය ජයනාත් බුත්පිටියත් දිවා ආහාරය සඳහා මාදම්පේ පිහිටි සංචාරක හෝටලයකට ගියෙමු. එහිදී එතුමා අතීත කතා රැසක් අපට කීය​. මේ කතා අතර කතරගම ගිනි පෑගීමද විය​.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

11 comments:

  1. කාලෝ ගේ අයියා හමුවී තියේද? කොළඹ ඕපීඩීයේ සේවය කළා.

    ReplyDelete
  2. කම්මැලි පෝස්ට් එකක්ද මංද.. අන්තිමට කියල තියෙන ඒ අතිත කතා ඕපාදුප නොවේ නම් ඒවාත් සටහන් කරන්නට හැකිනම්

    ReplyDelete
  3. // මේ අතර එලියට දමන ලද පිරිස අතර මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ද විය​. //

    කොන්දක් තියේ නම් ආපසු හැරී යන්නට තිබුනේ ඒ අවස්තාවේදී ය....

    ReplyDelete
  4. / ලංකාවේ පිළිගත් බුද්ධිමතෙක් තව ස්වල්ප වේලාවකින් ආරක්‍ෂක නිලධාරීන් ගේ සම්බාහනයට ලක් වීමට නියමිතව තිබුනේය​. මෙහිදී මම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ආරක්‍ෂක නිලධාරීන්ට මහාචාර්‍යවරයා අපහසුතාවට ලක් නොකර ඔහුට ශාලාවට යාමට ඉඩ දෙන්න යැයි උස් හඞින් කීවෙමි. මෙහිදී ආරක්‍ෂක නිලධාරීන් පසුබැස මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ට ශාලාවට යාමට දුන් අතර ඔවුන් විසින් මාව වැඩිපුර පරික්‍ෂාවට ලක් කරන ලදි./

    එතන ආරක්ෂක නිලධාරීන් කරන්නෙ එයාලගෙ රාජකාරිය. මම නම් කියන්නෙ ඔබ ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්නට නොදී කලේ වරදක්. ඔබ සැත්කමක් කරද්දි ඒ රෝගියාගෙ මූණ බලල වෙනසක් කරන්නෙ නෑනෙ. හැමෝටම සමානව සළකනවනෙ. ඒ වගේ තමයි මහාචාර්ය කාලෝගෙ බුද්ධිමත්කම එතන අදාල වෙන්නෙ නෑ. ඔබ මට ඔහොම උපදෙස් දෙන්න ආව නම් මම කෙලින්ම කියනව " ඩොක්ටර් ඩොක්ටර්ගෙ වැඩක් බලාගන්න.... අපේ වැඩේ අපිට කරන්න දෙන්න... අපි එන්නෙ නෑනෙ ඔහේට ඔපරේෂන් කරන හැටි උගන්වන්න" කියල...:)

    අනික් කාරණේ ඔබ කොහොමද එතුමා ගැන සහතිකයක් දෙන්නෙ? කාලෝ මහතා නොදැනුවත්ව ඔහුගේ සිරුරේ යම් කුඩා පිපිරුම් උපකරණයක් සඟවල තිබුන වෙන්ට බැරිද? එහෙමත් නැත්නම් ඔහුගේ බිරිඳ හෝ දරුවෙක් ප්‍රාණ ඇපයට ගෙන " මේ බෝම්බෙ අරගෙන ගිහිල්ල ස්ටේජ් එකේ අහවල් තැන තියපං නැත්නම් උඹට මේ ගොල්ලො ආය දකින්න වෙන්නෙ නෑ " කියල කිව්වනම් එතුමා ඒ අණට අකීකරු වෙයිද?

    එතුමා බුද්ධිමතෙක් නම් ප්‍රායෝගික තත්වය තේරුම් ගන්න ඕන.බරපතල සිද්ධියක් වෙන්න පොඩි අතපසුවීමක් හොඳටම ප්‍රමාණවත්.

    / මෙහිදී මම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ආරක්‍ෂක නිලධාරීන්ට මහාචාර්‍යවරයා අපහසුතාවට ලක් නොකර ඔහුට ශාලාවට යාමට ඉඩ දෙන්න යැයි උස් හඞින් කීවෙමි. /

    ඊළඟට මෙහෙම ඡේදයක් ලියන්නට ඔබට හැකියාවක් තිබුණ නම් තමයි මම හිතන්නෙ මහාචාර්ය කාලෝ මහත්තයගෙ ශ්‍රේෂ්ඨත්වය හොඳටම ප්‍රදර්ශණය වෙන්නෙ.

    එහෙත් තම සුරත වනමින් මහාචාර්යතුමා මා වැළැක්වූයේ මෙසේ පවසමිනි.

    " නෑ රුවන් එහෙම ඕන නෑ. එයාලගෙ රාජකාරිය එයාටල කරන්න ඉඩ දෙන්න. මාවත් අනික් අය වෙගේම පරීක්ෂා කරන්න." එතුමා එසේ පවසා අනෙක් සියල්ලන්සේම සම්බාහනයට ලක්ව ආපසු ශාලාව තුලට පිවිසියේය

    PS - හැබැයි ඉතිං මේ විදිහට ඔක්කොමල එලියට යවල ආපහු පරීක්ෂාකරන්ට තරම් එදා ආපු මනුස්සයගෙ වටිනාකමක් තියනවද කියන එක නම් ප්‍රශ්ණයක් තමයි. ඒත් ඒ කොහොම උනත් ආරක්ෂක නිලධාරීන්ගෙ රාජකාරිය ඒ ආපු මනුස්සයට හානියක් වීමට තියෙන ඉඩකඩ වළක්වන එක.

    ReplyDelete
    Replies
    1. Theoretically you are correct . මේ විදිහට ඔක්කොමල එලියට යවල ආපහු පරීක්ෂාකරන්ට තරම් එදා ආපු මනුස්සයගෙ වටිනාකමක් තියනවද කියන එක නම් ප්‍රශ්ණයක් තමයි///// ++++++

      Delete
  5. සිරිපාලයගෙ ආරක්ෂකයො නම් මහ ජරාම සක්කිලි ටිකක්. ඒ කාලෙ පී එස් ඩී එකත් හොදයි උන් එක්ක බලපුවම.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook