Tuesday, March 15, 2016

ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම්

 


කුඩා කාලයේ සිට මේ දක්වා විවිධ මිනිසුන් අතර තිබෙන  ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම් මා නිරීක්‍ෂනය කරමි සමහර විට අත් දකිමි. පාසල් කාලයේදී විවිධ පාසල් අතර තිබූ  ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම් මට මතකය​. ආනන්දේ සහ නාලන්දේ කොල්ලන්ට රෝයල් සහ තර්ස්ටන් යන විදුහල් සමග එදිරිවාදීකමක් තිබුනේය​. එසේම වරක් අපගේ පාසල් බස් රථය තුම්මුල්ලේ නවතාගත් තර්ස්ටන් සිසුන් නාලන්ද සිසුන්ට පහර දුන් හ​. වාසනාවකට මෙන් මම එදින පාරේ බස් රථයකින් නිවසට ගිය නිසා තර්ස්ටන් පෝරියල් එකෙන් බේරුනෙමි. 

නමුත් මට රෝයල් , තර්ස්ටන් , ඉසිපතන​, සාන්ත ජෝසෆ් , සාන්ත පීතර පමණක් නොව හින්දු කොලේජ් එකේ පවා මිතුරන් ළමා කාලයේ පටන් සිටි නිසාද මම ඔවුන් සමග ක්‍රිකට් ඔට්ටු සෙල්ලම් කල නිසාද මේ එදිරිවාදීකම මට ජීර්ණ නොවීය​. පසු කාලයක මධ්‍ය මහා විද්‍යාල පමණක් නොව ගමේ පාසල් වලින් ආ මිනිසුන් සමගද මම සුහදත්වයෙන් ක්‍රියා කලෙමි. 

පාසල් නාමයෙන් මිනිසුන් ගේ හොඳ නරක මැනීමට යාම අනුවනකමකි. නමුත් කොලඹ උසස් යැයි සම්මත පාසල් වලින් එන සමහරක් සිසුන් තුල තිබෙන අධි මානයත් ගමේ පාසලෙන් එන සමහර සිසුන් තුල තිබෙන හීනමානයත් ඔවුන් ගේ වර්තමාන චර්‍යාවට බලපෑම් කරන අයුරු මම දැක තිබේ. 

වෛද්‍ය අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට ගිය විට මොස්කව් රාජ්‍ය විද්‍යාලයේ සිසුන් සහ ලුමුම්බා මිත්‍රත්ව සරසවියේ සිසුන් අතර එදිරිවාදිකම් තිබුනේය​. මොස්කව් රාජ්‍ය විද්‍යාලයේ සිසුන් තමන් ගේ විශ්ව විද්‍යාලය ලුමුම්බා මිත්‍රත්ව සරසවියට වඩා උසස් යැයි කියූ අතර  ලුමුම්බා මිත්‍රත්ව සරසවි  සිසුන් තමන් මොස්කව් රාජ්‍ය විද්‍යාලයට වඩා උසස් කීහ​. වරක් ලුමුම්බා මිත්‍රත්ව සරසවියේ උගත් වෛද්‍යවරියක් (මම එකල මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වූයෙමි) තම සරසවිය උසස් කොට මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය පහත් කොට කතා කලාය​. වෘත්තීය මටටමට ආවද සමහරෙකුට  ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම් ලේ වලට කා වැදී තිබෙනු මම ප්‍රත්‍යක්‍ෂ කලෙමි.

කෙසේ නමුත් ලුමුම්බා - මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල එදිරිවාදීකම ලංකාවේදී ක්‍ෂය වී ගියේ ලුමුම්බා වූවද මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල වූවද වෙනසකින් තොරව සමහර දේශීය වෛද්‍යවරු විසින් ඔවුන්ට පොදුවේ සබුක්කුව දීම නිසාය​. 

ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය වෛද්‍යවරු අතර තිබෙන ප්‍ර්තිරෝධතා මම නිබඳව දැක තිබේ. කොලඹ වෛද්‍ය පීඨයේ  සමහරක් ඔවුන් පේරාදෙනිය වෛද්‍ය පීඨයට වඩා උසස් යැයි කීහ​. එසේම සමහර පේරාදෙනිය වෛද්‍ය පීඨ වෛද්‍යවරු රුහුණු හා කැළනි  පීඨ පහත් කොට කතා කලහ​. 

මට කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය සුමිතුරන් සිටිති. එසේම පේරාදෙනිය රුහුණු හා කැළනි පීඨ වල ඉගෙනුම ලැබූ මිතුරන් සිටිති. එසේම යාපනය වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය රාම් මනෝහර් , වෛද්‍ය සුදර්ශන් මට සොහොයුරන් බඳුය​. මේ හැර පෝලන්තයේ, බල්ගේරියාවේ , රුමේනියාවේ ,කියුබාවේ පමණක් නොව චීනයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය මිතුරන් ද මට සිටිති. වැදගත් වන්නේ ඉගෙනුම ලැබූ වෛද්‍ය පීඨය නොව ඔවුන් සතු දැණුම සහ කුසලතා බව මම සිතමි.  

යුද හමුදා රෝහලේ සේවය කළ කාලයේ හමුදාව තුල තිබූ ප්‍රතිරෝධතා මම නිරීක්‍ෂනය කලෙමි. ලොකුම ප්‍රතිරෝධතාව තිබුනේ නිත්‍ය සහ ස්වේච්ඡා හමුදා අතරය​. ඉන් පසු බළකා අතර ප්‍රතිරෝධය දුටුවෙමි. අර්ටිලරි සහ සී. එල් .අයි හෙවත් පාබල බලකා අතර සීතල යුද්ධයක් තිබුනේය​. සිංහ ,විජයබා සහ ගැමුණු තම තමන් උසස් බව සිතූහ​.  කමාන්ඩෝ සහ විශේෂ බලකා අනෙකුත් බළකා මායිම් කලේ නැත​. සමහර විට යුද්ද කාලයේ තුවාල ලැබූවන් ගෙන ඒමේදී ද බළකා  ප්‍රතිරෝධ මත ප්‍රමුඛතා වෙනස් කරන ලදි. 

ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර තිබෙන ප්‍රතිවිරෝධතා තරම් ප්‍රතිවිරෝධ අඟහරු ලෝකයේවත් නොමැත​. වෛද්‍යවරු , සහකාර වෛද්‍යවරු . හෙදියන් , පවුල් සෞඛ්‍යය නිලධාරීන් , සුළු සේවකයන් රණ්ඩු කර ගනිමින් ගහ මරා ගනිමින්  රෝගී සත්කාරය කරති. 

ප්‍රතිවිරෝධතා තිබෙන්නේ පෘතග්ජන මිනිසුන් අතර පමනක් නොව කෙලෙසුන් ප්‍රහීන කිරීම සඳහා සිවුරට බට මහණුන් තුලද ප්‍රතිවිරෝධතා තිබෙති වරක් එක් භික්ශුවක් වෙනත් භික්ශුවක් ගැන සඳහන් කරමින් මට මෙසේ පැවසූ සේක : "උන්නාන්සේ අපි වගේ මල්වත්තේ අස්ගිරියේ උපසම්පදා උනේ නෑ නෙව . උන්නාන්සේ උපසම්පදා උනේ මේ කොලඹ කොහේද පන්සලකනේ " 

ප්‍රතිවිරෝධය, එදිරිවාදීකම සහජ මිනිස්  ලක්‍ෂණයකි. තව දුරටත්  පරිනාමය වන අප බොහෝ වනචාරී ගති තවමත් පහ කොට නොමැත​. තම ගෝත්‍රය කෙරෙහි තිබෙන අවිඥානික බැඳීම , අනාරක්ශිත බව , ළමා කාලයේ ලද කාංසාමය අත්දැකීම් ආදිය නිසා මිනිසුන් ප්රතිවිරෝධයන් , එදිරිවාදීකම් සංරක්‍ෂිත ප්‍රයෝග හෙවත් Deface Mechanisms ලෙස භාවිතා කරති. නමුත් දැණුම අත්දැකීම පලල් වන විට බොහෝ මිනිසුන් මේ ප්‍රතිවිරෝධයන් , එදිරිවාදීකම් බැහැර කරති. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

34 comments:

  1. වටිනා ලිපියක්.වෘත්තීන් අතර ප්‍රතිරෝධතාව ත් දරුනුවටම තියනවා. මට හිතෙනවා ලංකාවෙ තරම් ප්‍රතිරෝධයන් ලොව කොහෙවත් නෑ කියල. ප්‍රදේශවාදය හා කුලවාදය බලන්න. අපි නුවර,අපි කොළඹ ,අපි ගාල්ලෙ, අපි මාතර කියල කියන අය ඉන්නවා. දෙමල සමාජයෙත් අපි යාපනේ කියන හැගීම තියනවා. සමානාත්මතාව මත පදනම් වූ මුස්ලිම් සමාජයේ අපි බේරුවල අපි කල්මුනේ කියල එකක් තියනවලු.

    මට හිතෙන්නෙ අපේ තියන කුදු බව ,පුංචි බව මේ සියල්ලටම හේතුව කියල. සෝවියට් දේශයෙ යූරල් කදුවැටියෙ ඉදන් ඇලියුෂන් දූපත් දක්වා ලෝකයෙන් හයෙන් එකක් වන භූමියෙ මෙහෙම බෙදීම් නැති බව මා අසා තිබෙනවා. රුසියන් නම් රුසියන් එච්චරයි (වරදක් ඇතොත් නිවැරදි කරන්න.මා මෙය ඇසූ දෙයක් ).

    අතීතයෙ වෘත්තීන් කුල ලෙස බෙදුනෙත් මේ ප්‍රතිවිරෝධය නිසයි.වර්තමානයෙත් වෘත්තීන් අතර මෙහෙම දෙයක් තියනවා.

    පාසල්වාදය මට නම් මහ අප්‍රසන්න දෙයක්. සමහර මහල්ලන් පවා පාසල්වාදය කරතබාගෙන.අධිමානය ලෙස මතුවන්නේ හීනමානයයි. අප ජාතියක් ලෙස හීනමානයෙන් සිටිනවාද කියා මට සිතෙනවා.හැකිතරම් ප්‍රතිවිරෝධයන් අවම වන ලෙස සමාජය සකස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මම නම් නම්දැරූ පාසලකට ගිය කෙනෙක් නොවෙයි.මට මගෙ පාසල තවත් එක්තරා පාසලක් පමනයි.ලොකු බොන්ඩ් එකක් නෑ. මට ගම ගැන තියන තන්හාවත් නෑ.මේ සියල්ලම මුලාවන්.සැනසීම තියෙන්නෙ බැදීම් අඩුකරගන්න තරමට.
      පාසල ,ගම ,රට ,ජාතිය,ආගම මේ සියල්ල අප කරතබාගෙන යන බරපොදි.මා නම් මේව හැකිතරම් බිමින් තබලයි ඉන්නෙ. එවිට මට ලෝකය දෙස පුළුල්ව බලන්න පුළුවන්.

      Delete
    2. "...පාසල්වාදය මට නම් මහ අප්‍රසන්න දෙයක්. සමහර මහල්ලන් පවා පාසල්වාදය කරතබාගෙන.අධිමානය ලෙස මතුවන්නේ හීනමානයයි...."

      https://www.colombotelegraph.com/index.php/maithris-mandate-and-ranils-royalist-regency

      Delete
    3. මං ගිහිල්ලා තියෙන්නේ එක පාසලකට විතරයි.
      එනිසා එය අනිත් ඒවාට වඩා හොඳද නරකද කියලා නිගමනයකට එන්න තරම් සුදුසුකමක් මට නෑ.

      ඉපදීම, ඉගනීම, පදිංචිය, රස්සාව ආදිය නිසා ලේබල් ඇලවුනාට සිතින් නම් එක් කණ්ඩායමකට අයත්වීම මට ඉතා අපහසු දෙයක්.

      Delete
    4. /සෝවියට් දේශයෙ යූරල් කදුවැටියෙ ඉදන් ඇලියුෂන් දූපත් දක්වා ලෝකයෙන් හයෙන් එකක් වන භූමියෙ මෙහෙම බෙදීම් නැති බව මා අසා තිබෙනවා./

      ඒ විතරක් ද එහේ හොරු කවුරු ත් හිටියේ නැති නිසා මිනිස්සු දොරගුළු දැම්මෙත් නෑ කියා අසා තිබුනානේ, ඔන්න කියුබාවෙ නම් දොරගුළු දාන්නේ ම නෑ කියා පහු ගිය දවස්වල කියවපු පෝස්ට් කොළඹ ගමයාගේ පෝස්ට් එකක ෆෙටෝ වලින් තේරුම් ගියා. සෝවියට් රුසියා ව ගැන අප අසා ඇති දේත් බුදු බනට කියන අතීතයේ ශ්‍රීවිභූතිය ට දෙවෙනි නෑ.

      Delete
    5. අධිමානය ලෙස මතුවන්නේ හීනමානයයි/////// ++++++++

      Delete
  2. ඇයි දැන් තියෙන්නෙ "ලොකෙටම පරකාසේ ගෙදරට මරගතේ" මානව හිතවාදය "අපි සිංහල බෞද්ද යකෝ" ගෝත්‍රවාදය

    ReplyDelete
  3. http://www.theguardian.com/politics/2014/jan/07/ukip-ban-immigrants-nigel-farage

    The UK Independence party is likely to go into the next election repeating its promise of a five-year ban on people coming to settle in Britain while immigration policy is sorted out, Nigel Farage has said.

    The party leader also said all immigrants should be banned from claiming benefits for five years after their arrival, and admitted his plans would require the removal of the UK from the European Union.

    ලන්කාවේ මෙහෙම උනත් ඉන්ගලන්තෙ එහෙම වෙන්නේ නෑ...

    ReplyDelete
  4. ගෝත්‍රවාදය විවිධ මට්ටම්වල විවිධ හැඩතල සහිතව ක්‍රියාත්මක වේ!

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් තියෙන්නෙ "ලොකෙටම පරකාසේ ගෙදරට මරගතේ" මානව හිතවාදය "අපි සිංහල බෞද්ද යකෝ" ගෝත්‍රවාදය

      Delete
    2. ගෝත්‍රවාදය විවිධ මට්ටම්වල විවිධ හැඩතල සහිතව ක්‍රියාත්මක වේ!///Yes

      Delete
  5. //ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර තිබෙන ප්‍රතිවිරෝධතා තරම් ප්‍රතිවිරෝධ අඟහරු ලෝකයේවත් නොමැත​.// සහතික ඇත්ත! මේක පොදුවේ ලංකාවේ හැම වෘත්තිකයන් අතරම තිබෙන දෙයක්.

    මගේ ඥාති සොහොයුරියන් දෙදෙනෙක් සිටිනවා. දෙදෙනාම වෛද්‍යවරියන්. අක්කා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ, නංගි කොළඹ. දෙදෙනාම විවාහාවී දරුවන් ලැබ සිටියත් අදටත් තමන් ඉගෙනුම ලැබූ පීඨය උසස් යයි වාද කරන අවස්ථා බොහොමයි. එහෙම වෙලාවට අපේ මාමා කියන්නේ උඹලා දොස්තරල උනාට වඩා හොඳයි පොළේ එළවලු වික්කානම් කියල.

    ReplyDelete
    Replies
    1. උඹලා දොස්තරල උනාට වඩා හොඳයි පොළේ එළවලු වික්කානම්///// +++++

      Delete
  6. අනාදිමත් කාලයක් තිස්සේ ක්රියතමක් වුනු කුල ක්‍රමයේ ආභාසය

    ReplyDelete
  7. ගස්ලබ්බ දැක්ක හැම තැනකම තියෙන දෙයක්... බෙදා වෙන්කරන්නෙ නැතිව මිනිස්සු විදිහට තව කෙනෙක් දිහා බලන කෙනෙක් කළුනික වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කිඩිනි වෙන් නොවුන එකත් ලොකු දෙයක්

      Delete
    2. ඔව්වා මහ ජරා විහිළු

      Delete
    3. මොකක්ද ජෝක් එක?

      Delete
  8. ඕක ඉතිං පෘතජන මිනිස්සු අතර කොහෙත් තියන දෙයක්. මමත් බොහෝ තැන් වල දැකල තියනවා. ගම් වල සමහර වෙලාවට ඇහෙන කතාවක් තමා- ඕකුං යන්නේ ගමේ ඉස්කෝලෙට, උඹ නුවර/ කොළඹ ඉස්කෝලෙට යන එකා, උඹ උන් එක්ක පෑහෙන්න යන්න එපා.. ඔය වගේ කතා..

    ReplyDelete
  9. හැම තැනදිම අත් දුටුවට, ඔබ ඒක මනා සේ ගැට ගසා ඉදිරිපත් කරනවා. අගෙයි..

    ReplyDelete
  10. Unity in Diversity......

    බොහොමත්ම ස්තූතියි රුවන් අපූරු ලිපියක්...:)

    ReplyDelete
  11. වටිනා ලිපියක්..

    ReplyDelete
  12. ඔන්න ලංකිවේ විස්සවිජ්ජාල වල ආචාර්ය මහාචාර්යවරු නම් බෝම උගත්තු නිසා එයාල අතර ඔය වගේ බොලඳ වැඩ නෑ, බොරුද කියල සා රස ගෙන් අහල බලන්න.

    ReplyDelete
  13. ලංකාවේ රෙජිමේන්තු අතර තියන ගෝත්‍රික වාදය ඇත්ත බව ලජ්ජාවෙන් යුක්තව පිළිගන්නවා.

    අපිට විවිධ පාඨමාලා පුහුණු කරන්න ආපු ඇමරිකන් හමුදාවේත්, අපි ගිහින් පුහුණුව ලබපු ඉන්දියන් හමුදාවේත් මේ ගෝත්‍රික ලක්ෂණ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බලනකොට මේක universal දෙයක් වගේ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook