Monday, March 14, 2016

කුලියාපිටියේ නිමල් රංජිත්ගෙන් හෙලි වන සිංහල බෞද්ධ පිරුවටයෙන් සඟවා ගත් පසුගාමී ග්‍රාමීය කුහක මානසිකත්වය




කුලියාපිටියේ නිමල් රංජිත් යනු පසුගාමී ග්‍රාමීය කුහක සමාජයේ නියම මූලරූපයකි. ඔහු තමන් බෞද්ධයෙකු ලෙස හඳුන්වයි. කාලයක් සිවුරේ සිටි පුද්ගලයෙකි. එහෙත් මොවුන් සතු බෞද්ධ ගුණාංග වෙනුවට අසන්නට තිබෙන්නේ මොහු ළමා අපයෝජන චෝදනාවක් නිසා වැඩ තහනමකට ලක්වී සිටින ගුරුවරයෙකු බවය . එසේම කුලියාපිටියේ පිටිසර ගමක පියෙකු නොමැති දරුවෙකු කෙරෙහි  ඔහු තුල තිබෙන  වෛරය ඔහුගේ අභ්‍යන්තරය ගැන අපට යමක් පෙන්වා දෙයි. මොවුන්  සිංහල බෞද්ධ පිරුවටයෙන් හෙළුව වසාගත් වනචාරී ම්ලේච්ඡයෝ  වෙති.


   

81 comments:




  1. මේ බුදුන් ගේ දේශයයි ; සිංහ ලේ යනාදිය කියමින් පුවරු රට පුරාය​. බොදු බල සේනා රාවණා බලය කියමින් සිවුරු පොරවාගත් මැරයන් බුද්ධාගම රැකීමට කියමින් කඩු පොළු ගෙන පෙරට වඩිති. එහෙත් මේ ළමයාට සිදුවූ අසාධාරණය නිවැරදි කිරීමට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. අවසානයේදී කතෝලික යන නාමකරණය යටතේ ඇති පාසලක් වන මහනුවර ත්‍රිත්ව පාසල නොවන්නට මේ දරුවා තවමත් මහපාරේය​.

    ReplyDelete
    Replies
    1. // අවසානයේදී කතෝලික යන නාමකරණය යටතේ ඇති පාසලක් වන මහනුවර ත්‍රිත්ව පාසල නොවන්නට මේ දරුවා තවමත් මහපාරේය​. //

      කතෝලික??

      Delete
    2. ඇයි සරසා ලබ්බෝ තොට හිංගල තේරෙන්නේ නැද්ද? කෝ තොපි ආවඩන බෙන්ගමුවේ ආලවකයා, ඉත්තෑ කන්දේ ඉත්තෑවා, අලගොඩ ගත්තේ ගන්දස්සාරයා?

      Delete


    3. කතෝලික සහ ලන්කා සබාවේ (පෙර දී එන්ගලන්ත සබාවේ) වෙනස ගැන නොදන්නා වසුපැට්ටෙක් කල කොමෙන්ටුවක් බව කරුනාවෙන් සලකන්න ...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. සරසා මතු කරන කාරණාව හරිය. ට්‍රිනිටි විදුහල කතෝලික විදුහලක් නොවේ. එය ඇන්ග්ලිකන් එකකි.

      Delete
  2. නියමිත හැදෑරීමකින් තොරව උපන්නාට බෞද්ධ වන බහුතරයක් නිසා සිදුවන හානියක මහත.. නිකන්ම පිරුවටයක් නොව අසත්පුරුශයින්ගේ වෙසලාගැනීමේ පිරුවටයක් වී ඇති සැටියක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නියමිත හැදෑරීමකින් තොරව උපන්නාට බෞද්ධ වන බහුතරයක් නිසා සිදුවන හානියක මහත++++

      Delete
    2. නියමිත හැදෑරීමකින් තොරව උපන්නාට බෞද්ධ වන බහුතරයක් නිසා සිදුවන හානියක මහත++++

      Delete
  3. Short and sweet accout of the bitter truth.

    ReplyDelete
  4. Leave this uneducated idiot aside. What about Akila Viraj, the Hon. Education Minister? Who is coincidentally from Kuliyapitiya. Where is his name and shame post? Yep, water always goes through the lowest point!

    ReplyDelete
    Replies
    1. Akila Virajshowed his ignorance

      Delete
    2. "Akila Virajshowed his ignorance". I too agree with your opinion. However, in my opinion Akila's ignorance is far more dangerous to the society and should be condemned more vociferously because he the nations's education minister. On the other hand, this idiot, Nimal Ranjith, is a nobody and his opinion does not matter in any sense if the principle of the school and the education officials took the correct decision. I see that you took the safe route to condemn this idiot because it is very unlikely that he may adversely respond to your naming and shaming unlike the "Hon. Akila Viraj", who is very close to the Ranil the 'polpot'. Well, as I said earlier "water always flows through the lowest point"!

      Delete
  5. Typo-should be account.

    ReplyDelete
  6. "එච්අයිවී ආසාදනය වීමෙන් දරුවාගේ පියා මියගොස් ඇති අතර..." රුපවාහිනී නාලිකාවෙන් මෙය හරියටම හොයාගෙනද?

    ReplyDelete
    Replies
    1. එකනේ මමත් කල්පනා කලේ.. පුදුම මාධ්‍ය!

      Delete
    2. හැබැයි මේ සිදුවීමේදී සමස්තයක් ලෙස මාධ්‍ය හැසිරුණු ආකාරය ගැන මා තුල නම් ඇත්තේ ප්‍රසාදයක්.ඒ දරුවාගේ අනන්යතාව පවා රැකගෙන මාධ්‍ය මේ පිළිබද වාර්තා කරනයේ යෙදීම පැසසිය යුතුයි.

      Delete
  7. අපි හැමෝම හැමදේ ගැනම විශේසඥ්ඥයො හැටියට හිතනවනෙ. ( මමත් ඇතුළුව. )

    ReplyDelete
  8. රුවන් ජයතුංග මහතා,
    මා සිද්ධියට අදාළ දෙපැත්තේම විස්තර විස්තර කියවා බැලුවා. මේ ප්‍රශ්නයේ තවත් පැත්තක් තියෙනවා නේද? සිද්ධියට අදාළ කාන්තාවගේ සහ ඇගේ මියගිය සැමියාගේ ක්‍රියා කලාපය ගැන ඒ පැත්තේ ග්‍රාමසේවා නිලධාරියා කරන විස්තරය ඔබ දුටුවාද? ග්‍රාම සේවා නිලධාරියා යනු තම බල ප්‍රදේශය තුල රජය නියෝජනය කරන නිලධාරියා බවත් ඔහු සතු අධිකාරි බලය අන් නිලධාරියෙකුට අබිබවා ලිය නොහැකි බවත් ඔබ දන්නවා ඇතැයි සිතමි. ග්‍රාම නිලධාරියා බොරු කියා ඇත්නම් අනිවාර්යයෙන්ම ඔහුට එරෙහි නීතිමය ක්‍රියා මාර්ගයක් ගත යුතුය.
    මට නම් හැඟෙන්නේ වෙතට පිත්තල අම්මණ්ඩි කෙනෙක් රටම නොමග යවා ඇති බවයි. ඉතින් ඔබත් ඔබේ සිංහල බෞද්ධ විරෝධය පෙන්නන්න මේ ලිපිය පාදක කර ගන්නවා නේද?
    එක එක්කෙනාගේ න්‍යාය පත්‍ර අනුව ගැලපු විකෘතිකල ප්‍රවුර්ති වෙනුවට සත්‍ය අපිට අහන්න දකින්න ලැබෙන්නේ කවදාද?

    සමරසේකර .

    ReplyDelete
    Replies
    1. අන්තිම වාක්‍ය හරියට ලියවිලා නැහැ. මට නම හැගෙන්නේ වෙට්ට පිත්තල අම්මණ්ඩි කෙනෙක් රටම නොමග යැව්වා කියල තමයි.
      සමරසේකර

      Delete
    2. සරමස්කර මාතියා නියම බුද්ධයා, ඒයාල ගැන තමා ලියල තීනවා.

      Delete
    3. ග්‍රාමසේවක කියන්නේ ගමේ අය ගේ මතය මිසක් අර ගැහැනියගේ පැත්තට නෙමයි. සඳරුවන් සේනාධිර ඔය ලිපිය පල කලේ අකිල විරාජ්ට විරුද්ධ්හව ආපු ෆේස්බුක් රැල්ල නිසා. ලනක්වේ හොඳ ග්රමසේකවරු ඉන්නේ අත ලොස්සයි කියල තමා මම දන්නේ. එයාල ගැන කියන කතා ඇහුවම. හැබැයි මෙතන බෞද්ධ ප්‍රශ්නයක් මොකටද කියල මට තේරෙන්නේ නැහැ. ඒක ඒ ගමේ ප්‍රශ්නයක්. බෞද්ධ කමක් එතනට අදාල නැහැ. අම්මලා තාත්තලාගේ වැරදි වලට ළමයි පලි නැහැ.

      Delete
    4. අජිත් මහතා,
      ග්‍රාම සේවා නිලධාරීන්ගේ කොන්ද බින්දේ jr ලොක්කාය. ඒ විශේෂ සේවා නිලධාරින් ලෙස අධ්‍යාපන සුදුසුකම් රසේවා නිලධාරින් ලෙස අනුයුක්ත කළා. හිතව රාජ්‍ය සේවාවට බඳවා ගත් නිලධාරින් නිසාය. මේ අය කෘෂිකර්මයත් කාල දැම්මා. ඊට පස්සේ jr ලොක්කා මේ අය ග්‍රාම සේවා නිලධාරින් ලෙස අනුයුක්ත කළා ඔවුන් පුරුදු විධියටම ග්‍රාම සේවයත් කාල දැම්මා. වාසනාවට මේ අධ්‍යාපන සුදුසුකම් රහිත නිලධාරින් වැඩිහරියක් දැන් විශ්‍රාම ගිහින්. දැන් ඉන්නේ විභාග වලින් සමත් සුදුසුකම් සහිත ග්‍රාම නිලධාරින්. මේ අයට ගම ගැන මනා අවබෝධයක් තියෙනවා. ගමේ මතය දන්නේ ග්‍රාමසේවක තමයි .

      සමරසේකර

      Delete
    5. @ Wmk Samarasekara සිද්ධියට අදාළ කාන්තාවගේ සහ ඇගේ මියගිය සැමියාගේ ක්‍රියා කලාපය ගැන ඒ පැත්තේ ග්‍රාමසේවා නිලධාරියා කරන විස්තරය ///////////ග්‍රාමසේවා නිලධාරියා කියන හැම දෙයක්ම ඇත්තද ? අනෙක ග්‍රාමසේවා නිලධාරියා කියන ලෙස මේ කන්තාව ගනිකාවක් කියමු. ඒත් ගනිකාවකගේ ළමයෙකුට වූවද මෙසේ ගමක් එකතුවී පහරදීම හරිද ?

      Delete
    6. රුවන් ජයතුංග මහතා,
      අපේ රටේ රාජ්‍ය පරිපාලන ව්හ්යුය අනුව ග්‍රාම සේවා නිලධාරියා යනු තම බල ප්‍රදේශය තුල සිටින රජය නියෝජනය කරන එකම බලධාරියාය.අධිකාරි බලය ඇත්තේ ඔහුටය.ඔහුට ඉහලින් සිටින ප්‍රාදේශීය ලේකම්ට උවත් වසමට අදාළ යම් සහතිකයක් කිරීමේදී අදාළ ග්‍රාම නිලධාරියා මගහැර එය කල නොහැක.මුලින්ම ග්‍රාම නිලධාරියාගේ වාර්තාව ගත යුතුය. ඔබ ඔහු අසත්‍ය ප්‍රකාශ කරන්නේ යයි කියන්නේ මොන පදනමින්ද? ඔහු අසත්‍ය ප්‍රකාශයක් කරන විට එය ඔහුට එරෙහි විනය වරදක් වන බව ඔබට අමතකවිද?
      පළමුව ග්‍රාම නිලධාරියා පවසා ඇති දෙය සම්පුර්ණයෙන්ම කියවා ඉන්න. ඉන් පසු අදහස් පලකරන්න.

      සමරසේකර

      Delete
    7. අජිත් මහතා,
      මගේ පිළිතුරේ පළමුවැනි වාක්‍ය වැරදියට පල වෙලා
      ග්‍රාම සේවා නිලධාරීන්ගේ කොන්ද බින්දේ jr ලොක්කාය. ඒ වගා නිලධාරින් ලෙස අධ්‍යාපන සුදුසුකම් රහිත දේශපාලන ගැත්තන් අනුයුක්ත නිසාය. මේ අය කෘෂිකර්මයත් කාල දැම්මා. ඊට පස්සේ jr ලොක්කා මේ අය විශේෂ සේවා නිලධාරීන් ලෙස ග්‍රාම සේවා නිලධාරින් ලඟට අනුයුක්ත කළා. පසුව ඔවුන් ග්‍රාම නිලධාරින් ලෙස අන්තර්ග්‍රහණය කළා. ඔවුන් පුරුදු විධියටම ග්‍රාම සේවයත් කාල දැම්මා. වාසනාවට මේ අධ්‍යාපන සුදුසුකම් රහිත නිලධාරින් වැඩිහරියක් දැන් විශ්‍රාම ගිහින්. දැන් ඉන්නේ විභාග වලින් සමත් සුදුසුකම් සහිත ග්‍රාම නිලධාරින්. මේ අයට ගම ගැන මනා අවබෝධයක් තියෙනවා. ගමේ මතය දන්නේ ග්‍රාමසේවක තමයි .

      Delete
    8. @ Wmk SamarasekaraMarch 15, 2016 at 6:49 PM ග්‍රාමසේවා නිලධාරියා කියන ලෙස මේ කන්තාව ගනිකාවක් කියමු. ඒත් ගනිකාවකගේ ළමයෙකුට වූවද මෙසේ ගමක් එකතුවී පහරදීම හරිද ?

      Delete
  9. අදාල කාන්තාවගේ සහ සැමියාගේ හැසිරීම කුමක් වුවත් .. නොදරුවෙකුට එරෙහිවිමට එය හේතුවක් වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ..

    ReplyDelete
  10. හැමෝම තලන්නේ ගෙදර තියෙන මුව හමට...

    ඌ හොඳ වැඩක් කලොත් කවදාවත් අපේ උන් කියන්නේ නැහැ, "බලපල්ලකෝ අර කුලියාපිටියේ ඉන්න සිංහල බෞද්ධ නිමල් රන්ජිත් කියන අහවල් එකා මාර හොඳ වැඩක්නේ කරලා තියෙන්නේ" කියලා...
    එතකොට ඕනෙනම් FB එකේ කවුරුහරි වැරදිලා වගේ දායි "කුලියාපිටියේ ඉන්න නිමල් රන්ජිත් කියල මහත්තයෙක් මෙන්න මේ වගේ සමාජ සත්කාරයක් කලා, ඔහුව අගයන්න මෙන්න මේක ෂෙයාර් කරමු" කියලා...
    හැබැයි ඉතින් එතකොට සිංහල බෞද්ධ අහවල් එක මිසින්...

    ඒ වගේම ඒක දකින අපේ මහත්තුරු මේ මොන හු#%$% ද, මොකක්හරි පොඩි දෙයක් කරලා ලජ්ජා නැතුව FB එකෙත් දානවා කියලා, ඒක සත පහකට ගණන් ගන්නේ නැහැ. වැරදිලා වගේ එකෙන් දෙන්නෙක් ලයික් එකක් දාල මාරු වෙයි...

    හැබැයි ඌම වැරද්දක් කලොත් මුලින්ම එළියට එන්නේ "සිංහල බහුද්ධ කම"...
    ඔන්න කනෝ පිනුම් කිව්වලු...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ මෙතන සිංහල බෞද්ධ කතාවක් අවශ්‍ය නැහැ කියල. කවුරු උනත් වැඩේ කැතයි

      Delete
    2. මෙතන සිංහල බෞද්ධ කතාවක් අවශ්‍ය නෑ කියල මටත් හිතෙනවා.

      Delete
    3. අද කාලේ තලන්න පුළුවන් ලොකුම මුව හම තමයි ‘සිංහල බෞද්ධ‘ කියන එක. ඉතිං පුළුවන් තරම් තලමු.

      Delete
    4. // හැබැයි ඌම වැරද්දක් කලොත් මුලින්ම එළියට එන්නේ "සිංහල බහුද්ධ කම"...
      ඔන්න කනෝ පිනුම් කිව්වලු.. //

      ගොඩක් වෙන්ඩපොශ් සින්හල හාදයන් ට සින්හල බෞදත්වය අරහන් ය..... ටොයියෙකු වීමේ මුල් පියවර සින්හල බෞදත්වයට කෝචොක් කිරීම බව ඔවුන් සිතති!

      මීට සින්හල බෞද්ද බයියෙකු වන
      ස ර ස තුමා

      Delete
    5. ###හැබැයි ඌම වැරද්දක් කලොත් මුලින්ම එළියට එන්නේ "සිංහල බහුද්ධ කම"...
      ඔන්න කනෝ පිනුම් කිව්වලු...###

      අැත්තටම ලොකු පුතේ මෙන්න මේ දේ තමයි සිංහලයටල බෞද්ධයට මඩ ගහන්න, ගරහන්න ලස්සනටම යොදාගන්නෙ.
      හොදක් කරාම උන් ඌ වෙනව. නරකක් කලාම ඌ උන් වෙනව. ්‍
      අනිවාරයෙන්ම මේ පුද්ගලයා සහ මේ අදහස් දරන පුද්ගලයින් හෙලාදැකිය යුතුමයි, ඒ වගේම අන්තගාමී මත දරන්නන්ද හෙලාදැකිය යුතුයි. ප්‍රශ්ණය එයට අවශ්්‍ය විදියට හසුරුවාගැනීමට අප අපොහොසත් වීමයි...

      ඇත්තටම ලොකුපුතේ මේ තමයි පිනුම් :)

      Delete
    6. අනිවාරයෙන්ම මේ පුද්ගලයා සහ මේ අදහස් දරන පුද්ගලයින් හෙලාදැකිය යුතුමයි, //// ++++

      Delete
  11. අපි පිලිගන්නේ හඳහන්කාරයන් වාලම්පූරිකාරයන් තිස්තුන්කෝටි දෙයියන් (හීනෙන්) කියනදේවල් මිස අධිරාජ්‍යවාදී බටහිර විද්‍යාවෙන් සොයාගත් අපේ අනබිබවනීය සබ්යත්වය විනාසකිරීමට කල කුමන්ත්‍රණ නොවේ.
    හෝව්... මතක නැතිවුනා..... රාවණා යලි නැගිට්ටහම ඔක්කොම කියල දෙයි

    ReplyDelete
    Replies
    1. එතකොට රෝයල් කොලීජියට ගිය අකිල විරාජ් අධ්‍යාපන ඇම්ති තුමා අයිති මොන කාන්ඩයටද?

      Delete
    2. // රෝයල් කොලීජියට ගිය //

      ??

      Delete
    3. එතුමා අයිති "හුලඟෙන් ඒඩ්ස්" කුලියාපිටි ගුරුකුලයේ "මව් ඇකයෙන් ඒඩ්ස්" කියන ප්‍රභේදයට !

      රාවණා දඬුමොනරෙන් ගිහින් අඟහරුලෝකෙ සතුරන්ට එරෙහිව දාපු ජීව අවි බෝම්බ සඳහා භාවිතා කලේ කුලියාපිටි හුලඟෙන් ඒඩ්ස්

      Delete
    4. Pra Jay

      නිකන් පලයන් බන් වැල් බයිල කෙලින්නෙ නැතුව. මාතෘකාවට අදාලව කමෙන්ට් කරන්න ඉගෙන ගනින් බහුබූත කෙහෙල්මල් නොලිය

      Delete
    5. ස්වස්ථි සිද්ධම්

      Delete
    6. පරාජෙ @
      ආ බන් රාවනා කතා දැන් කාලෙකින් ඇහුවෙ නෑ. රාවනා ජනවාරි 8 න් පස්සෙ සැඩිඋල් එක වෙනස් කරගෙනද දන්නෙ නෑ.

      Delete
    7. අපි පිලිගන්නේ හඳහන්කාරයන් වාලම්පූරිකාරයන් තිස්තුන්කෝටි දෙයියන් (හීනෙන්) කියනදේවල් මිස අධිරාජ්‍යවාදී බටහිර විද්‍යාවෙන් සොයාගත් අපේ අනබිබවනීය සබ්යත්වය විනාසකිරීමට කල කුමන්ත්‍රණ නොවේ./////////////// ++++

      Delete
  12. // පසුගාමී ග්‍රාමීය කුහක සමාජයේ //
    //බෞද්ධයෙකු ලෙස හඳුන්වයි//
    //කුලියාපිටියේ //
    //පිටිසර ගමක //
    //වෛරය //

    ඔහෝ සින්හල බ්ලොග් ලියන්නන් ඉහත සඳහන් කැටගරි වලට අයිතිය!

    // වනචාරී ම්ලේච්ඡයෝ වෙති //

    මේ ඔවුන් ගේ සැබෑ තත්වයයි... හෙලිකිරීම ගැන ඔබට ඉස්තූතියි!

    කුරුට්ටනි: ඔන්න උඹලා ගැන වාක්ය රචනාවක්!


    ReplyDelete
    Replies
    1. එතකොට රෝයල් කොලීජියට ගිය අකිල විරාජ් අධ්‍යාපන ඇම්ති තුමා අයිති මොන කාන්ඩයටද?

      Delete
    2. //එතකොට රෝයල් කොලීජියට ගිය අකිල විරාජ් අධ්‍යාපන ඇම්ති තුමා අයිති මොන කාන්ඩයටද? //

      අකිල විරාජ් තුමා ගේ පාසැල කුලියාපිටිය මද්ය මහා විද්යාලයයි!

      Delete
    3. My mistake. I thought you have to be a royalist to be in Ranil's cabinet. Well Akila may have additional qualifications.

      Delete
    4. අකිල රනිල් අගමැති කාලේ පේරාදෙණියේ සමවාදී සංගමේ ලේකම්.

      Delete
    5. // අකිල රනිල් අගමැති කාලේ පේරාදෙණියේ සමවාදී සංගමේ ලේකම්. //

      ඔහු කොලඹ විස්සවිජ්ජාලේ ආදි ශිශ්නයෙක්!

      Delete
    6. රෝයල් කොලීජියට ගිය අකිල විරාජ් අධ්‍යාපන ඇම්ති තුමා මෝඩ කතාවක් කීවේය

      Delete
  13. මේ වගේ චරිත සාසනයෙන් ඉවත් වීම හොදයි. ඒ පමණක් නොවෙයි ගුරු වෘත්තියෙන් ඉවත් කිරීමත් හොදයි. නමුත් තවමත් නිමල්ලා සාසනේ සිටින බව උදේ හවා ප්‍රවෘත්ති බලන විට පෙනී යයි.......

    ReplyDelete
    Replies
    1. නමුත් තවමත් නිමල්ලා සාසනේ සිටින බව උදේ හවා ප්‍රවෘත්ති බලන විට පෙනී යයි///// athha

      Delete
  14. මටත් හිතෙන්නේ මේ පෝස්ට් එකෙන් යම් පුද්ගලයකුගේ වරදක් පෙන්වනවාට වඩා ඕන වෙලා තියෙන්නේ සිංහල, බෞද්ධ, ම්ලෙච්ඡ කියන වචන ටික කියන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔවු දැන් එහෙම වුනොත් හැමකෙනෙකුගෙම වරදක් ගැන ඔහු නියෝජනය කරන සංස්කෘතියට දොස් නැගිය යුතුයි.එසේම හොද වැඩක් ගැනත් එසේම විය යුතුය.

      x අසවල් වැරදි වැඩය කරයි. මෙන්න x ගෙ පසුගාමී ම්ලේච්ඡ සංස්කෘතික නිරුවත.

      x අසවල් හොද වැඩය කරයි. වරෙල්ල බලපල්ල x ගෙ මේ හොද වැඩේ .මෙන්න x ගෙ සංස්කෘතික ආභාෂය නිසයි ඔහු මෙසේ යහපත් වැඩය කලේ.
      විකාරයක් නේද මෙක.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ග්‍රාමීය සමාජයේ මෙන්ම නාගරික සමාජයේද කුහකයින් බිහිවෙති. හොඳම උදාහරණය නාගරික සමාජයේ හැදී වැඩි රෝයල් කොලීජියට ගියා යැයි කියනා සාරසයි.. ඔහු ඒ කුහක බව මේ බ්ලොග් අවකාසයේ බොහෝ අයට පෙන්වා දී තිබේ.
    එමෙන්ම ග්‍රාමීය සිංහල බොදු සමාජයේ රටට දැයට වැඩ දැයි හොඳ මිනිසුන්ද බිහිවේ .. "එක මකුනයි ළමයෝ කන්නේ .. ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ ? " කියලා ජෝතිපාල සින්දුවක කිව්වේ මෙන්න මේ හේතුව නිසයි... කුලියාපිටියේ මේ කියන ගමෙත් හොඳ මිනිසුන් ඉන්නට ඇත.

    ReplyDelete
    Replies
    1. // හොඳම උදාහරණය නාගරික සමාජයේ හැදී වැඩි රෝයල් කොලීජියට ගියා යැයි කියනා සාරසයි.. ඔහු ඒ කුහක බව මේ බ්ලොග් අවකාසයේ බොහෝ අයට පෙන්වා දී තිබේ. //

      මෙන්න ඇත්ත!

      Delete
    2. // එමෙන්ම ග්‍රාමීය සිංහල බොදු සමාජයේ රටට දැයට වැඩ දැයි හොඳ මිනිසුන්ද බිහිවේ .. //

      සින්හල බොග් අවකාසෙ ඉන්න කුරුට්ටෝ සහ කලාමැදිරියා වගේ ග්‍රාමීය කස්ටිය ද මෙයා?

      Delete
  17. //කුලියාපිටියේ නිමල් රංජිත් යනු පසුගාමී ග්‍රාමීය කුහක සමාජයේ නියම මූලරූපයකි.// ඇත්ත. නමුත් ඔබ ලියා ඇති ආකාරයට මොහු සිංහල බෞද්ධවීම නිසා පමණක්ම මෙසේ හැසිරෙන බවක් ඇඟවේ. මගේ අදහස නම් එය එසේ නොවන බවයි. මම විශ්වාස කරන්නේ මිනිසුන් කුහක වෙන්නේ ජාතිය, ආගම, කුලය නිසා නොව නිසි අධ්‍යාපනයක් නොමැතිකම සහ සෘණාත්මක ආකල්ප නිසා බවයි.

    ලිපිය ලියා ඇති ආකාරය අනුව දැනටමත් ඔබ සිංහල බෞද්ධ විරෝධියෙක් ලෙස හංවඩුගැසී අවසන්. ඔබ එසේ නොවන බව විශ්වාස කරන නිසා මෙවැනි ලිපියක් ඔබෙන් ලියැවීම ගැන කණගාටුයි!

    ReplyDelete
    Replies
    1. උදය, සිංහල බෞද්ධයා කියන වචනය බෞද්ධ මූලධර්මවලට පටහැනි නැද්ද? එය ඔබට නොතේරේ නම් ඔබ බෞද්ධයකු නොවේ.

      Delete
    2. නාලන්දේ ගියත්,දොස්තර කෙනෙකු උනත්, ග්‍රාමීය ප්‍රදේශ වල වැඩ කලත් කෙනෙක් මොනර කොළ වලට යට නොවී ඉන්න බවට ඇති සහතිකය කුමක්ද? මොනර කොළ වලට යට නොවන්නා හසු කිරීමට බලවත් පැණි උගුල් තිබේ. ඊටත් වඩා බලවත් උගුල වන්නේ ආගමික උගුලයි. මේ උගුල් වලට හසුවී සිංහල කමට,බෞද්ධ කමට අපහාස කරන්නෝ අතීතයේදීද සිටියහ. වර්තමානයේදීද සිටිති. අනාගතයේදීද නොසිටි යයි කීමට පුළුවන් කමක් නැත.

      සමරසේකර

      Delete
    3. සමරසේකර මහත්තයො, මේක මොණර කොල ප්‍රශ්නයක් නෙමේ. මෙක මම මහා මානව හිත්වාදියෙක් කියල පෙන්නෙන උත්සහයක් විත්‍රයි!

      Delete
    4. ලිපිය ලියා ඇති ආකාරය අනුව දැනටමත් ඔබ සිංහල බෞද්ධ විරෝධියෙක් ලෙස හංවඩුගැසී අවසන්. ඔබ එසේ නොවන බව විශ්වාස කරන නිසා මෙවැනි ලිපියක් ඔබෙන් ලියැවීම ගැන කණගාටුයි!////////// මම ලේබල් වලට බිය නොවෙමි. මම විශ්වාස කරන සත්‍ය මම පරාවර්තනය කරමි. ඔබලාගේ නුවනේ ප්‍රමානය අත්දැකීම් වල ප්‍රමානය අනුව විවිධ ලේබල් සකසා පුද්ගලයන්ට ඇලවීමේ නිදහස තිබේ

      Delete
    5. @ AnonymousMarch 15, 2016 at 11:03 AM
      සමරසේකර මහත්තයො, මේක මොණර කොල ප්‍රශ්නයක් නෙමේ. මෙක මම මහා මානව හිත්වාදියෙක් කියල පෙන්නෙන උත්සහයක් විත්‍රයි!/////// මම මහා මානව හිත්වාදියෙකුද නොවෙමි. මමද ඔබලා මෙන් ක්ලේශයන් ගෙන් යුතු මිනිසෙකි. මම පාසලේ පරමාදර්ශී සිසුවෙකු නොවූයෙමි
      මම විවි පරමාදර්ශී සිසුවෙකු නොවූයෙමි
      මම පරමාදර්ශී වෛදවරයෙකුද නොවෙමි
      එසේම පරමාදර්ශී මිනිසෙකුද නොවේ.
      මමත් අනෙකුත් දෙනා මෙන් සිහින දකින සාමාන්‍ය මිනිසෙකි

      Delete
  18. මෙවැනි පුද්ගලයන් ජීවත්වන්නෙ සිංහල බෞද්ධ පරිසරයේ පමනක්ම නොවේ. ඕනෑම වෙනත් සංස්කෘතියක මෙවැන්නන් සිටිය හැක. එහෙත් වරදක් කල සැනින් එම පුද්ගලයාගේ නම මුලින් ජාතිය හා ආගම යෙදීම අසාධාරනය.වෙනත් ආගම් අදහන ගම්මානවල ප්‍රබුද්ධ පුද්ගලයන් ජීවත්වන්නේයැයි පූර්ව නිගමනවලට නො එලබෙන්න. ත්‍රිත්ව විද්‍යාලය තුලින් නියෝජනය වන්නේ ඩීසන්ට් ඇන්ග්ලිකන් සමාජයයි. ඔවුන්ගේ විශිෂ්ටත්වය ගැන විවාදයක් නැත.නමුත් සියලු ඇංග්ලිකන්වරු ඩීසන්ට් නැත. වෙනත් ආගම් ගැන කියවීමද මෙබදුය.

    යම් සිදුවීමක් තුලින් ප්‍රපංචවාදී නිගමනවලට නො එලබෙන්න.

    උදාහරන
    ඒකීය සංසිද්ධිය :අද මට මහමගදී x ජාතිකයෙක් උදව්වක් කලේය
    නිගමනය : සියලු x ලා යහපත්ය.

    මෙය කොතරම් බුද්ධිගෝචරද
    එසේම පහත උදාහරනද බලන්න.

    පළමු සංසිද්ධිය : කුලියාපිටියේ පාසලකින් ළමයෙක් ඒඩ්ස් ප්‍රශ්නයක් මත නෙරපා හැරුනි.

    නිගමනය: කුලියාපිටියේ සිටින සියල්ලෝම ම්ලේච්ඡයෝය.

    කුලියාපිටිය සිංහල බෞද්ධ සංස්කෘතිය නම් කුලකය තුල ඇති උපකුලකයකි.

    දෙවැනි නිගමනය : සිංහල බෞද්ධයෝ ම්ලේච්ඡය.

    අප තවත් නිගමන මේ ඔස්සේ සාදා ගනිමු.

    සිංහල බෞද්ධ සමාජය ආසියානු කුලකයේ උප කුලකයකි

    තුන්වන නිගමනය : ආසියානු සමාජය ම්ලේච්ඡය.

    ආසියාව පෘථිවියේ කොටසකි.

    සිව්වැනි නිගමනය : පෘථිවියේ සිටින්නේ ම්ලේච්ඡයෝය.

    ReplyDelete
    Replies
    1. /පෘථිවියේ සිටින්නේ ම්ලේච්ඡයෝය./

      හිත රිදෙන ඇත්ත,

      Delete
    2. ගමේ බහුතරය සහ ගමේ පන්සල මෙලේච්ඡ පැවතුම් අනුමත කළ නිසා ඔවුන් එවැන්නන් බව උපකල්පනය කල හැක .
      ප්‍රදේශයේ‍ ප්‍ර‍ධාන මහජන නියෝජිතයා මෙලේච්ඡ ප්‍ර‍කාශයක් කළ එහි මහජනයා ද එවැන්නන් බව උපකල්පනය කල හැක.

      ලෝකයේ ප්‍ර‍ධාන ජනමාධ්‍ය ඊට එරෙහි වූ නිසා ලෝකය මෙලේච්ඡත්වයෙන් මිදී ඇතැයි උපකල්පනය කල හැක.

      ..... කම්මැලියි.

      Delete
    3. මහජන නියෝජිතයා කියන සන්ද්‍යා කුමාර පුත්තලම් දිස්ත්‍රික්කයේය
      පන්සලේ හාමුදුරුවො යි මන්ත්‍රීයි යමක් කී විට ඒක පොදුවේ දිස්ත්‍රක්කයකටම ගලපන්න පුලුවන්ද
      ඒඩ්ස් ගැන ලංකාවෙ කොයි පලාතෙත් තියන ආකල්ප ඕක තමයි.
      උගත් බටහිරකරනය වුන දියුණු සමාජයෙ ඔයිට වෙනස් ආකල්ප ඇති.
      මොන්ටිසෝරි ටීච මේ ප්‍රශ්නෙ බුද්ධිමත්ව කලමනාකරනය කලා.
      වැඩේ අවුල් කලේ එතනින් එහා ඉස්කෝලෙට දානකොට .එතන ඉදන් අධ්‍යාපන බලධාරීන් තවත් අවුල් කලා.
      ගල්පොල කියන ගම ටිකක් චාටර්. කුලියපිටිය කියන්නෙ කෘෂිකාර්මික ප්‍රදේශයක්.අහිංසක ගැමියන් ඉන්නෙ.රටේ බොහෝ ප්‍රදේශවලට සාපේක්ෂ හොද අධ්‍යාපන තත්වයක් තියනව. ශිෂ්‍යත්ව සහ උසස් පෙල ප්‍රතිපල අනුව එය පේනව.


      .මේක වුනේ ගල්පොල කියන ගමේ. මීඩියාවලට ගල්පොල කියන නම මාකට් වෙන්නෙ නැති නිසා බෝ හන්දිය කියන කොටස ගත්ත. ඒ බෝ කියන අකුර නිසා. ගල්පොල ගමේ කොටසක් බෝ හන්දිය කියන්නෙ. ඒකටම හරියන ඉස්කෝලයක් ලැබුන මුවහමට තඩිබාන අයට. ඒ තමයි සම්බෝධිය. බෝ හන්දිය ගමේ සම්බෝධිය කියන ඉස්කෝලෙ .
      මේක ටිකක් ඕවර් යනව.කුලියාපිටියෙ චාටර් ප්‍රදේශයක් වන ගල්පොලත් චාටර් පවුලක්. නමුත් ඒ පවුලෙ ලමයට අධ්‍යාපන අයිතිය ලැබිය යුතුයි.ලෝක බෞද්ධ නායක නිමල් රන්ජිත් ගෙ නායකත්වයෙන් බෞද්ධ ධජ ඔසවාගෙන පිරිත් කියමින් මේ ළමයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලා කියල වගෙනෙ මේ කියන්නෙ.

      Delete
  19. මේ පසුගාමී චින්තනය, සිංහල බෞද්ධයන් තුළ පමණක් නොව, පොදුවේ අපේ සමාජයේ, බුද්ධිමත් යයි අප සිතා සිටින බොහෝ දෙනා තුළ දක්නට ලැබෙන, ඍනාත්මක ලක්ෂණයකි.

    ReplyDelete
  20. මේ සිද්ධිය කෙනෙකු බෝගහ හන්දියනම් ගමේ මිනිසුන්ගේ අවුලක් ලෙසද,
    තවකෙකු කුලියාපිටියේ ප්‍රශ්නයක් ලෙසද
    වෙනත් කෙනෙකුට සිංහල බෞද්ධ සංස්කෘතියේ ගැටලුවක් ලෙසද
    නැතහොත් ලංකාවේ මිනිසුන්ගේ අවුලක් ලෙසද
    බයියන්ගේ හැටි විදහට හෝ .....
    පුද්ගල දොෂයක් ලෙස බැලීමට පුලුවන්ය.

    තමන්ට තිබෙන දැනුම, මුලාශ්‍ර හා අත්දැකිම් අනුව එක් එක් පුද්ගලයින් තමන්ගේ විචාරයක් මෙයට ඔබා ගන්නවාය

    මම දකින්නේනනම් මෙය අප ජිවත්වන සමාජය විසින් ඇතිකර තිබෙන තත්වයක් යන්නය.
    මිනිසුන්ට අවශ්‍ය තම්නගේ ළමයින් උපරිමයෙන් ආරක්ෂා කරමින් ඔවුන්ට තනි තනිව හොදම ජිවිතයක් සකස්කර දීමය. ඔවුන්ට ඇති ගැටලුවනම් මෙම ළමයාගෙන් තමුන්ගේ ළමුන්ට AIDS බෝ වුවහොත් යන්නය. සියලු දෙනාම එලෙස බෝ වෙන්නේ නැතැයි කියුවද වැරදිලා හෝ බෝවුවහොත් කියා ඔවුන් සිතනවාය. කවුරුන් කෙලෙස කියුවද තමන්ගේ අත්දැකිමට ගෝචර වන්නේ අම්මාගෙන් ළමයාටත් ළමයාගෙන් තමාගේ ළමයාටත් මේ ලෙඩය බෝවිය හැකි බවය. (කිසිවකුට මොවුනට ඇත්තටම AIDS තියෙනවාද කියා දැනගැනීමට අවශ්‍ය නැත, එලෙස තිබේයැයි විශ්වාසයක් ඇතිවීම පමණක් ප්‍රමාණවත්ය)එලෙස සිදුවුවහොත් තමන්ගේ අනාගතයම ඉවරය. මොවුන්ට ඇති ගැටලුව තමන්ගේ දරුවා අවධානමකට ලක්වේයැයි සිතිමය. මෙලෙස තමාගේ ළමයා පිලිබදව සහ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් මැදිහත් වීමක් සිදුකිරීමට මිනිසුන් පොළඹවා තිබෙන්නේ කවුරුන්ද.....?

    තමන්ගේ ළමයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මහන්සිවන මිනිසුන්ට දවසපුරා පෙනෙන්නේ සබන්, යෝගට්, කිරිපිටි, විෂබිජ නාශක දියර වැනි විවිධ දැන්වීම්ය. හොදම වෛද්‍යවරුන්, දෙමාපියන්, නලු නිලියන්... රූපවාහිනිය ඉදිරියේ දවසට සිය දහස් වාරයක් පවසන්ගේ ඉතාකුඩා දෙයකින් ළමයා රෝගිවිය හැකි බවය. ළමයා ඔබගේ සිහිනය සෑබෑ කරන්නා ලෙසය.... එබැවින් ඔවුන් ආරක්ෂා කරන ලෙසය.

    දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය,.. පිලිබදව අනවශ්‍ය ප්‍රමාණයට මැදිහත්වීමට වට පිටාවක් සකස්කර ඇත්තේ කවුරුන්ද යන්න පිලිබදව විමසනවානම් සහ එය නිවරදිව තේරුම් ගෙන අනවශ්‍ය ප්‍රමාණයට වන මැදිහත්වීම් අවම කරමින් ඒ සදහා අවශ්‍යවන සමාජීය මැදිහත් වීම නිවරදිව වනවානම් මෙවැනි ගැටලු ඇතිවන්නේ නැතැයි මම සිතනවාය. එලෙස මැදිහත්වු විටකදී පමණක් සියල්ලන්ටම අනෙක් මිනිසුන්ගේ දරුවන්ද තමන්ගේ දරුවන් සේ දැනෙනු ඇත. එලෙස නොමැතිව මෙය සිංහල බෞද්ධ ගැටලුවක්, කුලියාපිටියේ අවුලක්, පුද්ගල දොෂයක් ලෙස තේරුම් ගැනිම වැරදියැයි මම සිතමි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook