Thursday, March 16, 2023

පුනරුත්පත්තිය සත්‍යක්ද මිත්‍යාවක් ද ?



පුනරුත්පත්තිය බොහෝ මිනිසුන් අතර ජනප්‍රිය විශ්වාසයක් වන අතර එය බොහෝ ආගම් සඳහා මූලික පදනමකි. පුනරුත්පත්තිය පිළිබඳ පොදු අදහස වන්නේ පුද්ගලයෙකු මිය ගිය විට ඔහු නැවත ඉපදෙන බවයි. මරණින් මතු ජීවිතයක් තිබේද? පුනරුත්පත්තිය පිළිබඳ සායනික සාක්‍ෂි ආත්මීය සහ තර්ක කළ හැකි ය. පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය පුරාණ මූලයන් ඇත. පුපුනරුත්පත්තිය පිළිබඳ පුරාණ ග්‍රීක දාර්ශනිකයන් ග්‍රීක දාර්ශනිකයෙකු සහ ගණිතඥයෙකු වූ පයිතගරස් ආත්මය අමරණීය බවත් ආත්මය නැවත ඉපදීම් මාලාවක් හරහා යන බවත් ඉගැන්වීය. ප්ලේටෝ ද පයිතගරස් හා සමාන අදහස් බෙදාහදා ගත්හ.


පුනරුත්පත්තිය සත්‍යක්ද මිත්‍යාවක් ද ? පහත ලින්කුවෙන් දේශනයට සවන් දෙන්න

‘REINCARNATION: Myth or a Fact?’, held on 2023 March 7th.

Pl see the link Link ;


Thursday, March 9, 2023

නෙළුම් බණ්ඩාර බොඳ වෙලා






නෙළුම් බණ්ඩාර බොඳ වෙලා  
බොනී මහත්තයා කොටු කොටු වෙලා  
ප්‍රසිද්ධ රැඟම් පාලක මණ්ඩලය කචල් වෙලා  
විනය සදාචාරය බොක්කේ හිර වෙලා  
ලංකාව “සංස්කෘතික කාන්තාරයක් වෙලා  
මිනිස්සු ගෝත්‍රික රටක සිරකරුවන් වෙලා 

Saturday, March 4, 2023

පේරාදෙනියේ හග් එක සහ යෝක් විශ්ව විද්‍යාලය




මා අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ කපල්ස් විශ්ව විද්‍යාලය තුල අතිනත අල්ලාගෙන යති , සිප ගනිති, විශ්ව විද්‍යාල තනතිල්ලේ එකට වැතිර සිටිති. විශ්ව විද්‍යාල පරිපාලනය හෝ ආරක්‍ෂක නිලධාරීන් ඒ පිලිබඳව මනස්තාප වන්නේ නැත​. ආදරයට වැට කඩුළු දමා නැත​. ඒ භෞතික අතින් මෙන්ම ආකල්පමය අතින් දියුණු සමාජයක් නිසාය​. ප්‍රාථමික ගෝත්‍රික සමාජ වල ප්‍රසිද්ධියේ හග් එකක් කිස් එකක් දීම ආනන්තරීය​ වරදකි. එහෙත් ප්‍රසිද්ධියේ මුත්‍රා කිරීම වරදක් නොවේ. නමුත් තව එකක් කිව යුතුය​. උප සංකෘතිය කියා සිසුන්ම වපුරපු සංස්කෘතික පසුගාමීත්වය ( කෙල්ලන්ට කලිසම් තහනම චීත්ත ඇඳීමට බල කිරීම / ගලහ පාරේ කොට කලිසම් තහනම​) ඔවුන්ටම පාරා වලල්ලක් විය.

{ අර නිල් පාට ශර්ට් එකක් ඇඳ යතුරක් එල්ලාගෙන කපල් එක දෙස බලාගෙන සිටින අසරණයා දෙස බලන්න​. ඔහුට බොහෝ ලිංගික ඇරියස් තිබේ. ඔහු විවහාක නම් බිරිඳ ගෙන් ඔහු ලිංගික සන්තර්පණය ලබා ගෙන නැත​. ඔහු තුල තිබෙන ලිංගික ඉර්ශ්යාව හඳුනා ගැනීමට අපහසු නැත. අප ඔහුට අනුකම්පා කල යුතුය }

Friday, March 3, 2023

විප්ලවයට සිතුවිල්ලක්




වෛද්රුවන් ජයතුංග ( වෛද්ය උපාධිය - යූක්රයීනයේ) මනෝ විද්යා උපාධි - කැනඩාවේ යෝක් විශ්ව විද්යාලයේ සහ ඇමරිකාවේ වොෂ්බන් විශ්ව විද්යාලයේ, ළමා මනෝ විද්යාව පිලිබඳ අධ්යනයන් එංගලන්තයේ බාන්ස්ලි විද්යාලයේ)" මගේ අදහස්වලට විරුද්ධ අයෙක්. මා ඔහු අජිත් පැරකුම් ජයසිංහ සමග කර ති සංවාදයකින් කොටසක් උපුටා දක්වනවා. පසු දවසක ගැන විවරණයක් සපයනවා. අප ඊනියා වාම අදහස්වලින් නොමග ගිය ආකාරය හා ඇතැමුන් ආධාර කරගෙන වෙනත් අය නොමග යවා ඇති ආකාරයත් ගැන සිතන්න මේ ඡෙදය අප යොමු කරනවා. දැන් රුසියාවත් මේ මග අත්හැරලා!

 

මා අජිත් පැරකුම් ජයසිංහවත් රුවන් ජයතුංගවත් හඳුනන්නේ නැහැමා උගතකුවත් බුද්ධිමතකුවත් නොවූ ගැරහීමට පමණක් ලක්වන මිථ්‍යා මතධාරියකු පසුගාමියකු ලෙස හැඳින්වෙන  සාමාන්‍ය පුද්ගලයෙක්.

 

"-      කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

 

මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍යනො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්ගීත රචකයන්ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණානම් ලැයිස්තුවක් කියනවා නම්රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේතමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවාඅරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන්  අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැමා අදත් කැරැලිකරුවෙක් තමයිහැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්ග මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැහේතුවමා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

මහාචාර්ය නලින් ද සිල්වා



Find Us On Facebook