මහාචාර්‍ය නලීන් ද සිල්වා නරක මිනිහෙක් නොවෙයි නමුත් ඔහු අතරමංවෙලා හිටියේ. එක කාලයක් මාක්ස්වාදය තුල ඉන් පසු සිංහල ජාතිවාදය ඇතුලේ. නලීන් ද සිල්වා නාථ දෙවි ප්‍රොජෙක්ට් එක මගින් වකුගඩු රෝගයට හේතුව ආසනික් බව පෙන්වා දුන්නා. මම හිතන්නේ ඩිලියුෂනල් ඩිස්ඕඩර් තත්වයක් තිබූ ප්‍රියන්තා සේනානායක නම් කාන්තාවක් මහාචාර්‍ය නලීන් ද සිල්වාව නොමග යැව්වා ඇය දෙවියන් සමග සන්නිවේදනය කරනවා කියලා. මේ ක්‍රමයේ පරියේෂණ පිලිබඳව මම යෝක් විශ්ව විද්‍යාලයේ මගේ ගුරුවරයෙකු වූ පරියේෂණ මනෝවිද්‍යාඥ ඇල්ස්ටයාර් මැප්ට කිව්වා. මහාචාර්‍ය මැප් මොකුත් නොකියා මගේ දෙස ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.
මහාචාර්‍ය නලීන් ද සිල්වා හමුවූ පසුගිය වසරේ මම පුනර්භවය සහ ක්වොන්ටම් තියරිය පිලිබඳ ලිපියක් ලියමින් හිටියේ. මගේ ලිපිය පිලිබඳව ඔහු අදහස් දැක්වූවා. එහිදී මහාචාර්‍ය නලීන් ද සිල්වා මට කිව්වා මෑතකදී ඔහුට ළමයෙක් හමු වුනා චතුර ලෙස නියම ඇක්සන්ට් එකකින් ඉංග්‍රීසි කතා කරන ළමයෙක් ඒත් දෙමාපියන් හෝ පවුලේ අය එතරම් ඉංග්‍රීසි දන්න අය නෙවෙයි කියලා. ඔහුගේ මතය උනේ පෙර භවයක ලමයා ඉංග්‍රීසි ජාතිකයෙක් කියලා. ඒත් මගේ අදහස උනේ සමහර ළමුන් තුල මස්තිෂ්කයේ අසාමාන්‍ය නියුරෝ කනෙක්‍ෂන් ඇති වීම , ඕටිස්ටික ස්පෙක්ට්‍රම් තත්වය. එය මා විග්‍රහ කලේ මෙසේ. { Are child Prodigies an Example of Reincarnation? Those who support the concept of reincarnation point out the phenomenon of child prodigies who exhibit intelligence or talents that could not be explained by either heredity or environment. The skeptics attribute these skills to high functional autism, abnormal brain mapping due to genetic predisposition and hyper brain with enhanced brain plasticity. They point out that some children who were subject to maladaptive alterations by purely deleterious mutations, maladapted genotypes end up with high intelligence and extraordinary skills. Several researchers have indicated specific genes that contribute to high ability. Twin studies have shown that both musical ability and mathematical achievement have a substantial genetic component.} නමුත් මගේ අදහස එතුමා පිලි ගත්තේ නෑ. නමුත් මාත් එක්ක මිත්‍රශීලීව වාද කලා
නලීන් ද සිල්වා බටහිරත් එක්ක තරහ වෙන්නේ පුද්ගලික හේතුවක් මත. ඔහුට බටහිර විශ්ව විද්‍යාලයක උසස් තනතුරක් නොලැබීම නිසා. නමුත් ඔහු කොතරම් බටහිර විශ්ව විද්‍යාල වලට සහ බටහිර විද්‍යාවට බැන්නද ඔහුගේ දරුවන්ට බටහිර දැණුම අහිමි කලේ නෑ. ඔහුගේ බෝකෝ හරාම් මතවාදය බෙදන්නේත් ඒවා වැඩියෙන්ම බදා ගන්නේත් ලංකාවේ ග්‍රාමීය පසුගාමීත්වයෙන් පෙලෙන ග්‍රමීය බොදු තරුණ තරුණියෝ.
බටහිර විශ්ව විද්‍යාල සමග ගනුදෙනු කිරීමේ කලාවක් තිබෙනවා. නලීන් එය දන්නේ නෑ. ඔහු එය අනා ගත්තා. මම මෙය කියන්නේ බටහිර විශ්ව විද්‍යාල සමග ගනුදෙනු කල අත්දැකීම් මත. යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ඇල්කොක් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (PTSD) පිලිබඳ මා තුල තිබෙන දැණුම නිසා යෝක් විශ්ව විද්‍යාලයේ ස්ථිර ලෙක්චර කෙනෙකු ලෙස මාව බඳවා ගන්න උත්සහ කලා. නමුත් එහිදී එක් මහාචාර්‍යවරයෙක් මම ශ්‍රී ලාංකිකයෙකු බවත් මගේ ප්‍රථම (වෛද්‍ය) උපාධිය තුන්වන ලෝකයේ විශ්ව විද්‍යාලයකින් ලබා ගත් එකක් බවත් එසේම මට PhD එකක් නැති බවත් කියමින් විරෝධය පළ කලා. ඔහු හිතුවේ මම උසස් අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ කියලා
එහිදී මම පෙන්වා දුන්නා මම වෛද්‍ය උපාධිය ලැබුවේ සෝවියට් දේශයෙන් බවත් ඒ කාලයේ සෝවියට් දේශය පළවන ලෝකයේ රටක් වූ බව. ඒ වන විට යෝක් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකානු විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යා උපාධි මට තිබ්බා නමුත් මට PhD නැති බව ඔහු කියූ කතාව සත්‍යක්. ඒ නිසා මම ඔස්ට්‍රියාවේ විශ්ව විද්‍යාලයක මනෝ චිකිත්සනය පිලිබඳව ආචාර්‍ය උපාධිය ඉගෙනීම ආරම්භ කලා. මම ඔවුන් සමග ගැටීමට ගියේ නෑ. අදත් මහාචාර්‍ය ඇල්කොක් යටතේ එන PTSD රෝගය ගැන විශ්ව විද්‍යාල සිසුන්ට දේශන කිරීමට මට ආරාධනා කරනවා. (පසුව මම මගේ ආචාර්‍ය උපාධිය ඉතලියානු විශ්ව විද්‍යාලයක නිම කලා ) මේ හැර දේශන සඳහා මට හාවර්ඩ් වැනි විශ්ව විද්‍යාල වලින් ආරාධනා ලැබුනා. මම වර්තමානයේ ඇමරිකානු විශ්ව විද්‍යාල කීපයක බාහිර කථිකාචාර්‍යවරයෙක්.
බටහිර විශ්ව විද්‍යාල වල සිසුන් ලංකාවේ සිසුන් වගේ සිසු සංගම් වලට බයේ මුළු ගැන්විලා ලෙක්චරලාගෙන් ප්‍රශ්න අසන්නේ නැතිව ඉන්නේ නෑ. බටහිර විශ්ව විද්‍යාල වල සිසුන් ලෙක්චරස්ලට දාන්නේ මාර ගුග්ලි. ඒ නිසා තම විශය ගැන හරි හැටි දැනගෙන සිටීම වැදගත්. නැතිනම් ඔවුන් කෙලින්ම ආචාර්‍යවරයව විවේචනය කරනවා. සිසුන් කිව්වොත් දේශක හොඳ නෑ කියලා විශ්ව විද්‍යාලය දේශකව ඉවත් කරනවා.
බටහිර විශ්ව විද්‍යාල වල වර්ගවාදී හේතු මත අප වගේ දුඹුරු හම් කාරයන්ට ඉහලට එන්න දෙන්නේ නෑ කියන කතාව මම එතරම් විශ්වාස කරන්නේ නෑ. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ඉන්න මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර / ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍ර මෙන්ම කැනේඩියානු විශ්ව විද්‍යාලයක ඉහලම තනතුරක් දරන මගේ පාසල් මිත්‍ර මහාචාර්‍ය ජනක රුවන්පුර යන අය දිහා බලන විට මේ වර්ගවාදී කතාව ප්‍රතික්ශේප වෙනවා. නමුත් පොඩි පොඩි සීන් ඇති. එය මා නෑ කියන්නේ නෑ
ඔබ යම් විශයක් ගැන ප්‍රාමාණිකයෙක්ද (expert) එම විශය ගැන ගැඹුරින් පොත පත / පරියේෂණ පත්‍රිකා ලියා තිබේද ඔබව කපා දැමිය නොහැක. එහෙත් නලීන් වගේ අගු පිල්වල බටහිර විශ්ව විද්‍යාල වලට බටහිර විද්‍යාවට බැණ බැණ ගැලරියට ගහලා නම් වැඩක් නෑ. ඒක පාළු ගෙයි වලං බිඳීමක් නලින්ද සිල්වා ග්‍රාමීය පසුගාමීත්වය , බටහිර විරෝධය , බටහිර විද්‍යා විරෝධය ප්‍රචලිත කලා. නලීන් ගේ මෝඩ අනුගාමිකයෝ මේක බොක්කටම ගත්තා. කොටින්ම කියනව නම් කොලඹ විශ්ව විද්‍යාලයේ කොකා කෝලා විකුනන එකත් තහනම් කලා. උපරිම මෝඩ අනුගාමිකයෝ ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව වගේ විශයන් ඉගන ගන්න එකත් අත් හැරියා. මේ පිලිබඳ මහාචාර්‍ය අලවත්තාගොඩ ප්‍රේමදාස චේතිය ජාතිය යන නමින් පොතකුත් ලිව්වා. නලින්ද සිල්වා අනුගාමිකයන්ට ටොපිය දුන්නට ලමයි යූ.එස් යැව්වා. ඔවුන්ට බටහිර විද්‍යා අධ්‍යාපනය දුන්නා. බයි පාස් එකකුත් කර ගත්තා. නලින්ද සිල්වා ගේ මුණපුරාට හරියට සිංහලත් බෑ. අන්තිමේදී මෝඩ අනුගාමිකයෝ අතරමං. ඔහුගේ මෝඩ අනුගාමිකයෝ මේ පිලිබඳ බුද්ධිමත් වාදයකට පවා ඒමට නොහැකි තත්වයක ඉන්නේ ඔවුන් එක්කෝ අවලාද කියනවා නැතිනම් කුනුහර්ප කියනවා. පොයින්ට් එකට තර්ක කරන්න ඔවුන්ට බෑ. ඉහල මධ්‍යම පාන්තික බෞද්ධයන් වූ ගුණදාස අමරසේකර , නලීන් සිල්වා ලංකා සමාජයට බෙදුවේ සංකෘතික පසුගාමීත්වය. ඒ පිලිබඳව මට නලීන් ගැන විවේචනයක් තියනවා.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments