අත්තම්මා විසින් මා කුඩා කාලයේදී බුදුන් මහියංගනයේදී යකුන් දමනය කොට ඔවුන්ව සක්වල ගලෙන් එහාට එලවා දැම්මා යයි කී අයුරු මතකය. සක්වල ගල යනු කුමක් ද කියා නොදත් මා සිතුවේ සක්වල ගල යනු විශාල ගල් දොරක් බවත් එම ගල් දොර කඩාගෙන යකුන්ට යලි ඒමට නොහැකි වූ බවත් ය. අවිහිංසාව ප්‍රගුණ කල බුදුන් විසින් මහියංගනයේ දී යකුන් දමනය කොට ඔවුන්ව ගිරි දිවයිනට පලවා හැරියේද ? පසු කාලයක මෙම මහියංගනයේදී යකුන් දමනය කිරීමේ කතාව මට ගෙන ආවේ කුකුසකි.
ධර්ම පුස්ථක වල බුදුන් විසින් මහියංගනයේ දී යකුන් දමනය කල අයුරු සඳහන් වන්නේ මෙසේය .......බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළේ දුරුතු පුර පසළොස්වක දිනයේ දීය. අප රටට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එදින සවස් භාගයෙහි මහවැලි ගංතෙර පිහිටියා වූ මහානාග වනයෙහි රැස්ව සිටි යක්‍ෂ සමාගම මධ්‍යයෙහි අහස් කුස වැඩසිට පෙළහර පා අන්ධකාරයක් මවා ඔවුන් දමනය කරන ලද ස්ථානයෙහි මහියංගනයේ දැනට ඇති ස්තූපය ගොඩනගන ලදී. (මහාවංසය ආදි ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වන අන්දමට බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නව වන මසහිදී දුරුතු පුර පසළොස්වක පෝ දින, එකල මහා නාග භවන නම් වූ මහියංගන භූමියෙහි යකුන් ගේ සමාගමයට වැඩ යමා මහ පෙළහර කොට යකුන් මැඩ පවත්වා ගිරි දිවයිනට යැවූ සේක.)
මාගේ අදහස අනුව මෙය බුදුන් ඈඳා සමාජ ගත කල මිථ්‍යා කතාවකි. එසේම මහා ජන ඝාතනයක් සාධාරණීකරනය කිරීම සඳහා බුදුන්වත් පටලවාගෙන ගෙතූ කතාවකි. ආර්‍යන් විසින් විසින් ආදී වාසී ජනයා (යක්‍ෂ ගෝත්‍රික) ඝාතනය කරනු ලැබීය. ඔවුන්ව නිජ බිම් වලින් පලවා හරිනු ලැබීය. මෙය ජෙනසයිඩ් එකකි. මෙවැනි මහා ජන ඝාතන ඕස්ට්‍රේලියාවේදී , උතුරු ඇමරිකාවේදී සිදු වූ බව අප දනිමු. සුමන සමන් දෙව් රජ යනු ආර්‍යන් ගේ ප්‍රභූ වරයෙකු හෝ යුද නායකයෙකු විය හැක. ඔවුන් විසින් සිදු කල මහා ආක්‍රමණය සහ ජන ඝාතනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා බුදුන් වත් මේ කතාවට ඈඳා බුදුන් විසින් යකුන් දමණය කල බවට කතාවක් ගොතන ලදි.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments