Friday, May 30, 2025

ලංකාවේ යුදෙව් ජනාවාස




ලංකාවේ යුදෙව් ජනාවාස පිළිබඳ පළමු ලිඛිත වාර්තාව 9 වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි. අරාබි භූගෝල විද්‍යාඥ සහ ගවේෂක අල්-ඉද්‍රිසි, අබු සයිද්ගේ ලංකාවේ යුදෙව්වන් පිළිබඳ වාර්තාවට (12 වන සියවස) අනුව සෙරන්ඩිබ් රජුගේ (ශ්‍රී ලංකාව සඳහා පැරණි පර්සියානු නම) රජයේ කවුන්සිලයේ යුදෙව්වන් හතර දෙනෙකු සිටි බව ලියා තිබේ. ලාංකික රජු IV වන කාශ්‍යප රජු බව සිතිය හැක. පෘතුගීසි ආක්‍රමණිකයන් ගේ පීඩා නිසා බොහෝ යුදෙව්වන් 16 වන සියවසේදී ලංකාව හැර ගොස් කොචින් යුදෙව්වන් සමඟ එක් වූ ඇත​.

ලංකා විශ්ව විද්‍යාලයේ නූතන යුරෝපීය භාෂා පිළිබඳ පළමු මහාචාර්‍යවරයා වූයේ ලන්ඩනයේ සිට පැමිණි ඔස්ට්‍රියානු යුදෙව් සරණාගතයෙකු වන ආචාර්‍ය වැලි රීච් ය. මාරි මියුසියස් හිගින්ස් ජර්මානු යුදෙව් අධ්‍යාපනඥවරියක් වූ අතර කොළඹ මියුසියස් විද්‍යාලය 1891 වසරේ, බාලිකාවන් 12 දෙනෙකුගෙන් බෞද්ධ පාසලක් ආරම්භ කළාය. කොල්පිටියේ ස්ටුවර්ට් පෙදෙසේ (සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ඉදිරිපිට) යුදෙව් සිනගෝගයක් 'රොටුන්ඩා' පවා තිබූ අතර එය බ්‍රිතාන්‍ය හමුදාවේ යුදෙව් හමුදා නිලධාරීන් විසින් භාවිතා කරන ලදී. 1948 දී ලංකාව නිදහස ලැබීමෙන් පසු සහ ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමෙන් පසුව, ලංකාවේ ජීවත් වූ බොහෝ යුදෙව්වන් රට හැර යන ලදි.

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවධියේදී, එවකට ශ්‍රී ලංකාවේ අගවිනිසුරු සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් දිවයිනේ යුදෙව් ජනාවාසයක් පිහිටුවීමට යෝජනා කරන ලදි. ඊශ්‍රායල රාජ්‍යය බ්‍රිතාන්‍ය විසින් මුලින්ම ස්ථාපිත කිරීමට යන ලද්දේ ලංකාවේ උතුරු මැද පලාතේ බවත් ඊට විරුද්ධව හේමපාල මුණිදාස විසින් උද්ඝෝෂණය කල බවත් කියවේ. දෙවන ලෝක යුද සමයේ යුදෙව් අනාතයන් කුරුණෑගල ප්‍රදේශයේ දුටු බව මාගේ වියපත් ඥාතිවරියක් වරක් මා සමග කීවාය​. ඇතැම් විට පලස්තීනයට යාමේදී යුදෙව් අනාතයන් ලංකාව හරහා යන්නට ඇත. යම් ලෙසකින් ඊශ්‍රායල රාජ්‍යය ලංකාවේ උතුරු මැද පලාතේ ඇති කලේ නම් ලංකාවේ මෑත ඉතිහාසය සහමුලින්ම වෙනස් වීමට ඉඩ තිබුණි. එසේ වී නම් ලංකාව අතිශයින්ම දියුණු රාජ්‍යක් වෙයිද නැත හොත් ගාසා තීරයක් වෙයිද?

( In the early stage of British rule, then Chief Justice of Sri Lanka Sir Alexander Johnston proposed the establishment of a Jewish settlement on the island, an idea that was not taken up by the colonial office in London. Both Israel and Sri Lanka became independent states in 1948.) Read https://besacenter.org/israel-sri-lanka-relationship/?fbclid=IwY2xjawEu1PRleHRuA2FlbQIxMAABHVkP3GXlajbP1T9kAolA0e56m-CiR9DoS7XT4HubDRZQz3cceh4QtQ4qZg_aem_mPhqfWnRvENMBMkYXVt3Ig



Saturday, May 10, 2025

Depression in Children

 



Dr. Ruwan M. Jayatunge M.D. PhD

Depression is a mood disorder that can affect adults as well as children. In general terms, depression is an overwhelming feeling of hopelessness, sadness, and lack of self-worth. It is more than a sad feeling. Depression is common among adults. Unlike adults, childhood depression is difficult to distinguish. They often express their feelings through behavior. Depression affects a child's overall energy, mood, expressions of emotion, and behavior.


According to the British experts, at least two percent of children under 12 struggle with significant depression, and by teenage years this has risen to five percent. Following the geopolitical and economic conditions in Sri Lanka a significant number of children are affected by childhood depression. Most of these cases are undiagnosed and not receiving adequate treatment.

Depressed children have prolonged anhedonia (the inability to experience pleasure), hopelessness, and failure to experience an increase in mood in response to positive events and sometimes have inattentive features similar to Attention Deficit Hyperactivity Disorder or aggressive behavior similar to Conduct Disorder. The affected children are mostly alienated and they often have learning difficulties due to difficulty in concentrating and impaired memory.
 

Reasons for Depression in Children
  • Genetic factor: the family history of depression
  • Adverse life events (maternal or paternal deprivation, death of a close family member)
  • Childhood trauma (child abuse, witnessing traumatic events)
  • Excessive social demands (exam stress, academic failure)
  • Physical illnesses (depressive episodes in post-viral fever, thyroid hormonal imbalance)

 Symptoms and Behaviors Associated with Depression in Children

  • Crying, feeling sad, helpless, or hopeless
  • Feeling discouraged or worthless
  • Loss of interest or pleasure in others or most activities
  • Fatigue and loss of energy nearly every day
  • Bad temper, irritable, easily annoyed
  • Fearful, tense, anxious
  • Repeated rejection by other children
  • Drop in school performance
  • Inability to sit still, fidgeting, or pacing
  • Repeated emotional outbursts, shouting, or complaining
  • Doesn't talk to other children
  • Repeated physical complaints without medical cause (headaches, stomachaches, aching arms or legs)
  • Significant increase or decrease in appetite
  • Change in sleep habits
  • Suicidal thoughts, feelings, or self-harming behavior in children
 
As a result of childhood depression, serious and critical symptoms such as suicidal ideation and deliberate self-harm can be seen among the affected children. According to the International Journal of Adolescent Medicine and Health (2008), the summarized report findings from 13 nations indicate that there may be a link between bullying and suicidal ideation in children and adolescents. Depressed children have a risk of committing suicide. 


Risk Factors for Development of Childhood Depression

There are a number of risk factors associated with childhood depression.

Personality traits—characteristics that influence reactivity to stress—play a major role in the development of depression. Children who lack social skills, problem solving skills are often shattered by life stress and easily go into depression. Lack of family cohesion, expressiveness, and organization too negatively affect the child's overall mental health. Parental life philosophy, too, plays a major role. Negative views of self, the world, and one's future; devaluation of the child's abilities; and excessive criticism can lead to depressive feelings in a child. Repeated physical, emotional, or verbal abuse at home or school could be a vital risk factor.
  

Treatments for Childhood Depression

Medication and psychotherapy are foremost treatment modes in depression. Many physicians use SSRIs (selective serotonin reuptake inhibitors) to treat childhood depression. Frequently medication is combined with psychotherapy. A variety of psychotherapeutic techniques have been shown to be effective in childhood depression. CBT, or cognitive behavior therapy, helps to correct negative thought patterns and erroneous negative assumptions. CBT encourages the child to use positive coping behaviors.

Social skills training is important in childhood depression since the affected children lack social skills. The children are thought initiating conversations, responding to others, and transforming into a positive communication style. Some therapists use   Interpersonal Therapy which is focused on relationships, social adjustment, and mastery of social roles.

 The recent research in the USA and Europe indicates that EMDR (Eye Movement Desensitization and Reprocessing) is effective in treating childhood depression. EMDR (Eye Movement Desensitization and Reprocessing) is a much easier and less painful process than traditional therapy for resolving depression and trauma. EMDR is an information processing psychotherapy that was developed to resolve symptoms resulting from disturbing and unresolved life experiences. It uses a structured approach to address past, present, and future aspects of disturbing memories.

 

Friday, May 9, 2025

1996 මුලතිව් ප්‍රහාරයේ අප්‍රකට වීරයා -සාජන් බාල මහත්තයා

 



 

1996 ජූලි මස 18 වනදා පාන්දර මුලතිව් කඳවුරට  දැවන්ත එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් එල්ල වෙනවා ත්‍රස්තවාදීන් 5000 ආසන්න පිරිසක් කඳවුරට පහර දෙනවා.  දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී   නිලධාරීන් 44 ක් සහ සෙබළුන් 1125 ක් මිය යනවා. මුලතිව් කඳවුර විශාල අවි ආයුධ ප්‍රමාණයක් ද සහිතව එල්.ටී.ටී.ඊය විසින් යටත් කර ගනු ලබනවා.  ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණියි. කඳවුරේ අණදෙන්නට ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාම නිවාඩු ගිහින් , නිසි නායකත්වයක් සෙබළුන්ට ලැබුනේ නෑ. ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කලේ  විසිරී ගිය කුඩා කණ්ඩායම්.  ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ දී මුළු කඳවුරු සංකීර්ණයටම ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිටියේ මේජර්වරුන් දෙදෙනකු හා කපිතාන්වරයකු පමණයි. 

මෙම ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී තනිවම එල්.එම් ජී අවියක් අතින් ගෙන සාජන් බාල මහත්තයා ත්‍රස්තයන් සමග නිර්භයව සටන් වදිනවා. ඔහු බොහෝ වේලාවක් ත්‍රස්තවාදීන්ට ඉදිරියට ඒමට ඉඩ දුන්නේ නෑ. නමුත් අවසානයේදී උණ්ඩ අවසන් වීම නිසා සාජන් බාල මහත්තයාව ත්‍රස්තවාදීන් විසින් මරා දමනවා. මුලතිව් භූමියේ ඔහු මරු වැළඳ ගත්තේ වීරයෙකු ලෙස​. සාජන් බාල මහත්තයා ගේ පින්තූරයක් පවා සොයා ගන්නට නෑ. ඔහු අයත් වෙන්නේ ඊලාම් යුද්ධයේ අමතක වී ගිය වීරයන් ගොන්නට. 




Thursday, May 8, 2025

නැපෝලියන් ගේ වැටීම




1970 නිර්මාණය කරන ලද Waterloo චිත්‍රපටය බැලුවා . මෙය බ්‍රිතාන්‍ය නළුවන් සමග සර්ගෙයි බණ්ඩරචුක් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද චිත්‍රපටයක්.  වෝටලූ යුද්දයේදී නැපෝලියන් මිස්ටේක් කීපයක් කරනවා. යුධ භූමිය මැද තියන බ්රිතාන්ය ජර්මානු හමුදා සිටි ෆාම් හවුස් එක අල්ලා ගන්න ප්රමාද වීම. මේ ෆාම් හවුස් එකේ බ්රිතාන්ය ජර්මානු සොල්දාදුවන් 450 පමණ ඉන්නවා. සොල්දාදුවන් 3000 පමණ දාලා එකවර ප්රහාරයක් දීලා මේක අල්ලන්න තිබුණා. නැත්නම් දර විසි කරලා ෆාම් හවුස් එක ගිනි තියන්න තිබුණා.

දෙවනි එක නැපෝලියන් ගේ 12, 000 අසරු හමුදාව එනකොට බ්රිතාන්ය හමුදා කොටු කොටු ෆෝමේෂන් එකට ගිහින් බයිනෙත්තු දිගු කරගෙන ඉන්නවා අස්සයන් ආපසු හැරෙනවා. ඒ කොටු අස්සේ ඉන්න බ්රිතාන්ය සොල්දාදුවන් අසරු හමුදාවට වෙඩි තියනවා. නැපෝලියන්ට කරන්න තිබ්බේ හැම අසරුවාටම දිග පොල්ලක ගැට ගැසූ පන්දම බැගින් දෙන්න. බ්රිතාන්ය හමුදා කොටු කොටු ෆෝමේෂන් එකට ආපු ගමන් අර දිග පන්දම් කොටු වලට විසි කරන එක. එතකොට කොටු කොටු ෆෝමේෂන් එකේ හිටපු සොල්දාදුවෝ ගින්නෙන් බේරෙන්න දුවනවා. එතකොට ප්රන්ස අසරුවන්ට ඔවුන්ව කඩුගා ගාන්න පුලුවන්.

අන්තිමේදී   පැරදිලා දුවන ප්‍රන්ස හමුදාව පසුපස බ්‍රිතාන්‍ය හමුදාව ලුහුබැඳගෙන එනවා එවිට නැපෝලියන් ඔවුන් දෙසට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මෙන්ම තමන් ගේ ප්‍රන්ස සොල්දාදුවන් පවා මේ ප්‍රහාර නිසා මිය යනව. අන්තිමේදී නැපෝලියන් යුද භූමියෙන් පලා යනවා  

මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු පසුතැවිලි දෙකක් ආවා එකක් නම් බෙල්ජියමට ගිය අවස්ථාවේදී වෝටලූ භූමිය නැරඹිමට අතපසු වීම සහ පැරීසියට ගිය අවස්ථාවේදී නැපෝලියන් ගේ ටූම්බ් එක බැලීමට නොහැකි වීම.

සෙන්ට් හෙලේනා දූපතේ අවසාන කාලය ගත කරද්දී නැපෝලියන් පශ්චාත් යුද විශාදයෙන් (Post Combat Depression ) පෙලුනා. ඉංග්‍රීසීන් නැපෝලියන්ට ආසනික් දුන්නා. (ශ්‍රී වික්‍රම රාජසිංහට ඉංග්‍රීසීන් විසින් ආසනික් කුඩා මාත්‍රා වරින් වර හොරෙන් දුන්නා. එය කලේ ඔහුගේ මරණය ඉක්මන් කිරීමටයි. ඉංග්‍රීසීන් විසින් පිටුවහලේ සිටි සිංහල සිරකරුවන්ටද ආසනික් දුන්නා. ඔවුන් මිය යාමට ප්‍රථම උදරයේ අමාරු , දෙපා ඉදිමීම තිබුනා. ශ්‍රී වික්‍රම රාජසිංහ අවසන් කාලයේ උදරයේ අමාරු , දෙපා ඉදිමීම ආදී ලක්‍ෂණ වලින් පෙලුනා. ) ඉංග්‍රීසීන් නැපෝලියන්ටත් කලේ මෙයයි. ඔහුත් අවසන් කාලයේ උදරයේ අමාරු , දෙපා ඉදිමීම ආදී ලක්‍ෂණ වලින් පෙලී මිය ගියා. පසු කාලයක ඔහුගේ කෙස් වල ආසනික් සොයාගත්තා. ඉංග්‍රීසීන් දේශපාලන සිරකරුවන් ගෙන් නිදහස් උනේ ආසනික් මගින්.



Wednesday, May 7, 2025

ඔහු අලයෙක් ඒත් ඔහුට ජීවත් වෙන්න අයිතියක් තියනවා

 




පහත දැක් වෙන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුවියන් අමානුෂික ලෙස නවක වදයට ලක් කල බවට චෝදනා ලබා සිටින කාන්තාවක් විසින් ලියන ලද සටහනක්. ඒක මට මිතුරෙක් දැන් ඉන්බොක්ස් කලා. ඒ සටහන කියවන කොට මේ වධකයන් වධකාවියන් ගේ මානසිකත්වය අන්‍යන්ට වද දීමට තිබෙන සේඩිස්ටික් මෙන්ටැලිටි එක පෙනී යනවා. 

මෙහි අලයන් සහ රැග් අනුගත ලෙස පිරිස දෙකොටසකට බෙදනවා , උන් සහ අපි.  Us vs Them නට්සීන් පවා කලේ මේක. උන් සහ අපි. කොටින්ම අල යනු.... අත්හරින ලද බව මේ සටහනේ කියනවා. 

රැග් කරන ස්පෙක්ට්‍රම් එකේ මුල ; මේසය උඩට නංවා කවියක් කීමේ සිට  ස්පෙක්ට්‍රම් එකේ  අග ; වින්ඳිතයව මරා දැමීම අතර දෝලනය වන මානසිකත්වය මේ සටහනේ තේරුම් යනවා. අලයන්ට කැන්ටීන් යන්න , පුස්තකාලයට යන්න වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ. විශේෂයෙන්ම සරත්චඳ්‍ර  වලේ නාට්‍ය බලන එක, නාට්‍ය වල රඟපාන අයිතිය නෑ කියනවා. මේ තහනම දාන්නේ කවුද , මොන විධායක බලයක් අරගෙනද ? . සිවිල් පුරවැසියනි මේවා ප්‍රශ්න කරපල්ලා.  

කෙසේ වෙතත් අදාල කාන්තාවට එදිරිව රැග් විරෝධී පිරිසක්  අධ්‍යාපන අමාත්‍යංශයට පෙත්සමක් දෙන්න යන බව කියනවා. නමුත්  අතීත වැරදි නිසා රැකියාවට කෙල වන එක මම අනුමත කරන්නේ නෑ. නමුත් එක දෙයක් ඉල්ලා සිටිනවා. රට හදන්න පෙර මේවගේ ටොක්සික් අදහස් තමන් උගන්වන  ලමයින් ගේ ඔළු වලට දාන්න එපා කියලා වැඳලා ඉල්ලනවා.  

අදාල කාන්තාව විසින් ලියූ සටහන  කියවන්න 

......... අලයන්ව කවුරුත් ගණන් ගන් නෑ. පොර ටෝක් දීපු හෝ නොදීපු, ස්වාධීනව කැම්පස් එක තුළ ඉන්න පුළුවන්, වෙනම සමාජ පැලැන්තියක්, උසස්ය කියලා ඔළුවට ගත්තු අය..... මේ හැමෝටම පුළුවනි අල වෙන්න. කිසි තහංචියක් නෑ. අලයන්ට වෙනම කැන්ටින් එකක් තිබුණා කන කැම බිම වලට සාමාන්‍ය ගානට වඩා වැඩිපුර මුදලක් අය කරන. ඉඳගෙන ඉන්න සෙනට් එක යට බිම තිබුණා. කාටහරි අල වෙන්න ඕනනම් එතැනට යන්න පුළුවනි. හැබැයි අලයන්ට වාත වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ. විශේෂයෙන්ම සරච්චන්ද්‍ර වලේ නාට්‍ය බලන එක, නාට්‍ය වල රඟපාන අයිතිය, පොළොන්නරුවේ, ගෙම්බා එකේ, වූස් එකේ, වුස් වලේ, සිංහයා ගාව ඉඳන් ඉන්න පුළුවන් වුණේ වාත වුණ අයට. ඒ වගේම කියන්න ඕන වෙන දෙයක් නිසා නෙවෙයි, වැඩියක්ම හොස්ටල් වල අලයො හිටියෙ නැති නිසා... මොකද එයාලා හොස්ටල් වලට අකමැති නිසා, එයාලට රෑ පුරා කැම්පස් එකේ තියන සංස්කෘතික සංදර්ශන, උත්සව, නාට්‍ය, වීදි, සන්නි, කෝළම්, ශාන්තිකර්ම, සංගිත ප්‍රසංග, ෆිල්ම් ෆෙස්ටිවල්..... මේ හැමදේම මගහැරෙන්න හේතුව වුණේ ඒක.

කොටින්ම අල යනු.... අත්හරින ලද

Read the full article 

නවකවදය, සරසවිය හා සරසවි කුමරිය හා බැඳි මිහිරි මතකයේ මගේ අත්දැකිම - 2  Link ; https://sanskaravinivida.blogspot.com/2014/02/2.html?m=1&fbclid=IwY2xjawKHrKZleHRuA2FlbQIxMQABHv9r_GIF2-itf4UGyvr7If2ojU5Zs9U-SBIEm6G8tm07ihWul0r7haOJrFpu_aem_1J0gC00lv84cLqX6Zvm9Qg

Tuesday, May 6, 2025

චරිත් අපට සමාවෙයං

 





චරිත් අපට සමාවෙයං
උඹව වෘකයන් ගෙන් බේරා ගන්න බැරි වීම ගැන
උඹ අපෙන් වෙන් වී යනවා අද පාළු කනත්තට
පොලිසිය උසාවිය නීතිය උඹ ගැන කොල පුරවයි ඕසෙට
විශ්ව විද්‍යාල බලධාරීන් සුපුරුදු ලෙස සඟවයි උඹේ මරණයේ සාක්‍ෂි
තව සති දෙකකින් අමතක වෙයි උඹ ගැන මතකය​ සැමටම
ලෝකය යලිත් පටන් ගනියි කැරකෙන්නට
නැවතත් ඇරඹෙයි උප සංස්කෘති අනුගතවීම්
යලිත් වරක් වෘකයෝ ගොදුරු කර ගනියි උඹ වගේ තවත් හා පැටියෙක්
ඉන් පසු අපි යලිත් වරක් එක්වීලා ලියමු ශෝක ගීත

 

Sunday, May 4, 2025

ලස්කිරිඤ රණශූර සමරකෝන් මුදලි





පෘතුගීසි සමයේ සිටි සිංහල රණශූරයෙකු වන දොන් ඩයස් අබේසුන්දර සමරකෝන්  මුදියන්සේ හෙවත් සමරකෝන් රාල (සමරකෝන් මුදලි)  පිලිබඳව තොරතුරු ඉතිහාසයේ අන්ධකාරයෙන් වැසී තිබෙනවා. ඔහු උපත ලබන්නේ කෝට්ට රාජධානියේ ප්‍රභූ පවුලක​.  ඔහු හක්මනෙහි අබේසුන්දරේ සමරකෝන් මුදලියන්සේ නම් ගොවිගම පවුලකට අයත් කෙනෙක්.  

සමරකෝන් මුදලි   පෘතුගීසීන් ගේ පාර්ශවය ගෙන සිංහල රාජ්‍යත්වයට එදිරිව සටන් කරපු කෙනෙක්. දක්‍ෂ සොල්දාදුවෙක්, බය නෑ. ඔහුට පෘතුගීසීන් පවා ගරු කලා.  පෘතුගීසීන් ගෙන් ඔහුට ඔහුට ඩයස් සහ ෆර්නැන්ඩස් යන පදවි නාම ලැබුණා. ඔහු පෘතුගීසි  පාක්‍ෂිකයෙක් වී ආගමත් වෙනස් කර ගන්නවා. සමරකෝන් රාලට මායාදුන්නේ රජ විසින් උසස් තනතුරක් පිරිනමන ලද නමුත් එය ප්‍රතික්‍ෂේප කර ඔහුගේ හිටපු රජු වූ දොන් ජුවාන් ධර්මපාල රජුගේ අණ පරිදි පෘතුගීසීන්ට පක්‍ෂපාතීව සිටියා. 

යුද්ධයේ දක්‍ෂ සමරකෝන් මුදලි නිසා සිංහල රජවරුන්ට පෘතුගීසින් පරාජය කිරීම අසීරුවක් වෙනවා. ඔහු වරක් අසවේදෝ ගේ ජීවිතය අණතුරට වැටුණු විට ඔහුව බේරා ගන්නවා. සමරකෝන් මුදලි ගේ යුද නිපුනතාවය නිසා අසවේදෝ  සමරකෝන් මුදලිව තම කරේ තබාගෙන නටනවා.  ඔහු කපිතාන් ධූරයට උසස්වීම් ලබනවා. වරක් උඩුනුවරට පහර දීමට විශාල හමුදාවක් සමඟ පැමිණි ඩොමින්ගෝ  කොරයා  නොහොත්  එදිරිල්ලේ බණ්ඩාර පරාජය කර  ඔහුව අල්ල ගන්නත් සමරකෝන් රාල උපකාර උනා.  

රාජසිංහයන්ට පෘතුගීසීන් පරාජය කරන්න අපහසු උන එක හේතුවක් සමරකෝන්  මුදලි වගේ රණශූරයන් පෘතුගීසීන් ගේ පාර්ශවය ගෙන සටන් කිරීම​. ගාල්ල බලකොටුව ඉදි කිරීමේදීත් සමරකෝන් මුදලි පෘතුගීසින්ට උපකාර කරනවා. ඔහුව  පෘතුගීසීන් විසින් ලංකාවේ ඉදිකරන ලද උඩුවර බලකොටුවේ කපිතාන් ලෙස පත් කරන ලැබුවා. 

වරක් සමරකෝන් රාල සහ වෙනත් ලස්කිරිඤ සිංහල මුදලි කෙනෙක් අතර ආරෝවක් තිබ්බා. මේ මුදලි සමරකෝන් රාල ගේ පියාගේ නිවසේ දොරේ අසූචි ගාලා තිබ්බා. සමරකෝන් රාල මේ අවමානය කරපු මුදලියාගේ ලේ වලින් දොර සෝදන බව කිව්වා. ඔහු ඒ වගේ ඇග්‍රෙසිව් චරිතයක්.  

අවසාන කාලයේදී ඔහු ගෝවට යනවා. ආසියාවේ නයිට්හවුඩ් ඔෆ් ද ඕඩර් ඔෆ් ද ක්‍රයිස්ට් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු පුද්ගලයා සමරකෝන් මුදලි.  ඔහුට පෘතුගීසි රජු ගෙන් විශ්‍රාම වැටුපකුත් හිමි වෙනවා. ​රාජසිංහයන් යටතේ  උඩුගංඇල්ලේ වික්‍රමසිංහ සේනාධිපති මුදලි, කොනප්පු බණ්ඩාරයන් ගේ පියා ඇතුලු  ප්‍රධාන  මුදලිවරු 40ක්  හිටියා. සිංහල රජවරු යටතේ සිටි මුදලිවරුන් බොහෝ දෙනෙක් හිස් ගැසුම් කෑවා. ඔවුන් ගේ සේවාවන් අවතක්සේරු උනා. එය අපේ සිංහල රජ වරුන් ගේ අඩුපාඩුවක්.   ඒ අතින් පෘතුගීසීන් ඔවුන්ට උපකාර කල සිංහල මුදලිවරුන්ව බලා ගත්තා. 

සමරකෝන් මුදලි වීරයෙක් ද ? ද්‍රෝහියෙක්ද කියන එකට වඩා මේ චරිතය පිලිබඳව ගවේශනය කල යුතුයි. 



Friday, May 2, 2025

චේ පපුවේ

 



 

කියුබානු විප්ලවය ජය ගැනීමෙන් පසුව චේ අති ධාවනකාරී චරිතයක් බවට පත් විය​. ඔහු ලෝක විප්ලවයක් සඳහා සෝවියට් දේශය විසින් සිදු කරන දායකත්වය මදි බව චෝදනා කලේය​. මේ කාලයේ නිකිතා කෘශෙෆ් ඇමරිකාව සමග සාමයක් අපේක්‍ෂා කල අතර චේ ගේ ඇමරිකානු විරෝධය කෘශෙෆ් ට හිසරදයක් විය​. ඇල්ජීරියාවේ පැවති සමුලුවකදී චේ සෝවියට් දේශය නිර්දය ලෙස විවේචනය කල අතර ඉන් සෝවියට් දේශය චේ සමග උරණ විය​. ඇල්ජීරියානු සමුලුවෙන් පසු චේ බොලිවියානු විප්ලවය සඳහා බොලිවියාවට රහසින් ඇතුලු විය​. චේ බොලිවියාවට පා තැබූ බව සී.අයි.ඒ සංවිධානයට තොරතුරු ලැබුනේය​. මේ තොරතුර කේජීබී සංවිධානය හරහා ලැබුනු බවටද මතයක් පවතියි. කෙසේ වෙතත් චේ සෝවියට් දේශයටද අනවශ්‍ය බරක් විය. චේ ගේ  බොලිවියානු විප්ලවය ආරම්භයේ සිටම  අසාර්ථක ව්‍යාපෘතියක් විය​. චේ බොලිවියාවේ භූ දේශපාලන තත්වය හරි හැටි අවබෝධ කර ගත්තේ නැත​. ඔහුට තිබුනේ ජවය සහ අධිෂ්ඨානය පමණි. ඔහු කුඩා කණ්ඩායමක් සමග බොලිවියානු හමුදාවන්ට කොටුවූ විට පැන යාමට මගක් නොවූ නිසා " මම චේ වෙමි " කියා අත් ඔසවා යටත් විය​. යටත් වූ පසු ඔහු තමාව මරා නොදමනු ඇතැයි සිතුවේය​. අවසානයේදී සීඅයිඒ නියෝජිතයා ඔහුට වොෂින්ටන් වලින් ලැබුනු නියෝගය හෙලි කරන ලදි . ඒ අවස්ථාවේදී චේ සුදුමැලි වූ බව පසු කාලයක සී.අයි.ඒ නියෝජිතයා ප්‍රකාශ කලේය​. ඔහු චේව ඇමතුවේ කමාන්ඩර් කියාය​. ඔහු සමග චායාරූපයකට පෙනී සිටීමටද චේ කැමැත්ත ප්‍රකාශ කලේය​. චේ මරණයෙන් පසු අර්ධ දෙවියෙකු බවට පත් විය​. එහෙත් චේට සමකාමීන් මරා දැමීම , නිරායුද මිනිසුන් මරා දැමීම පිලිබඳ චෝදනා තිබේ. ඔහු පුරාවෘත්තයක් වූයේ කෙසේද ? ඔහුගේ මුහුණ සහ ක්‍රිස්තුස් ගේ මුහුණ අතර සමානකමක් තිබේ. කියුබාවේදී මා හට හමුවූ කැස්ත්‍රෝ විරෝධීන් පවා චේට ඇළුම් කල බව මට තේරුම් ගියේය​. 

Che was petrified and startled when he and his team were cornered by the US-backed Bolivian forces. Following the attacks the team members died and they were about to shoot at him. Wounded Che shouted  "Do not shoot! I am Che Guevara and I am worth more to you alive than dead" Then they arrested him and produced him before the main CIA operative. The  CIA operative treated him nicely addressed Che as " Commander"  and reported Che's capture to the HQ.  After a while, an order came from the HQ. The decision was to terminate Che. When the  CIA operative implied the HQ decision to Che, he turned white. Then the  CIA operative wanted to take a pic with him and Che gave his consent.  After his photo was taken Che was shot by a Bolivian soldier.   He died with dignity. Che was a  controversial character and after his death, he was eulogized as a model revolutionary.  According to  Hunt ( 2008),  Che firmly believed that significant political and social change could not occur without armed struggle.  According to some historians, Che supervised the torture and execution of untold thousands of Cubans without trial. However, over the years  Che’s image has transcended as a revolutionary martyr and sometimes he has been depicted as Jesus. 




Find Us On Facebook