Friday, September 8, 2023

ගෝපති



ශරීරය හා ආත්මය අතර ඇති සබඳතාව මම දැක්කා කජුරාහෝ දේවාලයේ ගල් පිළිම අතර. කාම සූත‍්‍ර දේවාලය කියලා කියන්නේ මේ දෙවාලයට. ලිංගික ඉරියව් ගල්වල කොටලා, ශරීරය, මනස හා ආත්මය බද්ධ වෙලා. රාත‍්‍රී කාලයේ මුහුද අද්දර රැුල්ල නැගෙන හඬ, ක්‍ෂිතිජයට මදක් උඩින් පෙනෙන මළානික සඳ, මුහුදු හුළඟ මේවා එකතු උනාම ශරීරයට දැනෙන්නේ මොකද්ද? එමදේම කජුරාහෝ දේවාලයේදී මට දැණුනා. 

මම ගෝපතී ගේ අත තද කරළා අල්ල ගත්තා. ගෝපතී හින්දි උරුවට ඉංග‍්‍රීසියෙන් කෙඳිරුවා. ලතා මංගේෂ්කාර්ගේ හඬ සමඟ නෝරා ජොන්ස් ගේ Come away with me in the night මට ඇසුනා. ගෝපතී ගේ කටහඬ මට ඇසුනේ නැහැ. හින්දි උරුවට කථා කරන ඉංග‍්‍රීසි කටහඬ පරයා නෝරා ජෝස්ගේ මුදු කටහඬ රවි ශංකර්ගේ සිතාර් වාදනයත් එක්ක රිංගෝ ස්ටාර් ගේ සිනහව, ජෝජ් හැරිසන්ගේ ගිටාර් නාදය, ජෝන් ලෙනන් ගේ කටහඬ මේවා වගේ දෙසවන්වල ගලාගෙන ගියා. මම ගෝපතීගෙන් ඇහුවා කෝ මොහොමඞ් රාෆි කියලා.මොහොමඞ් රාෆි ගේ ලයාන්විත කටහඬ වෙනුවට ඇහුනේ මරණිය රාවයක්. අවුට්ස්විච් කඳවුරේ ගීතිකාවක් වගේ. 

වේදනාව, ශරීරය ග‍්‍රහණය කර ගැනීම, ගල් කැටයමක ජීවය පිරිලා. දිල්ලිවල ඔබරෝයි හෝටලයේදී ගෝපති කජුරාහෝ දේවාලයේ පිළිමයක් වුණා. ශරීරය, කම්පනය, රිද්මය, ආවේගය, සංතෘප්ත වීම මේ විවිධ තළයන් තුළ අප ගමන් කළා. චාලි ෂින් යුද්ධය ග‍්‍රහණය කර ගත්තා වගේ. චාලි කොම්පැණිය සීසි කඩ. ටැට් ප‍්‍රහාරයේදී වාගේ ආලෝක මල් වෙඩි ඉහට උඩින් පත්තු වෙනවා.  

ගෝපති මගේ ශරීරය මත වැතිරුනා. ඇය ලිංග පුජාවට සුදානම්. ලිංගය අපේ සංස්කෘතියට අසභ්‍ය දෙයක් උනාට ගෝපති ලිංග වන්දනාවේ යෙදෙන්නියක්. ඇයට ලිංගය හිරු දෙවියෝ. ශුද්ධ පුන්ජයක්. ලිංගය ඇයට හිරු දෙවියන්ගේ අසිපත වගේ. අලුයම හිරු කිරණ මිහිතලය වැළඳ ගනිද්දී ගෝපති ලිංග නමස්කාරය කරා. ඇයගේ කෙස් වැටිය  හිරු දෙවියන්ගේ අසිපත මත මහත් භක්තියෙන් ලිහා දැමුවා. ඇය දෑතින්ම ඍජු අසිපත අල්ලා ගත්තා. ඇය  අසිපත දිවෙන් තෙත් කළා. ඉන්පසුව හිරු දෙවියන්ගේ  අසිපත ඇයගේ පුෂ්පය තුලට ගෙන ගියා. පුෂ්පය සහ අසිපත ගැටුනා. ධාතු පුංජයකට ධාතු   පුංජයක් එකතු උනා. මම දුටුවා නිල් අහසේ ඇඳි ගිය විදුලි  රේඛාවක්. මේඝ ගර්ජනාවක් සමගින් ලිංග පුජාව අවසන් උනා. අප දෙදෙනාම උච්ඡ අධ්‍යාත්මික තළයකට ගියා. 

( මානසික රෝගියාගේ පරිකල්පනය - වෛද්‍ය රුවන් එම් ජයතුංග )


No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook