Friday, May 26, 2023

ශ්‍රී ලන්කන් ස්ටෑන්ඩ් - අප් කොමඩි



ශ්‍රී ලන්කන් ස්ටෑන්ඩ් - අප් කොමඩි තාම තියෙන්නේ ප්‍රාථමික අවදියේ. ඔවුන් Trevor Noah,  Dana Michelle Alexander,  Jimmy Carr,  Kevin Hart, Ahmed Ahmed, Russell Peters , Shaun Majumder  වගේ කොමීඩියන්ස්ලව අධ්‍යනය කිරීම අවශ්‍යයි. එසේම ලාංකික සමාජය ස්ටෑන්ඩ් - අප් කොමීඩියන්ලව පිලිගන්න තවමත් මෝරලා නැහැ. ස්ටෑන්ඩ් - අප් කොමීඩියන්ල කිව්වම ලාංකික සමාජයේ ඔළුවට එක්කේ විමල් වීරවංශ , ගම්මන්පිල වගේ චරිත​. 

බටහිර රට වල ස්ටෑන්ඩ් - අප් කොමීඩියන්ල සමාජයේ දුර්වල තැන් වලට සියුම්ව පහර දෙනවා. Dana Michelle Alexander, සහ රසල් පීටරස් වාර්ගික විහිළු කරනවා. ඒත් බටහිර සමාජය ඒවාට උරණ වෙන්නේ නෑ. විහිළුවක් විහිළුවක් ලෙස දරා ගැනීමට ඒ සමාජ වලට පුලුවන්. රසල් පීටරස්  එන්නේ බ්‍රැම්ටන් වලින් . ඒ නිසා ඔහු ඉංදු කැනේඩියන්ස්ලා ගැන විහිළු කතා කියනවා. ඒ වගේම චීන , ජැමෙයිකන්, ශ්‍රී ලන්කන් ඇක්සන්ට් වලින් කතා කරලා අසන්නන් කුල්මත් කරනවා.  Trevor Noah දකුණු අප්‍රිකාවෙන් එන්නේ . ඔහු ඇමරිකාවේ කළු- සුදු ඝට්ටන පිලිබඳව විහිළු මගින් අර්ථකථන දෙනවා.  ඇමරිකානු සමාජය , වතිකානුව විහිළුවෙන් විවේචනය කරනවා. ඒවාට ඇමරිකානුවන් අත්පොලොසන් දෙනවා. 

Ahmed Ahmed ඊජිප්තු ඇමරිකානුවෙක්. ඔහු 911 පස්සේ අරාබි ජාතිකයන් ඇමරිකාවේදී මුහුණ දෙන ගැටළු ඔහුගේ විහිළු හරහා පෙන්වා දෙනවා. මුල් කාලයේදී ස්ටෑන්ඩ් - අප් කොමීඩියන් කෙනෙක් හැටියට මිස්ට බීන් ( Rowan Atkinson ) ක්‍රිස්තියානි ආගමේ කොටස් අරගෙන ජෝක්ස් හදලා කියනවා. ඒවා සමාජය හාස්‍යයෙන් භාර ගන්නවා මිසක් Rowan Atkinson ව අත් අඩංගුවට ගන්න ඔහුව ගල් ගහලා මරන්න  වගේ දේවල් කියන්නේ නෑ. මෑතකදී "සුද්දෝදනගේ කොල්ලා" කියලා කියපු ලංකාවේ ස්ටෑඬ් අප් කොමීඩියන් කාන්තාව මොකක්ද අර පනත යටතේ අත් අඩංගුවට ගන්න කියලා සමහරු කියනවා. ඒකෙන් වෙන්නේ සමාජය ෆුල් සීරියස් වෙන එක. එසේම තලිබාන් ක්‍රම ලංකාවට ආදේශ වන එක​. සමාජ අසහනය තව වැඩි වෙන එක​. මේ විදියට ගියොත් ලංකාව පකිස්ථානය , ඇෆ්ගනිස්ථානය වගේ රටක් වෙනවා.  බ්ලැස්ෆෙමි නීතිය කොතරම් අන්ධද කියතොත් පහත දැක්වෙන සත්‍ය කතාව කියවන්න. 

බ්ලැස්ෆෙමි නීතිය; 

https://transyl2014.blogspot.com/2019/05/blog-post_62.html

2 comments:

  1. සුද්දෝදනගේ කොල්ලා" කියලා කියපු ලංකාවේ ස්ටෑඬ් අප් කොමීඩියන් කාන්තාව මොකක්ද අර පනත යටතේ අත් අඩංගුවට ගන්න කියලා සමහරු කියනවා/ most of the Srilankens still in 1800....

    ReplyDelete
  2. Jim Carreyවත් මතක් කළානම්... පංකාදුයි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook