Wednesday, September 21, 2022

"මූව මග්ගොනට යවන්න ඕනේ "

 




1979 වසරේදී අප සිටිියේ 6 A පන්තියේය​. මේ පන්තියේ ක්ලාන්ත නම් සිසුවෙකු විය​. ක්ලාන්ත ගේ නියම නම මට මතක නැත​. ඒ නම ඔහුට දැම්මේ  ගෞතමදාස සර් විසිනි. ඔහුට ක්ලාන්ත කියූ විට ඌරු ජුවල් නගී. වරක් ක්ලාන්තට කල විහිලුවක් නිසා ක්ලාන්ත මට පහර දුන්නේය​. මුලින්ම පහර දුන්නේ ක්ලාන්ත නිසා මම ක්ලාන්තට නෙලාගෙන ගියෙමි. ක්ලාන්ත මේස පුටු පෙරල ගෙන ඇදගෙන වැටුනු අතර අපට සෞඛ්‍යය විශය ඉගැන්වූ කුසුමලතා ටීචර් පන්තියට විත් අප දෙදෙනා වෙන් කර මගේ අත්ලට වේවැල් පහරවල් 10 දී මූව මග්ගොන යවන්න ඕනේ කියා කීවාය​. මග්ගොන යනු ළමා සිරගෙදරක් බව මා ඒ කාලයේ සිතාගෙන සිටියෙමි.  මඩොල් දූව ළමා නවකතාවේ  උපාලි ගිනිවැල්ලේ ද මග්ගොන යැවිය යුතු බව වැඩිහිටියන් කියූ නිසා ක්ලාන්තට නෙලීම නිසා කුසුමලතා ටීචර් මාව  මග්ගොන යවයිද කියා බියක් මට ඇති විය​.

පසුකාලීනව මහා බ්‍රිතාන්‍යයේ බාන්ස්ලි විද්‍යාලයෙන් ළමා මනෝවිද්‍යාව හදාරා තිබූ මා හට මග්ගොනට ගොස් අතවරයකට පත්වූ ළමයෙකු හමුවී ඔහු පිලිබඳව  මනෝ විද්‍යාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වූ මොරීන් සෙනෙවිරත්න මහත්මිය මගෙන් ඉල්ලීමක් කලාය​.  ඒ අනුව මග්ගොනට ගිය මා දුටුවේ ළමා සිර ගෙයක් නොව ළමා නිවාසයකි. එය පාළනය කලේ ක්‍රිස්තියානි පූජකයෙකි. මේ 1999 වසර විය යුතුය​. කෙසේ නමුත් කුසුමලතා ටීචර් කියූ ලෙස මග්ගොනට යාමට මට වසර 20 ආසන්න කාලයක් ගත විය​. 

3 comments:

  1. ආසාවෙන් කියෙව්වා. නිතර අහන්න නොලැබෙන දුලබ තොරතුරු ඔබේ සටහන් තුලින් එකතු කර ගන්නවා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook