ඒ වේලෙහි පිය තාපසයන් වහන්සේ පලවැල සඳහා වනයට ගියේ පුත් වූ ඉසිසිඞග තාපසයන් පමණක් ආශ්‍රමයෙහි සිටියේය. කුමාරිකාවද හුයින් වෙළන ලද පෙද වටක් ගෙන ඉන් ක්‍රීඩා කරමින් ස්වර්ණභරණයෙන් සැරසී පන්සල් දොරකඩට පැමිණියා ය. එවිට ගල්පෝරුවක් මත වූ ඉසිසිඞග තාපසයෝ එන්නා වූ කුමරිය දැක භයින් ත්‍රස්තව පන්සලට වැද සිටියේය.
කුමාරිකාව පෙද වට ගෙණ කෙළිමින් පන්සල් දොරකඩ සමීපයෙහිම සිටියාය. තාපසයෝ සිතන්නාහු මේ යක්‍ෂණියෙක් නම් බිය වී පළාගිය මා අල්ලා මුරු මුරු ගා කන්නේය. මේ යක්‍ෂණියෙක් නොව තාපසයෙක් වන්නේ යයි සිතා එළියට පැමිණ මීට පෙර තමා පෙදවට නුදුටු හෙයින් ගසක ගෙඩියකැයි සිතා තොප අත ඇත්තේ කුමන ඵලයෙක් දැයි විචාළාහ. එවිට කුරිය බොරු ගොතා කියන්නී. තාපසයෙනි, ගන්‍ධමාදන පර්‍වතය සමීපයෙහි මාගේ පන්සලෙහි මෙවැනි පල ඇති බොහෝ ගස් ඇත. මේ පල මෙසේ දුර දමන ලද්දේ සමීපයටම එන්නේය. අත්හැර නොයන්නේ යයි කීවාය. තාපසයෝද එබස් අසා ඈද තාපසයෙක් යයි සිතා පිළිසඳර කථා කොට පන්සල තුළට පැමිණ වැඳ හිදුව, මුව සෝදා විඩා හැර මේ මිහිරි පල අනුභව කරවයි කීහ.
කුමරියද යහපතැයි ඒ තුළට වැඳ කොළ ඇතිරියෙක්හි උන්නේය. එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද සිප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්ත ස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ.
එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ.
එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ. ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිඳීමක් වන්නේය, ධ්‍යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ. එකෙණෙහි සීලයෙන් බිඳී ධ්‍යානයෙන් පිරිහුණාහ. මෙසේ දෙතුන් විටක්ම සංසර්ගයෙහි යෙදී දෙදෙනාම පන්සලින් පිටව ජලස්නානය කොට විඩා සංසිඳුවාගෙන නැවත පන්සලට වැද තාපසයෙකුයි යන ස්ථීර හැගීමෙන් යුතුව සිටින තැන් විචාළහ.
ඈ කියන්නී තාපසයෙනි, මේ අසපුවට උතුරු දික් භාගයෙහි ඛේමා නම් වූ ගඞගා තීරයෙහි මිහිරි පලවැලවලින් පිරි උයන් පිරිවැරූ ගී ගයන කිදුරු ලියන්ගෙන් අවට ශොභාමත් වූ ආශ්‍රමයෙක් ඇත. මම එහි වාසය කරමි. කැමත්සේක් නම් තොපද එහි යාමට ආව මැනව, නොයනු කැමති සේක් නම් මම යෙමියි නලිනි කුමාරිකාව පිටත් වූවාය. එවිට ඉසිසිඞග තාපසයෝද ඈ අමතා තපස්වීනි, මගේ පියා වනයට ගියේය. දැන් එන සේක.
උන්වහන්සේ පලාඵල ගෙණකල අවසර ගෙන අප දෙදෙනම තොප වර්ණනා කළ අසපුවට සැපසේ යම්හයි කීහ. එවිට ඈ සිතන්නී මේ තාපසයෝ වූ කලි වනයේම වැඩී වර්ධනය වූ බැවින් ස්ත්‍රීන්ව නොහඳුනති. මුන්ගේ පියාණෝ මා දුටු විට ස්ත්‍රී නියාව හඳුනා මගේ ඔළුව පලාපියා එළවා දමන්නටද හැක්කේය. එබැවින් උන් එන්නට පළමුව යාමට වටනේය. මම ආ කාරිය සමුර්‍ධව ගියේයැයි සිතා තපස්වීන් මා හා කැටිව ඒමට උපායක් කියන්නී. තාපසයන් වහන්ස, මට මෙහි පමාවිය නොහැක. මාගේ පන්සලට යන මාර්ගය බොහෝ උතුම් තපස්වීවරයන් වසන්නාහ. නුඹවහන්සේව එහි කැඳවාගෙන යන ලෙස මම ඔවුන්ට දන්වා යෙමි. උන් අතින් විචාරා වඩිනු මැනවයි. කියා ඈ ආ මාර්ගයෙන්ම අමාත්‍යයන් සමීපයට ගොස් ඔවුන් සමඟ බරණැස් නුවරට ලඟා වූවාය. ශක්‍රයාද ඉතා සතුටුව සියළු රට වැසි වැස්සූහ. ඉසිසිඞග තාපසයන්ගේ සියළු ශරීරය ඇගේ පලා යෑමෙන් පසු දැවෙන්නට විය. වැහැරී සිවුර හිස පාදාන්තය දක්වා වසාගෙන වැදහොත්තාහුය.
සම්පූර්ණ ජාතක කතාවම ඉසිසිංග තාපසයාගේ පියාගේ මනෝ භ්‍රාන්තියක්.
ReplyDelete