Thursday, December 5, 2019

UofT ගැට්ට



UofT හෙවත් University of Toronto එකේ බොහෝ දෙනෙකු ඉන්නේ ඇඳගෙනය. ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු කැනඩාවේ අනෙකුත් ප්‍රකට විශ්ව විද්‍යාල වන යෝක් , ක්වීන්ස්, Simon Fraser වැනි විශ්ව විද්‍යාල දෙස පවා බලන්නේ මඳක් වපර ඇසෙනි.
වරක් නෝත් යෝක් ජෙනරල් රෝහලේ මනෝ වෛද්‍ය ගෝරාන් එරෙවැක් මාව UofTඑකේ ඉගෙන ගත් වෛද්‍යවරයෙකුට හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු කියාය. මේ වෛද්‍යවරයා ඔබ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක්ද ? ඔබට තිබෙන්නේ තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධියක් කියා අමු අමුවේම කීවේය.
සාමාන්‍යයෙන් ටොරොන්ටෝ වල රැකියා සම්මුඛ පරීක්‍ෂණ වලදී UofTඑකේ උපාධිධාරීන් බඳවා ගැනීමට සමහර ආයතන අදිමදි කරති . හේතුව UofT එකේ උපාධිධාරීන් ඔළුකාරයෝ කියා රාවයක් තිබීම නිසාය. අපේ කොළුවාට UofT යාමටඅවස්ථාව තිබුනද මා ඔහුව යොමු කලේ යෝක් විශ්ව විද්‍යාලයටය. උපාධිය සමත් වූ විගස ඔහුට රැකියාවක් ලැබුනේය.
මා UofT එකේ පාඨමාලා කීපයක් හදාරා තිබේ. එම විශ්ව විද්‍යාලයේ යහපත් මහාචාර්‍යවරුද සිටිති. මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් මගේ එක් ගුරුවරයෙකි. තවද මහාචාර්‍ය මේරි සීමන් මාගේ පොතකට පෙරවදනක් පවා දුන්නාය.

1 comment:

  1. ඔහුට කිව්වනම් හරි 'ඔබට තිබෙන්නෙ තුන් වැනි ලෝකයේ ආකල්ප' කියා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook