Thursday, August 15, 2019

සාෆි ගේ ඉරණම

 

පෙරදා රාත්‍රියේ දුටිමි සිහිනයක් බිහිසුණු
ඇඟ රෝම කුපිත කරවන
දුටුවෙමි  වෛද්‍ය සාෆි සිහල බොදු කතුන්
රෝහලේදී සදහටම වඳ කරන අයුරු 

එහිදී සිදු විය අරුමයක් 
වෛද්‍ය සාෆි විසින් ගැට ගැසූ
එක් පැලෝපීය නාලයක්  තුල සිරවූ
සංසේචනය වූ ඩිම්බයක්   
ගර්භාෂයට ඇතුළු වීමට නොහැකිව
බහිෂිකේතනකව ප්‍රරෝහරණය විය 

එකී සංසේචනය වූ ඩිම්බය තුල 
සිරවූ මනුෂ්‍ය ප්‍රාණියෙකු විය
එකී මනුෂ්‍ය ප්‍රාණියා රතන බව
පැහැදිලිවම හඳුනා ගැනීමට හැකි විය 

යුක්තානුව තුල සිරවූ රතන 
ක්‍රෝධයෙන් මුමුණමින්
තම සියළු වැර යොදා
එලියට ඒමට උත්සහ කලේය
එම උත්සහය සිහි ගැන්වූයේ
විශ්වකුල උපන් රතන
අස්ගිරියේ උපසම්පදාව ලබා ගැනීම
සඳහා දරන ලබන නිශ්එල වෑයමක් ලෙසටය  

උඩරට කුලවත්තු උපසම්පදාවක් තබා
මහණ කමක්වත් නොදෙන මේ කුල පීඩිතයා
අසරණව යුක්තානුවේ සිරවී
දළදා ආරක්‍ෂක සියම් නිකායේ මල්වතු
සහ අස්ගිරි කල්ලි නායකයෝ දෙස බලා සිටියේය 

එහෙත් මල්වතු සහ අස්ගිරි
කල්ලි නායකයෝ
රතන දෙස
උදාසීනව බලා සිටියහ   

සිහල බොදු කුලවාදී සමාජයේ
තැනක් ලබා ගැනීම සඳහා දතකන
රතන දැරූ වෑයම ඉවැඩි කරනු වස්
තවත් කුල පීඩිතයෙකු වූ ජයසුමන
යුක්තානුව සිදුරු කොට
රතනව නිදහස් කලේය 

යුක්තානුවෙන් නිදහස් වූ රතන
ජයසුමනයන් හා සමග එක්ව 
තමන් ගේ පොදු සතුරා
තමන් ගේ ජාතියේ සතුරා  වූ
වෛද්‍ය සාෆිව පරසක්වළ ගැසීය 

සාෆිගේ ශරීර කොටස් දස දෙස විහිදී ගියේය 
ඔහුගේ රුධිරයෙන් ශල්‍යාගාරයේ
පොළව තෙමී ගියේය 

සාෆිව කීතු කීතු කල
මෙකී වීරයන් දෙදෙනා
තමන් සිහල බොදු ජාතියේ
ගැලවුම්කරුවන් බව කීහ
එහෙත් මල්වතු සහ අස්ගිරි
කල්ලි නායකයෝ
ඔවුන් දෙදෙනා දෙස
උදාසීනව බලා සිටියහ 

2 comments:

  1. ඔබේ කුල පීඩනය මොනවට පිට කරගෙන ඇති බව පෙනේ.

    ReplyDelete
  2. safi has bought some property in Kurunegala. the sinhala welanda sangamaya was angry

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook