දිනක් පුණ්‌ණ හිමි ගමට යනු කැමැතිව බුදුරදුන් වෙත ගොස් භාවනා කිරීමට කමටහන් ඉල්ලා සිටියේය. එවිට බුදුරදුන් විමසුයේ,
පුණ්‌ණ, සුනාපරන්තවාසීන් ඉතා නපුරුය. චණ්‌ඩය. එහිදී ඔවුහු ඔබට බනිත් නම් තර්ජනය කරත් නම් කෙසේ සිතන්නෙහිද?"
"එවට පුණ්‌ණ තෙරණුවෝ මෙසේ පැවැසූහ.
"ස්‌වාමීනි, මට ඔවුන් බැන්නත්, තර්ජනය කළත් අතින් පයින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි"
බුදුරදුන් - ඔවුන් අතින් පයින් ගැසුවොත් කෙසේ සිතනවාද?
"පුණ්‌ණහිමි - අතින් පයින් ගැසුවත්, ගල්මුල්වලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි".
බුදුරදුන් - ගල් මුල්වලින් ගැසුවොත්...
පුණ්‌ණ හිමි - එසේ වුවත් ඔවුන් මට පොලුවලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි."
බුදුරදුන් - පොලුවලින් ගැසුවොත් කෙසේද?
පුණ්‌ණ හිමි - ආයුධවලින් පහර නොදෙනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි."
බුදුරදුන් - ආයුධවලින් පහර දුන්නොත් කෙසේද?
පුණ්‌ණ හිමි - ආයුධවලින් පහර දුන්නත් ඔවුන් මාව නොමරනු ඇත. එහෙයින් හොඳ මිනිසුනැයි සිතමි."
බුදුරදුන් - මැරුවොත් මරණ විට කෙසේ සිතනවාද?
පුණ්‌ණ හිමි - භාග්‍යවතුන් වහන්ස, ශරීරය හා ජීවිතය ගැන කලකිරී දිවි නසා ගැනීමට ආයුධ සොයන පැවිද්දොa ද බුදුසසුනෙහි සිටිති. මට එය නොසොයාම ලැබුණේ යෑයි සිතමි".
එම පිළිතුරු අසා ඉමහත් ප්‍රසාදයට පත් බුදුරජාණන් වහන්සේ සාධු නාද දී 'මෙතරම් ඉවසීමක් ඇති ඔබට සුරාපරන්තයෙහි විසිය හැකි වන්නේ යෑ' යි වදාරා සමුදුන්හ. පුණ්‌ණ තෙරණුවෝ ස්‌වකීය ගම වූ සුනාපරන්තයට ගොස් වස් වසා උවසු උවැසියන් දහසක් පමණ ඇති කොට බවුන් වඩා රහත්වූහ. ඒ ආත්ම දමනයෙහි බලයයි.
කවදාවත් අහලා නැති බෞද්ධ කතාවක්.
ReplyDeleteබොහොම ලස්සනයි දොස්තර මහත්තයෝ...
un monks okkomlage beli kapuwa kiyahankoo
ReplyDeleteThis is a very coon story sir. I thought you may give a good analysis based on that.Utterly dissapointed..
ReplyDelete