Saturday, March 19, 2016

නවක වදය




කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් නවක වධයට භාජනය කරනු ලැබ තිබීම   නිසා විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් විසින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන හා ප්‍රායෝගික පන්ති පරීක්‍ෂණ පැවැත්වීමෙන් වැළකී සිටීම පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක කරනු  ලැබීය​. සෑම වසරකම නවක වධ ක්‍රියාවලිය ගැන අසන්නට ලැබේ. 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝවිට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී ලංකාවද ලෝකයේ නවක වදය දරුණු ලෙස මුල් බැසගත් රටක් ලෙස සැළකෙයි.  (රැගිං: හිස්ට්‍රි ඇන්ඩි ඉවොලූෂන්)



පහත දැක්වෙන්නේ නවක වදය පිළිබඳ විවිධ ලියුම්කරුවන් විසින් දක්වන ලද අදහස් වේ   

ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පිළිබඳව සමහරු අර්ථ කථනය කරන්නේ මුදා නොගත් භුමි ලෙසටය. ලංකාවේ විශ්වවිද්‍යාල අරාජිකය. ලංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරිගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි. සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. 

පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත. ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය. 

මේ හිංසනය ඇති වුයේ අද ඊයේ නොවේ. 1960 ගණන් වලදීද මෙම තත්වය ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල වල තිබුණි. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදු වූ බව පැරණි සිසුහු පවසති වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි. එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)   

2011 වර්‍ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී අති අමානුෂික ලෙස නවක වධයට බඳුන් වූ ශිෂ්‍යයකු වෙනුවෙන් ගොනු කරන ලද නඩු වාර්තාවක කොටසක මෙසේ දැක්වේ : "මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තව දුරටත් මහජන මුදලින් අධ්‍යාපනය ලබන උගත් බුද්ධිමත් යෑයි සලකනු ලබන, ඉහළ සමාජ ස්‌ථරයකට ඔසවා තබන ලද පුද්ගලයන් පිරිසක්‌ බව අනාවරණය වෙයි."  

මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ විශ්වවිද්‍යාලවලට නවක සිසුන් පැමිණි පසු එම සිසුන් වර්ග කිරීම අනුගත කිරීම සහ හඳුනා ගැනීම සිදුකරන බවය. එමෙන්ම විශ්වවිද්‍යාලවල සංස්‌කෘතික කාරණාවලට අදාළව ශිෂ්‍යයෝ හඳුනා නොගෙන විශ්වවිද්‍යාල තුළ පැවැත්මක්‌ නැති බව ද ඔවුහු පවසති.  මේ හඳුනා ගැනීම සඳහා සිදු කරන බොහෝ දේ නිසා සිසු සිසුවියන් බොහෝ දෙනකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දැමූ බවත්, සිය දිවි නසාගත් බවත්, ආබාධිත වූ බවත් වර්තමානයේ "ජ්‍යෙෂ්ඨයන්" යෑයි කියන අතීතය අමතක කළ "නවකයන්ට" සිහිපත් කර දෙමු.  මහා ශිෂ්‍ය සංගමය කියන "සංස්‌කෘතික කාරණාවලට" අදාළව 1997 වර්ෂයේදී සෙල්ව විනයාගර් වරප්‍රකාශ් මරා දමන්නේ නවක වධයට ලක්‌ කරමිනි. ඒ අදින් දහනව අවුරුද්දකට ඉහතදීය. එදා කලිසම තෙමා ගන්නා වියෙහි සිටි අද "ජ්‍යෙෂ්ඨයන්" වී සිටින බොහෝදෙනකු ඒ ගැන හිතන්නේවත් නැති බව සහතිකය.  2014 වර්ෂයේදී අඟුණකොළපැලැස්‌සේ ඩී. කේ. නිශාන්ත පේරාදෙණි සරසවි භූමියේදී සිය දිවි නසාගන්නේ ද නවක වධය ඔය කියන තරම් "සංස්‌කෘතික" නොවූ නිසාය. "හඳුනා ගැනීම" එතරම් සොඳුරු නොවූ නිසාය. "වර්ග" කිරීම සහ අනුගත කිරීම මැර පන්නයේ එකක්‌ වූ නිසාය. ශිෂ්‍ය සංගමය සඳහන් කරන "විශ්වවිද්‍යාල ඇතුළේ සංස්‌කෘතික කාරණාවලට" නිරුවත් කර ලිංගික වධ හිංසා පැමිණවීම අදාළ දැයි මේ ජ්‍යෙෂ්ඨයන් ඉතාම ඉක්‌මනින් වරප්‍රකාශ් සිසුවාගේ යුගයේ aජ්‍යෙෂ්ඨ මැරයන්ගෙන් අසා දැනගත යුතුය. අපට අසන්නට ඇත්තේ, මේ තිරිසන් සංස්‌කෘතික කාරණාවලට විශ්වවිද්‍යාල ආචාර්යවරු එරෙහිවීම තර්ජනය කිරීමට තරම් හේතුවේද යන්න පමණකි (දිවයින පුවත්පත )   


නවකයන්ට කුණුහර්ප කීම (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)   

ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.  උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී දී කුණුහර්ප අත්දැකීමකට මුහුණ දුන් සිසුවියක් මෙසේ පවසන්නීය. (උපුටා ගැනීම නවක වදයෙන් තොර සරසවි දිවිය)  එදින සඳුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මඳකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත. දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි. එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.  නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්යාවක් "ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ" යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත. ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි. 

 රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජේෂ්ඨ උතුමකු "උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්" යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම "උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද" කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමි. සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.  සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්නය  "උඹලට අපි කියපුවා තේරුනාද?" අපගේ පිළිතුර "නිශ්ශ්බ්ද තාවය" නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර "මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු" ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි   යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු.   


කොළඹ විශ්වවිද්‍යාලයේදී නවකයන්ට සිදු කල ලිංගික හිංසන ගැන අනෝමා ජනාදරී .........

පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ. (මෙවැනි ලිංගික හිංසන තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදුවේ) නවක වද අවසන් අදියරේදී පැවති ෆ්රෙෂස් නයිට් සාදයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ කහවත්ත නොහොබිනා අන්දමට ලිංගික බලපෑම් කල අයුරු ගැනද අනෝමා ජනාදරී පවසයි. මෙම කහවත්ත නම් පුද්ගලයා අනෝමාගේ අත බලෙන් ගෙන ඔහුගේ රහසඟ උඩ තබාගැනීමට තැත් කොට තිබේ. 1980 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහ ඝාතනය කරන ලද දයා පතිරණ ගේ සමකාලිනයෙකු වූ කහවත්ත දැන් රජයේ දෙපාර්තමේන්තුවක උසස් නිලයක් දරයි. මෙවැනි පුද්ගලයෙකු අද ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කලේ නම් ඔහු නවක වදය නැවැත්වීමට ක්‍රියා කරයිද ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු , අංශ ප්‍රධානින් ලෙස සේවය කරන බහුතරයක් කහවත්ත වැනි අතීත කියාකලප තිබූ පුද්ගලයන්ය. එම නිසා ඔවුන් නවක වදය නැවැත්වීමට පෙරට නොඑති.  


කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු 


 කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)  


 රුහුණු සරසවිය  

රුහුණ සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක වූ වත්සලා කුමුදුනි ද සිල්වා රුහුණු සරසවියේදී දරුණු නවක වදයට පත්‍ර වුවාය. ජේෂ්ඨයන් විසින් ඇයට කුණුහරුප 10 ක් කටපාඩම් කොට ඒවා පාඩම් දීමට බල කළහ. ඉන් පසුව පසුව ඇයව නවකයන්ගේ පෝලිමකට දමා ඉස්සරහටත් පසුපසටත් තෙරපන ලදී. මේ හේතුවෙන් වත්සලා කුමුදුනිගේ තුනටිය බිඳී සිහිසුන් වුවාය. මෙම සිසුවිය සිහිසුන්වීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් අසත්‍ය ප්‍රකාශ කරමින් වත්සලා කුමුදුනි ද සිල්වා පඩි පෙළකින් ඇද වැටී අනතුරකට පත් අයෙකු ලෙස පෙන්වා දෙමින් රෝහල් ගත කර ඇත. ඇයගේ තුනටියේ වේදනාව තවමත් සුව නැත. රුහුණු සරසවියේ අමානුෂික නවක වදය නිසා 1993 වසරේ චමින්ද පුන්චිහේවා යන සිසුවා මිය යන ලදී. 1997 වසරේ ද නවක වදය නිසා රුහුණු සරසවියේ සිසුවියක් දිවි නසා ගත්තාය. ජේෂ්ඨයන් විසින් මෙම සිසුවිය ලිංගික හිංසනයට ලක් කොට තිබූ බව පසුව හෙළි විය.  

ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය  

ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)    



රූපා රත්නසීලි මෙනෙවිය 

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ   ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා. අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.  රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා. රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී.  

ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ. (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය | ඩී. සුගත් රාජපක්ෂ)  

නවක වද සමාජවාදීන් කතා කරන්නේ යුක්තිය ගැනය.අඳින්නේ රතු කමිසය.විරෝධතා දැක්වීම එකය. නවක සිසුන්ට වද දීම දෙකය.ඉගනීමට තුන්වන තැනය  මේ ටික ලියන්නට සිතුනේ කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාරයවරු දෙවන තුන්වන සහ හතරවන වසරවල සිසුන්ට අද සිට නැවත තීරණයක් ගන්නා තුරු ඉගැන්වීම නතර කිරීමට තීරණයක් ගෙන තිබෙන නිසාය.එයට හේතුව වී තිබෙන්නේ නොනවත්වාම නවක සිසුන්ට වද දීමත් නවක වදය නැවත්වීමට උත්සාහ කරන ආචාර්ය වරුන්ට තර්ජනය කිරීමත් නිසාය. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගමවල නායකත්වය දරන්නේ එක්කෝ පෙරටුගාමින්ය නැත්තම් ජවිපෙය.නවක සිසුන්ව තම දේශපාලන මතයන්ට නම්මවා ගැනීම මේ නවක වද දුෂ්ට ව්‍යාපෘතියේ අවසන් අරමුණය. නවක සිසුන්ට මාස කීපයක් යනතුරු ජෙෂ්ට සිසුන් නම් කරන ලද ඇඳුමක් ඇඳීමට සිදුවී තිබේ. ඉංග්‍රීසි කතා කිරීම තහනම්ය. දේශන ඇතත් නැතත් උදේ සිට හැන්දෑ වෙන තුර සරසවි භූමියෙන් පිටවීම තහනම්ය. .එම කාලය තුල ගැහැණු පිරිමි සහ භික්ෂු සිසුන්ට මුහුණදීම සිදුවන කායික සහ මානසික වද වේදනා නිමක් නැත.ඇතැම් විට එම වද දීම් අසභ්‍ය ක්‍රියා දක්වා දික්වේ. පුබුදු ජාගොඩලාට සහ, අනුර කුමාරලාට මේ නවකවදය නැවත්විය හැක. මන්ද වදකයෝ වනාහී ඔවුන්ගේ සහෝදරයෝ නිසාය. එහෙත් ඔවුන් එය නොකරන්නේ විශ්ව විද්‍යාල තුල තම අධිකාරිය පවත්වාගෙන යා හැකි එකම මග භීෂණය තුලින් වීම නිසාය. (Lanka E News)   

අපගේ සරසවි සිසුන් තමන්ගේ නියම අයිතිවාසිකම් ගැන දන්නේ නැත. ඒ පිළිබඳව කිසිවෙකු ඔහුව දැනුවත්ද නොකරති. තමන්ට නවක වදයේ නාමයෙන් අසභ්‍ය වචනයෙන් බැනීමට, කුණුහරප කීමට බල කිරීමට, පුස්තකාලයට යාමට ඉඩ නොදීමට , බලහත්කාරයෙන් වියායාම වල යෙදවීමට, බල්ලෙකු සේ කකුල් හතරෙන් සිට මාළු කටු , ඉඳුල් බත් කෑමට බල කිරීමට , තමන්ගේ ඇඳුම ගැලවීමට, බලහත්කාරයෙන් පන්ති වර්ජනය කරවීමට, බලෙන් උද්ගෝෂණ වලට ගෙන යාමට කිසිම පුරවැසියෙකුට අයිතියක් නැති බවත් එවැනි දේ කිරීමට තැත් කිරීම බරපතල වරදක් බවත් බව සරසවි සිසුවාට දැනුවත් භාවයක් ලබා දිය යුතුය. එසේම නවක වදය යනු අපරාදයක් බවත් අපරාදයක් කාලවරෝධනයට යටත් නොවන නිසා තමන්ට නවක වදය දුන් පුද්ගලයට එරෙහිව තවත් වසර 5 - 10 පසුද නඩු දැමීමට හැකි වන ලෙසට නීති සංශෝදනය වීම වැදගති.නවක වදය යනු ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වසාගත් පිළිලයකි. එම පිළිලය බොහෝ දුරට අපගේ විශ්ව විද්‍යාල විනාශ කොට අවසානය. අපගේ විශ්ව විද්‍යාල පද්දතිය තුල අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් ඇති යමක් ඉතිරිව ඇත්තේ ඉතා සුළු වශයෙනි. එම සුළු කොටස හෝ ආරක්ෂා කිරීම පුරවැසියන් වන අප සැමගේ යුතුකමකි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ) 



33 comments:

  1. ජෙප්පන් කටේ තොලේ නොගෑවී බොරු කියන අන්දම බලන්න ලස්සනයි. ප්‍රශ්නයක් තියනවානම් ඒ ගොල්ලන්ට කියන්නලු. අනේ ඔව්. ප්‍රශ්නය ඒ ගොල්ලෝ තමා. මේක කුමන්ත්රනයක්ලු. වෙන මොකක්ද ඉතින්? ඕනෑම දෙයක් කුමන්තරනයක් නේ.

    ReplyDelete
    Replies
    1. මෙය එක්තරා ආකාරයක පොල්පොට් මානසිකත්වයට සමානකමක් දක්වයි

      Delete
    2. ඇත්ත වෛද්‍ය තුමා. මේ පොල්පොට් මානසිකත්වය තමා.මේ නවක වධකයන් එන්නෙ සමාජයෙන්. අපේ සමාජය පොත්වල තියන ආකාරයෙ හොද එකක් නෙමෙයි. ඉතාම පසුගාමියි. තව එකෙකුට හිරිහැර කරන්නමයි බලන්නෙ. 89 භීෂන කාලෙ වගෙ මල් මසුරන් යුග අපේ පරපීඩකයන්ට හැමදාම නැති නිසා කැම්පස් එකකදි ,පොලීසියකදි නැත්නම් මොකවත්ම කරකියාගන්න බැරි අසරනයෙක් ඉදිරියෙ ආශාවන් තෘප්ත කරගන්නව,

      Delete
  2. දැන් පේරාදෙනි සරසවියේ උපකුලපති උපුල් දිසානායක තුමා අපිට ඇස්ටි හැලෙන්න රැග් කල හාදයෙකි.... දරුනුම නවක වදකයෙකි!

    ReplyDelete
    Replies
    1. චැඃ එහෙම කරලවත් මේකා හැදිලා නැහැනේ. ආයේ පාරක් ගල් මුරුංගා කරලා ගන්න වෙනවා.

      Delete
    2. පේරාදෙනි සරසවියේ උපකුලපති උපුල් දිසානායක කරන ලද අමානුශික රැග් ගැන ලියන්න ඔවුඞේ අතීතය මිනිසුන් දැනගතයුතුයි.

      Delete
  3. සරසවියක ඉන්න සමහර අය කරන වැඩ වලින් අන්තිමට සමාජයට යන්නෙ මුළු සරසවියෙම ළමයි මෙහෙමයි කියල.හැබැයි සරසවියෙ ඉන්න හැම ළමයෙක්ම නවකවදයට උල්පන්දම් දෙන්නේ නැහැ කියලත් කියන්න ඕන.අපි පලවෙනි වසරේ ඉඳිද්දි අතිශය දරුණුවට නවකවදය නැති උනත් මානසික මට්ටම පල්ලෙහටම දාන්න කුණුහරුප කීව.දවල්ට කන්නවත් නොදී බැච් මීටින් තියල අපිව මඩවන්න හදපු අය්යල හිටිය.හැබැයි අදටත් ඒ මිනිස්සු දැක්කම හිනා වෙන්නවත් හිතෙන්නේ නැති තරමට පිළිකුලක් දැනෙන්නෙ.පොඩි එවුන් බය කරලා තියාගන්න එයාලට ගරු කරන්න වගේ ලාමක අදහස් තිබ්බ පිරිසක්.හැබැයි හැමෝම නෙමේ කොටසක්.විෂයන් රිපීට් කරපු වෙන පීඨයක කොල්ලෙක් මට දවසක් කිව්වේ " අපි දෙවෙනි අවුරුද්දේ ඉඳිද්දි ලෙක්චර්ස් යන්නේ නැතිව පොඩි එවුන්ට රැග් දී දී හිටිය ඒ නිසා සබ්ජෙට් රිපීට් උනා " කියල. අන්තිමට බලන් ගියාම ඒ මිනිස්සු ගත්ත දේකුත් නැහැ...ලෙක්චර්ස් කට් කර කර ඉගෙන ගන්නේ නැති පිරිසක් තමා ඔය ගොඩක් දේවල් කරන්නේ. නැත්නම් දවස පුරා ලෙක්චර්ස් තියන විදිහට හුස්ම ගන්න වත් විදිහක් නැහැ.මන්ද අනෙක් ෆැකල්ටි වල අපිට වඩා නිදහසක් තියනවද කියල. මමත් කැළණියේ දැන් හතරවෙනි අවුරුද්ද මට තියන ප්‍රශ්නෙ ඔය ආර්ට් එකේ තෙල් බැම්මේ ඉඳල හැමෝටම පේන්න නවක ළමයින්ව තියාගෙන ප්‍රසිද්දියේ රැග් කලේ අද විතරක් නෙවේ. මම ඉන්න අවුරුදු 4 ටම දැක්ක හැබැයි මම දැක්කේ නැහැ මීට කලින් ඒ ගැන කිසිම පියවරක් ගන්නවා.මට එදත් ප්‍රශ්නයක් තිබ්බ දෙනෝදාහක් මිනිස්සුන්ට අචාර්ය මණ්ඩලයට පේන්න මෙහෙම රැග් කරද්දි ඇයි එයාල කලින් නිහඬව හිටියේ කියල.කමක් නැහැ මේ අවුරුද්දේ හරි මේ දේ හරියට වෙනවනම් .. යටි අරමුණු නැතිව ලමයින් ගැනම හිතල මේ දේ වෙනවනම් ආචාර්යවරුන්ට ඉහලින්ම ස්තුතිවන්ත වෙනවා.කැලණිය විශ්ව විද්‍යාලේ මම ඉන්න පිඨයේ අපේ අධ්‍යනාංශයේ ඉන්නෙ අපිට ලොකු පැහැදීමක් තියන ගෞරවයක් තියන අම්මල තාත්තල වගේ අචාර්ය පිරිසක් ඒ අචාර්යතුමෙක්ම එදා කියනවා ඇහුනේ පිරිසක් කරන දේවල් නිසා හැමෝම අන්තිමට වද විඳිනවා කියල.මං හිතන්නේ අපි අපේ අචාර්ය මණ්ඩලය එක්ක තියන සුහද තාවයට වඩා ලොකු දුරස්වීමක් ඒ පීඨවල ගුරුවරු සහ ළමයින් අතර තියනවා නැත්නම් මිට වඩා තත්වේ වෙනස් වෙන්න තිබ්බ.මට කියන්න ඕන උනේ මේකයි එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට හැමෝම පලි නැහැ.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. -සුගත් රාජපක්ෂ)

      Delete
  4. ඉතින් දොස්තරට මේකත් ප්‍රශ්නයක්ද ?

    ReplyDelete
  5. "Table 21" කියලා හින්දි ෆිල්ම් එකක් තියනවා නවක වදය ගැන තියන හොදම ෆිල්ම් එකක්

    ReplyDelete
  6. රැග් එක විශ්ව විද්‍යාල වල විතරක් නෙමෙයි,අළුතෙන් යම්කිසි ආයතනයක රැකියාවකට ගියාම එතනදිත් මුහුණ දෙන්න වෙනවා.ඇත්තටම පොඩි හරි බයිටක් දෙන්නැතුව හැසිරුනේ බ්ලොග් වල විතරයි.හැබැයි තරහ කාරයෝ නම් නෑ අද වෙනකන්. දැන් වි.වි වල තීරණ ගන්න මට්ටමේ ඉන්න පුද්ගලයන්ට පුළුවන් ක්‍රමානුකූලට අමානුශීය වධ බන්ධන ඉවත් කරන්න.ඒවා නැතුව සුහදතාවය වර්ධනය කරගන්න පුළුවන් නමුත් නිර්මාණශීලීත්වය,නිදහස සහ 'යොමු කිරීම්' පැවතිය යුතුයි.දඬුවම විසඳුමක් නොවේ. ඒ වගේම අනෝමා ජිනාදරී වගේ ජීවිතයේ දැඩි අසාධාරණ වලට ලක්වීම නිසා හෙම්බත් වූ චරිත විවිධ සිද්ධීන් අතිශෝක්තියට නඟා වාර්ථාකරන බවත් අමතක නොකළ යුතුයි.රැග් සහ ඇන්ටි රැග් දෙපසේම ඉන්නා ප්‍රතිකාර අවශ්‍ය පිරිස් හඳුනාගෙන උපකාර කිරීමෙන් ගැටළුව විසඳීම පහසු වේවි.
    ජයවේවා..!!

    ReplyDelete
  7. මෙවා ලියන සුගත් රාජපක්ශ කියන ඵකා විමල් වීරවන්ශ ගෙ ලොල්ලෙක්.
    මු මරාගෙ ආණ්ඩුව කලේ ගෝටා ගෙයි ඵස්.බි පරයාගෙයි ඔනකමට විශ්ව විද්‍යාල සිසුන් ගෑන සල්ලිවලට ටොම් පච ලියපු හොරෙක් !
    මේ ලිපියෙ තනිකර තියෙන්නෙ කතුවරයාගෙ හිතලු.
    කිසිම පිලිගන්න පුලුවන් සාක්ශියක් නෑ..............
    අරවා කරනවාලු මෙවා කරනවාලු...........

    කිසිම පිලිගන්න පුලුවන් සාක්ශියක් නෑ...........
    තියෙන ඵ්කම දේ කොලබ කෑම්පස් ඵ්කේ 1999 විතර කරපු බකට් ඵ්කක විඩියෝ ඵ්ක විතරයි..
    වෑඩේ කියන්නේ කොලබ කෑම්පස් ඵ්කේ අන්තරේ නෑති ඵකයි.
    බලගෙන ගියම ඵ්කත් ආන්ඩු හිතවාදී අන්තරේ විරෝදී සිසුන්ගෙ වෑඩක්.............

    ඵ් නිසා මහත්වරුනි බොරු පලකරන්න කලින් සාක්ශි ශිතව ඔප්පුකරන්න................නෑත්නම් ඔයාලගේ කුහකකම මුලු ලෝකෙටම පෙන්නිල්ලක් වෙනවා...........

    මේවගේ බොරු ලියන උන් වගේම ඵ්වා ඈත්ත වශයෙන් අගවලා පලකරන උන්ගෙත් කුහක කම හොදට පේනව.තමුනුත් තමුන්ගෙ ලමයිනුත් ඉගනගත්තම ඈති..........ගමේ උන් ඉගනගන්න ඵ්පා.......ඵ් ඉගනගන්න උන් කෙරෙහි තියන කෑකෑරෙන වයිරය හේතුවෙන් තමා ද්වේශසහගත විදියට විශ්ව විද්‍යාල සිසුන්ට මේ අපහාසය කරන්නේ..............

    අමාරුවෙන් අතික්‍රමනය කල පන්තිය රෑකගෑනිමේ නිරුවත් උත්සාහය !

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අන්තරේ සියඹලා ගෙනල්ලම නෑ

      Delete
    2. මේකත් පොඩ්ඩක් බලලා හිටියනම්
      http://www.lankanetvideos.info/watch.php?id=4858

      Delete
  8. අනික අන්තරේ සහ රෑග් ඵක ගෑන නෑති සම්බන්දයක් හදන්න හදන්නේ අන්තරේ ඵක්ක තියන තරහටයි කියල හොදටම පේනවා.
    අන්තරේ තියන තෑන්වල ඔය කියන දේවල් සිද්ද්වෙන්නේ නෑ...........(ඵහෙම වෙනවා කියනවා නම් ඔප්පුකරල පෙන්නන්න සාක්කි ඵක්ක )
    මෑත කලේ ඔය වග් තුප්පහි සිදුවීම් වාර්ත උනේ නලින් ද සිල්වා හිටපු කෑලනිය සයන්ස් ෆෑකල්ටි ඵක වගේ අලයෝ ඝිටිය තෑන්වල තම.නoගිලාට ඈද උඩ කුප්පිදන්න කතකරපු නලින් ද සිල්වගේ ගොට්ටො තම පහත් විදියට හෑසිරුනේ.
    ගහ දන්න අපිට කොල කඩා පාන්න හදන්න ඵ්පා..............

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අන්තරේ සියඹලා ගෙනල්ලම නෑ

      Delete
  9. rag නොවූයෙමි. rag නොකරෙමි!

    ReplyDelete
  10. ජවිපට හෝ එයින් කැඩිගිය පෙසපෙට හෝ අනුබද්ධ ශිෂ්‍ය සංගමයක් විසින් නවකවදය මෙහෙයවනවාය කියන කාරණය මට නම් විශ්වාස කරන්න බෑ.

    අපේ කාලයේත් එහෙමයි.

    නමුත්, ඔවුන් නවක වදය නවතන්නට කිසිවක් නොකරන බව නම් ඉතා පැහැදිළියි.

    නැවතත්, අපේ කාලයේත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. නමුත්, ඔවුන් නවක වදය නවතන්නට කිසිවක් නොකරන බව නම් ඉතා පැහැදිළියි.

      Delete
  11. ජෙප්පොංගෙ බලල් අඬු නවක වදය මෙහෙය වන්නෙ නෑ. ඔවුන්ට ඒක නවත්වන්න කිසිම ඕනෑකමක් නෑ. ඒ ඔවුන් නවක වදය ග්‍රාමීය අන්ත දිලිඳු සිසුන්ට තෙල බෙදා බාගැනීමේ උපකරනය ලෙස පාවිච්චිකරන නිසා.ජෙප්පොන්ගෙ බලල් අඬු වලට කඩේ යන, හරියටම කියනවනං උන් කඩේ යවන ශිෂ්‍යයො තමයි බහෝවිට වදකයො....ඊනියා උප සංස්කෘතියක් ගැන කියවමින් සිසුන් ගොනාට අන්දා ප්‍රතිගාමී දේශපාලන අභිලාශයන් සක්ශාත් කරගැනීමේ පසුතලය නවක වදයෙන් සදා ගත හැකි නිසා උන් අඳ ගොලු බීරො වගෙ ඉන්නව.. ශිෂ්ය දේශපාලනය..ඒ අනිත් බොරුව. යකෝ ඒක මාර දේශපාලනයක්නෙ...දේශ පාලනය නං දේශ පාලනය. ඒක ශිෂ්‍ය, ගුරු, මොන්ටිසොරි කියල බෙදන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. දේශපාලනය නං දේශ පාලනය. ඒක ශිෂ්‍ය, ගුරු, මොන්ටිසොරි කියල බෙදන්න පුලුවන්ද ?/////// ++++

      Delete
  12. ඵ්ක හරි කතාවක්නෙ යකෝ..........
    දෑන් ඵතකොට නවක වදේ නවත්තන්න ඔනෙත් ජෙප්පොද?
    කෑලනි ගගට කොකාකෝලා ඵක තෙල් හලපුහාම අනුර කුමාර කෝ කියලා අහපු මෝඩ බයියො වගේනෙ බන් උබත්?
    ඵ්හෙනම් ආන්ඩුවක් තියෙන්නෙ මොකටද?උසාවි නීති පොත් මොකටද?
    විනය බාර ආචාර්‍යවරු සිසු සoගම් තියෙන්නෙ මොකටද?
    ඔකත් කරන්න ඔන ජෙප්පො නම් ආන්ඩුව දිපල්ලා ජෙප්පන්ට.............

    උබ වෑස්සකටවත් කෑම්පස් ගිය ඵ්කෙද්ද බන් නිකන් පච නොවි ඉදපන් බන් නොදන්න මගුල් කියවන්නෙ නෑතිව.

    ReplyDelete
    Replies
    1. එල මචන් . උම්බෑ කියනකොට බුවාව අඳුන ගන්න පුලුවන්.

      Delete
    2. අනුර කුමාර උඹ්බලට පොරවල් උනාට අපිට පොරවල් නෙවෙයි...

      Delete
  13. අපරාදෙ මට තවත් පෝස්ට් එකක් මග ඇරිල.මට හිතෙනව අපේ සමාජයෙ බහුතරයක් මානසිකව සමබර නැද්ද කියල. නවක වදය දීමේදී විකෘති කාමය ඉස්මතු වෙන්නෙ ඒකයි.
    ඇයි විශ්ව විද්‍යාල මුදා නොගත් ප්‍රදේශ වෙලා තියෙන්නෙ. මහා සමාජයට හැකිවිය යුතුයි විශ්ව විද්‍යාලවල විකෘති කාමුකයන්ට එරෙහිව බලය යොදවන්න.
    ලංකාවෙ සරසවියක උගත් විදෙස් සිසුවෙකුගෙ වාර්තාවක් මා කියවා තිබෙනාව. එම සිදුවීම් බොහොමයක් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් සිරගත කිරීමටත් ප්‍රමානවත් බව ඔහු කියා තිබෙනවා. බරපතල ලිංගික හිංසනයන් මුන් කරනවා.

    සාමාන්‍ය සමාජයෙ අපරාධකරල බේරෙන්න බැරි නිසා මේ වගෙ උප සංස්කෘතියක සිය ජඩ ආශාවන් එලිදැක්වීමයි කෙරෙන්නෙ.
    කිසියම් වරත්ත දේශපාලන පක්ෂයක් මේ රැග් පිටුපස ඉන්නවනම් ඒ දේශපාලන සංවිධනායටත් එරෙහිව දැඩි විරෝධය පලකල යුතුයි.

    මේ වගෙ ලෙඩ්ඩු විශාල ප්‍රමානයක් ඉන්නව කියන්නෙ සමස්ත සමාජයම රෝගී වූවක් වගෙ. සංස්කෘතියෙ මොකක් හරි අවුලක් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මේ වගෙ ලෙඩ්ඩු විශාල ප්‍රමානයක් ඉන්නව කියන්නෙ සමස්ත සමාජයම රෝගී වූවක් වගෙ. සංස්කෘතියෙ මොකක් හරි අවුලක් වෙන්නත් පුලුවන්./////// +++++++

      Delete
  14. නවක වදයට මුහුණ දුන්නෙමි. සින්නෙක් වී ජුන්නන්ට නවක වදය දීමෙන් අමාරුවෙන් ගැලවුනෙමි. පසුව ඉඩ ලැබුන අවස්ථාවක නවක වදය දුන් සින්නන්ට කරටි කැඩෙන්න නෙළුවෙමු :)

    ReplyDelete
  15. නවකවදය ලඟදීම වින්ද පලමු වසර වෛද්‍ය සිසුවෙක් වෙමි. අපේ පීඨයේ නම් ඔය කියන දරුණු කිසිවක් නැත. නිරුවත් කිරීමක් නැතකුනුහරප නම් ඇත ඒත් අපි දන්න කුනුහරප එක්ක ඕවා මොනවද(ගෑනු ලමුන්ට කුනුහරප නොක්යයි)රැග් එකෙන් අවැඩක් නොවුනි පීඨපීඨයේ සියල්ලෝම අදුනගතිමු.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook