Saturday, March 5, 2016

කුලියාපිටියේ ඒඩ්ස් විරෝධී ජනතාව








ගෝඩ් ෆාදර් 3 චිත්‍රපටයේ පොකුණකින් ගල් කැටයක් ගන්නාCardinal Lamberto එය Michael Corleone  පෙන්වා මෙසේ කියයි "මේ ගල් කැටය වතුරේ බොහෝ කාලයක් තිබී ඇත එහෙත් එය ඇතුලතට වතුර කාන්දුවී නැත​. එසේම 2500 වසරක් පුරා බොදු හැදියාව නම් පොකුනේ අප මිනිසුන් සිටියද ඔවුන් තුලට මනුසත් ධර්ම අවශෝශනය වී නොමැත​. අපගේ මිනිසුන් පටු ගෝත්‍රික සහ අසංකෘතික භාවයෙන් මිදෙන්නේ කවදාද ?







AIDS පිළිබඳ සමාජය තුළ තිබෙන්නේ කුලියාපිටි මට්ටමේ දැනුමක් නම් ඇත්තෙන් ම ලංකාව සුරක්ෂිත රටක් නොවේ. (W3Lanka)

39 comments:

  1. බුද්ධාගමේ උන් අමු ගෝත්‍රිකයෝ වෙන්න විශේෂ හේතුවක් තියෙනවද......?

    ReplyDelete
    Replies
    1. ඒකට මැද පෙරදිග තම්බි නේද බං.....

      Delete
    2. මෙතැන තියෙන්නේ සිංහල බවුද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් ප්‍රශ්නයක් නෙවෙයි . අපේ ගම් වල ඉන්න මිනිසුන්ගේ ගතානුගතික මැති මතාන්තර සහ තවත් මිනිහෙකුට මනුස්ස්යකේ විදිහට සලකන්න බැරි කමේ පර්ශ්නයක් .. ඔය රැස්වීමේ හිටපු අද්‍ය්හපන ඇමති තුමාගේ පුතාට HIV/AIDS කියලා ආරංචි වුනා නම් ඔය ගැමියෝ වැඩ කරන්නේ ඔහොම නෙවෙයි.. බලයට, ධනයට යටපත් වූ මනුස්සකම තමයි මේ අය ළඟ තියෙන්නේ.. ඔය ලමයම වුනත් හොඳට ඉගෙනගෙන තැනකට ආවහම ඔය ගමියෝම මෙයාට සලකන්නේ වෙන විදිහකට.. අවසනාවකට මෙහෙම සිදුවීම් වලට මැදිවන ගැමියන්ගේන් බහුතරය සිංහල බවුද්ධ..

      Delete
    3. මෙතැන තියෙන්නේ සිංහල බවුද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් ප්‍රශ්නයක් නෙවෙයි . අපේ ගම් වල ඉන්න මිනිසුන්ගේ ගතානුගතික මැති මතාන්තර සහ තවත් මිනිහෙකුට මනුස්ස්යකේ විදිහට සලකන්න බැරි කමේ පර්ශ්නයක් ++++++++

      Delete
  2. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙම ලමයාව ඇතුලත් කර ගැනීම ගැන සළකා බලමින් සිටිනවා. එය මේ ගැන නොදැනුවත්කමින් සිටින හැමෝටම හොඳ පණිවිඩයක් වේවි.

    ReplyDelete
    Replies
    1. Ian-it is much better less publicity is given as to what is happening now. There could be idiots every where.

      Delete
  3. මිනිස්සු හැමෝම ග්‍රෝතිකයින් තමයි. සිංහල බෞද්ධ ගෝත්‍රික කම කියලා අඩුවක් ගෝ වැඩියක් නෑ කියන එකයි මගේ හැඟීම.

    නමුත්, මානව දයාව, සමානාත්මතාව, මෛත්‍රිය වගේ සංකල්ප අනුව හැසිරිය යුතු බෞද්ධයින්වෙන මේ ගම්වාසී දෙමව්පියන් නම් ඒ පැත්ත පාලතාකවත් නැති බවයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. ගම්වාසින් නෙමෙයි මෙලමයට මෙහෙම සලකන්නේ ඉහ්ගනගත්ත උගත් මෝඩයෝ

      Delete
    2. මිනිස්සු හැමෝම ග්‍රෝතිකයින් තමයි.සමහරුන් තුල එය අධික වශයෙන් තිබේ

      Delete
    3. "...මිනිස්සු හැමෝම ග්‍රෝතිකයින් තමයි. සිංහල බෞද්ධ ගෝත්‍රික කම කියලා අඩුවක් ගෝ වැඩියක් නෑ කියන එකයි මගේ හැඟීම..."

      රසික මේ හැබෑටම ඔයාද? ඔයා පහුගිය කලෙ සිංහල බෞද්ධයන්ට පහර පිට පහර ගහ ගහ නේද හිටියෙ? හැබැයි මේ නහින දෙහින කාලෙදිවත් මේක තෙරුම් ගත්තු එක හොදයි!

      Delete
    4. @ඇනෝ

      මා උපතින් අයත් වෙනුවේ සිංහල, බෞද්ධ ගෝත්‍රික කුලකයටයි. මා ඒ ගැන කතා කලේ ඒ පසුබිමේ සිටය. එය ස්වයං විිවේචනයකි.

      ඇයි හලෝ මට ස්වයං විවේචනයක් කරන්න බැරිද?

      මා වෙනත් ගෝත්‍රයක් උසස් යැයි පැවසූ තැනක් තිබේද?

      අනේ යන්න මෙයා යන්න!

      Delete
    5. අනේ ඕයි, තමුසෙගෙ ස්ව්යං විවේචනය හරියට වැද්දන්ගෙ බණ වගෙ ඕයි!

      Delete
    6. ලොකු වෙලා හොඳින් ඉගෙනගෙන හොඳ ළමයෙකු වීමට ඔබට ඉඩ ලැබේවායි පතමි.

      Delete
    7. ලබන ආත්මයේ ඔයාටත් එසේම වෙවා!

      Delete
    8. ඔව්, මට දැන් ඔබේ විදියට වෙනස් වෙන්න වැරදීමකින් හෝ අවශ්‍ය වුනත් ඒකට කල් මදි.

      ඔබ නම් තවම ළදරුවෙකු නිසා උත්සාහ කළොත් ලොකු වෙනකොට හොඳ ළමයෙකු වෙන්න හැකි වේවි.

      Delete
    9. තවත්, ලබන ආත්මයෙ ඔයාට ගුරුවරයන්ගෙන් ගුටි කැමට නොලැබේවා!

      Delete
    10. තවත්, ලබන ආත්මයේදි ඔබට කුලවත් පවුලක ඉපදී මෙම ආත්මයෙදි මෙන් හීනමානයන් නොපෙලීමට වාසනව ලැබෙවයි පතමි

      Delete
    11. නූගත්කමේත්, උපන්ගෙයි අනුවණකමේත් සංකලනය සඳහා මේ නිර්නාමිකයා හොඳ උදාහරණයකි.

      Delete
  4. ආගමක සහ කල්ට් එකක වෙනස හඳුනා ගැනීමට නොහැකි නිසා තමයි ඹයවගේ අදහස් ඇතිවෙන්නේ. ඔයා තියන විදිහේ හැදියාවක් ඇතිකරන්න ක්‍රමයක් තියෙනවා. මුලින්ම යෙහෝවා, එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් වැනි ක්‍රිස්තියානි කල්ට් වලට සමාන බෞද්ධ කල්ට් 10 000ක් පමණ ලංකාව තුල ඇතිකල යුතුයි. එතකොට ඒ කල්ට් වලට සම්බන්ධ අය බුදුන්ටත් වඩා හොඳ බෞද්ධයන් වෙයි.

    ReplyDelete
    Replies
    1. JP- අමුතුවෙන් cult හදන්න දෙයක් තියෙනවද. ඔය මල්වතු අස්ගිරි, නානසර්, ගව රාවය, එතනින් ගියාම මරාගෙන මැරෙන ගඩොල් බාග නිකාය ඕව ඔක්කොම cult නේ. what more would you want ....hikis...

      Delete
  5. මම නම් හිතන්නේ අපේ රටේ තවමත් ඉන්නවා, මහා බ්‍රහ්මයා, තමන්ගේ පා ඇඟිල්ලකින්, ස්ත්‍රියකගේ නැබ පිරිමැදීමෙන්, ඇය ගැබ්ගන්නා බව විශ්වාස කරන අය, සෑහෙන්න විශාල පිරිසක්.

    ReplyDelete
    Replies
    1. ඇයි මල හතිලව්වේ මේ ළමයට මෙහෙම සලකන්නේ ඉගනාගත්ත මිනිස්සු නේද ?
      ඇත්තටම මේවගේ මිනිස්සු ඇතිකරන අද්යපනයකින් ඇති වැඩේ මොකද්ද ?

      Delete
  6. ඩොක්ටර් කෙනෙකුට HIV ඇති දැයි නිගමනය කරන්නේ අදාළ රෝයියාගේ රුදිරයේ HIV වයිරසය පවතිනවාදැයි බලා නෙමෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. https://labtestsonline.org/understanding/analytes/hiv-antibody/tab/test/

      Delete
    2. රුධිර පරීක්‍ෂනයක් කරනවා

      Delete
    3. ඩොක්ටර්,
      එක තමයි මම ඇහුවේ මේ රුදිර පරීක්ෂණය මගින් බලන්නේ HIV වයිරසය තිබේද කියල නමෙයි නේද ?
      මද්යස්ත හොද තැනකට ගෙනවිත් තියනවා මෙහිදී HIV Antibody තිබෙනවා කියන්නේ ශරීරය තුල ඇති ප්‍රතිශක්තිකරණය මහින් මැඩපවත්වා ඇතිබව නොවේද?
      ඕනෑම ලෙඩක Antibody තියනවා කියන්නේ අදාළ ලෙඩේ සදහා ශරීරය ප්‍රතිශක්තිකරණය සුදානම් බව නේද ?
      https://www.youtube.com/watch?v=PRkX13hiwkM
      එක රටක HIV සදහා පර්යේෂණ මගින් ඔප්පු වූ කෙනෙක් කොහොමද තව රටක පරික්ෂ කලවිට HIV නැතිබව ඔප්පුවන්නේ
      Magic Johnson
      ට උනේ මොකද්ද ?

      Delete
    4. Lanka sithuwili they also check for antigens which are on the actual virus.

      Delete
    5. Lanka sithuwili they also check for antigens which are on the actual virus.

      Delete
    6. https://www.youtube.com/watch?v=Z0EHiZWP40E
      HIV virus has never been isolated
      I hope doctor can explain more

      Delete
  7. "නිඩ්ල් ස්ටික් ඉන්ජරි " එකක් වුනොත් අදාල රෝගියාගේ සහ කටුව ඇනුන ඩොක්ටර් ගේ හෝ හෙදියගේ යන දෙදෙනාගේම රුධිර සාම්පල ගන්නවා .. ඒ ඔබ කියන වර්ගයේ සිදුවීමක් විය හැකි අවස්ථාවක්..

    ReplyDelete
  8. එච්.අයි.වී ආසාදිතයකු බවට පැතිර ගිය ව්‍යාජ ප්‍රචාරයක් හේතුවෙන් පාසල අහිමි වූ දරුවා මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සුදානම් වනවා.

    මහා බ්‍රිතානයේ පුරවැසිභාවය ලබාසිටින එම ශ්‍රී ලාංකික පිරිස නියෝජනය කරමින් සුරංග සංජීව විදානගේ මහතා සඳහන් කළේ, yournews.lk වෙබ් අඩවියේ “මෙන්න ඇත්ත” විශේෂාංගය යටතේ පළවූ වාර්තාව කියවූ තමන් දැඩි කම්පනයට පත්වූ බවයි.

    “දරුවකුගේ අනාගතය විනාශ කළ තීන්දුව” මැයෙන් පළ වූ එම වාර්තාව මගින් දරුවාට සහ මවට සමාජයෙන් අත්වූ දැඩි අසාධාරණය ශ්‍රී ලාංකිකයින් ලෙස තමන් ඇතුළු කණ්ඩායම කිසි විටකත් අනුමත නොකරන බව විදානගේ මහතා අප සමඟ ප්‍රකාශ කළා.

    දැඩි සමාජ අසාධාරණයකට ලක්වූ එවන් දරුවකුට සහ මවකට මහා බ්‍රිතාන්‍ය නීතිය යටතේ පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාවක් ඇති බව පශ්චාත් උපාධිධාරියෙකු වන විදනාගමගේ මහතා පෙන්වා දෙනවා.

    මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට අනුබද්ධව කටයුතු කරන විදානගේ මහතා දරුවා සමග එංගලන්තයට පැමිණීමට කැමැත්තක් දුරථනය ඔස්සේ මවගෙන් විමසා තිබෙනවා.
    මව පවසා ඇත්තේ, එංගලන්තයට යාම සිහිනයක් වුවත් ඊට තමන් කැමැති බවයි.

    මේ සම්බන්ධයෙන් අප දරුවාගේ මවගෙන් විමසීමක් කළා.
    ඇය සඳහන් කළේ, විදෙස්ගතවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට තමන්ට දැනුමක් නොමැති බවයි.
    කෙසේ වෙතත් ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බව සුරංග සංජීව විදානගේ මහතා පවසනවා.

    මේ අතර , yournews.lk වෙබ් අඩවියෙන් දරුවාගේ ප්‍රවෘත්තිය කිය වූ තුලාව facebook සංසදය ද දරුවාට සහ මවට විදෙස් ගතවීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කිරීමට සූදානම් බව අප සමග ප්‍රකාශ කළා.

    ලොව පුරා රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණයින්ගෙන් සැදුම් ලත් එම සංසදයේ නිර්මාතෘ කවිදු පතිරණ මහතා yournews.lk වෙත සඳහන් කළේ, එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමිවූ දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම සංසදය අවශ්‍ය පියවර ගන්නා බවයි.





    උපුටා ගැනීම – yournews.lk

    ReplyDelete
    Replies
    1. මේවා අඩු සද්දෙකින් කරන එක තමයි හොඳම. ගෝත්‍රිකයෝ නැත්තන් ආයිත් රෙද්ද කරට ගනියි.

      Delete
  9. මේ ගැටළුවට ඔබ යෝජනා කරන විසඳුම් කවරාකාරයිද? දැ.ගැ.පි
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook