ජෝ අබේවික‍්‍රම සිනමාවට ඇතුළු වුනේ විකට නළුවෙක් ලෙසට. ජෝ සිංහල සිනමාවේ දක්‍ෂතම නළුවා කියලා කියන්න පුලුවන්. දෑසනිසා චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම ගේ රඟපෑම විශිෂ්ටයි. ඔහු Autistic individual with mental retardation and socially awkward behavior ලෙස පෙන්වන රඟපෑම කිසිම මනෝ වෛද්‍යවරයෙකුගේ / සායනික වෘත්තිකයෙකු ගේ අවධානයට යොමු වුනේ නෑ. චිත්‍රපටයේ ඔහු ගේ හැසිරීම , මුහුනේ Facial Expressions දැක්වීම ඔස්කාර් සම්මානයකට වුවත් නිර්දේශ කල හැකියි. Rain Man චිත්‍රපටයේ Dustin Hoffman ගේ චරිත නිරූපනයට වඩා ජෝ අබේවික්‍රමගේ චරිත නිරූපනය ප්‍රශස්තයි.නමුත් අපගේ චිත්‍රපට විචාරකයන් ගේ දුගී චින්තනය නිසා මෙම චිත්‍රපටය සහ ජෝ ගේ රඟපෑම පිලිබඳව කථිකාවක් ගොඩ නැගුනේ නෑ..මේ චිත්‍රපටය යලි විසංයෝජන කථිකාවකට යොමු කල යුතුයි. ඒ වගේම සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ ජෝ නිරූපනය කරන්නේ Shell Shocked සොල්දාදුවෙක්. Shecll Shock සහ PTSD ගැන ලංකා සමාජය අහලවත් නැති කාලයක ඔහු නියම ලෙස එම චරිතය නිරූපනය කරනවා. එකී චරිතයන්ට ආවේශ වෙන්න මේ සායනික දැණුම ඔහුට ආවේ කොහෙන් ද ? පුරහඳ කළුවර" චිත්‍රපටයේ වන්නිහාමි ගේ චරිතය තුල ජෝ කල රඟපෑම Scent of a Woman චිත්‍රපටයේ Al Pacino ගේ රඟපෑමට වඩා විශිෂ්ඨයි.
Thursday, June 5, 2025
Friday, May 30, 2025
ලංකාවේ යුදෙව් ජනාවාස
බ්රිතාන්ය පාලනයේ මුල් අවධියේදී, එවකට ශ්‍රී ලංකාවේ අගවිනිසුරු සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් දිවයිනේ යුදෙව් ජනාවාසයක් පිහිටුවීමට යෝජනා කරන ලදි. ඊශ්‍රායල රාජ්‍යය බ්‍රිතාන්‍ය විසින් මුලින්ම ස්ථාපිත කිරීමට යන ලද්දේ ලංකාවේ උතුරු මැද පලාතේ බවත් ඊට විරුද්ධව හේමපාල මුණිදාස විසින් උද්ඝෝෂණය කල බවත් කියවේ. දෙවන ලෝක යුද සමයේ යුදෙව් අනාතයන් කුරුණෑගල ප්‍රදේශයේ දුටු බව මාගේ වියපත් ඥාතිවරියක් වරක් මා සමග කීවාය. ඇතැම් විට පලස්තීනයට යාමේදී යුදෙව් අනාතයන් ලංකාව හරහා යන්නට ඇත. යම් ලෙසකින් ඊශ්‍රායල රාජ්‍යය ලංකාවේ උතුරු මැද පලාතේ ඇති කලේ නම් ලංකාවේ මෑත ඉතිහාසය සහමුලින්ම වෙනස් වීමට ඉඩ තිබුණි. එසේ වී නම් ලංකාව අතිශයින්ම දියුණු රාජ්‍යක් වෙයිද නැත හොත් ගාසා තීරයක් වෙයිද?
( In the early stage of British rule, then Chief Justice of Sri Lanka Sir Alexander Johnston proposed the establishment of a Jewish settlement on the island, an idea that was not taken up by the colonial office in London. Both Israel and Sri Lanka became independent states in 1948.) Read https://besacenter.org/israel-
Saturday, May 10, 2025
Depression in Children
Dr. Ruwan M. Jayatunge M.D. PhD
Depression is a mood disorder that can affect adults as well as children. In general terms, depression is an overwhelming feeling of hopelessness, sadness, and lack of self-worth. It is more than a sad feeling. Depression is common among adults. Unlike adults, childhood depression is difficult to distinguish. They often express their feelings through behavior. Depression affects a child's overall energy, mood, expressions of emotion, and behavior.
- Genetic factor: the family history of depression
- Adverse life events (maternal or paternal deprivation, death of a close family member)
- Childhood trauma (child abuse, witnessing traumatic events)
- Excessive social demands (exam stress, academic failure)
- Physical illnesses (depressive episodes in post-viral fever, thyroid hormonal imbalance)
- Crying, feeling sad, helpless, or hopeless
- Feeling discouraged or worthless
- Loss of interest or pleasure in others or most activities
- Fatigue and loss of energy nearly every day
- Bad temper, irritable, easily annoyed
- Fearful, tense, anxious
- Repeated rejection by other children
- Drop in school performance
- Inability to sit still, fidgeting, or pacing
- Repeated emotional outbursts, shouting, or complaining
- Doesn't talk to other children
- Repeated physical complaints without medical cause (headaches, stomachaches, aching arms or legs)
- Significant increase or decrease in appetite
- Change in sleep habits
- Suicidal thoughts, feelings, or self-harming behavior in children
Friday, May 9, 2025
1996 මුලතිව් ප්‍රහාරයේ අප්‍රකට වීරයා -සාජන් බාල මහත්තයා
1996 ජූලි මස 18 වනදා පාන්දර මුලතිව් කඳවුරට දැවන්ත එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් එල්ල වෙනවා ත්‍රස්තවාදීන් 5000 ආසන්න පිරිසක් කඳවුරට පහර දෙනවා. දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී නිලධාරීන් 44 ක් සහ සෙබළුන් 1125 ක් මිය යනවා. මුලතිව් කඳවුර විශාල අවි ආයුධ ප්‍රමාණයක් ද සහිතව එල්.ටී.ටී.ඊය විසින් යටත් කර ගනු ලබනවා. ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණියි. කඳවුරේ අණදෙන්නට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාම නිවාඩු ගිහින් , නිසි නායකත්වයක් සෙබළුන්ට ලැබුනේ නෑ. ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කලේ විසිරී ගිය කුඩා කණ්ඩායම්. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ දී මුළු කඳවුරු සංකීර්ණයටම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිටියේ මේජර්වරුන් දෙදෙනකු හා කපිතාන්වරයකු පමණයි.
මෙම ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී තනිවම එල්.එම් ජී අවියක් අතින් ගෙන සාජන් බාල මහත්තයා ත්‍රස්තයන් සමග නිර්භයව සටන් වදිනවා. ඔහු බොහෝ වේලාවක් ත්‍රස්තවාදීන්ට ඉදිරියට ඒමට ඉඩ දුන්නේ නෑ. නමුත් අවසානයේදී උණ්ඩ අවසන් වීම නිසා සාජන් බාල මහත්තයාව ත්‍රස්තවාදීන් විසින් මරා දමනවා. මුලතිව් භූමියේ ඔහු මරු වැළඳ ගත්තේ වීරයෙකු ලෙස. සාජන් බාල මහත්තයා ගේ පින්තූරයක් පවා සොයා ගන්නට නෑ. ඔහු අයත් වෙන්නේ ඊලාම් යුද්ධයේ අමතක වී ගිය වීරයන් ගොන්නට.
Thursday, May 8, 2025
නැපෝලියන් ගේ වැටීම
1970 නිර්මාණය කරන ලද Waterloo චිත්‍රපටය බැලුවා . මෙය බ්‍රිතාන්‍ය නළුවන් සමග සර්ගෙයි බණ්ඩරචුක් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද චිත්‍රපටයක්. වෝටලූ යුද්දයේදී නැපෝලියන් මිස්ටේක් කීපයක් කරනවා. යුධ භූමිය මැද තියන බ්රිතාන්ය ජර්මානු හමුදා සිටි ෆාම් හවුස් එක අල්ලා ගන්න ප්රමාද වීම. මේ ෆාම් හවුස් එකේ බ්රිතාන්ය ජර්මානු සොල්දාදුවන් 450 පමණ ඉන්නවා. සොල්දාදුවන් 3000 පමණ දාලා එකවර ප්රහාරයක් දීලා මේක අල්ලන්න තිබුණා. නැත්නම් දර විසි කරලා ෆාම් හවුස් එක ගිනි තියන්න තිබුණා.
Wednesday, May 7, 2025
ඔහු අලයෙක් ඒත් ඔහුට ජීවත් වෙන්න අයිතියක් තියනවා
පහත දැක් වෙන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුවියන් අමානුෂික ලෙස නවක වදයට ලක් කල බවට චෝදනා ලබා සිටින කාන්තාවක් විසින් ලියන ලද සටහනක්. ඒක මට මිතුරෙක් දැන් ඉන්බොක්ස් කලා. ඒ සටහන කියවන කොට මේ වධකයන් වධකාවියන් ගේ මානසිකත්වය අන්‍යන්ට වද දීමට තිබෙන සේඩිස්ටික් මෙන්ටැලිටි එක පෙනී යනවා.
මෙහි අලයන් සහ රැග් අනුගත ලෙස පිරිස දෙකොටසකට බෙදනවා , උන් සහ අපි. Us vs Them නට්සීන් පවා කලේ මේක. උන් සහ අපි. කොටින්ම අල යනු.... අත්හරින ලද බව මේ සටහනේ කියනවා.
රැග් කරන ස්පෙක්ට්‍රම් එකේ මුල ; මේසය උඩට නංවා කවියක් කීමේ සිට ස්පෙක්ට්‍රම් එකේ අග ; වින්ඳිතයව මරා දැමීම අතර දෝලනය වන මානසිකත්වය මේ සටහනේ තේරුම් යනවා. අලයන්ට කැන්ටීන් යන්න , පුස්තකාලයට යන්න වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ. විශේෂයෙන්ම සරත්චඳ්‍ර වලේ නාට්‍ය බලන එක, නාට්‍ය වල රඟපාන අයිතිය නෑ කියනවා. මේ තහනම දාන්නේ කවුද , මොන විධායක බලයක් අරගෙනද ? . සිවිල් පුරවැසියනි මේවා ප්‍රශ්න කරපල්ලා.
කෙසේ වෙතත් අදාල කාන්තාවට එදිරිව රැග් විරෝධී පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට පෙත්සමක් දෙන්න යන බව කියනවා. නමුත් අතීත වැරදි නිසා රැකියාවට කෙල වන එක මම අනුමත කරන්නේ නෑ. නමුත් එක දෙයක් ඉල්ලා සිටිනවා. රට හදන්න පෙර මේවගේ ටොක්සික් අදහස් තමන් උගන්වන ලමයින් ගේ ඔළු වලට දාන්න එපා කියලා වැඳලා ඉල්ලනවා.
අදාල කාන්තාව විසින් ලියූ සටහන කියවන්න
Tuesday, May 6, 2025
චරිත් අපට සමාවෙයං
උඹව වෘකයන් ගෙන් බේරා ගන්න බැරි වීම ගැන
උඹ අපෙන් වෙන් වී යනවා අද පාළු කනත්තට
පොලිසිය උසාවිය නීතිය උඹ ගැන කොල පුරවයි ඕසෙට
විශ්ව විද්‍යාල බලධාරීන් සුපුරුදු ලෙස සඟවයි උඹේ මරණයේ සාක්‍ෂි
තව සති දෙකකින් අමතක වෙයි උඹ ගැන මතකය සැමටම
යලිත් වරක් වෘකයෝ ගොදුරු කර ගනියි උඹ වගේ තවත් හා පැටියෙක්
ඉන් පසු අපි යලිත් වරක් එක්වීලා ලියමු ශෝක ගීත
Sunday, May 4, 2025
ලස්කිරිඤ රණශූර සමරකෝන් මුදලි
පෘතුගීසි සමයේ සිටි සිංහල රණශූරයෙකු වන දොන් ඩයස් අබේසුන්දර සමරකෝන් මුදියන්සේ හෙවත් සමරකෝන් රාල (සමරකෝන් මුදලි) පිලිබඳව තොරතුරු ඉතිහාසයේ අන්ධකාරයෙන් වැසී තිබෙනවා. ඔහු උපත ලබන්නේ කෝට්ට රාජධානියේ ප්‍රභූ පවුලක. ඔහු හක්මනෙහි අබේසුන්දරේ සමරකෝන් මුදලියන්සේ නම් ගොවිගම පවුලකට අයත් කෙනෙක්.
සමරකෝන් මුදලි පෘතුගීසීන් ගේ පාර්ශවය ගෙන සිංහල රාජ්‍යත්වයට එදිරිව සටන් කරපු කෙනෙක්. දක්‍ෂ සොල්දාදුවෙක්, බය නෑ. ඔහුට පෘතුගීසීන් පවා ගරු කලා. පෘතුගීසීන් ගෙන් ඔහුට ඔහුට ඩයස් සහ ෆර්නැන්ඩස් යන පදවි නාම ලැබුණා. ඔහු පෘතුගීසි පාක්‍ෂිකයෙක් වී ආගමත් වෙනස් කර ගන්නවා. සමරකෝන් රාලට මායාදුන්නේ රජ විසින් උසස් තනතුරක් පිරිනමන ලද නමුත් එය ප්‍රතික්‍ෂේප කර ඔහුගේ හිටපු රජු වූ දොන් ජුවාන් ධර්මපාල රජුගේ අණ පරිදි පෘතුගීසීන්ට පක්‍ෂපාතීව සිටියා.
යුද්ධයේ දක්‍ෂ සමරකෝන් මුදලි නිසා සිංහල රජවරුන්ට පෘතුගීසින් පරාජය කිරීම අසීරුවක් වෙනවා. ඔහු වරක් අසවේදෝ ගේ ජීවිතය අණතුරට වැටුණු විට ඔහුව බේරා ගන්නවා. සමරකෝන් මුදලි ගේ යුද නිපුනතාවය නිසා අසවේදෝ සමරකෝන් මුදලිව තම කරේ තබාගෙන නටනවා. ඔහු කපිතාන් ධූරයට උසස්වීම් ලබනවා. වරක් උඩුනුවරට පහර දීමට විශාල හමුදාවක් සමඟ පැමිණි ඩොමින්ගෝ කොරයා නොහොත් එදිරිල්ලේ බණ්ඩාර පරාජය කර ඔහුව අල්ල ගන්නත් සමරකෝන් රාල උපකාර උනා.
රාජසිංහයන්ට පෘතුගීසීන් පරාජය කරන්න අපහසු උන එක හේතුවක් සමරකෝන් මුදලි වගේ රණශූරයන් පෘතුගීසීන් ගේ පාර්ශවය ගෙන සටන් කිරීම. ගාල්ල බලකොටුව ඉදි කිරීමේදීත් සමරකෝන් මුදලි පෘතුගීසින්ට උපකාර කරනවා. ඔහුව පෘතුගීසීන් විසින් ලංකාවේ ඉදිකරන ලද උඩුවර බලකොටුවේ කපිතාන් ලෙස පත් කරන ලැබුවා.
වරක් සමරකෝන් රාල සහ වෙනත් ලස්කිරිඤ සිංහල මුදලි කෙනෙක් අතර ආරෝවක් තිබ්බා. මේ මුදලි සමරකෝන් රාල ගේ පියාගේ නිවසේ දොරේ අසූචි ගාලා තිබ්බා. සමරකෝන් රාල මේ අවමානය කරපු මුදලියාගේ ලේ වලින් දොර සෝදන බව කිව්වා. ඔහු ඒ වගේ ඇග්‍රෙසිව් චරිතයක්.
අවසාන කාලයේදී ඔහු ගෝවට යනවා. ආසියාවේ නයිට්හවුඩ් ඔෆ් ද ඕඩර් ඔෆ් ද ක්‍රයිස්ට් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු පුද්ගලයා සමරකෝන් මුදලි. ඔහුට පෘතුගීසි රජු ගෙන් විශ්‍රාම වැටුපකුත් හිමි වෙනවා. රාජසිංහයන් යටතේ උඩුගංඇල්ලේ වික්‍රමසිංහ සේනාධිපති මුදලි, කොනප්පු බණ්ඩාරයන් ගේ පියා ඇතුලු ප්‍රධාන මුදලිවරු 40ක් හිටියා. සිංහල රජවරු යටතේ සිටි මුදලිවරුන් බොහෝ දෙනෙක් හිස් ගැසුම් කෑවා. ඔවුන් ගේ සේවාවන් අවතක්සේරු උනා. එය අපේ සිංහල රජ වරුන් ගේ අඩුපාඩුවක්. ඒ අතින් පෘතුගීසීන් ඔවුන්ට උපකාර කල සිංහල මුදලිවරුන්ව බලා ගත්තා.
සමරකෝන් මුදලි වීරයෙක් ද ? ද්‍රෝහියෙක්ද කියන එකට වඩා මේ චරිතය පිලිබඳව ගවේශනය කල යුතුයි.
Friday, May 2, 2025
චේ පපුවේ
කියුබානු විප්ලවය ජය ගැනීමෙන් පසුව චේ අති ධාවනකාරී චරිතයක් බවට පත් විය. ඔහු ලෝක විප්ලවයක් සඳහා සෝවියට් දේශය විසින් සිදු කරන දායකත්වය මදි බව චෝදනා කලේය. මේ කාලයේ නිකිතා කෘශෙෆ් ඇමරිකාව සමග සාමයක් අපේක්‍ෂා කල අතර චේ ගේ ඇමරිකානු විරෝධය කෘශෙෆ් ට හිසරදයක් විය. ඇල්ජීරියාවේ පැවති සමුලුවකදී චේ සෝවියට් දේශය නිර්දය ලෙස විවේචනය කල අතර ඉන් සෝවියට් දේශය චේ සමග උරණ විය. ඇල්ජීරියානු සමුලුවෙන් පසු චේ බොලිවියානු විප්ලවය සඳහා බොලිවියාවට රහසින් ඇතුලු විය. චේ බොලිවියාවට පා තැබූ බව සී.අයි.ඒ සංවිධානයට තොරතුරු ලැබුනේය. මේ තොරතුර කේජීබී සංවිධානය හරහා ලැබුනු බවටද මතයක් පවතියි. කෙසේ වෙතත් චේ සෝවියට් දේශයටද අනවශ්‍ය බරක් විය. චේ ගේ බොලිවියානු විප්ලවය ආරම්භයේ සිටම අසාර්ථක ව්‍යාපෘතියක් විය. චේ බොලිවියාවේ භූ දේශපාලන තත්වය හරි හැටි අවබෝධ කර ගත්තේ නැත. ඔහුට තිබුනේ ජවය සහ අධිෂ්ඨානය පමණි. ඔහු කුඩා කණ්ඩායමක් සමග බොලිවියානු හමුදාවන්ට කොටුවූ විට පැන යාමට මගක් නොවූ නිසා " මම චේ වෙමි " කියා අත් ඔසවා යටත් විය. යටත් වූ පසු ඔහු තමාව මරා නොදමනු ඇතැයි සිතුවේය. අවසානයේදී සීඅයිඒ නියෝජිතයා ඔහුට වොෂින්ටන් වලින් ලැබුනු නියෝගය හෙලි කරන ලදි . ඒ අවස්ථාවේදී චේ සුදුමැලි වූ බව පසු කාලයක සී.අයි.ඒ නියෝජිතයා ප්‍රකාශ කලේය. ඔහු චේව ඇමතුවේ කමාන්ඩර් කියාය. ඔහු සමග චායාරූපයකට පෙනී සිටීමටද චේ කැමැත්ත ප්‍රකාශ කලේය. චේ මරණයෙන් පසු අර්ධ දෙවියෙකු බවට පත් විය. එහෙත් චේට සමකාමීන් මරා දැමීම , නිරායුද මිනිසුන් මරා දැමීම පිලිබඳ චෝදනා තිබේ. ඔහු පුරාවෘත්තයක් වූයේ කෙසේද ? ඔහුගේ මුහුණ සහ ක්‍රිස්තුස් ගේ මුහුණ අතර සමානකමක් තිබේ. කියුබාවේදී මා හට හමුවූ කැස්ත්‍රෝ විරෝධීන් පවා චේට ඇළුම් කල බව මට තේරුම් ගියේය.
Che was petrified and startled when he and his team were cornered by the US-backed Bolivian forces. Following the attacks the team members died and they were about to shoot at him. Wounded Che shouted "Do not shoot! I am Che Guevara and I am worth more to you alive than dead" Then they arrested him and produced him before the main CIA operative. The CIA operative treated him nicely addressed Che as " Commander" and reported Che's capture to the HQ. After a while, an order came from the HQ. The decision was to terminate Che. When the CIA operative implied the HQ decision to Che, he turned white. Then the CIA operative wanted to take a pic with him and Che gave his consent. After his photo was taken Che was shot by a Bolivian soldier. He died with dignity. Che was a controversial character and after his death, he was eulogized as a model revolutionary. According to Hunt ( 2008), Che firmly believed that significant political and social change could not occur without armed struggle. According to some historians, Che supervised the torture and execution of untold thousands of Cubans without trial. However, over the years Che’s image has transcended as a revolutionary martyr and sometimes he has been depicted as Jesus.
Wednesday, April 30, 2025
මීටර් සියය, මුදලිහාමි සහ අද කාලයේ ගුරුවරයා
මීටර් සියය යනු 1970 ගනන් වල සිංහල පොතක තිබූ කතාවකි. මේ කතාව ලියන ආශ්‍රිත කාලය 1960 දශකය විය යුතුය. ඒ කාලයේ සමාජය සහ ගුරු භූමිකාව පිලිබඳ අදහසක් මෙම කෙටි කතාවෙන් අප වෙත ලැබෙයි. එකල ගුරුවරයා වගකීම් ගන්නා සදාචාරවත් සිසුවා ගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන්නෙකි. නමුත් අද කාලයේ බොහෝ ගුරුවරු සිසුවා ගේ අභිමානය , ආත්ම ශක්තිය හීන කර දමන ගුරු වදකයෝ පර පීඩකයෝ වෙති. අද කාලයේ මුදලිහාමි වැනි වයස 12 පමණ සිසුවෙක් තනිවම පිරිමි ගුරුවරයෙකු සමග ඈතකට යැවිය හැකිද ? සමහර ගුරුවරු ළමා අපයෝජකයෝය. අද කාලයේ මුදලිහාමි මෙවැනි ගමනක් ගිය හොත් ඔහුට කෙබඳු ඉරණමක් අත්වේද කියා අප නොදනිමු.
මුදලිහාමි , හෙට හවස ගෙදර වැඩක් මුකුත් තියෙනවාද ? '
' වැඩක් නං නෑ මහත්තයා '' හෙට හවස මාත් එක්ක කැකිරාවට යන්න ලෑස්ති වෙලා එන්න පුළුවන් ද ? '
' පුළුවන් මහත්තයා '
' එහෙනම් ඉස්කෝලේ ඇරිලා මාත් එක්ක කැකිරාවට යනවයි කියලා ගෙදර අයට කියලා එන්න ඕනෑ '
' හොඳයි මහත්තයා '
' දැන් අනිද්දා නේ කොළොඹ යන්නේ . එහෙ ගිහිං දුවනකොට මෙහෙදි වාගේ සරම පිටපට ගහගෙන දුවන්න බෑ . මුදලිහාමිට මගේ ගණනේ කලිසමක් මස්සලා දෙනවා . හෙට ගිහින් මිම්ම දීලා එමු '
' හොඳමයි මහත්තයා '
' දැන් එහෙනම් ගෙදර යන්න '
මගේ ඉහේ මල් ගොන්නක්ම පිපුණා වාගේ මට දැනුණා. අළුත් මහත්තයා ආවට පස්සේ ඉස්කෝලේ කලින් තිබුණු පාළු ගතිය දැන් නෑ . ළමයිනුත් වෙන දාට වැඩියෙ ආසාවෙන් ඉස්කෝලේ එනවා . පසු ගිය වාරේ අපේ ඉස්කෝලේ උත්සවයක් තිබුණ. ඒකට මුල් වෙලා වැඩ කෙරුවෙත් අලුත් මහත්තයා . ඒකෙන් දහතුනෙන් පහළ මීටර සියය දිවීමේ තරඟෙන් පළමු වැනියා වුණේ මමයි . ඒ පාර අළුත් මහත්තයා මා කැකිරාවටත් එක්ක ගියා . එහෙදිත් මං පළමු වැනියා වුණා . ඊට පස්සේ අනුරාධපුරේටත් එක්ක ගියා . එහෙදිත් මං පළමු වැනියා වුණා . එදා තමයි මං ඉස්සරවෙලාම අනුරාධපුරේ ගියේ . මගේ අම්මේ අනුරාධපුරේ කඩ සාප්පු තියෙන තරම් ! ඒ වාගේ මයි ඒවායේ තියෙන දේවල් . අපේ ගමේ විදානෙගෙ කඩෙත් කඩයක්ද කියලා මට හිතුනා . කොළඹ ඊටත් වඩා ලොකු සාප්පු ඇති .සාප්පු විතරයැ ? කොළඹ මූදත් තියෙනවාලු . මූද අපේ වැව වාගේ නෙවෙයි . කලා වැවටත් වඩා හුඟක් ලොකු ඇති . ඒකේ නැවු යනවාලු . කොළඹ වරායකුත් තියෙනවාලු . මට ඒ ඔක්කොම බලන්න පුළුවන් වෙයි .
මං එදා ඉස්කෝලේ ඉඳලා ගෙදර ආවේ කොහොමද කියලා මට ම මතක නෑ . වෙනදා පාරේ තියෙන වක්කඩවල් , ඒ දඬු , වැට කඩුලු එදා තිබුණාද කියලා වත් මට මතක නෑ .
' අම්මේ හෙට අළුත් මහත්තයාත් එක්ක මං කැකිරා යනවා '
' ඒ මොකටද '
' මට ඉන් අනිද්දා කොළඹ යනකොට ඇඳ ගෙන යන්න කලිසමක් මස්සන්න , අළුත් මහත්තයා මස්සලා දෙන්නම් කිවුවා '
' හැබෑට ? ඉතින් උඹට එහෙදීත් දිනන්න පුළුවන් වෙයි ද ? කොළඹ රටේ ළමයි බොහොම හපන්නු ලු '
' මහත්තයා කිවුවා තරඟෙට යන්නේ දිනන්නම නෙවෙයි කියලා . මේ ඉස්කෝලෙන් ඒ තරඟෙට ඉදිරිපත් කරන්න ලැබුණු එකත් ලොකු දිනුමක් ලු .'
' හ්ම්, එහෙනම් ඔය සරමයි බැනියමයි ගලෝලා දියං හෝදලා දාන්න . යනකොට කිළුටු ඇඳගෙන ගිහැකැ ? අන්න කුස්සියේ මයියොක්කා තම්බපුවා ඇති . මඩක්කුවේ ලුණුමිරිස් ඇති . අප්පොච්චිටත් ලුණු මිරිස් ටිකක් ඉතුරු කරලා කාපං '
මං අමුඩේ ගහගෙන සරමයි බැනියමයි ගලෝලා අම්මට දුන්නා , අම්මා ඒවත් අරං වැවට ගියා , මං කුස්සියට වැදුණා .
අළුත් මහත්තයා මට කලිසමක් විතරක් නෙවෙයි ලස්සන කමිසෙකුත් අරං දුන්නා , මං ගෙදරදි තුන් හතර සැරයක්ම ඒවා ඇඳලා බැලුවා . මහත්තයයි මායි ඉස්ටේසමට ඇරලලා අපේ අප්පොච්චි යන්න ලැහැස්ති වෙලා මගේ ඔළුව අත ගාලා ' පුතා අයියනායක දෙයියංගේ පිහිටෙං ගිහිං වරෙං ' කියලා කිවුවා . එළිය වැටෙන්න කලින් කිරි ටික දෝගන්න තියෙන හින්දා මිසක් නැත්තං අපි කෝච්චියට ගොඩ වෙන කල්ම අප්පොච්චිත් ඉස්ටේසමේ ඉඳියි .
අද කෝච්චිය වෙන දාට වඩා පරක්කුයි වාගේ . වෙන දා නං කුකුළා දෙසැරේ අඬලනකොඅට කෝච්චිය හූ තියාගෙන එනවා අපේ ගෙදරට ඇහෙනවා . එතකොට තමයි මං නැඟිටින්නේ . අද නං කෝච්චිය හුඟක් පරක්කුයි . කොඩි අත බාන මිනිහාට මතක නැති වෙලා වත් ද ? කොඩි අත පාතට බානකල් කෝච්චිය එනවා යැ . අළුත් මහත්තයා ඉස්ටේසමේ මහත්තයා එක්ක කතා කර ඉන්නේ කෝච්චිය ගැන වෙන්න ඇති . චිඃ , මේ කෝච්චිය අද එන්නේ නැතුවා වත් ද ? පහුගිය සුමානේ දවසක් ඉහළගම හරියේ දී කෝච්චිය පීලි පැන්නා ලු . අදත් එහෙම එකක් වෙලා වත් ද ? එහෙම වුනොත් අපිට කොළඹ යන්න බැරි වෙයි . එතකොට තරඟ දිවිල්ලත් ඉවරයි . කොළඹ බැලිල්ලත් ඉවරයි . චිඃ ! අපරාදේ . නෑ නෑ , කෝච්චිය ආවේ නැතත් මහත්තයා කොහොම හරි මා කොළඹ එක්කන් යයි . ඒ මහත්තයට ඕනෑ එකක් කරන්න පුළුවන් . හරි උගතා . සල්ලිත් තියෙනවා . අපේ ඉස්කෝලේ තියා මේ කෝරළේ වත් නැතුව ඇති එච්චර හොඳ මහත්තයෙක් .
' මුදලිහාමි නින්ද ගිහින් ද ? දැන් කෝච්චිය ළඟයි , කෝ අර පාර්සලේ . ඒක අමතක කරන්න එපා '
මං කල්පනා කර කර උන්නේ මගේ ඇඳුම් පොදියත් තුරුල් කරගෙන මයි . මහත්තයට ඒක පේන්නේ නැතුව ඇති . මට නින්ද ගිහිං කියලා මහත්තයට හිතුණට මොකද මට ගෙදරදීවත් හොඳට නින්ද ගියේ නෑ . නින්ද යාගෙන එන කොටම කොළඹ කෝච්චිය එනවා වාගේ ඇහෙනවා . මං ගැස්සිලා ඇහැරෙනවා . අර පෙනෙන්නේ කෝච්චියේ එළිය , ගස් අස්සෙන් එහාට මෙහාට හැරෙනවා . රෑට පොල්ගස්වල ඇට්ටි කන්න වඳුරෝ ඇවිත්ද කියලා විදානේ මාමා බැටරිය අල්ලනවා වාගේ . කෝච්චියේ හුඟක් හිටියොත් මට ගොඩ වෙන්න බැරි වෙයි වද්ද ? කොහොම හරි ඇතුළට රිංගා ගත්තොත් ඉඳගන්න නං නැති වුණත් කමක් නෑ . ඒක වැඩියෙන් හොඳයි . මට ජනේලයක් අයිනේ සිට ගෙන වට පිට බල බලා යන්න පුළුවන් . දැන් කළුවර වුණාට තව ටික වෙලාවකින් ඉර පායයි නේ .
මේ කෝච්චිය මෙතන නවත්තන එකක් නෙවෙයි වත් ද ? එනවා තද වැඩියි . නෑ නෑ , ඔය ටික ටික සැර බාල වෙන්නේ .
' මුදලිහාමි , හ්ම් '
අළුත් මහත්තයා මගේ අතින් අල්ලා ගෙන කෝච්චි පෙට්ටිවලට එබිකම් කර කර යන්නේ ඒවා ඉඩ නැති හින්දා වෙන්න ඇති . එක පෙට්ටියකවත් ඉඩ නැතුව ගියොත් ?
' හා නඟින්න මුදලිහාමි , ඉක්මනට නඟින්න '
කෝච්චි පෙට්ටියේ සෙනඟ හත් අට දෙනෙකුට වැඩිය නෑ . ඒ ගොල්ලොත් බංකුවල දිගෑදිලා . ඒත් අපිට ඉඳගන්න ඕනෑ තරම් ඉඩ තියෙනවා . කොළඹ ගිහින් ආපුහාම අපේ මහත්තයාට කිරි මුට්ටියක් මුදෝලා ගිහින් දෙන්න ඕනෑ . මේ සැරේ ගොයම් පාගපුහාම අළුත් බත් කන්න හාල් ටිකකුත් ගෙනිහිං දෙනවා . අවුරුදු නිවාඩුවට ගමට යනකොට වේළාපු මුව මස් ටිකකුයි මී පැණි බෝතලේකුයි හොයලා දෙන්නත් පුළුවන් වුණොත් ? චඃ , මට හිතෙන දේවල් කියන්න අම්මා හරි මල්ලි හරි නෑ නේ . ගිහිං ඇවිත් වත් කියන්නංකෝ .
කෝච්චියෙදියි මං ඇඳුම් මාරු කළේ . අපි කොළබට එනකොට උදේ අටට විතර ඇති . ඉස්ටේසමේ පෙරහැර වාගේ සෙනඟ . අපේ අපුච්චේ ; රේල් පාරවල් කීයක් තියෙනවාද ? හැම පාරකම කෝච්චි . අපි රේල් පාරවල්වලට උඩින් තරප්පුවක නැගලා ගිහින් ආයෙත් බැහැලා ඉස්ටෙසමෙන් එළියට ගියා . කිරි අපුච්චේ ! සෙනඟ ඉන්නේ මෙහේ නේ . සෙනඟ විතර යැ , කාර් , බස් , ලොරි රේස් යනවා වාගේ . අප්පේ ! මේවා කොහේ ඉඳලා ඇවිත් ද? තට්ටු පිට තට්ටු ගෙවල් . කඩ සාප්පු කෙළවරක් නෑ . අපේ ගමේ කවුරුවත් මේවා දැකලා නෑ . ඒ ඇත්තෝ කොළඹ විස්තර අහන්න අපේ ගෙදරට එයි . මං ඔක්කොම කියලා දෙනවා .
අපි තේ බොන්න හෝටලේකට ගිහිං වාඩි වුණා . ඒකේ එළිය පොලු වහලේ හයි කරලා ; බලන්න පුදුමයි . අපි ඉඳගත්ත මේසේ එක එල්ලේම වහලේ එල්ලල්ලා තිබුණු රූංපෙත්ත හරි තදෙන් කැරකෙනවා . ඒ වගේ රූංපෙති තුන හතරක්ම තියෙන්නේ මොකද ? රූංපෙති කැරකෙනකොට හුළං හෝ ගාලා ඇවිත් ඇඟේ වදිනවා .
අපි තේ බීලා බස් එකකින් තරඟ පොළට ගියා . ඒක හරි විසාල පිට්ටනියක් . අළුත් මහත්තයා මට ඉන්න තැනක් පෙන්නලා කොහේ දෝ ගියා . මං මෙතනින් හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනෑ . අප්පේ ; එන ළමයි කන්දරාව ! සුදුපාට සපත්තු මේස් දාලා සුදුපාට ඇඳුම් ඇඳලා , බලන්න ලස්සනයි . මේ ඔක්කොම කොළඹ වෙන්න ඇති . කොළඹ ළමයි හරි හපන්නු ලු . ඒ ළැමයි ළඟ ඉන්නේ ඒ ඇත්තන්ගේ ඉස්කෝලේ - නෑ නෑ , මේ තියෙන්නේ කොලීජි නේ - ඒ කොලීජිවල මහත්තුරු,නෝනලා වෙන්න ඇති . එහෙනං ඒ ළමයි අච්චර තදෙන් හිනා වෙවී කෑ ගහන්නේ ? අපේ ඉස්කෝලේ ළමයි නං මහත්තුරු ළඟදී ඔහොම කෑ ගහන්නේ නෑ .
ආ , අන්න තරඟය පටන් අරගෙන නේද ? ඉඳා ! ඔක්කොම දුවන්නේ සපත්තු දාගෙන .මට සපත්තු නැති හින්දා දුවන්න දෙන එකක් නැද්ද ? අපේ මහත්තයා ඒක අහන්න ගියා වත්ද ? සපත්තු නැතුව දුවන්න දෙන්න බෑ කියයිද ?
' මුදලිහාමි , ඔය දුවන්නේ දහසයෙන් පහල මීටර සීය. ඊ ළඟට තමයි දහ තුනෙන් පහළ මීටර සීය . ඒකට තමයි මුදලිහාමි ඉන්නේ . දැන් නොම්මරේ කියනකොට මුදලිහාමි අර තරඟ පටන් ගන්න තැනට යන්න ඕනෑ . මුදලිහාමි බය වෙන්න එපා , දිනන්න පුළුවනි '
අපේ මහත්තයා මගේ කමිසය ගලවලා ඊට යටින් තිබුණු බැනියමේ දෙපැත්තේ විසි හතේ නොම්මරය ගහපු කොළ තියලා කටු ගහන ගමන් කිවුවා .ඉස්සරහ නොම්මර කොළේ තව ඇබිත්තක් පළල් වුණා නම් මගේ බැනියමේ ඉස්සරහ තියෙන කජු පුහුළං කහට පැල්ලම වැහිලා යයි . දැන් ඒකෙන් ටිකක් පේනවා . ඒක දැකලා කොළඹ ළමයි ඔච්චං කරයි ද ?
' අන්න නොම්මර කියවනවා . මුදලිහාමි යන්න . හොඳ පුතා වගේ කප් එක ගහන්න . '
මහත්තයා එහෙම කියනකොටම , මං තරඟ පටන් ගන්න තැනට යන්න පිටත් වුණා . මං කොහොම ගියොත් ද හොඳ ? හැල්මේ දුවගෙන යනවාද , ඉක්මනට අඩිය තියලා අඩි ගමනෙන් යනවාද ? අර ලමයා නම් දුවගෙන එනවා . මාත් එහෙම යනවා . මං යන හැටියෙන් හැටියෙන් කාටත් හිතෙයි මං ගොඩේ කොල්ලෙක් කියලා . මම හැල්මේ දුවන්න ඕනෑ . ආ , අර දුවන්න ආපු ළමයි මොනවා කරනවාද ? දුවනවා ; දුවනවා ; එත් එතනමයි . හපන්නු දුවන්න ලෑස්ති වෙන්නේ එහෙම වෙන්නෑ . ඔක්කොම සපත්තු කාරයෝ . පෙළක් ළමයින්ගේ සපත්තුවල උල් හයි කරලා . මං ඉස්සර වෙලා දුවනකොට ඒ ගොල්ලො කකුල පෑගුවොත් පතුරු යයි . මට බැරි වෙයිද මේ ළමයි එක්කලා දුවලා දිනන්න ? මේ ඇත්තෝ කොළඹ කොලීජි වල ළමයි . ඔක්කොම මට වැඩිය ලොකුයි . ඒ ඇත්තන්ට කොලීජියේදී දුවන්නත් උගන්නනවාලු . දුවන්න ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද ? එදා මං ටිකිරි අයියගේ රබ්බඩ නාම්බා පස්සෙන් අඹලා ගිහින් ඉස්සරහ රැක්කේ ඉගෙන ගෙනයැ . මං හරක් කී දෙනෙක් ගේ පස්සෙන් අඹලා අල්ලලා තියෙනවාද ? ඒත් මේ වාගේ හොඳට සුද්ද කරපු පිට්ටනි වල යැ . කටු ගාල අස්සෙන් , ගල් මුල් උඩින් , වැටවල් උඩින් පැන පැන නේ හරක් පස්සේ අඹන්නේ . නෑ මට දිනන්න පුළුවනි . මං දිනුවොත් අපේ අප්පොච්චිලා අම්මලා මල්ලිලා හෙම හරියට සතුටු වෙයි . ආ ! මේ මං ගාවම ළමයෙක් උල් හයි කරපු සපත්තු දාලයි ඉන්නේ . එයා මගේ කකුල පාගයි ද ?
' කමෝන් සරෝජ් '
' කමෝන් ප්රියාන් '
' කමෝන් ජනක් '
ඔය නම් කිය කියා හතර පැත්තෙන්ම කෑ ගහන්නේ මාත් එක්ක තරඟෙට දුවන්න ඉන්න ළමයින්ට වෙන්න ඇති . කවුද ඉතින් කමෝන් මුදලිහාමි කියන්න ඉන්නේ ? එදා ඉස්කෝලෙදී නං කමෝන් මුදලිහාමි කියලා අපේ නිවාසේ ළමයි කෑ ගැහුවා . එතකොට මගේ හිතට ලොකු හයියක් ආවා .
' දැන් මේ ළමයි පෙළට ඉන්න . මම සැරසේන් , එල්ල වේන් කියලා වෙඩිල්ල පත්තු කරනකොටම දුවන්න පටන් ගන්න ඕනෑ .
තමන්ට අයිති ලේන් එකේම , ඒ කිවුවේ ඔය දැන් ඉන්න ඉරි අතරෙම දුවන්න ඕනෑ . තේරුණාද ? හොඳයි දැන් සූදානම් වෙන්න .
සැරසේන් !
එල්ල වේන් !
ඩෝං !
ආ , උල් සපත්තුකාරයා මට ඉස්සර උනා නේද ? ඒත් එයාට ටිකිරි අයියාගේ රබ්බඩ නාම්බා විතර හයියෙන් දුවන්න පුළුවන්ද ? මේකේ දුවන එක මහ කජ්ජක් ද ? ඔය ළං වෙන්නේ , තව ටිකයි , තව ටිකයි . ඔය දැන් හොඳටම කිට්ටු වුණේ . මට දිනන්න පුළුවනි . දැන් හරි , දැන් කරට කර මගේ කකුල් පණ නැතිව යන්න එනවාද ? මළත් කමක් නෑ , තව තදෙන් දුවන්න ඕනෑ . දැන් හරි . උල් සපත්තුකාරයා පහු වුණා . මිනිහට මගේ කකුල පෑගෙයි ද ? කකුල් කැඩිලා ගියත් කමක් නෑ , තව හයියෙන් දුවන්න ඕනෑ . දැන් නං උගුර කට හොඳටම වේලිලා . ආ , සපත්තු සද්දේ ළඟම ඇහෙනවා . ආපසු බලන්න හොඳ නෑ . දැන් පටිය ළඟයි . කොනොම හරි ඒක බිඳගෙනම යනවා . පටිය කඩාගෙන ගියාට පස්සේ මැරිලා වැටුනත් කමක් නෑ . හ්ම් , හරි මං දිනුම් .
මේ මොකද ? මගේ අතින් අල්ලාගෙන කොහෙද මේ එක්ක යන්නේ ? උල් සපත්තුකාරයත් කවුදෝ එක්කර ගෙන එනවා .
' නඟින්න උඩම තට්ටුවට '
මගේ අතින් අල්ලාගෙන ගිය මහත්තයා පඩිපෙළක් වගේ එකකට මට නඟින්න කිවුවා . මං නැංගා .
' මෙන්න තවත් තරඟ ප්රතිඵලයක් '
' දහ තුනෙන් පහළ මීටර සියය දිවීමේ තරඟය . පළමුවැනි ස්ථානය අංක විසි හත , කැකිරාව මණ්ඩලයේ දොඹෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි '
යකඩ කටින් එහෙම කියනවා මට හීනෙන් වාගේ ඇහුණා . එතකොටම සෙනඟ කෑ ගහන්න අප්පුඩි ගහන්න පටන් ගත්තා . හරියට බට කැලේ ගිනි ගත්තා වගේ . තව මොනවාදෝ යකඩ කටින් කිවුවා . සෙනඟ අප්පුඩි ගහන සද්දේ හින්දා ඒවා මට ඇහුණේ නෑ .
මගේ දකුණු අත පැත්තේ පහළින් තට්ටුවේ හිටියේ උල් සපත්තුකාරයා . මං බිමට බැහැපු හැටියේම උල් සපත්තුකාරයා මං ළඟට ඇවිත් , ' ඔයා හරි හපනා , මං ඔයාට සුබ පතනවා ' කියලා මට අතට අත දුන්නා . අනික් පැත්තේ හිටපු ළමයත් එහෙම කළා . ඒ ඇත්තෝ හොඳ ළමයි .
' මුදලිහාමි දිනන බව මම සහතිකෙන්ම දන්නවා , හොඳ කොල්ලා '
අළුත් මහත්තයා මගෙ කිහිලි දෙකෙන් උස්සලා මාව බිමින් තියලා මගේ ඔළුව අත ගෑවා . එතකොට මහත්තයාගේ ඇස්වල කඳුළු පිරුණා . සතුටේ බැරුව මගේ ඇස් දෙකෙත් කඳුළු පිරුණා ...
අපාය , දිව්‍ය ලෝකය සහ නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එක
මම ඇනස්තටිස්ට් කෙනෙක් ලෙස රෝහල් වල වැඩ කරන කොට තියටර් එකේ අයි සී යූ වල මිය යන මිනිසුන් දැක්කා. ඒ වගේම මරණය අද්දරට ගිය (Near Death Experience) මිනිසුන් හමු උනා. ඔවුන් සමග කතා කලා. ඒ අත්දැකීම් සහ මම උගත් වෛද්‍ය විද්‍යාව , මනෝ විද්‍යාව , මිනිස් මොලය , මිනිස් චිත්තය / විඥානය (consciousness ) හරහා මට තේරුම් ගිය දෙයක් තමයි මිය යන විට කෙනෙක් ගේ මනස යම් කිසි ස්ථිතියක (entity ) ට්‍රැප් වෙන්න පුලුවන් කියන එක. උදාහරණයක් ලෙස විශාදය කාන්සා චිත්තයෙන් තොරව නියර් ඩෙත් එක්ස්පීරියන්ස් ලබපු පුද්ගලයා අහසේ පාවෙනවා , නිල්වන් අහස දකිනවා , ලස්සන ඇහැට ප්‍රිය එලියක් දකිනවා ඔහු තුල ශාන්ත බවක් තියනවා. මේ අවස්ථාවේදී කාලය ( ඔරලෝසු වේලාව) බල පවත්වන්නේ නෑ. කාලය පිලිබඳ හැඟීමක් නෑ. මේ ස්ථිතියේ හිටපු පුද්ගලයා ආපසු සිහිය ලබන විට ඔහුට තේරෙනවා යලිත් ශරීරය සමග ඔහු සම්බන්ධ උන හැඟීමක්. ඔහු පාවී ශාන්තව ඉන්න ඇත්තේ ඔරලෝසු වේලාවෙන් විනාඩි 5 හෝ 20 වෙන්න පුලුවන්. විශාද සහ කාන්සා චිත්තයෙන් නියර් ඩෙත් එක්ස්පීරියන්ස් ලබපු පුද්ගලයාට පිච්චෙනවා , රුදුරු පරිසරයක් හරහා යනවා වගේ අත් දැකීම් තියනවා.
Patients’ Experiences of NDE
Monday, April 28, 2025
නිදහස් ශ්‍රී ලංකාවේ මුල්ම මහජන දේපල සහ මුදල් චෞර දේශපාලකයා ඔලිවර් ගුණතිලක
නිදහස් ශ්‍රී ලංකාවේ මුල්ම මහජන දේපල සහ මුදල් චෞර දේශපාලකයා ඔලිවර් ගුණතිලක වෙයි. ඔලිවර් ගුණතිලක විසින් සිදු කරන ලද වංචා තවමත් අපගේ සමාජයට නිරාවරණව වී නොමැත. ඔලිවර් ගුණතිලක අපේ රටේ සිටි පළමු වන ලාංකික අග්‍රාණ්ඩුකාරවරයා වූ අතර බදු ගෙවීමට සිදු වූ ධනවත් ව්‍යාපාරිකයන් ගේ කලු සල්ලි ඔහු භාරයේ තබා තිබුනේය. ඔහු ඇවිදින සුවිස් බැංකුවක් වූ අතර ඔහුගේ භාරයේ විදේශ මුදල් පවා තිබුනේය. මේ සඳහා වියාපාරිකයන් ඔලිවර් ගුණතිලකට මුදලක් ගෙවූ අතර සමහර ව්‍යාපාරිකයන් ගේ මුදල් ඔහු යලි නොදුන්නේය. මෙලෙස ඔලිවර් ගුණතිලක ලඟ මුදල් තැනපත් කල ව්‍යාපාරිකයෙක් හදිසියේ මිය ගිය අතර ඔලිවර් ඒ මුදල් යලි භාර නොදුන්නේය. මේ ධනවතා ගේ වියාපාර බංකොලොත් වී ඔහුගේ පුතා ඔල්මාදයෙන් මෙන් බම්බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශ වල පාරවල් ගානේ ඇවිදීම දැක ගත හැකි විය.
ලොකු ධනයක් නැති සාමාන්‍ය පවුලක උපන් ඔහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ඔහු ඉගන ගත්තේ ආර්ථික අපහසුකම් මැදය. කලක් ගුරු වෘත්තියේ ද, දුම්ම්‍රිය දෙපාර්තමේන්තුවේ ද සේවය කළ ඔලිවර් පසුව පරිපාලන සේවයට එක් විය. 1945 දී මෙරට ප්‍රථම මුදල් ලේකම් ද වූ ඔහු 1947 දී සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස ද පත් විය. ඔහු ඩී එස් සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙක්ද විය. ඔලිවර් පළමුවන ලාංකික අග්‍රාණ්ඩුකාරවරයාය. 1962 වසරේදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට ඔලිවර් ද හවුල් වීම නිසා ඔහුව අග්‍රාණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලදි. සිරිමා යුගයේදී ඔලිවර්ට සහ ඔහුගේ දියණියට විදේශ විනිමය වංචා චෝදනා එල්ල වූ අතර ඔලිවර් එංගලන්තයට පැන ගත් නමුත් ඔහුගේ දියණිය විදේශ විනිමය වංචා චෝදනා වලට වරදකාරිය වූවාය. මේ අනුව මහජන මුදල් දේපල හොරකම් කරන ලාංකික දේශපාලකයන් ගේ මුල් ගුරුවරයා සර් ඔලිවර් ගුණතිලකය.
Sunday, April 27, 2025
සොනාලි දැරනියගල සහ Wave
මම සොනාලි දැරනියගල ගේ Wave පොත කියෙව්වා. ඒක ශෝකාන්තයක්. 2004 සුනාමියේ දී ඇයගේ සැමියා සහ කුඩා දරුවන් දෙනෙනා මිය යනවා. ඉන් පසු ඇය තදබල විශාදයකට ලක් වෙනවා. නිදි පෙති සහ මත් පැන් වලින් ඇය ශෝකය අමතක කරන්න උත්සහ කරනවා. නමුත් ඒක සාර්ථක නැහැ. කිහිප වරක් දිවි නසා ගන්න යනවා. කෙසේ නමුත් ඇය ජීවිතයට මුහුණ දෙනවා.
සොනාලි 2018 වසරේ බ්‍රිතාන්‍ය නිලියක් වන ෆියෝනා ශෝ සමග විවහා වෙනවා. ක්‍ෂිතිමය අත්දැකීම් මිනිසුන්ව රූපාන්තරණය (transform ) කරවනවා. මගේ අදහස අනුව මුල් කාලයේ සමරිසි පුද්ගලයෙක් නොවූ ඇය සැමියා , දරුවන් දෙදෙනාගේ මරණයෙන් පසු රූපාන්තරණය වීම මත ඇයගේ ලිංගික දිශානතියත් වෙනස් වෙනවා. මම හිතන්නේ පිලිබඳව අප psychological trauma පිලිබඳව මෙතෙක් කල අධ්‍යනයන් ප්‍රමාණවත් මදි. ක්‍ෂිතිමය අත්දැකීම් මිනිසුන් ආධ්‍යත්මික පැත්තට ගෙන යනවා , සමහර විට ආත්ම විනාශය කරාද ගෙන යනවා. තවත් සමහර විට පරපීඩාකාමී පුද්ගලයෙකු බවට පත් කරනවා. ක්‍ෂිතිමය අත්දැකීම් මත ලිංගික දිශානතිය වෙනස් වීම මෙහිදී අපට දැක ගන්න පුලුවන්.
( සමරිසි බව මානසික රෝගයක් නොවේ එය මානව අයිතිවාසිකමකි)
Friday, April 18, 2025
A Psychological Review of Gananath Obeyesekere's book, Medusa's Hair: An Essay on Personal Symbols and Religious Experience
Dr. Ruwan M Jayatunge M.D PhD
In his
book Medusa's Hair: An Essay on Personal Symbols and Religious Experience,
Gananath Obeyesekere - Professor of anthropology at Princeton University,
discusses profound anthropological and psychological themes. He uses religious
symbolism to explain psychopathologies that impact people and their outer society.
He applies his knowledge of anthropology to analyze human behavior, human
biology, culture, and society. He scrutinizes social life, social change, and
the social causes, presenting a number of case studies.
It’s an
in-depth discussion about psychodrama and the relationship between public and
private symbols. It’s a cultural, anthropological, and psychological analysis.
It is one of the ethnographic studies, and he uses the symbol of Medusa’s hair
to describe and appraise his case studies.
Medusa’s
head is an apotropaic symbol. Medusa represents trauma. It signifies misogyny,
sexism, and the extreme misrepresentation of women. The myth of Medusa has been
viewed through two distinct lenses over time: the male gaze and that of early
feminism. Ultimately, Medusa became a symbol of female empowerment.
In
ancient mythology, Medusa is a symbol of protection and best known for having
hair made of snakes. The story of Medusa comes from the Roman poet Ovid. Medusa
was a beautiful woman with long, flowing hair, and she was cursed by Athena.
After the horrific curse, she turned into a monster. Her ability to turn anyone
she looked at to stone symbolizes a transformative force.
Medusa
represents a complex interplay between good and evil and having an astounding
legacy. Medusa was killed by the Greek hero Perseus. Instead of looking
directly at Medusa, Perseus used a reflective surface of the polished shield to
see her without becoming Medusa’s victim.
Although
Medusa was destroyed, Medusa will remain destined to be misunderstood. Medusa's
story carries significant symbolism pertaining to guardianship and protection.
Freud’s 1923 essay “The infantile genital organization” explains the
concept of infantile sexuality in relation to the sexual life of adults. His
short essay Das Medusenhaupt—“The““Medusa’s Head (1922)—stated that Medusa’s
head depicts a terror of castration, aka a reflection of
the castration complex. To Freud, the female “castration complex”
refers to the belief that women have an “envy for the penis.” Freud suggested
that Medusa’s serpent hair is a metaphor for the hair surrounding a woman’s
genital area (Sakulwattana, 2013). Hence Freud viewed Medusa as the
castration threat.
Carl
Jung interpreted Medusa as the figure of the Great Mother. Jung viewed Medusa
as Athena's shadow, an archetype that personifies the unconscious as a figure
of the same gender. Medusa may be understood as a psychological archetype of a
young and beautiful woman being abused by a powerful man. God Poseidon
represents a lustful man who is abusing his position of power.
The
attachment theory uses the Medusa Complex to refer to a self-destructive early
state of inwardly directed aggression produced by a disruption of the
mother/child mutual gaze. A Canadian analytical psychologist, Marion Woodman,
saw the Medusa complex as a dissociated state produced by paralysis of the
fight-or-flight response in a state of petrified fear.
Medusa
is a symbol of female rage. Medusa is a large part of a symbolic system.
Symbolic systems play a crucial role in anthropology by helping to describe and
understand how different cultures interpret the world around them. Symbolic
systems in anthropology are studied through ethnographic methods, examining
cultural symbols, rituals, languages, and artifacts. People use language, art,
and rituals to communicate, represent, and make sense of their social
realities.
Medusa
stands for the archetype of the so-called monstrous feminine, an exposé of
patriarchal narratives that transform non-subservient women into monsters
(Fremi, 2022). The Eastern European psychoanalyst Veronika Berkutova highlights
that the Medusa myth unites psychoanalytic conceptions of castration anxiety
with a feminist reflection on the topic of the female.
Professor
Obeyesekere narrates the psychology of Medusa via real-life stories of the
abused woman archetype. It’s mainly the victim archetype. A person with a
strong victim archetype lives in fear. Fear that things are going to be taken
away from them. Fear that people are going to take advantage of them. They have
fear that they cannot survive. It’s not only the physical survival but the
survival of their identity, their hopes and dreams, or their sense of self.
They are forced to give up their own sense of independence and empowerment.
Professor Obeyesekere explains, like Medusa, how an Indian woman with matted hair obtains her particular status in a society brimming with mythological images and tales very much pervading daily life. He indicates the conventional distinction between personal and cultural symbols is inadequate and naïve. He presents a number of women who lived through immense psychological trauma, later transformed, and then created a noxious safety net around them. Like Medusa, they reflected fear and angst. For Obeyesekere Medusa was an ongoing painful life experience of heavyhearted people who had no voice in their society. He was their anguish in an anthropological lens.
In his
book, the author analyzes the symbolism of guilt, the adaptational and
integrative significance of belief in spirits, and a host of related issues
concerning possession states and religiosity. He places an emphasis on the
traditional anthropological and psychoanalytic theories of symbolism.
Professor
Obeyesekere provides exceptional case studies of a number of women who endured
physical and sexual trauma. Most of the women reacted to their initial traumas
with shock, fear, anxiety, confusion, and withdrawal. Most of them experienced
depression, PTSD, and dissociation. They were transformed following their
trauma. Professor Obeyesekere elucidates, like Medusa, that these women
projected their anger onto society.
Medusa
was sent to a faraway island and was cursed so that no man would want
her. She was roughened by Poseidon, and he rapes Medusa in Athena's
temple. Finally, Perseus kills her. Even after Medusa's death, the course did
not end. Perseus used her head as a weapon to eliminate his enemies. At the
end, Perseus buried it in the marketplace of Argos. Medusa faced multiple
victimizations.
The
story of Medusa is about sexual abuse and suffering. Snakes in her hair
represent the knots of negative emotions and thoughts formed as a consequence
of sexual abuse. Medusa is an image of evil to repel evil. The Medusa effect is
a phenomenon in which people judge a person to be more mindful when they appear
as a picture than as a picture within a picture.
Professor
Obeyesekere narrates about the Hindu goddess Kali. Kali is the ultimate
expression of nature, both destructive and benevolent, and the principal deity
of the Tantric cult. Kali is the personification of sin and
represents death and destruction, sexuality, violence, and doomsday. A fierce
deity who destroys all the redundant and wasteful beings and matters for
cleansing the society, paving the way for new creation, is adored by the strong
and the great (Mukhopadhyay, 2022). Although there is no significant
evidence that directly links the mythological figure of Medusa and the Hindu
goddess Kali, we can find some thematic and symbolic parallels. Both Medusa and
Kali symbolize feminine rage with embodied aspects of power and fear.
Professor
Obeyesekere discusses the symbolic integration of personality. An integrated
personality is the sum total of harmonious expression of physical, mental,
intellectual, energetic, and blissful self. It is a process through which all
mental qualities come together to form a person. Carl Jung considered
individuation to be the central process of human development. Jung believed that
the human psyche had three parts: the ego, personal unconscious, and collective
unconscious. By enduring psychological trauma, symbolic integration of
personality could be damaged.
Obeyesekere
indicates the symbolization of guilt in his case studies. Guilt is a complex
emotion. Guilt represents the emotional burden stemming from sin and past
actions, impacting individuals across generations. The phenomenon of guilt
contains certain elements of shame, aggression, and vagueness. Guilt may
interact with dissociative tendencies to specifically predispose individuals to
acute dissociative states. Dissociation is evident in victims who suffered
long-term physical, sexual, or emotional abuse during childhood.
We see
numerous dissociative reactions in Obeyesekere ’s case studies. The impact of
shame and guilt also contributes to dissociation. Moreover, Obsekara writes
about possession states, especially spirit possession. Possession is defined as
an episode of alteration in the state of consciousness with the replacement of
the customary sense of personal identity by a new identity, identified by the
patient or his entourage as the spirit of an animal, a deceased individual, a
deity, or a power. The affected individuals have delusions of control in which
there is a false belief that one's thoughts, feelings, actions, or impulses are
controlled or 'made' by an external agency. According to van Duijl and team
(2010), the impact of potentially traumatizing events related to war, poverty,
and societal disruption on the occurrence of dissociative and possessive trance
disorders in developing countries.
Obeyesekere describes ghosts and demons. A demon is a malevolent supernatural
entity. A ghost is the soul or spirit of a dead person or non-human animal that
is believed by some people to be able to appear to the living. Although their
existence is impossible to falsify, Obeyesekere‘s narrative has clinical
significance in order to understand how these beliefs affect people and
society.
Obeyesekere
elegantly dealt with psychoanalysis and anthropology and indicated how personal
symbolism is related to religious experience, symbolic meanings, personal
mythology constructs, and psychological trauma and its transformation.
The symbolic representation of mental images can be seen in traumatized
individuals. The symbolic function is central both to the fracturing of
selfhood due to early trauma and to its resolution (Spermon et al., 2009). We
can easily identify symbolic representation of mental images that were
described in his case studies.
The
distinction between symbolism and symbolization is important. A symbol might be
an object, a mark, an image, a character, a name, or a place, whereas symbolism
is a literary device that uses symbols to imbue meaning in a story. Symbols can
be transformative.
Symbols
are mediators between the pleasure principle and the reality principle (Bonomi,
2004). Trauma operates as a symbol; on the other hand, trauma destroys the
capacity of symbolization. The ability to symbolize memories is of paramount
importance during the process of coping with trauma (Na’ama et al., 2015).
As
Wirtz (2009) specifies, the symbolic attitude is most essential for traumatized
individuals because it reconnects the person with something beyond; it
re-establishes a broken connection and facilitates a shift of attitude, a
metanoia. We can find these features in the case studies that were presented in
Professor Obeyesekere’s book. Furthermore, he provides a dichotomy between the
symbolic and anti-symbolic reading of the traumatic experience that these
people endured.
In
phenomenological terms, trauma is an injury and manifestation of the lived
body. Professor Obeyesekere highlights trauma reenactment or
repetition compulsion, describing some of the case narratives. We can easily
identify reenacting relationships in his case studies. Most of them are trapped
in the Karpman triangle. We see a lot of empathy in his writings, and indeed he
viewed these victims with a compassionate eye.
References
Bonomi, C. (2004). Trauma and the symbolic function of the mind. International Forum of Psychoanalysis, 13(1–2), 45–50. https://doi.org/10.1080/08037060410031052.
Fremi S. Medusa, trauma-informed. Lancet Psychiatry. 2022 Jun;9(6):433-434. doi: 10.1016/S2215-0366(22)00143-2. PMID: 35569501.
Mukhopadhyay, A. (2022). Immortal Mahakali and Her Mortal Critics. International Journal online of Humanities 8(1):1-20 DOI:10.24113/ijohmn. v8i5.265.
Na’ama Eisenbach, Sharon Snir, Dafna Regev, Identification and characterization of symbols emanating from the spontaneous artwork of survivors of childhood trauma, The Arts in Psychotherapy, Volume 44, 2015, Pages 45-56, ISSN 0197-4556, https://doi.org/10.1016/j.aip.2014.12.002.
Obeyesekere , G (1984).Medusa's Hair: An Essay on Personal Symbols and Religious Experience. University of Chicago Press.
Spermon D, Gibney P, Darlington Y. Complex trauma, dissociation, and the use of symbolism in therapy. J Trauma Dissociation. 2009;10(4):436-50. doi: 10.1080/15299730903179083. PMID: 19821178.
Sakulwattana, J. (2013). Medusa Myth: Reflecting Human Collective Experiences of the Femaleness. JSEL.
van Duijl M, Nijenhuis E, Komproe IH, Gernaat HB, de Jong JT. Dissociative symptoms and reported trauma among patients with spirit possession and matched healthy controls in Uganda. Cult Med Psychiatry. 2010 Jun;34(2):380-400. doi: 10.1007/s11013-010-9171-1. PMID: 20401630; PMCID: PMC2878595.
Wirtz, U. (2009). The Symbolic Dimension of Trauma therapy. Published in: Symbolic Life, Spring Journal vol.82, p.31-52.