ආගමික උමතුව තිබූ පුද්ගලයන් ගනනාවක් මට හමුවී තිබෙන අතර සමහරක් මට හමු වූයේ විශේසඥ මනෝ වෛද්ය නීල් ප්රනාන්දු මහතා යටතේ Psychiatry විශය පුහුණු වීමේදී අංගොඩ මානසික රෝහලේදීය. එසේම විශේෂඥ මනෝ වෛද්ය ලලින් ප්රනාන්දු මහතා යටතේ මීගමුව රෝහලේ මානසික සෞඛ්ය සායනයේ සේවය කරන විට ආගමික උන්මාදය තිබූ රෝගීන් කිහිප දෙනෙකු මට හමු විය. මින් සමහරක් ඉතා ප්රචණ්ව හැසිරුනු බව මතකය. මුහුණු පොතේද ආගමික උමතුව තිබූ පුද්ගලයෝ මා සමග විවාද කිරීමට පැමිනි අතර ඔවුන් තුල තිබූ අන්ධ භක්තිය සහ තර්කනයේ නොහැකියාව නිසා ඔවුන් බොහෝ විට කරන ලද්දේ අවලාද කීමය. මේ හැර බුද්ධිමය වශයෙන් කරුනු නිශ්ප්රභ කිරීමට ඔවුන් තුල හැකියාවක් තිබුනේ නැත.
Wednesday, October 28, 2026
ආගමික උමතුභාවය
Sunday, October 25, 2026
අවුරුදු 10 ක සිසුවාගේ පරිත්යාගය
1976 වගේ කාලෙක ( එතකොට අපි හිටියේ 4 වසරේ) බිග් මැච් එකේ මම හිටියේ ජයනාත් සේරම් ලඟ. මම ඔහුගේ අතීසාර මිතුරෙකු උනෙත් නෑ. දැන අඳුනන කම පමනයි තිබ්බේ. සවස තේ වෙලාවේදී සේරම් පෙට්ටියක් ඇරියා. ඒකේ ජෑම් ගාපු සැන්විච් දෙකක් තිබ්බා. ඒකෙන් එකක් සේරම් අතට අරගෙන දෙවෙනි එක මට දුන්නා.
මෑතකදී ඕස්ට්රේලියානු විශ්ව විද්යාලයක සිසුන්ට කරපු දේශනයකදී ( මම කරපු මාතෘකාව Helping and Altruism ; Prosocial Behaviors ) එහිදී මම සිසුන්ට කිව්වා අවුරුදු 10 විතර පිරිමි ලමයෙක් තමන් ගේ සැන්විච් දෙකෙන් එකක් ලඟ හිටපු යාලුවාට දුන්න මේ සත්ය සිදුවීම. මේ විශ්ව විද්යාලයේ සිසු සිසුවියන් ධනවත් පවුල් වලින් ආපු වරප්රසාධිත සහ ජීවිතයේ කවදාවත් අහේනි අත් විඳපු ලමයි නොවෙයි. ඔවුන්ට මම කියපු කතාවෙන් තේරුනේ අර්ධයක් විතරයි. අවුරුදු 10 ලමයෙක් තමන් ගේ සැන්විච් එකක් ලඟ හිටපු යාලුවා එක්ක ශෙයා කල බව විතරයි ඔවුන් ගේ ඔලු වලට ගියේ. නමුත් මෙතන ඊට වඩා දුර දිග ගිය කතාවක් තිබ්බා ඔවුන්ට කවදාවත් තේරුම් ගත නොහැකි.
1976 වසර කියන්නේ ශ්රී ලංකාවේ අර්ධ සාගතයක් තිබ්බ ආහාර අර්බුධයක් තිබ්බ කාලය. පාන් ගෙඩියක් ගන්න මිනිසුන් පැය 4- 5 පෝල්ම් වල ඉන්නවා. ඒ කාලේ මිනිසුන් අතේ තියන පාන් ගෙඩිය උදුර ගෙන යන කාලයක්. මේවගේ කාලයක තමන් ගේ සැන්විච් දෙකෙන් එකක් යන්තම් දැන අඳුනන යාලුවෙක්ට දුන්නා කියන්නේ ඒක ලොකු පරිත්යාගයක්. ජයනාත් සේරම් කරපු ඒ පරිත්යාගය වසර 50 කටත් එහා ගිහින් තාම මතකයේ තියනවා.
වස් කවි -අණ විණ
Friday, October 23, 2026
කාන්චනා සෝමරත්න ගේ තම්බි විරෝධය
කාන්චනා සෝමරත්න නම් කාන්තාව මුහුණු පොතේ මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වාර්ගික වයිරය මුදා හරින තැනැත්තියකි. මහ නුවර ඇයගේ උපන් ප්රදේශය වන අතර ඇය මහා මායා විදුහලේ ඉගැනුම ලැබූ බව කියවේ. මේ කාන්තාව ඊශ්රායලයේ මහළු පුද්ගලයන් රැක බලා ගන්නා තැනැත්තියෙකි. මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වාර්ගික වයිරය මුදා හරින මේ කාන්තාවගේ මුස්ලිම් විරෝදයේ හේතූන් ලෙස ඇය ගේ පවුල පිලිබඳව දන්නා කෙනෙකු පැවසුවේ ඇයගේ මව සහ නුවර ප්රදේශයේ මුස්ලිම් මුදලාලි කෙනෙකු අතර සිදු වූ යම් සබඳතාවක් නිසා ඇය තුල මුස්ලිම් ජාතිකයන් කෙරෙහි අගතියක් වර්ධනය වූ බවය. තවද ඊශ්රායලයේ කම්කරු රැකියාවක් කරන ඇය තමන් ගේ ස්වාමිවරුන් කෙරෙහි අධි භක්තිය නිසාද මුස්ලිම් විරෝධයක් පවත්වාගෙන යනවා විය හැකිය. කෙසේ නමුත් කාන්චනා සෝමරත්න කේස් ස්ටඩි එක අපට පෙන්වා දෙන්නේ බුකියේ අප දකින මුස්ලිම් විරෝධය සඳහා පුද්ගලික කරුනු බල පවත්වන අයුරුය.
Thursday, October 22, 2026
The Anatomy of a Descent: Exploring Michael Corleone's Psychological Transformation
Michael Corleone, a creation of the great novelist Mario Puzo, was later brought to life on screen by director Francis Ford Coppola. Al Pacino's portrayal of Michael Corleone is particularly remarkable, as he masterfully captures the character's profound transformation throughout the narrative.
Presented by Dr. Ruwan M. Jayatunge, M.D. PhD,
You tube link : https://www.youtube.com/watch?v=VbjiiIeFMm0



