Friday, January 9, 2026

හොල්මන් සහ අවතාර



බොහෝ දෙනෙකු හොල්මන් සහ අවතාර විශ්වාස කරන අතර පුද්ගලික අත්දැකීම් ඇති අතර, විද්‍යාත්මක එකඟතාවය නම් අවතාර සැබෑ බවට නිශ්චිත සාක්‍ෂි නොමැති බවයි

1) අදාල නිවස තුල ඔක්සිජන් මදි වීම CO2 වැඩි ප්‍රතිශතය හැලුසිනේෂන් ජෙනරේට් කල හැක.

2) නිදි වරා තිබීම , මානසික ව්‍යාකූලතා තිබීම (PTSD Schizophrenia , Dissociative Disorder)  , ඇල්කොහොල් , ඩ්‍රග්ස් ඉෆෙක්ට් නිසා හොල්මන් පෙනිය හැක.

3) මිය ගිය අය පිලිබඳ තිබෙන සංවේද ජනක මතක නිසා ඔවුන් හදිසියේ ඇස් හමුවේ පෙනේ (Beegees  ගීත කන්ඩායමේ  Barry Gib ඔහුගේ මිය ගිය සොහොයුරු  Robin Gib හදිසියේ දැක්කා . 2002 මට මගේ මිය ගිය ජර්මන් ශෙපඩ් බල්ලා ගේ ආශ්වාසය ඇඳ ලඟින් ඇසුනා. ඒ දුක නිසා මනසේ හට ගන්නා එකක්

4) අපට ඇසට නොපෙනෙන කිරණ කනට නොඇසෙන ශබ්ද තියනවා ඒවා සමහර විට රෙකෝඩ් කර ගන්න පුලුවන්. ඒවා හොල්මන් නොවේ.

5) මිය ගිය පුද්ගලයන් ගේ  ශරීරයේ පරමාණු වල  shadow එක සමහර විට පරිසරයේ තිබේ එය හොල්මන් ලෙස පෙනේ. 
 
(මීට වසර දෙකකට පමණ පෙර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජිම් ඇල්කොක් ගේ පෙන්වීමෙන් තවත් මනෝ විද්‍යා ආචාර්‍ය උපාධියට ඉගන ගන්නා සිසුන් පිරිසකගේ සහභාගීත්වයෙන් බොරැල්ල කනත්තේ Para psychology අධ්‍යනයක් කිරීමට අදහස් කරගෙන හිටියා. මේ සඳහා කොලඹ හිටපු MOH වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතාත් සහාය උනා. මේ සඳහා එවකට බොරැල්ල කනත්ත භාරව සිටි Dr. Geethika Rathnawardana ගෙන් අවසර ඉල්ලුවා. නමුත් ඇය යටත් පිරිසෙන් අප කල ඉල්ලීමට ප්‍රති උත්තරයක් වත් දුන්නේ නෑ. ඒ අධ්‍යනයට යෝක් විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 8 -10 පමණ paranormal activities සනිටුහන් කර ගන්නා උපකරණ සමග එන්න හිටියේ. ඉන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද කැනඩාව තුල ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේ සංචාරය තුලින් අවම වශයෙන් ලංකාවට $ 150, 000 වත් ලබා ගන්න ඉඩ තිබ්බා රටට හිඟ $ කාලේ. . නමුත් අදූරදර්ශී කිසිම විශන් එකක් නොමැති පුද්ගලයන් ඩිසිෂන් මේකිං පුටු වලට ගියාම ඔවුන් කරන්නේ පුටු රත් කරන එක. කිසිම innovative ගතියක් නෑ.) 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook